සැලඩ් කිව්වම ගොඩක් අයට මතක් වෙන්නේ ෆෘට් සැලඩ් විතරයි. හැබැයි බත් එක්ක කන්න හදාගන්නත් සැලඩ් වර්ග තියනවා. ඕනි නම් ඒවා බත් එක්ක නැතුව නිකන්ම ගසලා දාන්නත් පුළුවන්. සැලඩ් හදන්න යන වෙලාව බොහොම අඩුයි. මොකද හදන්න මහා ලොකු ක්‍රමවේදයක් නැති නිසා. නමුත් එක එක සැලඩ් හදද්දී ඕනි කරන දේවල් දැනගෙන ඉන්න එපැයි. එහෙනම් පටන් ගමු.
1. ටූනා සැලඩ්

Source – genovaseafood.com
අවශ්‍ය ද්‍රව්‍ය
- ටූනා මාළු ටින් එකක්
- ලොකු ළූණු ගෙඩි 02ක්
- තක්කාලි ගෙඩි 02ක්
- පිපිඤ්ඤා ගෙඩියක්
- සලාද කොළ මිටක්
- මයෝනේස් සෝස් මේස හැඳි 03ක්
- ගම්මිරිස් කුඩු තේ හැන්දක්
- ලුණු තේ හැඳි 1/2ක්
- දෙහි යුශ
- සලාද කොළ ලොකුවට කපාගන්න. ලොකු ළූණු, තක්කාලි සහ පිපිඤ්ඤා තරමක් ලොකුවට කොටු හැඩයට කපාගන්න. කපාගත් එළවළුවලට කෑලි හිටින්න පොඩිකරගත් ටූනා මාළු එකතු කරන්න.
- මයෝනේස්, දෙහි යුශ, ගම්මිරිස් සහ ලුණු එකතු කරලා හැන්දකින් කලවම් කරන්න. ඔලිව් ඔයිල් ටිකකුත් එකතු කළොත් වඩා රසවත්. මේ මිශ්‍රණය එළවළු සහ මාළුවලට මිශ්‍ර කරගන්න.
2. මල්ගෝවා සැලඩ්

Source – onegreenplanet.org
අවශ්‍ය ද්‍රව්‍ය
- මල්ගෝවා ගෙඩියක්
- ලොකු ළූණු ගෙඩි 02ක්
- තක්කාලි ගෙඩි 02ක්
- මාලු මිරිස් කරල් 02ක්
- ගම්මිරිස් කුඩු තේ හැන්දක්
- ලුණු සහ දෙහි අවශ්‍ය පමණට
- මල්ගෝවා ගෙඩිය අතින් කුඩා කෑලිවලට කඩාගන්න. ඉන්පසු ලුණු මිශ්‍ර වතුරක විනාඩි 10ක් බහා තබා සෝදාගන්න. පසුව ලුණු සහ කහ ස්වල්පයක් එකතු කොට තම්බාගන්න.
- වෙනම භාජනයකට ළූණු, තක්කාලි සහ සිහින්ව කපාගත් මාලු මිරිස් එකතු කර, එයට ලුණු සහ ගම්මිරිස් දමා අනාගන්න.
එයට මල්ගෝවා එක් කර අවසානයේ දෙහි දමා පිළිගන්වන්න.
3. පිපිඤ්ඤා සැලඩ්

Source – eatwell101.com
අවශ්‍ය ද්‍රව්‍ය
- පිපිඤ්ඤා ගෙඩි 01ක්
- ලොකු ළූණු ගෙඩි 01ක්
- තක්කාලි ගෙඩි 01ක්
- අමු මිරිස් කරල් 01ක්
- මී කිරි මේස හැඳි 02ක්
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1 1/2ක්
- ලුණු සහ දෙහි රස අනුව
- ඔලිව් තෙල් තේ හැන්දක්
- පිපිඤ්ඤා, ළූණු, තක්කාලි සහ අමු මිරිස් කපාගෙන එකට මුසු කර පසෙකින් තබන්න.
- මී කිරිවලට ගම්මිරිස්, ලුණු, දෙහි සහ ඔලිව් තෙල් එක් කොට පසෙකින් තබන්න. අවසානයේ මේ දෙකම එක් කොට හැන්දකින් කලවම් කරන්න.
4. කෝල්ස්ලෝව් සැලඩ්

