ලයිෆ් එක ෆුල් බෝරින්ග් වෙලාද? එහෙමනම් මෙන්න මේ දේවල් කරලා බලන්න!

spice up the boring life

ජීවිතේ කියන්නේ මොකක්ද කියලා හිතන්න වුනත් කෙනෙක්ට මතක් වෙන්නේ ජීවිතේ මහ එපාකරපු විදියට ගෙවෙන්න ගත්තහම තමයි, හා නැද්ද? ජීවිතේ බෝරින් වෙන්න හේතු තියෙනවා. ලේසියෙන්ම වෙන්න පුලුවන් දේ තමයි රස්සාව, පවුල් ජීවිතේ වගේ හැමදේම එකම විදියකට, එකම පිළිවෙලකට සිද්ධ වෙන්න පටන් ගැනීම. ඒ කියන්නේ හැමදාමත් එකම දේ මිසක් අලුත් දෙයක් නෑ. හැබැයි ඉතින් එහෙම ජීවිතේ මෙලෝ රහක් නැති බෝරින් එකක් වුනාට පස්සේ දාර්ශනික ප්‍රශ්න ගැන විතරක් හිත හිතා ඉඳලා හරියන්නෙ නෑ. ජීවිතේ ආයෙමත් ආතල් කරගන්නත් මොනවා හරි කරන්න ඕන. ජීවිතේ කියන්නේ ඇත්තටම මොකක්ද කියලා හිතන්න හරි හැඟීමක් තියෙන එක හොඳයි. හැබැයි ඒ හැඟීමත් එක්කම එන්න ඕන ජීවිතේ මොන ප්‍රශ්න, දුක් කම්කටොලු ආවත් ආතල් එකේ ගෙවන්න ඕනෑය කියන හැඟීමත්. ඉතින් අපි කියන්න යන්නේ සරලවම ජීවිතේ මෙලෝ රහක් නැතුව ගිය තැන, ආයෙමත් ජීවත් වීමේ රහ ගේන්න කරන්න පුලුවන් පුංචි පුංචි දේවල් ටිකක් ගැන තමයි. මේ දේවල් මහා ලොකු දේවල් නෙවෙයි, හැබැයි මේ දේවල් වලට ජීවිතේ බලුප් පත්තු කරපු කානිවල් එකක් වගේ ආතල් කරන්න නොහිතන හැකියාවක් තියෙනවා!

 

1. ආදරේ කරන්න!

spice up the boring life

Source – theworldpursuit.com

මේක ටිකක් මැන්ටල් කතාවක් වගේ නේද? ඇයි බන් ආදරේ කරන්න කෙනෙක් ඉන්නවා නං ජීවිතේ ලාන්තරස් වෙලා, මෙලෝ රහක් නැතුව ඉන්නවද? නෑ, අපි කියන්නේ ඒ ගැන නෙවෙයි. ආදරේ කරන්න කෙනෙක් ඉන්නකොටත් ජීවිතේ මෙලෝ රහක් නැතිවෙන එක ගැන. ඒකට හේතුව සරලයි. දෙන්නම ජීවිතේ එක පහසු රූටීන් එකකට ඇවිත්. දැන් කියන්න එපා අපිට තියෙන ප්‍රශ්න දන්නෙ අපිනේ කියලා. ජීවිතේ ප්‍රශ්න ගොඩක් තමයි. හැබැයි ඒ ප්‍රශ්නත් එක්ක එළිවෙනවා, වැඩට යනවා, ගෙදර එනවා, රෑ වෙනවා වගේ දිනචරියාවකට හුරුවෙන එක ලේසියි. හැබැයි ඔය ප්‍රශ්න, වැඩ කන්දරාව අස්සෙන් දෙන්නත් එක්ක කොහේ හරි රවුමක් ගහලා එන්න, මුණගැහිලා කියව කියවා ඉන්න, ට්‍රිප් එකක්, ‍ෆිල්ම් එකක් බලන්න යන්න වෙලාව සහ මූල්‍යමය හැකියාව හදාගන්න එක අමාරුයි. හැබැයි ඒ වගේ “ඇත්තටම ආදරේ කරනකොට” ජීවත් වෙනවා කියලා දැනෙයි!

 

2. හොඳ සංවාද වලට සහභාගි වෙන්න

spice up the boring life

Source – pixabay.com

මේක ක්‍රම කීපෙකට කරන්න පුලුවන්. ලේසිම ක්‍රමය තමයි ෆේස්බුක් වගේ සමාජ ජාලයක්. මේ වගේ තැන්වල පිස්සු ආතල් වගේම බොහොම සීරියස් සංවාදත් යනවා. ඉතින් පිස්සු ආතල් සංවාදයක් යාලුවෙක්ගේ වෝල් එකක හරි යනවා නම් බය නැතුව ගිහින් සෙට් වෙන්න. සීරියස් සංවාදයක් යන තැනකදී ඒ ගැන හොඳ දැනුමක් තමන්ට තියෙනවා නම් ඒකට එකතු වෙන්න. දැනුමක් තමන්ට නැති නම් ඒ ගැන කරුණු හොයලා දැනුවත් වෙලා සංවාදෙට එකතු වෙන්න. එතනින් අලුත් යාලුවොත් එකතු වෙයි.

ඊළඟට ඔය කොළඹ අවට විතරක් නෙවෙයි, මීගමුව, නුවර වගේ තැන්වල පවා පොත් සංවාද, චිත්‍රපටි සංවාද, කලා සංවාද වගේ දේවල් තියෙනවා. ඒ වගේ තැන් වලට ඉඩ තියෙන වෙලාවට ගිහින් සෙට් වෙන්න. ඇත්තටම සයිබර් අවකාශයේ ඇතිවෙන සංවාදයන්ටත් වඩා මේ වගේ ඇත්ත ලෝකේ සිද්ධ වෙන සංවාදයන් ජීවිතේ මොන තරම් ඉන්ටරස්ටින් කරනවාද කියන එක පහසුවෙන්ම වැටහෙයි.

 

3. බකට් ලිස්ට්!

spice up the boring life

Source – pixabay.com

බකට් ලිස්ට් කියන්නේ මැරෙන්න කලින් කරන්න ඕන වැඩ ලැයිස්තුවකට. ඒ කියන්නේ අපි හැමෝගේම හිත් වල තියෙනවනේ කවදාහරි ප්‍රංසේ යන්න ඕන, කවදා හරි හිමේ ලිස්සලා යන්න ඕන, කවදාහරි තල්මස්සු බලන්න යන්න ඕන වගේ සිහින. ගන්න පොඩි නෝට් පොතක්. ලියන්න ඒකේ තමන්ට මැරෙන්න කලින් කරන්න ඕන වැඩ හැම එකක්ම. කරුණාකරලා මේකේ “යහපත් පුරවැසියෙක් වීම” වගේ ඒවා ලියන්න එපා. ඒවා සිහින නෙවෙයි, යුතුකම් සහ වගකීම්. මේකේ ලියන්න ඕන සිහින. හැබැයි හඳට යන්න ඕන, මළ මුහුදේ පාවෙන්න ඕන වගේ හෙනම සීරියස් වැඩ වල ඉඳන්, පොතක් ලියන්න ඕන, යාපනේ යන්න ඕන, ළමා නිවාසයකට කෑම වේලක් දෙන්න ඕන වගේ වඩාත් යතාර්ථවාදී ඒවත් මේ බකට් ලිස්ට් එකේ ලියන්න ඕන. දැන් තියෙන්නේ පුලුපුලුවන් වැඩ වල ඉඳන් ඒ එක එක සිහිනය හැබෑ කරගන්න එක. සමහර හීන හැබෑ කරගන්න අවුරුදු කීපයක් යනවා. හැබැයි ඒවට දැන්මම ඉඳන් ෆවුන්ඩේෂන් දාන්න ඕන. ආන්න ඒ වගේ සිහින සැබෑ කරගන්න සැලසුම් කරන්න. ඒ සැලසුම් දැන්ම ඉඳන්ම ක්‍රියාත්මක කරන්න. කවදාහරි බකට් ලිස්ට් එකම ගොඩදානවා මැරෙන්න කලින් කියන ෂුවර් එකේ වැඩ කරන්න.

 

4. එකම ජාතියේ කුරුල්ලෝ!

spice up the boring life

Source – pixabay.com

සාමාන්‍යයෙන් අපි දකින සමාජේ විදියට කෙල්ලෙක්ට සහ කොල්ලෙක්ට යාලුවෝ වෙන්න බෑ කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ කෙල්ලෙක් සහ කොල්ලෙක් නං එක්කෝ ආදර සම්බන්ධතාවයක් නැතිනම් ලිංගික සම්බන්ධතාවයක් හරි තියෙන්න ඕන කියන එකයි පොදු මතය. හැබැයි ඉතින් අපි එහෙම පොදු මත පිළිගන්න පරම්පරාවක නෙවෙයිනේ. ආන්න ඒ නිසා කොල්ලෙක් නම් හොයාගන්න හොඳම යාලුවෙක් කරගන්න පුලුවන් කෙල්ලෙක්. කෙල්ලෙක් නම් හොයාගන්න හොඳම යාලුවෙක් කරගන්න පුලුවන් කොල්ලෙක්. විශේෂම දේ තමයි දෙන්නට සමාන අදහස් තියෙන එක. මුල්ලකට වෙලා මොකකට හරි, මොකෙක්ට හරි ඇද කරලා හරි, පරණ විහිළුවක් මතක් කරලා හරි පැලෙන්න හිනාවෙන්න පුලුවන් කම. ඒ වගේම සීරියස් සංවාදෙකට බැරි නම් මරාගන්න වාදෙකට වුනත් යන්න පුලුවන් කම. ඒ වගේම මොන සීරියස් වාද විවාද සංවාද කළත් ආයෙමත් මොකක් හරි මතක් කරලා හිනාවෙන්න පුලුවන් කම. ආන්න එහෙම මැන්ටල් ඩයල් එකක් ජීවිතේට ඉන්නකොට අර මෙලෝ රහක් නැති කම කොහෙන් ගියාද නැතිවෙනවා!

 

5. ඇඟ සහ හිත හදන්න

spice up the boring life

Source – pixabay.com

අපි වැඩිදෙනෙක් පුරුදු වෙලා තියෙන්නේ බොහොම කම්මැලි ජීවිත ගත කරන්න. ඒ කියන්නේ අපි කරන ලොකුම ශාරීරික ව්‍යායාමය තමයි බස් එකට දුවන එක. අපි කරන ලොකුම මානසික ව්‍යායාමය තමයි ඉෂි අම්මට ඊළඟට සිද්ධ වෙන අබග්ගේ මොකද්ද කියලා අනාවැකි කියන්න උත්සාහ කරන එක. හැබැයි ජීවිතේ කියන්නේ ඕක නෙවෙයි. ආන්න ඒ නිසා පොඩි ට්‍රයි එකක් දෙමු අපේ ජීවන රටා වෙනස් කරගෙන ඇඟ සහ හිත හදාගන්න.

ඇඟ හදාගන්නවා කියන්නේ ජිම් එකේ පදිංචි වෙලා මසල්ස් පුම්බන එකට නෙවෙයි. හැබැයි උදේ පැයකට දෙකකට රවුමක් දුවලා නැතිනම් ජිම් එකට ගිහින් එන එක බොහොම හොඳයි. ඒකෙන් දවසම නැවුම්, දවසම ‍ෆිට්. ඒ විතරක් නෙවෙයි, කරනකොට තේරෙයි මේ වගේ දේකින් ජීවිතේටත් කොයි වගේ ‍ෆිට් එකක් දැනෙනවද කියලා.

එතකොට හිත හදන්න කරන්න පුලුවන් දේවල් තියෙනවා. හොඳ පොතක් පතක් බලන්න හුරු වෙන එක. උසස් චිත්‍රපටියක් බලන්න පුරුදු වෙන එක. හොඳ සංගීතය අහන්න හුරු වෙන එක. චෙස්, සුදොකු වගේ ගේම් එකක් ඉගෙන ගන්න එක. තව සෑහෙන්න දේවල් තියෙනවා. ඉගෙනගන්නම කොයි තරම් දේවල් මේ ලෝකේ තියෙනවද!

 

6. විනෝදෙට කරන එව්වා!

spice up the boring life

Source – pixabay.com

පුංචි කාලේ නම් අපි ඕනම කෙනෙක්ගෙන් විනෝදාංශය මොකක්ද කියලා අහන පරක්කුවට කියන්න දේවල් තියෙනවා. මුද්දර එකතු කිරීම, කාසි එකතු කිරීම, පෝස්ට් කාඩ් එකතු කිරීම, පොත් කියවීම, මල් පාත්තියක් වැවීම, වයලීනය වාදනය වගේ නොයෙක් විනෝදාංශ. හැබැයි ඉතින් අපි ලොකු ගෑණු මිනිස්සු වෙනකොට ඔය විනෝදාංශ ඈලියාවට යනවා. පුංචි කාලේ පිස්සුවෙන් එකතු කරපු දේවල් දැන් හොයන්නත් නැහැ. දැන් බැරිවෙලාවත් අපෙන් ඇහුවොත් විනෝදාංශ මොනවද කියලා, එක්කෝ කියයි ටීවී බලන එක කියලා, නැතිනම් නිදාගන්න එක කියලා. ඉතින් අපේ ජීවිත පට්ට බෝරින් වෙන එක අහන්නත් දෙයක්ද!

මෙලෝ රහක් නැති ජීවිතේ වෙනස් කරන්න පටන් ගමුද අලුත් විනෝදාංශයක්? ඒක ගිටාර් ගහන්න ඉගෙන ගැනීම වෙන්න පුලුවන්. බොන්සායි කලාව වෙන්න පුලුවන්. දැව භාණ්ඩ නිර්මාණය වෙන්න පුලුවන්. අත්කම් වැඩ වෙන්න පුලුවන්. බයික් රයිඩින් වෙන්න පුලුවන්. කඳු නැගීම වෙන්න පුලුවන්. එහෙම නැතිනම් ලොවෙත් නැති නිර්මාණශීලී, වෙනස්ම විනෝදාංශයක් වෙන්න පුලුවන්. හැබැයි වැදගත් වෙන්නේ විනෝදාංශයක් පටන් ගැනීම. ඒකට කාලය සහ මූල්‍යමය හැකියාව වෙන් කර ගැනීම.

ඔන්න ඔය වගේ දේවල් දීර්ඝකාලීනව කරනකොට මෙලෝ රහක් නැති ජීවිතේක බල්බ් දැම්මා වගේ මල් පිපිලා ෆුල් ලල් වෙලා එන්නෙ නැද්ද බලන්ඩකෝ!

 
Cover Image Source – pixabay.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *