කෙල්ලොන්ගෙ හිතේ කොල්ලා ගැන සැකේ ඇතිවෙන්න හේතු 7ක්

times that a girlfriend doubt her boyfriend

අධික සැකය කියන්නේ සම්බන්ධතාවෙකට කිසිසේත්ම හොඳ දෙයක් නෙමෙයි කියලා අපි ලයිෆියෙන් ඔබව පෙර ලිපි කිහිපයකදිම දැනුවත් කළා. අපි අද මේ ඔබ ළඟට අරන් ආවේ සැකය ගැනම ලියැවුණු ලිපියක්. ඔන්න ඉතින් මේ කියන්න යන්නේ සම්බන්ධයකදී කෙල්ලො කොල්ලන්ව සැක කරන්න පෙළඹෙන අවස්ථා හතක් ගැනයි. නෝනා මහත්තයා සම්බන්ධය ගැනත් අපි අමතක කළේ නෑ ඕං.

 

1. කොයිවෙලෙත් බිසී නම්

times that a girlfriend doubt her boyfriend

Source – depositphotos.com

සමහරක් ගෑණු ළමයි වැඩිය හිතල තීරණයක් ගන්න කැමති නැති සංවේදී අය. පොඩි දෙයක් ඇති එහෙම ගෑණු ළමයින්ගේ හිතේ සැකයක් උපදවන්න. දවසටම දෙවරක් බැගින් සතියක් විතර කොල්ලගේ ෆෝන් එක බිසී වුණොත් හෝ වේටින් වැටුණොත් ඔන්න සැක මාරයා ඔලුවට ආරූඪ වෙනවා ගෑණු ළමයින්ගේ. “මගේ කෝල් තමයි ආන්ස්වර් කරන්න බැරි. ඒ උනාට බැලුවොත් ඇත්නම් කෝල් එකක. කොහේ හරි එකියෙක් අල්ලගෙන ඇති” කියල දෙසන්න ගත්තනම් සැකයේ මූලික අවස්ථාව ඔලුවට ඇවිල්ලා ඒ කියන්නේ. ඕක වැඩි දියුණු වුණොත් අහිතකර ප්‍රතිඵල දෙනවා ඒකාන්තයි.

 

2. නීති රීති පුරුද්දට කැඩෙනවනම්

times that a girlfriend doubt her boyfriend

Source – wikihow.com

කෙල්ලො කොල්ලන්ට ආදරේ හන්දම කොල්ලොන්ට පොඩි පොඩි නීති රීති පනවනවා. එකක් තමයි “ගමනක් යනකොට කියලා යන්න. ගෙදර ආවම කියන්න” කියන නීතිය. ඊට පස්සේ “ඔෆිස් එකෙන් ඕෆ් වුණාම මැසේජ් එකක් දාන්න” කියන නීතිය. මේවගේ පොඩි පොඩි දේවල් දිගින් දිගටම නිසි පරිදි ක්‍රියාත්මක නොවුණොත් ඔන්න සැකය හටගන්නවා. අකුරටම ඒව ඉෂ්ට කරන්න බැරි උනත් පුලුවන් විදිහට හරි මේ දේවල් කරන්න පෙම්වතුන් උත්සාහ කරනවනම් හොඳයි. නැත්නම් ප්‍රශ්න ලෝකෙකට තමයි දොර ඇරෙන්නේ.

 

3. අරකි මේකි එක්ක හුරතල් වෙනවනම්

times that a girlfriend doubt her boyfriend

Source – wordpress.com

කොල්ල ඉන්නේ කෙල්ලො සෙට් එකක් එක්කනම්, එහෙම නැත්නම් කොල්ල එක්ක ඕනවට වැඩිය ඇගෑලුම් පාන කෙල්ලෙක් ඉන්නවනම් අන්න ඒකම ඇති කෙල්ලෙක්ට සැකය උපදින්න. ආදරේ කියන්නේ “පරාර්ථකාමය” කියලා කිවුවට ආදරේ ඇතුළේ “මගේය, මට විතරක්මය” කියන හැඟීම දෝරෙ ගලනවා. මෙහෙම සැක කරන විදිහේ කෙල්ලෙක් ඉන්නවනම්, ඕනවට වැඩිය යාලුවෝ විදිහට කෙල්ලො ආශ්‍රය කරද්දී කොල්ලො තමන්ගේ සීමාවන් තියා ගන්නවනම් හොඳයි.

