ගෙදර දොරේ ඉලෙක්ට්‍රික් වැඩ වලදී ආරක්ෂා වෙන්න මේ දේවල් කරලා බලමුද?

electrical maintenance tips you must know

ෆෑන් එක කරකවාගන්න, ටීවි එක බලන්න, රේඩියෝ එක අහන්න, පරිගණකය ඔන් කරගන්න අපිට විදුලිය ඕනා වෙනවා. අනෙක් ශක්ති ප්‍රභවයන් එක්ක ගත්තාම විදුලිය තැනකින් තැනකට ගෙනයෑම පහසුයි. ඒ වගේම විදුලිය කියන අරුම පුදුම බලශක්ති ප්‍රභවය තුළින් විවිධාකාර වැඩරාජකාරි අටෝරාශියක් පහසුවෙන්ම කරගන්නටත් අපිට හැකියාව ලැබිලා තියෙනවා. ඒත් කොච්චර වැදගත් වුනත් විදුලිය කියන්නේ පරෙස්සමෙන් පාවිච්චි කරන්න ඕනා දෙයක්. විදුලි සැර වැදීම මගින් කෙලින්ම පුද්ගලයින්ට හානි වෙනවා. ඒ වගේම ලංකාවේ පමණක් නොව ලෝකයේම නිවෙස් සහ කර්මාන්ත ශාලා ආදියේ ඇතිවන ගිනි වලට විදුලි කාන්දු, අක්‍රමවත් විදුලි සැපයුම් ආදිය හේතු වෙනවා. ඒ නිසා අපේ ගෙදරදි අපි කොහොමද විදුලියෙන් ආරක්ෂා වෙන්නේ? අපි ඒ ගැන සොයා බලමු.

 

1. ප්‍රධාන ස්විච් එක ඕෆ් කරලා ඕනි දෙයක්

electrical maintenance tips you must know

Source – howtospecialist.com

ගෙදර ඉලෙක්ට්‍රිකල් සම්බන්ධ ඕනෑම තැනකට කරන්ට් එක එන්නේ මේන් ස්විච් එක හරහා. ඒක එහෙම නොවෙනවා නම් ඒ වයරින් එක නැවත ඒ විදියට හදාගන්නට ඕනා. මොකද ගෙදරක විදුලි මීටරයෙන් පස්සේ ඊළඟට ගෙදර දිහාවේ සවිවෙන ප්‍රධාන උපකරණය තමයි මේන් ස්විච් එක. සමහර අය ගෙදර වැඩක් කරද්දි ලේසියට ට්‍රිප් එක ඕෆ් කරනවා. ඒත් නියම තාක්ෂණය අනුව නම් ට්‍රිප් එක නෙමෙයි ඕෆ් කරන්න ඕනි මේන් එක.

 

2. බල්බ් එකෙන් ප්ලග් එකකට කරන්ට් ගැනීම අසුබයි

electrical maintenance tips you must know

Source – bsclarified.wordpress.com

ගෙදර මොකක් හරි හේතුවක් නිසා ප්ලග් පොයින්ට් එකක් වැඩ කරන්නේ නැතිනම්, එහෙමත් නැත්නම් වෙනත් තැනක යම් යන්ත්‍රයක් පාවිච්චි කරනවා නම්, අපි ඇතැමෙක් හුරුවෙලා ඉන්නවා ගෙදර බල්බ් එකකට හෝල්ඩරයක් ගහලා ඒ හරහා කරන්ට් එක ගන්න. ඒත් ඒක හරිම අනතුරුදායක වැඩක්. බල්බ් එකක් වයරින් කරන්නේ ඇම්පියර් 5ක පමණ ධාරාවක් ලබාගන්න. එතනින් එහා බ්ලෙන්ඩ්ර්, ෆෑන්, මැෂින් සවි කරලා ඒවා බලගන්වන්න බල්බයකට ලැබෙන ධාරාව මදි වෙන්න පුලුවන්. ඒ නිසා තවත් තැනකට යම් සැපයුමක් දෙනවා නම් ඒක බිත්තියේ තිබෙන ප්ලග් එකක් හරහාම ලබාදීම වඩාත් සුදුසුයි. එසේ නොමැතිව වයර් හරහා ලොකු ධාරාවක් ගියොත්, වයර් උණුවෙලා වැක්කෙරිලා ලොකු අනතුරු වෙන්න ඉඩ තියෙනවා.

 

3. එලියට වයර් අදිනවා නම් වතුර ගැන පරෙස්සමෙන්

electrical maintenance tips you must know

Source – pinterest.com

වෙසක් එකට හෝ නත්තලට ගෙදර වටේ සරසන එක අපේ පුරුද්දක්. ඒ වෙලාවට ඉතිං බල්බ් එකක් දාගන්න, බල්බ් වැලක් දාගන්න අපි වයර් කෑලි දෙකක් සම්බන්ධ කරගනිද්දි ඒ ගැන එතරම් ලොකුවට හිතන්නෙ නැහැ. ඒත් හරියට ආවරණය නොවුන ඒ වගේ තැන් පින්න නිසා හෝ වැස්සට අහුවෙලා තෙමුනොත් ඇතිවෙන්නේ ලොකු අනතුරක්. ඒ නිසා එලියට, ගහට වයර් අදින සෑම වෙලාවකම ඒ වයර් වල පිරිද්දුම් හොඳට ඉන්සියුලේශන් හෙවත් ආවරණය කරන්නට සිහි තබාගන්නට ඕනා. ඒ සඳහා හොඳ ඉන්සියුලේශන් ටේප් එකක් ඔබේ ගෙදර මේන්ටේනන්ස් පෙට්ටියේ නිතරම ළඟ තබාගත යුතුයි.

 

4. නිවසේ ට්‍රිප් එක පරීක්ෂා කර බලන්න

electrical maintenance tips you must know

Source – youtube.com

නිවසේ තිබෙන ට්‍රිප් ස්විච් සහ ෆියුස් දැන් එන්නේ ගොඩක් වෙලාවට මිනියේචර් සර්කිට් බ්‍රේකර් නැතිනම් කුඩා පැන්නුම් ස්විච විදියට. මේ ට්‍රිප් එක චෙක් කරගන්න කුඩා බොත්තමක් ඒ ට්‍රිප් ස්විච් එකේම පිහිටලා තියෙනවා. යම් ඉලෙක්ට්‍රිකල් වැඩක් කරන්න කලින් ගෙදර ට්‍රිප් එක හරියට වැඩ කරනවාද කියලා බලන්න ඒ බොත්තම ඔබන එකත් හොඳ පුරුද්දක්. ට්‍රිප් එක කියන්නේ වැඩිපුර ධාරාවක් ඒ හරහා ගමන් කරද්දි අපේ නිවසේ සර්කිට් එක ඕෆ් කරලා, අපේ නිවසේ බඩු රැකදෙන උපාංගය. එය නිවැරදිව වැඩකරනවාදැයි මාසයකට වතාවක්වත් බලන්න හැකිනම් එය නිවසේ ආරක්ෂාවට ගොඩක් හොඳයි.

 

5. ටිකක් කොලිටි බඩු ගනිමුද?

electrical maintenance tips you must know

Source – furnitureplustt.com

පාරේ වෙළඳපොලේ යනවිට දැන් එක එක ජාතියේ බල්බ, හෝල්ඩර්, ප්ලග් ටොප් ආදිය අපිට හමුවෙනවා. ඇත්තටම පේමන්ට් එකේ තියෙන සමහර මල්ටි අරගෙන සතියයි දෙකයි, ඉන් පසු ඒවායේ සිදුරු පළල්වෙලා නැවත පාවිච්චි කරන්නට බැරි වෙනවා. ඒ වගේම විදුලි බල්බ ආදියත් මුල් දවස් වලට පස්සේ ඒ බල්බයේ එලිය ක්‍රමයෙන් අඩුවෙන ඒවා තියෙනවා. එක් පැත්තකින් සුලු මුදලක් වැඩියෙන් වියදම් වුනත් නිවසේ පාවිච්චි කරන සෑම විදුලි උපකරණයක්ම, සෑම උපාංගයක්ම යම් උසස් තත්ත්වයක ඒවා මිලදී ගැනීම විදුලි අනතුරු අඩුකරගන්න හොඳ ක්‍රමයක්. ඒ වගේම නවීන රූපවාහිනී ගෘහ උපකරණ , කුස්සියේ පාවිච්චි කරන විදුලි උපකරණ ආදිය මිලදී ගන්නා විට තරමක් හොඳ තත්ත්වයේ ඒවා ගතහොත් අපිට එන විදුලි බිලත් ඒ හරහා යම් තරමකට අඩු කරගන්නට හැකියාව තියෙනවා.

 

6. සත්ව උවදුරු දුරු කරගමු

electrical maintenance tips you must know

Source – forums.anandtech.com

බොහෝ නිවෙස්වල විදුලි කම්බි යන බට ඇතුළේ සහ ප්ලග් පොයින්ට් ස්විච් ඇතුළේ යහමින් ඝනාවාස ඇතිකරගනිමින් කූඹින් වේයන් ගොස් පදිංචි වෙනවා. ලස්සනට හුරුබුහුටි ප්ලාස්ටික් ලෝහ කෑලි තියෙන ප්ලග් එකක ඇතුළ කූඹියා දකින්නේ ඌට පස් ගොඩක් ගහලා හොඳ ගුහාවක් හදන්න කියාපු තැනක් විදියට. ප්ලග් ආදිය සවිකරන විට ඇතුළත පැත්තට සැර අඩු කෘමිනාශකයක් පාවිච්චි කරන්න පුලුවන් නම් මේ උවදුර ටිකක් පාලනය කරගන්න හැකි වෙනවා. ඒ වගේම එවැනි ස්විච හෝ ප්ලග් සිරවෙන මුල් අවස්ථාවේදීම ඒවා ගලවා නඩත්තු කරගෙන, ශෝට් වීමේ අවදානම් අඩුකරගන්නත් කටයුතු කරන්නට වෙනවා.

 

7. අකුණු අනතුරු

electrical maintenance tips you must know

Source – bahatigroup.com

අකුණක් නිවසට යාබද කුමන තැනකට වැදුනත් නිවසේ විදුලි පරිපථයට ඒ ආරෝපණය ඇතුල්වෙලා, ඒ හරහා ඔබගේ නිවසේ සම්බන්ධකර ඇති බඩු භාණ්ඩ ආදිය පුලුස්සා යන්න හැකියි. ට්‍රිප් ස්විච් එකක් තිබුනත් ප්‍රධාන විදුලි සැපයුම හරහා වෝල්ට් දස දහස් ගණනක් තරම් විශාල ගාණක් සූ ගාලා එද්දි අපේ ට්‍රිප් ස්විච්, මේන් ස්විච් එක හරහා ඒ ස්ඵන්දයට පාස් වීම සුළු දෙයක් . අසල ගහකට වැදුනත් ඒ විශාල පරාසයක පැතිරෙන ආරෝපණ ඔබේ නිවසේ විදුලි පරිපථයටත් යම් බලපෑමක් කරන්නට හැකියි. එම නිසා අකුණු අනතුරු දැඩිව තියන අවස්ථාවක් නම්, සියලුම විදුලියට සම්බන්ධ උපාංග ප්ලග් වලින් ගලවා තැබීම තුළින් නිවසේ බඩු භාණ්ඩ ආරක්ෂා කරගන්න පුලුවන් වෙනවා.

 

8. වැඩ කරද්දි පරිවරණය කරගමු

බල්බ් එකක් මාරුකරද්දි සහ කූඹි ගිය ස්විච් එකක් සුද්ද කරන අවස්ථාවකදි ඒ අදාළ ස්විච් එක වහලා වුනත් ඒ හරහා කරන්ට් එක එන්න අවදානමක් තියෙනවා. ඒ නිසා බල්බ් එකක් මාරු කරන අවස්ථාවේදී කරන්ට් එක සිරුර හරහා යෑම වළක්වන්න සෙරෙප්පු දෙකක්, රබර් පාපිස්සක් පාවිච්චි කළ යුතුයි. ඒ පාපිස්ස හෝ සෙරෙප්පු දෙක පාවිච්චි කරද්දි ඒ දෙක වියලිව තිබෙන්නත් ඕනා. එහෙම නැතුව වතුර ගෑවිලා තියේ නම්, වතුර කියන්නේ සන්නායකයක් නිසා ඒ හරහා ධාරාව ගමන් කිරීමේ අවදානමක් තියෙනවා.

නිවසක් වයරින් කරද්දි ඒ සඳහා හොඳ දක්ෂ සුදුසුකම් ලත් තාක්ෂණ ශිල්පියෙක්ගේ උදව්ව ලබාගන්නට අපි කටයුතු කරන්නට ඕනා. ඒ වගේම විදුලිය කියන්නේ අපිට වැදගත් දෙයක් වුනත් ඒ සමග ගනුදෙනු කරද්දි මාධ්‍යයේ හැටි දැනගෙන අනතුර ගැන අවධානයෙන් කටයුතු කිරීමත් වැදගත්. විදුලි බලය සම්බන්ධව කටයුතු කරන්නේ පිරිමි අය වුනත් මේ ආරක්ෂිත උපක්‍රම ආදිය ගැන ටිකක් දැනුවත් වෙලා තමුන්ගේ සැමියා අනාරක්ෂිතව එවැනි විදුලි වැඩක් කරනවා නම් ඔහු දැනුවත් කර, ඔහුව අනතුරින් ගලවා ගැනීම නිවසේ සිටින කාන්තාවන්ගේද යුතුකමක් වෙනවා.

 
Cover Image Source – swflelectric.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *