රට රටවල මරණ දඬුවම දෙන එක එක විධි

types of death penalties around the world

“මරණ දඬුවම ගේනවද..? නැද්ද..?” කියන එක ගැන අප්‍රමාණව කතා කරන කාලයක, අපේ මේ සූදානම මරණ දඬුවමේ නොදුටු පැත්තක් පිළිබඳව ඔබත් එක්ක තොරතුරු බෙදා හදා ගන්නයි. මරණ දඬුවම කිවුවම ලංකාවේ අපේ හිතේ මැවෙන්නේ “එල්ලා මැරීමේ” දඬුවම් ක්‍රමය. ඒ උනාට ලෝකයේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේදී ඒ සඳහා විවිධ ක්‍රම යොදාගන්නවා. මේ ඒ ක්‍රම ගැනයි කියන්න යන්නේ.

 

1. මාරක එන්නත් ක්‍රමය

types of death penalties around the world

Source – youtube.com

මේකට ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ Lethal Injection කියලයි. මේකෙදී සිද්ධ වෙන්නේ එන්නතක් ශරීරගත කිරීම මගින් ක්ෂණික මරණයක් අත් කරදීම. මේ මාරක එන්නත තුළ අඩංගු රසායනික සංයෝගය ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය නතර කරන්නත්, හදවතේ ක්‍රියාවලිය අක්‍රමවත් කරන්නත් ක්ෂණිකව හේතු වෙනවා. මේ ක්‍රමය මුලින්ම භාවිත වුණේ ඇමරිකාව තුළ. පසු කාලීනව චීනය, තායිලන්තය වැනි රටවලත් මේ ක්‍රමය භාවිත වුණා. ඒ වගේම ස්වකැමැත්තෙන් මිය යාමේ අයිතිය තියෙන රටවල පුද්ගලයන්ට සිය දිවි නසාගැනීම සඳහා ලබා දෙන්නෙත් මේ එන්නතමයි.

 

2. විදුලි පුටුව

types of death penalties around the world

Source – 3dexport.com

විද්‍යුත් කම්පනයක් මගින් මරණයට පත් කිරීම මේ ක්‍රමයේදී සිද්ධ වෙනවා. එහිදී සිද්ධ වෙන්නෙ ප්‍රබල විදුලි ධාරාවක් ශරීරගත කිරීම. ලංකාවෙත් අද ජනප්‍රිය වචනයක් වෙලා තියෙන විදුලි පුටුව මුලින්ම භාවිතයට ගන්නේ 1890 අවුරුද්දෙදී ඇමරිකාවෙදියි. මේ ක්‍රමය යටතේදී පුද්ගලයෙක් ඉතාම අඩු කාලයකින් මිය යන බව කියවෙනවා. ඇමරිකාවේ බොහොමයක් ප්‍රාන්ත වල අදටත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට භාවිත වෙන්නේ මේ ක්‍රමය වීමත් විශේෂත්වයක්.

 

3. මාරක වායුව

types of death penalties around the world

Source – trapchicago.com

හිට්ලර්ගේ පාලන කාලය තුළදී නාසි හමුදාව යුදෙවුවන් සිය ගණන් ගෑස් කාමර වල දාලා එකවර මරපු හැටි ගැන කතන්දර අපි ඕනෑ තරම් අහලා තියෙනවා. ඒ පාලන කාලයෙන් පසුවත්, සමහර රටවල අදටත් මේ මාරක වායු යොදාගෙන එහෙම නැත්නම් ගෑස් කුටීර යොදාගෙන සිද්ධ කරන මරණ දඬුවම දකින්න ලැබෙනවා. රුසියාව, ලිතුවේනියාව උතුරු කොරියාව ඒ රටවල් ලෙස හඳුන්වන්නට පුලුවන්. අවසාන වතාවට මේ ක්‍රමය මගින් මරණ දඬුවමක් දුන්නේ ඇමරිකාවෙදී. ඒ 1999 අවුරුද්දෙදියි. නමුත් ඇමරිකාවේ සමහර ප්‍රාන්ත වල අදටත් මේ ක්‍රමය ද්විතීයික දඬුවම් ක්‍රමයක් ලෙස ක්‍රියාත්මක වෙනවා.

 

4. එල්ලා මැරීම

types of death penalties around the world

Source – commons.wikimedia.org

ලංකාවෙත් ප්‍රධාන වශයෙන්ම මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ එල්ලා මැරීම කියන ක්‍රමය යටතේ. මේක ලංකාවේ උදවිය හඳුන්වන්නේ එල්ලුම් ගහ කියලයි. මෙහිදී සිද්ධ වෙන්නේ මරණයට නියමිත පුද්ගලයගේ ගෙලට තොණ්ඩුව දාලා, ඔහු සිටගෙන ඉන්න වේදිකාව ලීවරයක් මගින් ඉවත් කිරීම. එවිට ඔහු තරමක් පහළට වැටෙනවා. එවිට ගෙල තොණ්ඩුවට හිරවෙනවා. මේක මරණ දඬුවම දෙන්න භාවිතා කරපු ඉතා පැරණි ක්‍රමවේදයක් වගේම යම් තාක් දුරට වේදනා සහගත දඬුවමක් ලෙසයි සැලකෙන්නේ. 1976 වර්ෂයෙන් පසුව ලංකාවේ එල්ලුම් ගස තවමත් කිසිදු මරණ දඬුවමක් සඳහා ක්‍රියාත්මක වී නැහැ.