Source – 12tomatoes.com
අවශ්‍ය ද්‍රව්‍ය
- කැරට් ගෙඩි 01ක්
- ගෝවා බාගයක්
- ලොකු ළූණු ගෙඩි 02ක්
- ලුණු, ගම්මිරිස් කුඩු සහ දෙහි අවශ්‍ය පමණට
- වියලි මිදි කප් 1/4
- මයෝනේස් සෝස් මේස හැඳි 4ක්5ක්
- කැරට්, ළූණු සහ ගෝවා ඉතාම සිහින්ව කපාගන්න.
- වියලි මිදි, මයෝනේස්, ලුණු, ගම්මිරිස් සහ දෙහි යුශ එකට මිශ්‍ර කරගන්න. මේ මිශ්‍රණය කපාගත් එළවළු වලට එක් කර මිශ්‍ර කර ශීතකරණයේ තබා පිලිගන්වන්න.
5. කැකිරි සැලඩ්

Source – cleanfoodcrush.com
අවශ්‍ය ද්‍රව්‍ය
- කැකිරි ගෙඩි 01ක්
- ලොකු ළූණු ගෙඩි 01ක්
- තක්කාලි ගෙඩි 01ක්
- අමු මිරිස් කරල් 04ක්
- ලුණු සහ දෙහි රස අනුව
- කැකිරිවල තිත්ත ගතිය යන්න ඉස්සෙල්ලාම උඩින් පෙත්තක් කපලා අයින් කරන්න. පොතු සහ ඇට අයින් කරගන්න.
- සිහින්ව කෑලි කපාගන්න. එයටම කපාගත් ළූණු, තක්කාලි, අමු මිරිස්, ලුණු සහ දෙහි එකතු කොට පිළිගන්වන්න.
6. අලිගැටපේර සැලඩ්

Source – simplyrecipes.com
අවශ්‍ය ද්‍රව්‍ය
- ඉදුණු අලිගැටපේර ගෙඩියක්
- තක්කාලි ගෙඩියක්
- ලොකු ළූණු ගෙඩියක්
- කොත්තමල්ලි කොළ ස්වල්පයක්
- අමු මිරිස් කරල් 02ක්
- ලුණු සහ දෙහි අවශ්‍ය ප්‍රමාණයට
- තක්කාලි, ළූණු, කොත්තමල්ලි සහ අමු මිරිස් යන ඒවා සිහින්ව කපාගන්න. එයට දෙහි සහ ලුණු එකතු කරගන්න.
- ගෑරුප්පුවකින් අලිගැටපේර ගෙඩිය කෑලි හිටින්න පොඩි කරගන්න.
- මේ දෙක අවසානයේ ගෑරුප්පුවකින්ම මිශ්‍ර කරගන්න.
7. ඇපල් මිශ්‍ර සැලඩ්

Source – tasteofhome.com
අවශ්‍ය ද්‍රව්‍ය
- ඇපල් ගෙඩි 03ක්
- සලාද කොළ මිටක්
- ගෝවා 250g
- ලොකු ළූණු ගෙඩියක්
- තක්කාලි ගෙඩියක්
- අමුමිරිස් කරල් 3ක්
- යෝගට් එකක්
- සීනි තේ හැන්දක්
- ඔලිව් ඔයිල් තේ හැන්දක්
- ගම්මිරිස් තේ හැන්දක්
- ලුණු, දෙහි සහ විනාකිරි අවශ්‍ය පමණට
- දෙහි මිශ්‍ර අයිස් වතුරේ කොටුවට කපාගත් ඇපල් දමා මද වේලාවක් තියෙන්න හරින්න.
- ගෝවා, සලාද කොළ, ළූණු, තක්කාලි, අමුමිරිස් යන ඒවා සිහින්ව කපා තබාගන්න.
- යෝගට් එක වෙනම බඳුනකට දමා එයට සීනි, ගම්මිරිස්, ලුණු, දෙහි, විනාකිරි එකතු කර තබන්න.
- ආහාර ගැනීමට ළං වන විට ඉහත සියල්ල එක්කොට ඔලිව් ඔයිල් ස්වල්පයක් ද දමා මුසු කර පිළිගන්වන්න.
- නැවුම් ලෙස ආහාරයට ගැනීමට අවශ්‍ය නම් ශීතකරණයේ තබා පසුව ආහාරයට ගන්න.
Cover Image Source – wellplated.com
Leave a Reply