බිරින්දෑවරු බොහෝමයක් ගෙවල් ඇතුළෙ යුද්ධෙ ගෙනියද්දි හස්බන්ඩ්ලාට සිද්ධ වෙනවා පිටත ලෝකෙත් එක්ක යුද්ධයක් ගෙනියන්න. වයිෆ් දරුවන්ට කවාගෙන, කෑම උයාගෙන මුළු ගෙදරයි ගෙදර ජීවිතයි ගොඩ දාද්දි, හස්බන්ඩ්ට ඒ ඔක්කොම වෙනුවෙන් සල්ලි හොයාගෙන ගෙදර අවශ්‍යතා ටික පුරවන්න සිද්ධ වෙනවා. මේ තියෙන ආර්ථිකෙත් එක්ක දරුවෙක් ඉන්න ගෙදරක අවශ්‍යතා සපුරන්න හබියෙක්ට රෑ දවල් නොබලා වැඩ කරන්න සිද්ධ වෙන නිසාම නිවාඩු පාඩුවක් ලැබෙන වෙලාවක එයාලා කරන්න කැමති දේවල් බොහෝමයි. හැබැයි ඉතිං දුකෙන් වුනත් කියන්න තියෙන්නෙ ඒ අතරේ ෂොපින් යෑම, ඩේ අවුට් යෑම වගේ දේවල් ගෑවිලාවත් නෑ කියල තමයි.
1. නිදි

Source – mensjournal.com
හස්බන්ඩ් කෙනෙක් කියන්නෙ ඔලුවෙ ලොකු ප්ලෑනක් ගහගෙන ඉන්න මනුස්සයෙක්. වෙලාවට ඔෆිස් එකට යන්න ඕන. ගිහිල්ල ඔලුව අවුලක් නැතුව තියාගෙන වැඩ කරන්න ඕන. ඔලුව අවුලක් නැතුව තියාගෙන ඉන්න නං ගෑණියි දරුවොයි හිත සතුටෙන් ඉන්න ඕන. ඒ අය අවුලක් නැතුව ඉන්න නං ඒ අයට ඕන කරන දේවල් ඒ අයට පුළුවන් තරමක් ළං කරලා තියන්න ඕන. එහෙම දෙයක් කරන්න නං අතේ වැඩිපුර සල්ලි ටිකක් තියෙන්න ඕන. එහෙම වැඩිපුර සල්ලි ටිකක් හොයන්නනං මහ රෑටත් වැඩ කරන්න ඕන. අන්න ඒ නිසා නිදහසක් ලැබෙන මොහොතක තමයි නිදාගන්න වෙන්නෙ.
2. මැච්

Source – videoblocks.com
හස්බන්ඩෙකුට නිරන්තර විනෝදය කියලා කරන්න වෙන්නෙ එයා කැමති දේවල්ම නෙමෙයි. ටීවී එකේ ළමයා තමයි වැඩිපුරම එල්ලිලා ඉන්නෙ. කාටූන් බැලිල්ලමයි වැඩේ. ඒකත් ඒ කාලෙ වගේ පිස්සු පූසා, ටිං ටිං වගේ කාටූන් නෙමෙයි, බෙන්ටෙන් වගේ මෙලෝ රහක් නැති කාටූන් තියෙන්නෙ. ඊළඟට ටීවී එක සින්න වෙන්නෙ වයිෆ්ට. සාරුක් අයිය කිහිලි පේන්න අත් විහිදවගෙන ගෑණු ගාවට දුවගෙන යන හැටි එක දිගට වමනෙට එන්නැතුව බලං ඉන්න අමාරුයි. ඊටත් පස්සෙ ඉඩක් ලැබෙන වෙලාවෙ හබියෙක් කැමතියි මැච් එකක් බලන්න. අඩුම තරමෙ පරණ මැච් එකක්වත්.
3. සෙක්ස්

Source – pixabay.com
දෙයියනේ කියල ඔෆිස් ප්‍රශ්න විසඳලා, ළමයින්ගෙ ඇඬුම් සිනහාවක් බවට හරවලා, ගෙදරට බඩු ගෙනත් දාලා, හිතේ සතුටෙන් කෑමත් කාලා, යාන්තං ඇඳට වැටෙන්න එන්නෙ නිදාගන්න සිතුවිල්ලටත් වඩා පොඩි ආදරණීය හැඟීමක් හිතේ තියාගෙන. ළමයි නිදාගන්න දවසක් බලලා, දෙන්න අතරේ බත ඉදෙනකං තියෙන රොස් පරොස් අඩු දවසක ආදරයේ මිහිරිම ඵලය බෙදාගන්න එක මනුස්සයෙක් කරන්න කැමතිම දෙයක්. ඉතිං ඒ වෙනුවෙන් බිරින්දෑගෙත් සූදානමක් තියෙන විත්තිය දැනුනොත් ඒක තරං සතුට දනවන හැඟීමක් හබියෙකුට නැති තරං.
4. ෆිල්ම්/ටීවී සීරීස්

Source – pixabay.com
දවස තිස්සෙ ඔෆිස් ප්‍රශ්නවලට මුහුණ දීලා, ඔෆිස් පොලිටික්ස් ඇතුළෙ ගැටි ගැටී ඉඳලා, ඔද්දල් වෙච්ච ඔලුවෙන් ගෙදර එද්දි ගෙදර සිද්ධ වෙන්නෙත් හැමදාම පුරුදු දේවල් ටික. අන්න ඒ වෙනුවෙන් මහා වියදමක් නොයන, විශේෂයෙන් මහන්සියක් සිද්ධ නොවෙන දෙයක් ඔලුවට තියෙන්න ඕන. ඉතිං ඒකට හරියන්නෙ ටීවී සීරීස් එකක් හරි ෆිල්ම් එකක් හරි තමයි. අන්න ඉතිං ඒ වෙලාවට හස්බන්ඩ් මේ කරන්නෙ ඔලුව නිදහස් කරගන්න ප්‍රොසෙස් එකේ කෑල්ලක් බව හිතලා වයිෆ් චුට්ටක් කරදර නොකර ඉන්න දැනගන්න ඕන.
5. අඩියක්

Source – pixabay.com
හීනි මත් ගතියක් ඔලුවෙ තියෙන එක තාවකාලිකව ස්ට්‍රෙස් බහින්නත් උදවුවක් වගේම සින්දුවක් අහගෙන ඇලයක් දාගෙන ඉන්න තියෙන සකල හස්බන්ඩාවරුන්ගේ මහා සිහිනයට තියෙන ලොකුම උදවුව විදියට හඳුන්වන්න පුළුවන්. ඉතිං මේ වෙලාවට බර බර නොගා ගෙදර රසට හදපු චූටි බයිට් එකකුත් හස්බන්ඩ්ට ළං කරලා, ඒ මොහොත සතුටින් ඉන්න ඉඩ දෙනවනං ඒක හබියා වෙනුවෙන් වයිෆියෙක් කරන ලොකු උදවුවක්.
6. කල්පනා කරන්න

Source – pixabay.com
බිරින්දෑවොන්ට වඩා හස්බන්ඩොන්ට ප්ලෑන් ගහන්න සිද්ධ වෙනවා. බිරින්දෑවොන්ට තියෙන්නෙ රික්වෙස්ට් කරන්න. උදාහරණෙකට, “අපි ලබන සතියෙ ට්‍රිප් එකක් යමුද ඒයි? ළමයින්ගෙත් නිවාඩු කාලෙනෙ” කියල වයිෆ් කිවුවා කියල හිතන්නකො. ඊට පස්සෙ හබියා නිවාඩු දාන්න ඕන. ඒ දවස් ටිකේ කරන්න තියෙන වැඩ ටික කලින් කවර් කරලා ඉතුරු ටික යාලුවෙකුට පංගඩාත්තු කරන්නත් ඕන. වාහනේ තියෙන අවුල් ටික හදාගන්න ඕන. ලාබ තැන් බලල හොටෙල් බුක් කරන්න ඕන. තෙල්, ආහාර, ඉඳුම් හිටුම් සහ අමතර වියදම් වෙනුවෙන් සල්ලි වෙන් කරගන්න ඕන. ඉතිං ඔය ටික ප්ලෑන් කරන්න එපැයි. ඊටත් හපං ඔය විදියට හැම මොහොතෙම ඉස්සරහ සතියකවත් වැඩ ගැන හිත හිත ඉන්න එපැයි. ඉතිං හබියෙක්ගෙ ඔලුව කම්මල වගේ. ඔය කම්මල් ඔලුවට හිතන්න කල්පනා කරන්නත් වෙලාවක් දෙන එක වටිනවා.
7. වත්තෙ පිටියෙ

Source – pixabay.com
හබියෙක් මහන්සි වෙලා කරන්න කැමති යම් වැඩක් වේ නම් ඒ ඉතිං ගරාජ් වැඩක් හෝ වත්තෙ පිටියෙ වැඩක්. උදාහරණෙකට වත්ත සුද්ධ කරන එක මහන්සිදායක වැඩක් වුනාට, ගරාජ් වැඩ තෙල් ගෑවෙන වැඩක් වුනාට දෙයියනේ කියල එහෙම දේක ආතල් එකක් දකින්න හබියෙකුට පුළුවන්. ඒ නිසා එයාලා නිවාඩු දවසක කම්මැලිකමක් ආවොත් තමුන්ගෙ දෙවැනි ගෑණි වගේ ඉන්න කාර් එකේ අඩුපාඩුවක් මත්තෙ නැහෙන්න හරි හොඳට ඉඩ තියෙන බිමක හෙමිහෙමිහිට සදාහරිත තණකොළේ වැඩක් කරන්නයි කැමති. අන්න ඒ වෙලාවටත් ඔය ඉතිං ප්ලේන්ටියක් එක්ක හබියා කැමති දෙයක් හදලා එතනට යවලා පාඩුවෙ ටිකක් ඒ වැඩෙත් එක්ක ඉන්න දෙන්න ඕන විත්තිය වයිෆ්ලා දැනගන්න ඕන.
Cover Image Source – pixabay.com
Leave a Reply