ෆේස්බුක් හැරුණුකොට ලොව ජනප්‍රියම සමාජ ජාල 7ක්

Popular social medias except facebook

අද කාලේ වෙද්දී ලෝකෙ තමන්ගෙ අතට අරගෙන තියෙන්නෙ සමාජ ජාලා වෙබ් අඩවි කියලා කිවුවොත් ඔබ නොපිලිගන්න එකක් නෑ. ආණ්ඩු මාරු වලදී පෙරමුණ ගැනීම, රජයේ ප්‍රතිපත්ති විවේචනය කිරීම වගේ සුවිසල් කාරණා වල ඉඳන් තමන්ගේ හිතේ තියෙන පොඩි කවි කෑල්ලක් සමාජගත කිරීම වගේ ක්ෂණික කාරණා දක්වාම මේ සමාජ ජාලා වල පරාසය පැතිරෙනවා.

 

මොනවද මේ සමාජ ජාල කියන්නේ..?

සමාජ ජාල කියන්නේ සමාජය විසින් හසුරුවන ජාලයක්. උදාහරණයක් විදිහට මෙහෙම කියමුකෝ. ඔබට වෙබ් අඩවියක් තියෙනවා. ඒකෙ තොරතුරු යාවත්කාලීන කරන්නේ ඔබමයි. හැබැයි සමාජ ජාලයකදී ඒ වෙබ් අඩවිය හසුරුවන්නේ ඒ වෙබ් අඩවි සමාජයට එක් වී සිටින සාමාජිකයින් විසින්. මේ සමාජ ජාල ක්‍රමය යටතේ සියලු දෙනාම මාධ්‍යවේදීන් බවට පත් වෙනවා. ඕනම කෙනෙක්ගෙ නරක හෝ හොඳ අදහසක් මේ මාධ්‍ය හරහා ප්‍රචලිත කරන්නට ගත වෙන්නේ ඉතා අඩු කාලයක්.

ඉතින් අපි අද මේ කියන්න යන්නේ ලෝකයේ ප්‍රසිද්ධ සමාජ ජාලා හතක් ගැනයි. හැබැයි අපි මේ ලැයිස්තුවේදි ඔබ කවුරුත් දන්න ෆේස්බුක් අත අරිනවා. ඒක ඉතින් කවුරුත් දන්න එක නොවැ.

 

1. ට්විටර් (Twitter)

Popular social medias except facebook

Source – flickriver.com

ට්විටර් පටන් ගන්නේ 2006 අවුරුද්දෙයි. ජැක් ඩෝසි, නෝආ ග්ලාස්, බිස් ස්ටෝන් සහ එවන් විලියම්ස් යන අය ට්විටර් හි ආරම්භක සාමාජිකයින් විදිහට හැඳින්වෙනවා. ට්විටර් කියන්නේ ප්‍රවෘත්ති හුවමාරුව මූලික කරගෙන හදපු සමාජ ජාලයක් කියලයි කියවෙන්නේ. ට්විටර් එකේ අපි පළ කරන දේවල් Tweets කියලයි හඳුන්වන්නේ. මේ වෙනකොට ට්විටර් එක්ක මිලියන 335ක් වුණු සක්‍රීය සාමාජිකයෝ පිරිසක් ඉන්නවා.

 

2. ලින්ක්ඩ්ඉන් (LinkedIn)

Popular social medias except facebook

Source – fromthehipphoto.com

ෆේස්බුක්, ට්විටර් මොකුත් නැති කාලේ ආපු සමාජ ජාලයක් තමයි ලින්ක්ඩ් ඉන් කියන්නේ. හරියටම අවුරුද්ද කිවුවොත් 2002 අවුරුද්දෙයි ලින්ක්ඩ් ඉන් ලෝකයට කල එළි බහින්නේ. රීඩ් හොෆ්මන්, ඇලන් බ්ලූ, කොන්ස්ටන්ටීන් ගැරික් සහ එරික් ලයි තමයි මෙහි ආරම්භකයන්. දැන් වෙනකොට මේක වෘත්තිමය පැත්තේ පිරිස් බොහෝ ලෙස භාවිත කරන සමාජ ජාලයක් බවට පත්වෙලා තියෙනවා. මිලියන 562ක සක්‍රීය සාමාජිකයන් පිරිසක් ඉන්න මේ වෙබ් අඩවිය ඇලෙක්සා අන්තර්ජාල ශ්‍රේණිගතකිරීම් වලදී ලෝකයේ 32 වැනියට ජනප්‍රිය වෙබ් අඩවිය ලෙස මේ වන විට වැජඹෙනවා.

 

3. ගූග්ල් ප්ලස් (Google+)

Popular social medias except facebook

Source – nddesign.ca

ෆේස්බුක් සහ ට්විටර් කියන සමාජ ජාලා ජනප්‍රියත්වයේ ඉහළ තලයේ තිබුණු කාලෙක ගූග්ල් සමාගමටත් හිතෙනවා සමාජ ජාලා වෙබ් අඩවියක් ආරම්භ කරන්න. ඒ සිතුවිල්ලත් එක්ක 2011 අවුරුද්දෙ ගූග්ල් ප්ලස් හි ආරම්භය සිද්ධ වෙනවා. කල එළි බැහැපු මුල්ම දවස් වල බොහෝ ආකර්ෂණයක් තිබ්බත් ටිකෙන් ටික ගූග්ල් ප්ලස් කෙරෙහි ආකර්ෂණය අඩු වුණා. දැනට ගූග්ල් ප්ලස් හි සක්‍රීය සාමාජිකයෝ ඉන්නේ මිලියන 111යි.

 

4. ඉන්ස්ටග්‍රෑම් (Instagram)

Popular social medias except facebook

Source – clipart.info

මිනිස්සුන්ට අදහස් ප්‍රකාශ කරන්න වේදිකා කිහිපයක් හැදිලා තිබුණත් ෆොටෝ සහ වීඩියෝ පමණක් පළ කරන්න තැනක් හැදිලා තිබුණේ නෑ 2010 අවුරුද්ද වෙද්දි. මෙන්න මේ හිඩැස තේරුම් ගත්තු පුද්ගලයන් දෙදෙනෙක් වන කෙවින් සිස්ට්‍රෝම් සහ මයික් ක්‍රීගර් කියන දෙන්නා ඉන්ස්ටග්‍රෑම් වලට මුල පුරනවා. බිලියනයක් පමණ වන සක්‍රීය සාමාජිකයන් පිරිසක් දැන් වෙනකොට ඉන්ස්ටග්‍රෑම් එක්ක එකතු වෙලා ඉන්නවා.

 

5. ටම්බ්ලර් (Tumblr)

Popular social medias except facebook

Source – 1000logos.net

ටම්බ්ලර් කියන්නේ 2007 අවුරුද්දෙ එලිදැක්වුණු තවත් සමාජ ජාලයක්. ඩේවිඩ් කාර්ප් තමයි මෙහි ආරම්භකයා. මේක සමාජ ජාලයක් වගේම බ්ලොග් අඩවියක් කිවුවොත් හරියටම හරි. බ්ලොග්කරණය ජනතාවට ඉතා සමීප කරන්න මේ හරහා හැකියාව ලැබිලා තියෙනවා. සාමාන්‍යයෙන් මාසෙකට මිලියන 555ක පමණ පිරිසක් වෙබ් අඩවිය පරිශීලනය කරනවා.

 

6. යූටියුබ් (YouTube)

Popular social medias except facebook

Source – 1000logos.net

සමාජ ජාලයක් කියලා හඳුන්වන්නේ නැති වුණාට යූටියුබ් කියන්නෙත් පරිශීලකයන්ට වීඩියෝ පළ කරන්න සහ වීඩියෝ නරඹන්න අවස්ථාව උදා කරල දෙන වෙබ් අඩවියක්. යූටියුබ් අඩවිය ස්ටීවු චෙන්, චැඩ් හර්ලි සහ ජාවෙඩ් කරීම් යන අයගේ එකතුවෙන් 2005දී නිර්මාණය වූවක්. දැනට මිලියන එක්දාස් තුන්සීයක පිරිසක් යූටියුබ් පරිහරණය කරනවා.

 

7. පින්ටරෙස්ට් (Pinterest)

Popular social medias except facebook

Source – 1000logos.net

පින්ටරෙස්ට් කියන්නේ දැනුම ගවේෂණය අරමුණු කරගත්තු සමාජ ජාල වෙබ් අඩවියක්. මේ සයිට් එක ආරම්භ කළේ බෙන් සිබර්මන්, පෝල් ස්කියාරා සහ එවන් ශාප්ගේ මූලිකත්වයෙන්. ඒ 2010 අවුරුද්දෙදියි. දැනට මිලියන 200ක පමණ පරිශීලකයන් පිරිසක් පින්ටරෙස්ට් වෙබ් අඩවියත් එක්ක එක්කහු වෙලා ඉන්නවා.

 
Cover Image Source – publicspendforum.net
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *