ෆෑන් ගර්ල් කෙනෙක්ගේ දවස ගෙවෙන හැටි

Daily Routine of a Typical Fangirl

ෆෑන් ගර්ල් වනාහි හැමදාම දකින ගර්ල්ට රූප සම්පත්තිය අතින් බැලුවම හැම අතින්ම සමාන එකියක්. එතකොට මේ විශේෂණයක් දාලා තියෙන්නේ අහවල් එකට ද? ෆෑන් කිව්වම සීලිං ෆෑන් තියනවා, තව බිත්තියට හයි කරපු ඒවත් තියනවා, ඔහේ හිටවලා තියන ඒවා තියෙනවා. ඔය ඔක්කොටම වඩා අපූරු ප්‍රභේදයක් විදියට ෆෑන් ගර්ල්ස්ලා ඉන්නවා. ලෝකේ හතර දිග්භාගෙම ඉන්න එහෙම අය තමන්ගේ දින චරියාව ගත කරන්නේ එකම විදියට. ඒ කියන්නේ එයැයිලා ජාති ජන්ම අතින් මොන විදියකට පරහට හිටියත් ෆෑන්ගර්ලින්ග් සීන් එකේදී සමානයි කියන එක.

ඊට ඉස්සෙල්ලා ෆෑන් ගර්ල් කියන්නේ මොකෙද්ද කියලා අඳුරගමු. ඔය කවුරුහරි බයිස්කෝප්කාරයෙක්, ක්‍රීඩා තරුවක්, ගායකයෙක්, ඒ බැරි නම් සික්ස් පැක් ටිකක් නෙරලා ආපු ඉන්ස්ටාග්‍රෑම් මොඩලයකට වහ වැටිලා උන් මත්තේ ජීවිතේම කැප කරපු අය තමයි මේ නමින් හඳුන්වන්නේ. ජීවිතේම කැප කරා කියන එකේ තේරුම මොකද්ද කියලා ඒ ගෑණු මනුස්සයන්ගේ දින චරියාවෙන් පැහැදිලි අවබෝධයක් ගන්න පුළුවන්.

 

1. ඇඳෙන් නැගිටින්න කලින් කරන සෝෂල් මීඩියා චෙකප් එක

Daily Routine of a Typical Fangirl

Source – pinterest.com

ඒ කිව්වේ මෙහෙමයි. දැන් එකී මෙකී නොකී හැම සෙලිබෙටිම ඉන්ස්ටාග්‍රෑම්, ට්විටර්, ෆේස්බුක් වගේ එව්වයේ අයිතිකාරයොනේ. ඉස්සර වගේ නෙවේ මේ වගේ වෛවාරණ නිසා ඒ මිනිස්සුන්ගේ ජීවිත රසිකයන්ට සමීප වෙනවා වැඩී. සාමාන්‍ය රසිකයෙක්ට වඩා ෆෑන් ගර්ල් කෙනෙක්ට ඒක සෑහෙන වටිනවා. දොට්ට පිලට යන්නත් කලින් ඇඳේ ඉඳන්ම ෆෝන් කට්ට ඔන් කරගෙන අදාළ පුද්ගලයාගේ හැම සෝෂල් මීඩියා අකවුන්ට් එකක්ම සෝදිසි කරලා බලනවා. එහෙම බලද්දි මොකක් හරි අලුත් දෙයක් තිබ්බොත් වෙන ඉතින් හොදි ඕන්නෑ. සෙල්පියක් වගේ තිබ්බොත් දවසම මල් හතයි. සතුට වැඩිකමට ඇඳේම පණ යන්න වුණත් පුළුවන්. කොහොමහරි උදැහැනැක්කේ කරන මේ චෙකප් එක එහෙම පටන් ගෙන දවස පුරාම විඩින් විඩ සිද්ධ වෙන දෙයක්.

 

2. වීඩියෝ සහ පින්තූර බැලීම

Daily Routine of a Typical Fangirl

Source – youtube.com

ඉස්සර කාලේ ෆෑන් ගර්ල්ස්ලා තමයි පත්තර එහෙම බලලා මාරම කට්ටක් කෑවේ. ඒත් අද කාලේ එයාලා ඉන්නේ තමන් ආසා කරන පුද්ගලයාට ඇඟිලි තුඩකින් ඈතින්. පින්තූර කැමති නම් එහෙමයි. වීඩියෝ කෑල්ලක් බලනවා නම් ඒත් එහෙමයි. ෆෑන් ගර්ල් කෙනෙක්ගේ ෆෝන් එක අරගෙන බැලුවොත් ඒකේ ගැලරියේ ඇඟිල්ලක් ගහන්න ඉඩක් නැහැ. සම්පූර්ණයෙන්ම පිරිලා තියෙන්නේ අදාළ පුද්ගලයාගෙන්. වීඩියෝ කිව්වම නිර්මාණ විතරක්ම නෙවෙයි. සම්මුඛ සාකච්ඡා, පැපරාසි ෂොට්, තවත් ෆෑන් ගර්ල් කෙනෙක් හදපු වීඩියෝ කෑලි වගේ දේවල් අයිතියි. මේ එකක් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ. ෆෑන් ගර්ල් කෙනෙක් බලන්න පුළුවන් හැම වෙලේම මේ දේ කරනවා. එයාලාට නම් බලන්න බලන්න ආසයි.

 

3. අනික් ෆෑන් ගර්ල්ස්ලා සමඟ කරන කසුකුසුව

Daily Routine of a Typical Fangirl

Source – videoblocks.com

දැන් ඔය එක සෙලිබෙටියෙකුට එක ෆෑන් ගර්ල් ගාණේ ඉන්නවා නෙවේනේ. උදාහරණයකට හිතන්නකො ෂාරුක් ඛාන්ට කොච්චර නම් ෆෑන් ගර්ල්ස්ලා ඉන්නවා ඇතිද කියලා. ඉතින් මෙහෙම අයගේ එක එක සමාජ තියනවා. ගොඩක් වෙලාවට ඒවා අන්තර්ජාලයත් එක්ක බද්ධ වුණ ඒවා තමයි. ෆේස්බුක් ගෲප්, ෆෝරම් වගේ ඒවයෙන් මෙයාලා එකතුවක් විදියට බැඳිලා ඉන්නවා. එතනදී අදාළ සෙලිබෙටියා ගැන තමන් සතු අලුත්ම විස්තර, වීඩියෝ, පින්තූර බෙදාගන්නවා. මොකක් හරි මඩ පාරක් එහෙම වැදිලා නම් කට්ටිය එකතු වෙලා ඒ ගැන අන්තර්ජාල මට්ටමෙන් ක්‍රියාමාර්ග එහෙමත් ගන්නවා. සෙල්ලම් නෑ.

 

4. මනෝ පාර ගැසීම

Daily Routine of a Typical Fangirl

Source – purplecentre.com

ෆෑන් ගර්ල් කෙනෙක්ගේ ලොකුම හීනේ තමයි තමන් ආසා කරන පුද්ගලයාව දකින්න ලැබෙන එක. ඒක වෙන්න තියන සම්භාවිතාව 1%ක් වුණත් මොකද ඒක එහෙම වෙනවාය කියලා මනෝ ලෝකෙක ඉන්න කිසිම බාධාවක් නැහැනේ. ඉතින් හම්බුණොත් මොකද කරන්නේ කියන දේ මත්තේ ෆෑන් ගර්ල් කෙනෙක්ට හිමි වුණ ලොකු ෆැන්ටසි ලෝකයක් තියනවා. කොයි මොහොතේ ඒ ලෝකෙට යයිද කියලා හිතාගන්න බෑ. මේ ඉන්නවා. මේ යනවා.

 

5. රණ්ඩු සරුවල්වලට පැටලීම

Daily Routine of a Typical Fangirl

Source – youtube.com

අම්මලා ළමයි හදන්නේ පුංචිම හරි සීරිමක් වෙන්න ඉඩ දෙන්නේ නැතුවනේ. ඉතින් මෙතනත් වෙන්නේ ඒ වගේ දෙයක්. තමන්ගේ සෙලිබෙටිට විරුද්ධව වචනෙක දෙයක් කියන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ. එහෙම වෙලා තිබ්බොත් ඒ විදියට කතන්දර හදපු එකාට විසුමක් වෙන්නෙ නැහැ. පණ වුණත් දෙන්න එවරෙඩි නිසා ෆෑන් ගර්ල් කෙනෙක්ව ආශ්‍රය කරනවා නම් කට පරිස්සම් කරගන්න දැනගන්න ඕනි.

 

6. ෆෑන් ෆික්ෂන් කියවීම සහ ලිවීම

Daily Routine of a Typical Fangirl

Source – youtube.com

මේක වෙන්නේ ටෙලි නිර්මාණ සහ චිත්‍රපට නිර්මාණවල තමයි. ඒවයේ තියෙනවනේ යම්කිසි කතාවක්. ඒක එහෙම තිබිච්චාවේ කියලා ඒ චරිතම දාලා හිතේ හැටියට තමන්ගේ විධියට කතන්දර ලියන එක තමයි මේකේ තේරුම. ලංකාවේ ප්‍රවණතාව අඩු වුණාට අසල්වැසි රටේ ෆෑන් ෆික්ෂන් පැටව් ගහනවා වගේ. ලියනවා වගේම කියවන්නත් සෑහෙන ලොකු පාඨක පිරිසක් ඉන්නවා.

 

7. තමන්ගේ සෝෂල් මීඩියා අප්ඩේට් කිරීම

Daily Routine of a Typical Fangirl

Source – Imgur.com

උග්‍ර ෆෑන් ගර්ල් කෙනෙක්ට සෝෂල් මීඩියාවලදී පෞද්ගලික අනන්‍යතාවක් නෑ. ඒ කියන්නේ එයාගේ ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටාග්‍රෑම් කියන ඒවා පිරිලා තියෙන්නේ එයාගේ විස්තරවලින් නෙවේ, අහවලාගේ ඒවයෙන්. ප්‍රොෆයිල් එකට දාලා තියෙන්නෙත් එයාගෙම පින්තූරයක්. දවසකට ඒවායේ මොනාම හරි පොටෝ කෑල්ලක් අලවලා අමුතු ලල් එකක් ගන්න ෆෑන් ගර්ල් හරි ආසයි.

ෆෑන් ගර්ල් කෙනෙක්ගේ ක්‍රියාකලාපයෙන් කාටවත් හානියක් නෑ. ඒ නිසා එහෙම කෙනෙක් දිහා පිස්සු ගෑණියෙක් වගේ බැලීමෙන් වළකින්න.

 
Cover Image Source – mlp.wikia.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *