ගොඩක් බයිස්කෝප් බලලා වැඩිකමටද මන්දා කොල්ලෙක් ටෝක් කරලා කෙලි පොඩ්ඩක් දාගන්න එක හෙනම සාමාන්‍ය දෙයක්. කෙල්ලෙක් ගිහින් කොල්ලෙක්ට ටෝක් කරලා දාගන්නවා නම් ඒක ඉතින් සෑහෙන විශේෂ අවස්ථාවක්. එහෙම කරගන්න මෙව්වා එකක් නැති තැන කෙල්ලෝ එක එක දහංගැට දාලා අර අහිංසකයා ලව්වාම ඕක අහගන්න තැනට වැඩ සිද්ධ කරගන්න දක්ෂයි. ඒ වගේ කෙල්ලොන්ගේ නූල් සූත්තර ටිකක් තමයි මේ. මෙතනින් එකක් හරි රේඩාර් එකට අහු වුණොත් ඒකෙන් කියවෙන්නේ ඔයා ගැන එයාගේ හිතේ ආදරයක් ඇති වෙලා කියන එකයි.
1. බලාගෙන ඉඳලා එක පාර අහක බැලීම

Source – acceledent.com
මේක ක්ලාස්වල එහෙම නිතරම වෙන දෙයක්. අපි දිහා කවුරුහරි බලන් ඉන්නවා නම් ඇස් කොණින් හරි ඒක පේනවා. ගෑල්ලමයෙක් බලනවා නම් විශේෂයෙන්ම ඉතින් ඕක පේනවනේ. ඒ වෙලාවට එයා දිහා හැරිලා බලද්දී සෙනික අනික් පැත්ත බලනවා නම් මොකක් හරි සලලලලා එකක් එතන තියනවා. ඔය අනික් පැත්ත බැලිල්ලත් එසේ මෙසේ එකක් නෙවේ. සෑහෙන කලබලේකින් තමයි කරන්නේ.
2. නැති ගැහැණු ගති පෙන්වීම

Source – hips.hearstapps.com
ගහක් ගලක් වගේ ඉඳපු කෙල්ලෙක් එක පාර කරවිල වැලක් වගේ හැසිරෙන්න පටන් ගන්නවා නම් ඒකත් එක්තරා කැමැත්තක් පෙන්වීමක්. ඒක වෙන්නේ මෙහෙමයි. ගැහැණු පිරිමි භේදයක් නැතුව මිනිස්සුන්ගේ හැටි දන්නවා නම් උන්ගේ ගතිලක්ෂණ ගැන පුංචිම හරි අවබෝධයක් තියනවනේ. ඒ හැටිය නැතුව වෙන වෙන දේවල් කරන්න යනකොට එතන හරිම කෘත්‍රිම ගතියක් තියනවා. කෙල්ලෙක් ඕක කරන්නේ තමන් ළඟ නැති අමුතු ස්ත්‍රී ලාලිත්‍යයක් පෙන්නන්න යන එකෙන්. බල්ලෙක් දැක්කම ඕනිවට වඩා අනා කියන්න යන එකේ ඉඳලා මදුරුවෙක් කෑවමත් අඬන එක දක්වා ඔය සෝබන ගතිය ඇති වෙන්න පුළුවන්. ඕක වක්‍රාකාරව තොට හරියන ස්වීට් කෙල්ල මම තමයි කියන එක්තරා විදියක්.
3. මැටි සහ පිස්සු ආමන්ත්‍රණය

Source – menwit.com
අම්මයි තාත්තයි ලස්සනට හදලා දීපු නම වෙනුවට එක පාරට කොල්ලට පිස්සා, මැට්ටා, මෝඩයා වගේ එව්වයෙන් ආමන්ත්‍රණය කරන්න පටන් ගත්තා නම් ඒ කියන්නේ වැඩේ හරි. මුහුණට මුහුණ කතා කරද්දී වගේම මැසේජ් කොටද්දීත් ඕක භාවිත වෙනවා. ඕක කියන්නෙත් එසේ මෙසේ නෙවෙයි හෙනට නලවලා කරලා. සාමාන්‍ය විදියට පිස්සා, මැට්ටා, මෝඩයා කිව්වොත් එතන තියෙන්නේ ආදරයක් නෙවෙයි ඇත්තටම කොල්ලව ගොබ්බයෙක් විදියට දැකීමක්. ඒ නිසා පටලවා ගන්න එපා.
4. කොල්ලා කරන විහිළුවලට ඕනෑවට වඩා සිනාසීම

Source – videoblocks.com
ගැන්සි ගැහිලා ඉන්න වෙලාවට කොල්ලෝ හරි ආසයි නෙව විහිළුවක් එහෙම කරලා ඉන්න. ඒ විහිළුව මොන තරම් ගොන් එකක් වුණත් කෙල්ලෙක් ඒකට බඩ කොරවෙන්න හිනා වෙනවා නම් ඒක නිකන් ජීවිත කාලෙටම මාව හිනා ගස්සවනවකෝ ඒයි කියලා කියන ආරාධනයක්.
5. අනික් ගෑණු ළමයි එක්ක කොල්ලගේ ඇයිහොඳයියට අකමැති වීම

Source – wikihow.com
කෙල්ලෙක් තමන්ට කැමතිද කියලා බලාගන්න පුළුවන් හොඳ විදියක් තමයි මේ. කෙල්ල ළඟින් ඉන්න වෙලාවක් බලලා ඒ ගෑණු මනුස්සයාව ගණන් ගන්නැතුව වෙන කෙල්ලෝ ටිකක් එක්ක චැටක් දාන් ඉන්නකෝ. උන්දැගේ මූණ හරියට පිපුනේ නැති බනිස් ගෙඩියක් වගේ වෙනවා නම් එතනින් කියන්නේ ඔහේව අයිති වෙන්න ඕනි මට විතරයි එක එක නැට්ටිච්චියොන්ට නෙවෙයි කියන එක.
6. කොල්ලව දුක්ගන්නාරාළ කිරීම

Source – soompi.com
කෙල්ලට තියෙන ප්‍රශ්න කන්දරාව කියන්න කොල්ලෙක් තෝරගත්තම ඒකෙ දෙපැත්තක් තියෙනවා. එකක් තමයි අපි සහෝදරයෝ වගේ ඉමු කියන න්‍යාය. ඒක පාවිච්චි කරලා දුක කියනවා නම් කොතැන දී හරි කෙල්ල අතින් කියවෙනවා ඔය සහෝදර කතාව. එහෙම නැතුව මට මේවා කියන්න ඉන්නේ ඔයා විතරයි. ඔයා හොඳයි වගේ බටර් පාරක් එක්ක දුක් සීන් එක බෙදාගන්නවා නම් ඒ ජීවන සහකරු කරගන්නයි.
7. වමට සිග්නල් දාලා දකුණට හැරවීම

Source – videoblocks.com
කොල්ලට පොඩ්ඩක්වත් කැමති නෑ කියලා පෙන්වන එකත් ඒ යකාට කැමතියි කියන එකට ඉඟියක්. කියන කරන දේවල අනික් පැත්ත කිරීම සම්බන්ධයෙන් කප් ගැහුවම ඔහොම වෙනවා. කොල්ලා දේකට හා කිව්වොත් බෑ කියන මට්ටමෙන් තමයි ඉන්නේ. එහෙම කරලා ඒ කොල්ලගේ අවධානය දිනාගෙන හිමීට බෝලේ බස්සන එකත් හැකියාවක්.
Cover Image Source – everydayfeminism.com
Leave a Reply