මළවුන්ට පින් දෙන එක අපේ සංස්කෘතියේ සාමාන්‍ය අංගයක්. හැබැයි මළවුන් සමරන එක අපිට අලුත් දෙයක්. ලෝකය පුංචි තැනක් නෙවේය කියලා තේරෙන්නේ ලෝකේ පුරා තියෙන සංස්කෘතික විවිධත්වය දැක්කම. ඉතින් ආටෝප නැතුව කිව්වොත් යක්කු එක්ක ඩිස්කෝ නටන මේ උත්සව අතරින් සිත්ගත් ඒවා කීපයක් තමයි මේ.
ඉස්සෙල්ලාම මේ ගැන කතා කරන්න හිතුණේ ළඟදී ඩිස්නි එකෙන් එළි බැහැපු Coco ෆිලුම නිසා. ඒක තනිකරම මේ මළවුන්ගේ දවස කියන උත්සවය මත්තේ තමයි හැදිලා තියෙන්නේ. මේකේ ආරම්භය ඇස්ටෙක් රාජධානිය දක්වා දිවෙනවා. මෙක්සිකානු ජාතිකයන්ට අනුව මළගිය ඇත්තා වෙනුවෙන් හොටු පෙරන් අඬන එක ඒ උත්තමයාට කරන නවනිංගිරාවක්. ඉතින් මේ දවස හරිම සතුටින් එහෙමත් නැත්නම් ෆුල් හැපනින් එකේ ගත කරන්නයි කටයුතු සලසන්නේ. ජීවත්ව හිටපු කාලේ අදාළ පුද්ගලයා ආසාවෙන් කාපු බීපු දේවල්, කරන්න කැමති දේවල් ඒ ඒ පවුල් ආයෙත් මෙදා දවසේ කරළියට ගේනවා. මූණ පුරා ඇටසැකිලි රූප පින්තාරු කරගෙන හරිම වර්ණවත්ව සමරන මේ උත්සවය යෙදිලා තියෙන්නේ නොවැම්බර් පළවෙනිදාටයි. එදාට හැමෝටම නිවාඩු.
මැඩගස්කරයේ එක් ගෝත්‍රික විශේෂයක් විසින් සමරන මේ උත්සවය ජීවත් වුණ, මැරුණ හැමෝටම ආතල් සපයන උත්සවයක්. මෙතනදී වෙන්නේ වළපල්ලට ගිය හාදයාව වළෙන් ගොඩ අරන් ඒ මනුස්සයාව කරේ තියාගෙන වළ වටේ නට නටා යන එකයි සරලවම. මේ උත්සවය වෙන්න නම් නිශ්චිත දවසක් නැහැ. මේ අය අපායයි දිව්‍යලෝක ගැනයි විශ්වාස කරන්නේ නෑ. ඒ අනුව ආයෙත් උත්පත්තිය ඇති වෙනවා කියලා විශ්වාස කරන්නේ අර මළකඳේ අස්ථි දිරාපත් වෙලා යන්න ගියාට පස්සෙයි. මෙතනදීත් මෙක්සිකානු චාරිත්‍රය වගේම මරණය කියන්නේ දුක් වෙන්න ඕනි දෙයක් විදියට ගණන් ගන්නේ නැහැ.
එක නිශ්චිත රටකට සීමා නොවුණ, ලෝකය පුරා රෝමානු කතෝලික සහ ඇන්ග්ලෝ කතෝලික ජනතාව සමරණ මේ දවස් පල්ලිය කේන්ද්‍ර කරගෙන තමයි සිද්ධ වෙන්නේ. මලුයි ඉටිපන්දමුයි අරගෙන සොහොනට ගිහින් ඔවුන් මේ දවස් සමරනවා. මේ දවස් දෙකයි හැලොවීන් දවසයි ඔක්කොම තියෙන්නේ එක ළඟ. හැලොවීන් හැන්දෑවට පස්සේ දවසේ නොවැම්බර් පළවෙනිදා All Saints’ Day යෙදිලා තියෙනවා. ඊටත් පස්සේ දවසේ තමයි All Soul’s Day තියෙන්නේ. එකට එකක් සම්බන්ධයි වගේ පෙනුණාට උත්සව දෙකේ අරමුණු දෙකක් තියෙන්නේ. පළවෙනි දවසේ සාන්තුවරයන් විදියට ජීවත් වීම ගැනත් දෙවෙනි දවසේ ආත්මවලට දේව කරුණාව ලබා දෙන මෙන් දෙවියන්ගෙන් ඉල්ලීමත් සිද්ධ වෙනවා.