 

5. වෙඩි තබා මරා දැමීම

types of death penalties around the world

Source – wikipedia.org

ඉස්සර ලංකාව බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට නතු වෙලා තිබ්බ අවධියේ අත්අඩංගුවට ගැනුනු ජාතික වීරයන් රැසකට මරණ දඬුවම ලබා දුන්නේ වෙඩි තැබීමෙන් බව අප අසා තිබෙනවා. ඒ ක්‍රමය තවමත් ක්‍රියාත්මක වෙන මරණ දඬුවම ලබා දීමේ ක්‍රමවේදයක්. මේ ක්‍රමයේදී සිදුවෙන්නේ භට කණ්ඩායමක් මරණයට නියම වූ තැනැත්තාට “සියලු දෙනාම එකවර හෝ වරකට එක බැගින්” වෙඩි තැබීම. මෙම මරණය වේදනාකාරීයි. ඒ නිසා මෙම ක්‍රමය ක්‍රියාත්මක වන රටවල මේ ක්‍රමය නීත්‍යානුකූල ක්‍රමවේදයක් ලෙස නමට පමණක් පවතිනවා.

 

6. කඩුවෙන් ගෙල සිඳීම

types of death penalties around the world

Source – youtube.com

කෙලින්ම කිවුවොත් බෙල්ල කැපීම කියන්නේ මෙන්න මේ දඬුවම් ක්‍රමයට. මේ ක්‍රමය ඉතා පැරණි දඬුවම් දීමේ ක්‍රමවේදයක් වගේම දියුණු ලෝකයට නොගැලපෙන ක්‍රමවේදයක් ලෙස බොහෝ අය චෝදනා නගනවා. සවුදි අරාබිය, කටාර් සහ යේමනය යන රටවල පමණයි මේ ක්‍රමය නීත්‍යානුකූල ක්‍රමවේදයක් ලෙස නීති පොත් වල සඳහන් වෙන්නේ. එයිනුත් සවුදි අරාබියේ පමණයි මේ ක්‍රමය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ. සියල්ලන්ටම පෙනෙන පරිදි ප්‍රසිද්ධ ස්ථානයක මේ දඬුවම ලබා දෙනවා. සමහර විටෙක ඒ දඬුවමට ලක් වෙන තැනැත්තාගේ හිස දින කිහිපයක් ප්‍රදර්ශනයට පවා අධිකරණය නියෝග කරනවා. ලංකාවේ රිසානා නෆීක් ව මැරුවෙත් මේ ක්‍රමයට. ඔබට ඇය මතකයි නේද..?

 

7. ගල් ගසා මරා දැමීම

types of death penalties around the world

Source – worldpressphoto.org

ගල් ගසා මරා දැමීම කියන්නෙත් ඉතාම පැරණි දඬුවම් ක්‍රමයක්. මේකෙදි සිද්ද වෙන්නේ අදාළ තැනැත්තා මරණයට පත් වන තුරුම ඔහුට ගල් වලින් පහර දීම. මේක අතිශය වේදනාත්මක මරණයක් මරණයට නියම වූ තැනැත්තාට උරුම කරද්දී, ගල් ගසන මිනිසුන්ගේ හිත් බොහෝ අශිෂ්ට හිත් බවට පත් කරනවා. අරාබි රටවල් බොහොමයක මෙම ක්‍රමය නීත්‍යානුකූලව ක්‍රියාත්මක වෙනවා. මෙම ක්‍රමය නීත්‍යානුකූල නොවන ඇෆ්ගනිස්ථානයේ සහ ඉරාකයේත් අන්තවාදී කණ්ඩායම් මගින් මෙවැනි මරණ සිදු කරන බවට විටින් විට ප්‍රවෘත්ති මැවෙනවා.

 

8. ගිලටීනය

types of death penalties around the world

Source – wikipedia.org

අන්තිමට ඔබට කියන්න යන්නේ දැනට භාවිතා නොවුනත් 1980 දශකය වෙනකම්ම ප්‍රංශයේ භාවිතා වුණ මරණ දඬුවම ලබා දීමේ ක්‍රමවේදයක් ගැන. මේ තමයි ගිලටීනය. මේකෙදී වෙන්නෙත් හිස කඳින් වෙන් කිරීමක්. නමුත් මේක සිද්ධ වෙන්නේ යාන්ත්‍රිකවයි. නිශ්චිත තැනක හිස රඳවාගත් පසු, ඉහළ තිබෙන ලොකු මුවහත් කැපෙන තලයක් වේගයෙන් පහළට ගමන් කරන්නේ හිස කඳින් වෙන් කරමින්. මේ ක්‍රමය අවසාන වතාවට ක්‍රියාත්මක වුණේ 1977 අවුරුද්දේ සැප්තැම්බර් මාසයේදීයි. 1981 දී ප්‍රංශය මරණ දඬුවම තම දඬුවම් ක්‍රම අතරින් ඉවත් කරනවා.

මරණ දඬුවම ක්‍රියාත්මක කරන ආකාර අටක් තමයි මේ අපි ඔබට කිවුවේ. ලංකාවට මරණ දඬුවම ගෙනාවම හොඳද..? හොඳ නැද්ද..? කියලා කතා කරන අතරේ යාලුවන්ගෙත් දැනුමට යමක් එකතු කරන්න මේ ලිපිය Share කරන්න අමතක කරන්න එපා.

 
Cover Image Source – prepareyouran.us
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *