එදිනෙදා ජීවිතය

කුඩා දරුවන් සඳහා කළ හැකි බුද්ධි වර්ධන ක්‍රියාකාරකම් රැසක් මෙන්න

දැන් කාලේ අම්මලා තමන්ගේ දරුවන්ගේ බුද්ධි වර්ධනය ගැන ගොඩක් උනන්දු වෙනවා වගේම ඒ දේවල් ගැන අන්තර්ජාලය, පොත් පත් සහ දැනුම ලැබෙන විවිධ ක්‍රම හරහා විස්තර හොයා බලනවා. ඒ වගේ බුද්ධිමත් අම්මලා වෙනුවෙන් තමයි මේ ලිපිය සැකසෙන්නේ. දරුවෙකුගේ ජීවිතයේ පළමු අවුරුදු තුන හැඳින්වෙන්නේ “ස්වර්ණමය තෙවසර” කියලා. ඒ ස්වර්ණමය තෙවසරෙදි දරුවෙකුගේ මොළයෙන් 80%ක්ම වර්ධනය වෙනවා. කෙටියෙන්ම කීවොත් මුල් අවුරුදු තුන ඇතුළතදි දරුවා අත්විඳින සහ ලබා ගන්න දේවල් එයාගේ මුළු ජීවිත කාලයටම බලපානවා සහ ඔවුන් ඉතිරි ජීවිත කාලය තුළදී ක්‍රියාකරන ආකාරයට ගොඩක් අදාළ වෙනවා. ඇත්තටම මේ බුද්ධි වර්ධන ක්‍රියාකාරකම් පිළිබඳව මහ ලොකුවට කරදර වෙන්න උවමනා නෑ. එදිනෙදා ජීවිතයේ දරුවා එක්ක කරන සාමාන්‍ය ක්‍රියාකාරකම් වලින්ම මේ කාර්‍යය ඉටු කරගන්න පුළුවන්. ඒ කියන්නේ දරුවා කන බොන, නිදාගන්න, නාන, ඇවිදින්න යන වෙලාවල් මේකට පාවිච්චි කරන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ දෙමව්පියන් ඉතාමත් ආදරයෙන්, ඉවසීමෙන් සහ ආරක්ෂාකාරීව මේ දේවල් කරන එක විතරයි.

 

1. ගැටළු විසඳීමේ හැකියාව

Source – projects-abroad.ca

කරුණු විමසා බැලීම, ඉවසීම, ඉලක්කයක් හඹා යෑම සහ නිවැරදි විසඳුමකට එලඹීම කියන හැකියාවන් මෙමගින් වර්ධනය වෙනවා.

  • බිල්ඩින් බ්ලොක්ස්
    බිල්ඩින් බ්ලොක්ස් ටිකක් අරන් කෑලි 2-3 බැගින් යොදාගෙන දරුවට පේන්න ඒවා සෙට් කරන්න. බබාටත් ඒ විදියට හදන්න කියලා කියන්න. රටාව ක්‍රමක්‍රමයෙන් සංකීර්ණ කරන්න.
  • විවිධ ප්‍රමාණයේ භාජන
    විවිධ ප්‍රමාණයන්ගෙන් ප්ලාස්ටික් භාජන, කාඩ්බෝඩ් පෙට්ටි හෝ කෝප්ප කීපයක් අරගෙන, ඒවා එකක් ඇතුළට එකක් පිළිවෙලට දමා පෙන්වන්න. බබාටත් කරන්න ඉඩ දෙන්න.
  • පින්තූර කාඩ්
    එකකින් දෙක බැගින් පින්තූර කාර්ඩ් යුගළ කීපයක් සාදා ගන්න. සෑම යුගළයකින්ම එක බැගින් පේළියට අතුරන්න. අනිත් කාර්ඩ්වලින් එක ගාණේ බබාට දෙමින් ඒකට සමාන අනෙක් පින්තූරය පෙන්නන්න කියන්න.

 

2. සිතීමේ හැකියාව

Source – youtube.com

දරුවෙකු සිතීමට පටන්ගත් විට අලුත් ස්නායු සැදීම හෝ පවතින ඒවා ශක්තිමත්වීම සිදුවෙනවා. පහත සඳහන් ක්‍රියාකාරකම් හරහා බබාගේ තර්කන හැකියාව සහ වෙනස්කම් සිදු කිරීමේ හැකියාව වර්ධනය වෙනවා.

  • හැඩතල
    පාට කොළ ඇලවූ ඝන කඩදාසිවලින් හැඩතල කපාගන්න. වෙනත් කාර්ඩ්බෝර්ඩ් එකක ඊට සමාන හැඩතල ඇඳගන්න. කපාගත්ත හැඩතල ගැළපෙන තැන්වලින් තියන්න කියලා බබාට කියන්න.
  • ගැළපීම්
    ලොකු පින්තූරයක් කෑලි 4කට කපන්න. බබාට ඒ කෑලි ගැළපෙන විදියට සෙට් කරන්න දෙන්න.
  • ප්‍රමාණයන්
    පින්තූර හෝ නිවසේ භාවිතා කරන භාණ්ඩ භාවිතා කරමින් ලොකු, කුඩා, උස, කොට වගේ විරුද්ධ පද හඳුන්වලා දෙන්න.
  • මතකය පිරික්සීම්
    වතාවක් කියලා දුන්න කතන්දර නැවතත් කියලා දෙන්න. එහෙම කියලා දෙනකොට බබාගෙන් අහන්න ඊළඟට වුන දේ මතකද කියලා. එහෙම නැත්තන් පින්තූර කාර්ඩ් හදාගන්න. එක කතාවකට කාර්ඩ් තුනක් විතර ඇති. කාර්ඩ් එක පෙන්නලා බබාගෙනුත් අහන ගමන් අම්ම/තාත්තා කතාවක් ගොඩනගල කියලා දෙන්න.

 

3. අවධානය යොමු කිරීමේ හැකියාව

Source – messforless.net

අවධානය යොමු කිරීමේ හැකියාව හැම කාර්‍යයකම සාර්ථකත්වයට බලපානවා. විශේෂයෙන් ගැටළු විසඳීමට.

  • සෙ‌ලෝටේප්
    ෆ්‍රිජ් එකක් වගෙ සමතල පසුබිමක සෙලෝටේප්, ගම්ටේප් වගේ දෙයක් එකක් උඩින් එකක් විවිධ පැතිවලට අලවන්න. දැන් බබාට කියන්න එකින් එක පිළිවෙලට ගලවන්න කියලා.
  • බිල්ඩින්ග් බ්ලොක්ස්
    බිල්ඩින්ග් බ්ලොක්ස් හෝ වෙනත් සුදුසු දේවල් කීපයක් අරන් තමන්ට පුළුවන් තරම් උසට එකක් උඩින් එකක් වැටෙන්නේ නැතිවෙන්න තියන්න කියලා බබාට කියන්න.
  • කාසි
    විවිධ වර්ගයන්ගෙන් කාසි කිහිපයක් ගන්න. බබාට හොඳට පේන විදියට කාසි 3-4ක් කැමති පිළිවෙළකට තියන්න. දැන් ඒ කාසි ටික අතින් වහලා ඒ පිළිවෙලටම කාසි තියන්න කියලා බබාට කියන්න.

 

4. භාෂා හැකියාව

Source – childrensbooksandmusic.com

බබා එක්ක නිතරම කතා කරනකොට භාෂා හැකියාව වර්ධනය වෙනවා. වචන වැඩිපුර ඉගෙනීමට, නිවැරදි ව්‍යාකරණ රටාව හඳුනාගැනීමට සහ භාෂාව හොඳට තේරුම් ගන්න ඒක උදවු වෙනවා.

  • පින්තූර කතා
    විශාල පින්තූර සහිත කතා පොත් අරන් ඒවා බබාට කියලා දෙන්න.
  • ශරීර අවයව
    කණ්ණාඩිය ඉස්සරහට ගිහින් මූණ, අත, කට, නාසය වගේ ශරීර අවයව හඳුන්වලා දෙන්න. ඒකට සිංදු පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ දේ පුරුදු කරවීම හදිස්සි අවස්ථාවක බබාට අසනීපයක් දැනුනත් දෙමවුපියන් දැනුවත් කරන්නට පහසුවක් වෙනවා. උදාහරණයකට – බඩ රිදෙනවා, කට තුවාල වෙලා
  • බබාගේ පින්තූර
    බබාගේ පින්තූර ටිකක් අරන් පිළිවෙලට පොතක අලවන්න. ඒ පින්තූර ගැන බබා එක්ක කතා කරන්න.

 

5. නිර්මාණශීලිත්වය සහ පරිකල්පන හැකියාව

Source – escapemarketing.net/client-zone

මේ හරහා ඇතිවන ගැටලු විසඳීමේ, නව අදහස් හා සිතිවිලි ගොඩනැගීමේ හැකියාව දරුවාගේ මොළය වර්ධනය වීමට වැදගත් වෙනවා.

  • මුහුදු වැල්ලේ
    බබාව මුහුදු වෙරළකට අරන් යන්න. හැඳි, භාජන එහෙම දීලා මුහුදු වැල්ලෙන් නිර්මාණයන් කරන්න ඉඩ දෙන්න.
  • පාට කිරීම
    ඝනකම් කඩදාසි සහ සායම් වර්ග බබාට දෙන්න. ඒවාගෙන් කැමති විදියට බෝර්ඩ් එක පාට කරන්න ඉඩ දෙන්න.
  • මැටිවලින් හැඩ
    ක්ලේ හෝ පදම් කළ මැටි බබාට දෙන්න. ඒවාගෙන් හැඩතල, සත්තු හදන්න ඉඩ දෙන්න. අවශ්‍යනම් පාන්පිටි ඇසුරෙන් ගෙදරදීම දරුවාට කැවුනත් ප්‍රශ්නයක් නැති ක්ලේ, වර්ණක යොදා හදාගන්න පුළුවන්.
  • චරිතවලට අනුගතව
    කතා පොත් අරගෙන එක් එක් චරිතවලට අදාළව කටහඬ වෙනස් කරමින් පොත කියලා දෙන්න. පොතේ තියෙන දේවල් සැබෑ ලෙසම බබා ඉස්සරහ මවා පෙන්වන්න උත්සාහ කරන්න.

 

6. මානසික සංවර්ධනය

Source – thebetterindia.com

ආදරය දරුවෙකුගේ ජීවිතයට වඩාත්ම අවශ්‍යම දේ විදියට හඳුන්වන්න පුළුවන්. ආදරය, සෙනෙහස, ආරක්ෂාව සහ අවධානය වඩා හොඳින් ලැබෙනකොට තමයි දරුවෙකුගේ අනෙකුත් හැකියාවන් පවා වර්ධනය වෙන්නේත්.

  • සෙනෙහසින්
    ආදරෙන් බබාව තුරුල් කරගෙන කතාකරන්න. තාලයට සින්දු කියන්න. ඉඹින්න.
  • හැංගිමුත්තෝ
    හැංගිමුත්තෝ සෙල්ලම කරන්න. බබාට හොයාගන්න ලේසි තැන්වල හැංගිලා බබාට කතා කරන්න. බබා අම්මා තාත්තව හොයාගත්තම හයියෙන් හිනාවෙමින්, තුරුල් කරගෙන ඉඹින්න. බබාගේ ජයග්‍රහණයේ සතුට විඳින්න.

 

7. මතක ශක්තිය

Source – thebetterindia.com

  • සතුන්ගේ ශබ්ද
    සත්තු කීපදෙනෙක්ගෙ පින්තූර අරන් එකින් එක බබාට පෙන්නමින් ඒ ඒ සතා කෑගහන විදිය කියා දෙන්න. පසුව පින්තූරය බැගින් පෙන්නා අදාළ සතා කෑගහන විදිය බබාගෙන් අහන්න.
  • සඟවා සෙවීම
    පෙට්ටි කීපයක් අරන් පැහැදිලිව වෙන් කර අඳුරගන්න පුළුවන් විදියට ඒවගේ පාට කොළ අළවන්න. බබාට පෙන්නමින් ඔහු දන්න දෙයක් හෝ කෙනෙකුගේ පින්තූරය බැගින් එක් එක් පෙට්ටියට දාන්න. එක් එක් පින්තූරයේ නම කියමින් ඒ පින්තූරය දැමූ පෙට්ටිය පෙන්නන්න කියලා බබාට කියන්න.

 

8. ගණිත හැකියාව

Source – youtube.com

තර්කන හැකියාව, ගැටලු විසඳීමේ හැකියාව, පහසුවෙන් නිවැරදි නිගමනවලට එළඹීමේ හැකියාව මේ හරහා වර්ධනය වෙනවා.

  • බොත්තම්
    පාට කිහිපයක සහ හැඩ කිහිපයක බොත්තම් අරන් බබාට ඒවා පාට හෝ හැඩය අනුව වර්ග කරන්න දෙන්න.
  • හැඩතල හඳුන්වාදීම්
    කොළයක හැඩතල කිහිපයක් ඇඳලා බබාට ඒවා පාටකරන්න කියන්න. පාට කරන ගමන් ඒ හැඩතල හඳුන්වලා දෙන්න.
  • කවි සින්දු
    කවි, සින්දු මගින් ගණන් කරන්න කියලා දෙන්න. බබාව නාවන වෙලාව මීට කදිමයි.

 

අවසාන වශයෙන්, විශේෂයෙන්ම –

බබා නිදිමතේ, බඩගින්නේ හෝ වෙනත් අපහසුතාවයකින් ඉන්න වෙලාවල් මේ ක්‍රියාකාරකම් සඳහා තෝරා නොගැනීම, ක්‍රියාකාරකම නිවැරදිව කළාම බබාව ඇගයීම, නිවැරදිව කළේ නැත්තන් ඉතාමත් ආදරයෙන් නිවැරදි කරවීම කියන කරුණු ගැනත් මව්පියන්ගේ අවධානය යොමු කළොත් මේ වැඩේ අතිශයින්ම සාර්ථක වේවි.

Cover Image Source – whitehouseconsulting.co.uk

admin

Share
Published by
admin

Recent Posts

සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ කාරණා ඔබ දැනගෙන හිටියාද?

සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ දවස් වල සෑහෙන කතාබහක් ඇතිවෙලා තියනවානේ. ඒ කතා බහ පටන්…

7 months ago

දරුවන් හදන කොට දෙමව්පියෝ කරන වැරදි, හැබැයි සමාජයේ ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේවා තමයි දෙමාපියන්ගේ ආදරය කියලා!

දරුවන් හදනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. දෙන්නෙක් කසාද බැඳලා සෙක්ස් කිරීම පමණක්, ඒ සෙක්ස් කිරීමේදී…

7 months ago

කොල්ලගේ අම්මා එක්ක මෙන්න මේ දේවල් කවදාවත් කරන්න යන්න එපා!

මේ ආටිකල් එක අපි ලියන්නේ ගෑනු ළමයින් වෙනුවෙන්මයි. දැන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම ඉන්න ගෑණු ළමයෙක්…

8 months ago

ශිෂ්‍යයෙක් විදිහට ඔබගේ අනාගත වෘත්තීය ක්ෂේත්‍රය තෝරා ගන්නේ මෙහෙමයි!

දැන් පුංචි කාලේ අපෙන් කවුරුහරි ඇහුවොත් ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියලා, අපිට කියන්න ගොඩක්…

8 months ago

ජීවිතේ උවමනාවට වඩා ඕනෑම නැති දේවල් කිහිපයක් – 2 කොටස

"ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඕනෑම නැත" කියල කතාවක් තියෙනවනේ. ඕකම තමයි සුද්දා කියලා තියෙන්නේ "ටූ…

8 months ago

ඇමෙරිකානුවන් සඳ මත පා තැබීම බොරුවක්ද? ඒක බොරුවක් නෙවෙයි කියන්න සාධක මෙන්න

ඇත්තටම මිනිස්සු හඳට ගියාද? ඔය ප්‍රශ්නේ, ලෝකෙ පුරා ඉන්න ගොඩක් අය අහන දෙයක්. එහෙම අහන්න…

8 months ago