අසල්වැසි රටේ පැවැත්වෙන හින්දු ආගමික උත්සවයක් තමයි මේ. මේකෙත් තනිකරම මළගිය ඇත්තන්ට කෑම පුදන එක තමයි වෙන්නේ. මේකත් එක්ක බැඳුණ කතාවක් තියනවා. කර්ණන් කියන රණශූරයාගේ ආත්මය මරණින් පස්සේ දෙව්ලොව ගියාට බඩගින්නට කන්න තිබ්බේ රත්තරන් කුට්ටි විතරයි ලු. පස්සේ හේතු පිරික්සලා බලද්දී එහෙම වෙලා තියෙන්නේ ජීවත්ව ඉන්දැද්දී කවදාවත් මිය ගියපු මුතුන් මිත්තන්ට කිසි දෙයක් පූජා නොකරපු නිසා ලු. මේ උත්සවයේ සංකල්පය අපේ දාන දෙන එකට සමාන වුණාට කරන විදිය වෙනස්. දවස් 16ක් පමණ පුරාවට මේ උත්සවය පැවැත්වෙනවා. තියෙන්නේ සැප්තැම්බර් මාසයේ. දවස් නම් අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවා.
ජපානයේ තියෙන බෞද්ධ සංස්කෘතිය යටතේ අවුරුදු ගාණක් පුරාවට පැවත එන මේ උත්සවයේ අරමුණ මියගිය ඥාතීන් සිහිපත් කරන එක. සිහිපත් කරනවයි කියලා පැත්තකට වෙලා එයාලා ගැන හිත හිත ඉන්නා එක නෙවේ කරන්නේ. මල්වෙඩි, එක එක සෙල්ලම්, විවෘත භෝජන සංග්‍රහ වගේ දේවල් එක්කයි මේ සිහිපත් කිරීම කරන්නේ. දවස් තුනක් පුරාවට පැවැත්වෙන මේ උත්සවයේ දී මියගිය ඥාතීන්ට තමන්ගේ ගෙදරට ආපහු ඇවිත් යන්න කරන ආරාධනාවක් වගේ ඒ ඒ පවුල්වල අය ගෙයි එළිපත්තේ පුංචි ලන්තෑරුම් එල්ලනවා. උත්සවය අවසානයේ ආපහු යන්න ඒ ලන්තෑරුම් ළඟම තියන වතුරකට දානවා.
මේ උත්සවය හා බැඳුණ කතාවක් තියෙනවා. දවසක් මනුස්සයෙක් හීනෙන් දැකලා තියෙනවා තමන්ගේ අම්මාව ප්‍රේත ලෝකයේ හිරකරගෙන ඉන්නවා. මේ බව බුදුහාමුදුරුවන්ට කිව්වම උන්වහන්සේ පැවසුවාලු භික්ෂූන්ට දානයක් දෙන්න. ඒ දුන්නත් හරි අම්මාව ප්‍රේත ලෝකයෙන් නිදහස් කළාලු. ඒ සතුටට මේ පුතා නටලා තියනවා. ඉතින් මේ උත්ස්වයෙත් ‘බොන් ඔදෝරි’ කියලා නටන්නේ ඔය නැටුමම වෙන්ට ඇති.
ජපානයෙන් යන්නේ චීනයට. චීන්නු කොහොමත් පිරිසිදුවට ඉන්න ජාතියක්නේ. ඉතින් මේ උත්සවයේ වෙන ප්‍රධාන ක්‍රියාකාරකම් අතුරින් එකක් තමයි සොහොන අවට ශුද්ධ පවිත්‍ර කරලා මියගිය උත්තමයා ආසම කෑම බීම වගේම සල්ලිත් පූජා කරන එක. අවසානයේ ඒවා පුච්චන්නේ මියගිය පුද්ගලයාට අහේනියක් නොවේවායි කියන පැතුමෙන්. ඒකෙන් පස්සේ යන්නේ වසන්ත කාලයේ මිනිස්සු ෆුල් ජොලියේ කරන දේවල් ගැන බලන්න. මේ කාලෙට ගෙවල් අස්සට වෙලා කවුරුවත් ඉන්නේ නෑ. මේ උත්සවයේ තවත් සුවිශේෂ අවස්ථාවක් තමයි සරුංගල් ඇරිල්ල. උදේ දවල් හවස කියලා භේදයක් නැහැ. හවස් කාලයේ සරුංගල්වලට පුංචි ලන්තෑරුමකුත් හයි කරනවා. මෙතන සාමාන්‍ය සරුංගල් ඇරිල්ලට වඩා විශේෂයක් තියෙනවා. ඒ තමයි සරුංගලේ අරින ගමන් නූල කපන එක. ඒක වාසනාව කැන්දනවා කියලයි විශ්වාස කරන්නේ. අප්‍රේල් මාසයේ මේ උත්සවය සමරන්න දින වැටෙනවා.
හින්දු සංස්කෘතියේ ගවයා කියන්නේ අති පූජනීය වස්තුවක්. ඉතින් මේ උත්සවයේ දී පසුගිය අවුරුද්දේ කවුරුහරි මියගිය අය ඉන්න පවුල් විසින් ගවයෙක් හරි ඒ විදියට අන්දවපු ළමයෙක්ව හරි පෙරහැරකින් එක්කාගෙන යනවා. මෙයාලා විශ්වාස කරනවා මරණෙන් පස්සේ ජීවිතයට මේ සතා උදව් කරාවිය කියලා. මේ උත්සවයේ උත්පත්ති කතාව විදියට සලකන්නේ තමන්ගේ පුත්‍රයා නැතිවීමේ ශෝකයෙන් පෙළෙන තමන්ගේ බිසව සතුටින් තියන්න රජ කෙනෙක් සංවිධානය කරපු උත්සවයකුයි.
මේ දේවල් කියවද්දී මේ මොන අපභ්‍රංශද කියලා අද කාලේ වැඩ්ඩොන්ටනම් හිතෙයි. ඒත් කාටවත් හිරිහැරයක් නැති මේ මිනිස්සුන්ගේ විශ්වාස නිසාම නෙවේද මේ ලෝකේ මේ තරම් විවිධත්වයක් තියෙන්නෙත්?
Cover Image Source – theguardian.com
සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ දවස් වල සෑහෙන කතාබහක් ඇතිවෙලා තියනවානේ. ඒ කතා බහ පටන්…
දරුවන් හදනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. දෙන්නෙක් කසාද බැඳලා සෙක්ස් කිරීම පමණක්, ඒ සෙක්ස් කිරීමේදී…
මේ ආටිකල් එක අපි ලියන්නේ ගෑනු ළමයින් වෙනුවෙන්මයි. දැන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම ඉන්න ගෑණු ළමයෙක්…
දැන් පුංචි කාලේ අපෙන් කවුරුහරි ඇහුවොත් ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියලා, අපිට කියන්න ගොඩක්…
"ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඕනෑම නැත" කියල කතාවක් තියෙනවනේ. ඕකම තමයි සුද්දා කියලා තියෙන්නේ "ටූ…
ඇත්තටම මිනිස්සු හඳට ගියාද? ඔය ප්‍රශ්නේ, ලෝකෙ පුරා ඉන්න ගොඩක් අය අහන දෙයක්. එහෙම අහන්න…