 

4. වෙනදට දෙනවා… අද නැත්තෙ ඇයි..?

times that a girlfriend doubt her boyfriend

Source – playbuzz.com

වෙනදට කරන දේවල් ළඟකදී ඉඳන් කරන්නැත්නම් අන්න එතනදී ප්‍රශ්නයක් උපදිනවා. “වෙනදට මාසෙකට සැරයක් දුන්න තෑග්ග මේ මාස තුනේම දුන්නෙ නැත්තෙ ඇයි…?, වෙනදට හැමදාම ආදරේද..? කියලා අහනවා… දැන් නැත්තෙ ඇයි..?” වගේ ආතභූත ප්‍රශ්න වලට ඔබට මුහුණ දෙන්න වෙන්නේ මෙන්න මෙහෙම වුණාමයි. මතක ඇතුව මේ වගේ පොඩි පොඩි දේවල් කළානම්, අඩු තරමේ කරන්න බැරි වැඩ හැමදාම කරනවා කියලා කියල නොතිබ්බනම් මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්නෑ මහත්තයෝ.

 

5. කොයිදේත් නුරුස්සනවනම්

times that a girlfriend doubt her boyfriend

Source – kuulpeeps.com

වෙනදට හොඳට හිටපු මනුස්සයා එක පාරට හැමදේම නුරුස්සන විදිහට හැසිරෙනවනම් කෙල්ලට සැකයක් ඇති වෙන එක ගැන අහන්න දෙයක් නෑ. කෑම බීම, ඇඳුම් පැලඳුම්, යන එන තැන් ඉඳලා කෙල්ලගේ එකී මෙකී නොකී හැම දෙයක්ම එක සැරේට නුරුස්සන්න ගන්නවනම් එතන ප්‍රශ්නයක් තියෙන්නම එපාය. “ඔයා මට නොකියන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද..?” කියලයි මුලින්ම මේ වගේ නුරුස්සන කේස් එකක් ආවම ප්‍රශ්න කෙරෙන්නෙ. ඒ වෙලාවට ප්‍රශ්නේ හැංගුවොත් ඉස්සරහට තව තව ප්‍රශ්න වැඩි වෙයි පුතී. ඒ හන්දා ප්‍රශ්න තියේනම් දෙන්න එක්කම කතා කරලා විසඳගන්න එක හොඳයි.

 

6. පරක්කු ලෙඩේ

times that a girlfriend doubt her boyfriend

Source – depositphotos.com

පරක්කුව කියන්නෙ මොන තත්ත්වෙකදී උනත් වැරැද්දක්. අපායට ගියත් වේලපහින් යන්න ඕන කියලා කතාවක් තියෙනවනේ. අන්න ඒ වගේ නොවී එක දිගට දවස් දෙක තුන මීට් වෙන්න පරක්කු වෙනවනම්, ඒ වැරැද්ද හදාගන්නෙත් නැත්නම් ඔන්න ඔබ පෙම්වතියගෙ සැකයට භාජනය වෙන්න ඉඩකඩක් තියෙනවා. විවාහකනම් මේ සැකය දෙතුන් ගුණයකින් වැඩි වෙන්න ඉඩ තියෙනව පුතෝ. ඒ හන්දා පරක්කු වෙනවනම් ගෙදර උන්දැට, පෙම්වතියට කලින්ම කියලා තියන්න.

 

7. එවුව කරද්දි පස්ස ගහනවනම්

times that a girlfriend doubt her boyfriend

Source – theswexperts.com

ඩිස්ටි ඩිඩිං කරද්දී වෙනද තරම් උවමනාවක් මහත්තයට නැත්නම් ඕං නෝනට සැකයක් එනවා නිසැකයෙන්ම. ඔෆිස් එකේ වැඩ හන්ද මහන්සියෙන් ඉන්න පුලුවන්, එහෙම නැත්නම් නිදිමතෙන් ඉන්න පුලුවන්. ඒ කිසිම දෙයක් නෝනට අදාළ වෙන්නෙ නෑ සැක කරද්දී. “හ්ම්… ඒවා මේවා කරන්න දැන් තව කට්ටිය ඇතිනේ” කියලා පොඩි කන් කෙඳිරියකින් පටන් ගන්න සැක කිරිල්ල බරපතල ආරවුල් කරා යන්න පුලුවන්.

මේ හේතු හන්දා සැකය ඇති වෙනවා කියලා කිවුවට කෙල්ලො කවුරුත් ඕනෑවට වඩා වැඩියෙන් සැක කරනවා කියලා කියන්න තරම් අපි අන්තගාමී වෙන්නෙ නෑ. හැබැයි කෙල්ලොන්ගේ හිතේ සැකයක් ඇති නොවෙන විදිහට වැඩ කරන එක කොල්ලොන්ගෙ වැඩක් වගේම ඕනෑවට වඩා සැක නොකරන එක කෙල්ලන්ගේ වැඩක් කියලත් පොඩි නොමිලේ උපදෙසක් දෙන්නනම් අපට පුලුවන්.

 
Cover Image Source – wikihow.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *