බොන උං අතරේ නොබොන එකෙක් උනාම සැලසෙන වාසි 7ක්

Advantages of Not Being a Drunkard

“බොන පාටියේ” එකෙක් වුණාම බොන්නම ඕන කියලා සමහරු කිවුවට, නොබොන එවුන් ඉන්න බොන පාටිත් තියෙනවනේ. අන්න එහෙම පාටියකදී නොබොන උන්ට කරන්න පුලුවන් දේවල් ගැනයි අපි මේ අද කතා කරන්න යන්නේ. මේවා මේ අත්දැකීම් ඇසුරෙන් ලියන ඒවා හන්දා මේවයේ සත්‍ය භාවය ගැනනම් සත පහක අවිශ්වාසයක් තියාගන්න එපා.

 

1. බයිට් කනවා – බීම බොනවා

Advantages of Not Being a Drunkard

Source – chicagotribune.com

සැර ජාති නොබොන අහිංසක කොල්ලෙක් ඉතින් ගේන බයිට් එක පොඩ්ඩ පොඩ්ඩ හෙමිහිට ඉවර කළාට බොන අයියලා තරහ ගන්නෙ නෑ. බයිට් විතරක් නෙමෙයි, සැර බීම වල සැර පොඩ්ඩක් අඩු කරගන්න ගේන බීම එකක් බිවුවත් එහෙම තමයි. අනේ ඉතින් නොබොන මනුස්සයෙක් මෙන්න මේ කෑම – බීම චාන්ස් එක නම් මග ඇරගන්නෙ නෑ.

 

2. දාර්ශනික ටෝක්ස් දෙන්න හැකියි

Advantages of Not Being a Drunkard

Source – videoblocks.com

අනිත් සෙට් එක ගජරාමෙට පදම් වෙන අතරේ නොබොන එකාට පුලුවන් පොඩි දාර්ශනික උපදෙස් ටිකක් දෙන්න. සෞඛ්‍යයට, ජීවිතයට මත්පැන් පානය කිරීම බලපාන ආකාරය ගැන මේ කුඩා දේශනය ලබා දෙන්න නොබොන එකා පෙළඹෙනවා. ඊට පස්සේ ඉතින් බොන එවුන් හොඳට පදම් වෙලා අහන උභතෝකෝටික ප්‍රශ්න වලටත් සිහි නුවණින් යුක්තව උපදෙස් දෙන්න හැකියාව තියෙන්නේ අර නොබිවුව එකාට නොවැ.

 

3. තමන්ම පොඩ්ඩක් ලොකු කරගන්න

Advantages of Not Being a Drunkard

Source – youtube.com

“බොන සෙට් එක අතරේ නොබොන එකෙක් වෙයන්” වගේ පෝස්ට් එකක් ශෙයා කරන්න නොබොන උංට පුලුවන්කම තියෙනවා. ඇයි ඒ විතරද..? “කවදාවත් බීලා නැති උං ශෙයා කරන්න” වගේ පෝස්ටුත් ඔබ නොබොන අයෙක් නම් ඔබට ශෙයා කරන්නට පුලුවන්. එහෙම ශෙයා කරලා තමන් කවදාවත් බීලා නැති අතිශය අහිංසක එකෙක් කියලා ෆේස්බුක් එකේ ඉන්න නංගි කෙනෙක්ගේ හිතේ සිතුවිලි බීජයක් පැළ කරගන්න පුලුවන් වුණොත්, අන්න ඒකයි නොබොන එකාගේ ජයග්‍රහණය වෙන්නේ.

 

4. පෙම්වතිය ඉස්සරහ පොර වෙන්න

Advantages of Not Being a Drunkard

Source – greatist.com

ගොඩක් කොල්ලෝ බොනවා නොවැ. එහෙම එකේ නොබොන එකෙක් කියන්නේ ටිකක් විශේෂ එකෙක්. ආන්න ඒ විශේෂ කමෙන් උදවු ගන්න චාන්ස් එකක් ආවාම ඒ උපකාරය ගන්නම ඕන. ගෑණු ළමයා මොකක් හරි වැරැද්දකට බනිනවනම්, “ඔයා දන්නවනේ මම සෙට් එකේ අනිත් උං වගේ බොන්නෙත් නෑ කියලා” වගේ කතාවක් කියලා හෙමින් ශේප් වෙන්න පුලුවන්. ගෑණු ළමයා වැරැද්දක් කරලනම් “මම හොඳ වැඩියි ඔයාට. මම වගේ වෙන කොල්ලො ඉන්නවද..? අනිත් උං බීල නාස්ති වෙද්දි මම ඒ වගේ වැරදි නොකර ඉන්නවා. ඔයාට ඇයි බැරි වැරදි නොකර ඉන්න” වගේ කතාවක් එක්ක පොර වෙන්න නොබොන ඔබට හැකියාව තියෙනවා.

 

5. ගෙදරට හොඳ පුතා වෙන්න

Advantages of Not Being a Drunkard

Source – icytales.com

නොබොන එකෙක්ට තියෙන වාසියක් තමයි ගෙදරට හොඳ පුතා වෙන්න චාන්ස් එකක් ලැබෙන එක. උදාහරණයක් විදිහට අම්ම දන්නවනම් “සුදු පුතා බොන්නෙ නෑ” කියලා, කොච්චර රෑ වුණත් අම්ම බය වෙන්නෙ නෑ පුතා ගැන. “රෑ වුණාට කමක් නෑ අපේ එකා බොන්නෙ නෑනේ” කියලා හිතලා අම්මලා සැනසෙනවා. පැයෙන් පැයට කෝල් කරලා කියන්න ඕන නෑ “අද බොන්න එපා… අද බොන්න එපා” කියලා. අම්ම කෝල් කරන්න ගත්තත් තාත්තා අම්මට කියනවා “ඌ ගැන බයවෙන්නෙපා ඔච්චර” කියලා. ඒ විතරක් නෙමෙයි, සල්ලි ටිකක් දෙනකොට උනත් ගෙදර ලොකු තැන් වල අවධානය වැඩිපුර යොමුවෙනවා නොබොන එකෙක් නම්.

 

6. ස්වයං තෘප්තිය

Advantages of Not Being a Drunkard

Source – medium.com

නොබොන උංට පොඩි ආත්ම තෘප්තියක් තියෙනවා බොන උංව දැක්කම. බීලා වැනි වැනී ඇවිදින, කයිය ගහන, වමනේ කරන යාලුවෝ ගැන හිතලා, තමා නොබොන එකෙක් වීම ගැන ස්වයං අභිමානයක් ගොඩනගාගන්න අන්න එතැනදී අවස්ථාවක් ලැබෙනවා. ඒ ආත්ම තෘප්තිය එසේ මෙසේ තෘප්තියක් නෙමෙයි. සෞඛ්‍යමය අංශයටත් ඒ තෘප්තිය පැතිරෙනවා. සෞඛ්‍යමය වශයෙන් ඔවුන් සතු ස්ථාවර භාවය ගැන සතුටු වෙන්නත් ඔවුන්ට පුලුවන් නොවැ.

 

7. පිනක් කරගන්න චාන්ස් එකක්

Advantages of Not Being a Drunkard

Source – deviantart.com

නොබොන උංට පින් කරගන්න චාන්ස් පිට චාන්ස් ලැබෙනවා. සමහරවිට මේවා මහා කරදර වගේ පෙනුනට මේවා ඇවිල්ලා පින් කරගන්න ලැබෙන චාන්ස්. “බොන යාලුවෝ ඇදන් වැටුණම නැගිට්ටවීමේ” ඉඳලා, බීලා යා ගන්න බැරුව ඉන්න උං ගෙදරට වත්තන් කරගෙන යෑමේ පුණ්‍යකර්ම මාලාව කරන්න ඔබට වරම් ලැබෙනවා ඔබ නොබොන එකෙක්නම්. වමනේ යන උදවියට සුව සහන සැලසීමේ පින කරගන්නත් ඔබට චාන්ස් ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි, බොන අය බීමේ පාපයෙන් මුදවා ගැනීමේ පින කරගන්නත් ඔබට අවස්ථාව තියෙනවා. මේවා ඉතින් නොබොන උංට විතරක් ලැබෙන පිං චාන්ස්.

නොබොන උං දැන් මේක කියෙවුවනම් ගැම්මට ශෙයා කරන්න අමතක කරන්න එපා ඔන්න…

 
Cover Image Source – medlife.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *