උසින් අඩු යුවතියකගේ පෙනුම ඔප් නංවන විලාසිතා

fashion tips for a short girl

සාමාන්‍යයෙන් උසින් අඩු කියලා සැළකෙන්නේ උස අඩි 5යි අඟල් 4ට වඩා අඩු උසක් සහිත පිරිස. කොහොමත් ලංකාවේ නම් බහුතරයක් ගැහැණු උදවිය මේ කොටසට තමා අයත් වෙන්නේ. උසින් අඩු යුවතියක් සම වයසේ උසින් වැඩි අනික් යුවතියන් එක්ක ගත්තාම සාපේක්ෂව ලාබාල පෙනුමක් තමයි තියෙන්නේ. ඒ අතින් උස අඩු කම යුවතියන්ට ආශිර්වාදයක් වගෙයි. ඔබේ සැබෑ වයස අහන අය ඔබේ හුරුබුහුටි පෙනුම සමඟ වයස ගැන පුදුම වෙන්නත් පුළුවන්. ඒ හැමදෙයක්ම ඇත්තටම හොඳයි. ඒ වගේම තමයි කාසියේ අනෙක් පැත්ත, මේ සොඳුරු බව රැකගන්න එකත් ඔයා අතේමයි තියෙන්නේ. උසින් අඩු ගැහැණු ළමයෙක්ට තියෙන්නේ කුඩා සිරුරු රාමුවක් නිසා කල්පනාවෙන් තමා විලාසිතා කරන්න ඕන. ඔබේ පෙනුම සුන්දර කරන්න ඔබ තෝරාගන්නා විලාසිතා වලින් කෙරෙන්නේ විශාල කාර්යභාරයක්.

ඉතින් අද අපි මේ ලිපිය ලියන්නේ අපේ උසින් අඩු ආදරණීය කාන්තා පක්ෂය වෙනුවෙන්.

 

1. උසින් අඩු සිරුරක් හිමි ඔබට ගැළපෙන බෑග් විලාසිතා

fashion tips for a short girl

Source – pinterest.com

ගමනක් යනකොට ඉතින් අවශ්‍ය කරන අඩුම කුඩුම ඔක්කොම දාගෙන යන්න ටිකක් ලොකු බෑග් එකක් ඕන තමයි. ඒත් ඉතින් විශාල බෑග් ඇත්තටම උසින් අඩු කාන්තාවන් සඳහා සුදුසු වෙන්නේ නැහැ. උසින් අඩු තරුණියන්ට වඩාත් ගැළපෙන්නේ වැඩි මහතක් නැති බෑග් විලාසිතාවන්. විශාල බෑගයන් ඔබේ පෙනුම යටපත් කිරීමට හේතු වනවා. උරහිසේ සිට එල්ලෙන දිගු පටියක් සහිත බෑග් මඟිනුත් ඔබ වඩාත් කෙටි ලෙස පෙනෙනු ඇත. සිහින් පටියක් සහිත කුඩා ප‍්‍රමාණයේ මධ්‍යස්ථ දිගක් සහිත බෑග්, උසින් අඩු ඔබට වඩාත් ගැළපේ. චේන් පටි සහිත බෑග් විලාසිතාත් කදිමයි. පිටේ එල්ලන් යන බෑග් නම් වඩාත් ලස්සනයි.

 

2. ඔයාව ලස්සන කරන ඔයාගේම පුංචි පුංචි මැහුම් වැඩ

fashion tips for a short girl

Source – royalarch314.co.uk

ඔයා වෙළඳසැලෙන් මිලදීගන්න ඇඳුම හරියටම ඔයාගේ ඇඟේ හැඩයටම නිමාවෙලා නැතිවෙන්න පුළුවන්. ටිකක් එල්ලිලා වගේ තියෙන ඇඳුම් ඇන්දාම උසින් අඩු ගතිය තවත් වැඩි කරලා පෙන්නනවා. ඔයාට පුළුවන් පුංචි මැහුම් වැඩක් කරලා ඇඟට ටිකක් ඇලවෙන්න වාගේ ඇඳුම හදාගන්න. ඇඳුමේ අත් යට, දිගු අත් සහිත ඇඳුමක් නම් වැලමිට ආසන්නයේ එල්ලිලා වගේ තියෙන කොටස් එහෙම ඔයාගේ අතේ ප‍්‍රමාණයටම වගේ හදාගන්න. ගවුමක් නම් ඉන දෙපැත්ත, කකුලේ දෙපැත්ත වගේ සිරුරේ හැඩය ඉස්මතු වෙන විදිහට, සමාන පාට නූලකින් නොපෙනෙන පුංචි මැහුමකින් හැඩය හදාගන්න.

 

3. රෙදිපිලි තෝරා ගැනීමේදී

fashion tips for a short girl

Source – 2020ave.com

දිගු අතට ඉරි සහිත ඇඳුම් තෝරාගන්න. හරස් ඉරි සහිත ඇඳුම් මගින් සිදුවෙන්නේ ඔබේ ශරීරයේ පෙනුම මදක් මහත් කර පෙන්වීමයි. ඒ වගේම ඔබ උසින් අඩු කෙනෙක් නම් හරස් ඉරි ඇඳුම් ඔබව තවත් කෙටි කර පෙන්නනවා. දිගු ඉරි, එනම් පහළ අතට ඇඳුණු ඉරි සහිත ඇඳුම් ඔබේ පෙනුමට අමතර උසක් එකතු කරන්න සමත් වෙනවා.

පළල් කකුල් සහිත දිගු කලිසම් තෝරාගන්න එපා. එහි විහිදුණු ස්වභාවය ඔබව තවත් පටු කර පෙන්වාවි.

උසින් අඩු යුවතියකට වඩාත් දිගු ස්කර්ට් තෝරාගැනීම උචිත වන්නේ නැහැ. ඔබ එසේ තෝරාගන්නවා නම් ඔබ පළඳින පාවහන් යුගලත් සමාන වර්ණයකින් වීම ඔබේ පෙනුමට උසක් එක් කරාවි.

විශාල මෝස්තර සහිත දිගු ගවුම් වලට වඩා කුඩා මෝස්තර සහිත ගවුම් ඔබට උස පෙනුමක් ගෙනෙනවා.

එකිනෙකට නොගැළපෙන වර්ණයන්ගෙන් සැරසෙනවාට වඩා, කිට්ටු සමාන වර්ණයන්ගෙන් සැරසීමෙන් ඔබට වඩාත් උස පෙනුමක් ලැබෙනවා.

 

4. ඉනට පටියක් පළඳින්න

fashion tips for a short girl

Source – magazine.italist.com

ඔබ සැරසෙන ඇඳුමට බඳ පටියක් ගැලපෙනවා නම් එය පළඳින්න අමතක කරන්න එපා. ඒ මඟින් ඔබේ පාද දිගු වී පෙනෙන්නට ගන්නවා. ඒ කියන්නේ ඔබේ පෙනුමට අමතර උස පෙනුමක් එකතුවෙනවා. ඔබේ ගවුම හෝ අදාළ විලාසිතාව දෙකට බෙදා මසා තිබෙනවානම් එම බෙදුම වැහෙන සේ ඉන පටිය පළඳින්න. නමුත් ඉන පළඳනාව ඉනෙනුත් මඳක් පහළට කර නම් පළඳින්න එපා. එය තවත් ඔබට කෙටි පෙනුමක් ගෙනේවි.

බඳපටියක් තෝරා ගැනීමේදී ඔබේ උකුලේ උස සඳහා සුදුසු දැයි තීරණය කිරීමේදී වඩාත් වැදගත් වන්නේ පරිමාණයයි. බොහෝ උසින් අඩු කාන්තාවන්ට කෙටි ඉන ප‍්‍රදේශයක් තමා තියෙන්නේ. එමනිසා, විශාල බඳ පටි ඔබේ මුළු ශරීරයේ පෙනුම වඩාත් කෙටි කරයි. ඉතින්, විශාල ඉනපටිවලින් වළකින්න. ඔබට දිගු ඉන ප‍්‍රදේශයක් තියෙනවානම් කුඩා බඳ පටි එතරම් නොගැළපේවි. එවිට ටිකක් මහත බඳ පටියක් පළදින්න. අඟල් 1.5 ප‍්‍රමාණයේ බඳපටි බොහෝ කෙටි උස කාන්තාවන් සඳහා සුදුසුයි. එයින් කියන්නේ නැහැ මහත බෙල්ට් ඔයා අමතක කරන්න ඕන කියලා. ඔයා මහත බෙල්ට් පළඳින්න ආසා කෙනෙක් නම් ඔයාට පුළුවන් ඇඳුමේ පාටටම ඇති මහත බෙල්ට් එකක් පළඳින්න.

 

5. පාවහන් තෝරාගන්නේ කොහොමද?

fashion tips for a short girl

Source – beautyheaven.com.au

කොහොමත් ටිකක් අඩිය උස පාවහන් මඟින් ඔයාට උස පෙනුමක් ලබාගන්න පුළුවන්නේ. එහෙමයි කියලා පමණ ඉක්මවා උස හීල් දාන්න යන්න එපා. ඒකෙන් ඔයාගේ ගමන් කරන විලාසයේ ඉඳන්ම ලොකු වෙනසක් වෙනවා. හරිම කෘත්‍රීම බවක් තමා එතකොට ඔයාගෙන් දිස්වෙන්නේ. ඒවගේමයි වළලුකර වැසෙන පටි තියෙන පාවහන් තෝරාගන්න එපා. ඒකෙන් ඔයාගේ පාදය දෙකට බෙදලා වගේ පේන නිසා ඔබේ පෙනුම තවත් කෙටි වෙලයි පෙනෙන්නේ.

තව වැදගත් කරුණක් තමා අඳුරු වර්ණ වලින් පාවහන් තෝරාගන්න එක. එයින් සිරුරේ තිරස් රේඛීය පෙනුම තවත් වැඩි කරනවා. කළු පැහැ ඇඳුමකට කළු පැහැයෙන් පාවහන් යුගලක් පළඳින්න. ගොඩාක් කුඩා පාද තියෙන අයෙක් නම් සමතුලිත බව රැකගන්න ඕන නිසා පටි සහිත පාවහන් වල අවශ්‍යතාව කොහොමත් මතුවේවි. එවිට ඔබට පුළුවන් සමේ පැහැයට ඇති පටි පාවහන් යුගලක් පළඳින්න. එයිනුත් තිරස් රේඛීය පෙනුම රැකෙනවා.

 

6. ආභරණ තෝරා ගැනීමේදී

fashion tips for a short girl

Source – youbella.com

දිගු පෙන්ඩන්ට් සහිත මාල තෝරාගන්න. අඩු උස කාන්තාවන්ට බොහෝ විට ඇත්තේ කෙටි ගෙලක්. දිගු පෙන්ඩන්ට් එකක් සහිත මාලයක් ඔබේ කෙටි ගෙල දිගු කිරීමට හොඳ තේරීමක් වේවි. හේතුව බලන්නාගේ ඇස මාලය දිගේ නොදැනීම ඉහළ පහළ ඇදගෙන යාමයි. එම නිසා එවැනි මාලයක් ඔබේ බෙල්ලේ පෙනුම වඩා දිගු කරයි. ඔබ මෙවන් දිගු පෙන්ඩන්ට් සහිත මාලයක් පළඳින්න අකමැති නම් ඔබගේ මුහුණට වැඩි අවධානයක් යොමුවෙන ලෙස පපු ප‍්‍රදේශයට අඟල් 2, 3ක් ඉහළින් සිටින සේ මාලයක් තෝරාගන්න පුළුවන්.

කෙටි ගෙලක් ඇති යුවතියන්ගේ කන් පෙත්තත් උරහිසත් අතර අවකාශය අඩුවෙනුයි පවතින්නේ. ඉතින් ඒ වගේ කෙනෙක් වඩා දිගකින් යුතු කරාබු පැළඳීම මඟින් තවත් ගෙල කෙටි වී පෙනීමකුයි වෙන්නේ. මධ්‍යස්ථ දිගකින් යුතු කරාබු තෝරාගැනීම මඟින් බෙල්ලත් උරහිසත් අතර ව්‍යාජ උසක් මවාගන්නට ඔබට හැකිවෙයි.

ඔබ ස්කාෆ් පළඳිනවානම් කෙටි ගෙලක් ඇති ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුයි. එයින් ගෙල ආවරණය වන බැවින් ඔබේ බෙල්ලේ පෙනුම වඩාත් කෙටි වේ.

 

7. කොණ්ඩා විලාසිතා

fashion tips for a short girl

Source – salaxleynews.com

දිගු කොණ්ඩයක් කියන්නේ උසින් අඩු යුවතියක් තවත් කෙටි කර පෙන්වන්නක්. උරහිසට ඉහළින් සිටින සේ කැපූ හෝ වඩාත් කොටටම කැපූ කොණ්ඩා විලාසිතාවක් තමයි අඩු උස යුවතියන්ට වඩාත් ගැළපෙන්නේ. නිකට ප‍්‍රමාණය හෝ උරහිස දක්වා උස, කොණ්ඩා විලාසිතාව කැපීම සඳහා සුදුසු උස ලෙස ගැනීමත් උසින් අඩු යුවතියන්ට වඩාත් කදිමයි.

ඔබ මදක් දිගු හෝ වැඩි දිගකින් යුතු කොණ්ඩයක හිමිකාරියක් නම් පෝනිටේලයක් දමන විට මදක් හිස උඩට වන්නට කොණ්ඩය ගැටගසන්නට මතක තබා ගන්න. එයිනුත් ඔබගේ පෙනුමට අමතර උසක් එක් කරාවි.

ඒ වගේමයි ලේයර්ස් වශයෙන් කොණ්ඩය කැපීමත්, කලර් කරනවා නම් හොඳින් පෙනෙන සේ තීරු තීරු වශයෙන් වර්ණ ගැන්වීමත් කදිමයි.

කොණ්ඩයට නොයෙකුත් හිස් අලංකාර කටු ගසා හැඩකරන්න උත්සාහ නොකර, සරළ නිදහස් ලෙස තැබීමත් ඔබේ පෙනුම තවත් වැඩි දියුණු කරන්නක්.

ඔන්න උසින් අඩු යුවතියකට ගොඩාක් ප‍්‍රයෝජනවත් වෙන තොරතුරු ටිකක් අපි අරගෙන ආවා. ඉතින් ඔයාත් අපේ රටේ ගොඩාක් තරුණියෝ වගේ උසින් අඩු යුවතියක් නම්, කැපී පෙනෙන්නට අඳින්න, විලාසිතා කරන්න, ලස්සනට ඉන්න ඔයාටත් මේ කරුණු ගොඩාක් වැදගත් වේවි.

Cover Image Source – inspirationseek.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *