වයසට ගියත් වයස නොපෙනෙන අපේ දේශපාලනඥයෝ

Politicians Who Do Not Age

කොච්චරවාත් දියවන්නාවට බැන්නත් ඡන්දයක් ළඟ එනකොට ආපහු ඒ පැත්තට හැරෙන, ඒකෙ ඉන්නා 225ක් වෙච්චි ජනතා නියෝජිතයන්ගේ නාමයෙන් එකිනෙකා කුළල් කා ගන්නා රටක් තමයි මේක. එහෙම කුළල් කා ගැනිල්ල අස්සේ තියෙන එක කතාවක් තමයි නාකි උන්දලා පාර්ලිමේන්තු යවන එක. ඉතින් ඔතනින් වයස වුණත් ඒක ඒ තරම් පේන්නේ නැති උත්තමයෝ කීප දෙනෙක් ඉන්නවා. අපේ ඔළුවල නර කෙස් අහුවෙලා, ඇට පෑදිලා ගිහින් නාකි කෝලමක් වෙන්න ඒ තරම් කල් යන්නේ නැති වුණාට මේ කීප දෙනාට නම් වයසට යනවා කියලා එහෙම වින්නැහියක් නැති පාටයි.

 

1. මහින්ද රාජපක්ෂ

Politicians Who Do Not Age

Source – independent.co.uk

සිරිසේන ජනාධිපතිතුමා පුටුවට එන්න කලියෙන් අපේ රටේ ජනාධිපති ධුරය දරපු තැනැත්තාව පොඩි එකෙක් වුණත් හොඳට දන්නවා. 1945 අවුරුද්දේ ගිරුවාපත්තුවේ ඉපදුණ මෙතුමාගේ වයස මේ වෙනකොට 72ක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සීයා කෙනෙක්ගේ වයස. ඒත් අපේ තාත්තලාටත් වඩා කොල්ලෙක් වගේ පාටක් තමයි තියෙන්නේ. මහින්ද රාජපක්ෂ කියන්නේ ශරීර සුවතාව ගැන සෑහෙන හිතන පුද්ගලයෙක් බව රහසක් නෙවෙයි. මෙතුමා යෝගා අභ්‍යාස කරන පොටෝවක් එහෙම ප්‍රසිද්ධ වුණා මතක ඇති. ව්‍යායාම විතරක් ම නෙවේ ආහාර සම්බන්ධයෙනුත් එතුමා විශේෂ අවධානයක් දෙනවා. ස්පෝර්ට් කිට මරන් ගැම්මට ඉන්න පොටෝ කීපයකුත් ජනප්‍රිය වුණා. පුතාලාත් එක්ක රගර් සෙල්ලම් කරනවාත් කියනවනේ. ඒ නිසා වෙන්න ඇති මේ තරම් වයස වුණත් වයසට යන ලක්ෂණ පෙන්නන්නේ නැත්තේ.

 

2. සජිත් ප්‍රේමදාස

Politicians Who Do Not Age

Source – youtube.com

සිය පියාගේ පාරේ යන, දේශපාලන රැස්වීම්වලදී නිතරම පියාව මතක් කරන නිසාම ද කොහෙද මෙතුමාත් වයසට යන පාටක් නැහැ. මේ වෙනකොට වයස අවුරුදු 51ක්. ඒත් මීට අවුරුදු දහපහළොවකට කලින් දැකපු රූපේ තාමත් එහෙමයි. රූපෙ විතරක් නෙවෙයි වැඩත් ඒ වගේම තමයි. සංගීත ප්‍රසංගේකට ගිහිල්ලා කාවඩි තාලෙට ඩ්‍රම්ස් එහෙමත් ගැහුවනෙ. මේ වෙනකොට ආණ්ඩුවේ නිවාස සහ ඉදිකිරීම් භාර අමාත්‍යවරයා විදියට වැඩ කරගෙන යනවා. මෙතුමාගේ එක ප්‍රජා වැඩසටහනක් තමයි “තරුණ සවිය” කියන්නේ. තරුණයෙක් වගේ පුද්ගලයෙකුගෙන් තරුණයන්ට අතහිත.

 

3. දයාසිරි ජයසේකර

Politicians Who Do Not Age

Source – cricketmachan.com

දේශපාලනඥයා කියන රාමුවේ විතරක් ඉන්න බැරි තවත් කලාකාමියෙක් කියලා කියන්නත් පුළුවන්. ඇත්තම වයසට වඩා ලාබාල විදියට පේන මෙතුමාට ලබන අවුරුද්දේදී 50 සම්පූර්ණ වෙනවා. අර්ධ ශතකයේ ගැට්ටේ හිටියට මොකෝ ඩිස්කේ අම්මට ඩිස්කේ වෙන්න වයස නම් යන පාටක් නැහැ. ගායන ශිල්පී කිත්සිරි ජයසේකර කියන්නේ මෙතුමාගේ සහෝදරයා. අයියා මලෝ දෙන්නම වයසට යන්නැති සීන් එකේ ඉන්නේ මේක පවුලේ විශේෂත්වයක් නිසාද කොහෙද. වර්තමාන ආණ්ඩුවේ ක්‍රීඩා අමාත්‍යවරයා විදියටත් වැඩ කරා. ඒක ලැබෙන්න මේ වයසට නොයන ගතිලක්ෂණ හේතු වෙන්න ඇති.

 

4. රන්ජන් රාමනායක

Politicians Who Do Not Age

Source – dailynews.lk

ඉයෝව් ඉයෝව්! දේශපාලනේට එන්න කලින් රිදී තිරයේ කාගේත් සිහින කුමාරයා ගැනයි දැන් කියන්න යන්නේ. නළුවෝ කොහොමත් වයසට යන්නේ පරක්කු වෙලා නේ. අදටත් රූප සම්පත්තියෙන් ඇස්වහක් කටවහක් නැහැ. අතින් අඹපු රූපයක් වගේ හිටියට දැන් වයස 55ක්. ඒත් අදටත් මූණ බලන් මාමේ කියන්න බැරි තරමට අයියා පාටයි. වන්ෂොට් වගේම අවශ්‍යතාවක දී ඉස්සරහට එන ඕනිම කෙනෙක්ට ලොඳ හැලෙන්න තරම් දෙන්න සවිශක්තිය තාමත් තියෙනවා. රන්ජන් රාමනායක මේ වෙනකොට වත්මන් ආණ්ඩුවේ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමති විදියට වැඩකටයුතු කරනවා.

 

5. නවීන් දිසානායක

Politicians Who Do Not Age

Source – archdc.lk

පාර්ලිමේන්තුවේ ඉන්න කඩු දෙකේ නසියර්ගේ පෙනුම තියෙන දේශපාලන හිතවතා තමයි මේ. අවුරුදු 50 සම්පූර්ණ කරන්න මේ උත්තමයාට තියෙන්නේ තව අවුරුදු 2යි. වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ඇමතිවරයා විදියට මේ වෙනකොට කටයුතු කරනවා. දේශපාලනඥයෝ කියන්නේ ඉගෙනීමක් නැති කටවාචාලයෝ කියන සාම්ප්‍රදායික කතාවට එරෙහි හොඳ උදාහරණයක් වෙන්නේ එක්සත් රාජධානියේ නීතිඥ සංගමයටත් එන්න ආරාධනා ලැබුණ කෙනෙක් නිසා.

 

6. සුජීව සේනසිංහ

Politicians Who Do Not Age

Source – newscurry.co

මේ නම ප්‍රසිද්ධ දැන් පළතුරක් එක්කයි. කොහොමින් හරි කෙහෙල් ගෙඩියක පොත්තේ පාට වගේ බැබලෙන පාට වැටුණ මේ උත්තමයාව පේන්නේ ගජ ඉලන්දාරියෙක් වගෙයි. කාන්තා පාර්ශ්වයේ මනාප නම් අඩුවක් නැතුව ඡන්දේ දී ලැබෙනවා ඇති. අවුරුදු 46ක් වුණාට 30ක 35ක තියෙන ළාමක පාටක් තමයි තියෙන්නේ. වර්තමානයේ ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධ රාජ්‍ය අමාත්‍යවරයා විදියට ඔහු කටයුතු කරනවා.

 

7. රුවන් විජේවර්ධන

Politicians Who Do Not Age

Source – tamildiplomat.com

දේශපාලනේ පවුලෙන් දායාදයක් විදියට ලබපු කෙනෙක්. ඩී ඇස් සේනානායක කියන්නේ මෙතුමාගේ සීයා. ඒ කියන්නේ අම්මගේ තාත්තා. විජේවර්ධන නාමය එන්නේ විජය පුවත්පත් සමාගමේ ආරම්භක රන්ජිත් විජේවර්ධන කියන මෙතුමාගේ පියා නිසයි. වයසින් අවුරුදු 42ක් වන මොහු තාමත් වයසට යන චක්‍රයට අහු වෙලා නැහැ. සමහරවිට ඒකෙ එළිපත්තේ ඉන්න නිසාද දන්නේ නැහැ. කොහොම නමුත් ඉන්තේරුවෙන්ම කියන්න පුළුවන් වයසට යන පෙත්ත දිහා බලන්නේවත් නැති කෙනෙක් කියලා. මේ වෙනකොට මොහු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා විදියට වැඩකටයුතු කරනවා.

 
Cover Image Source – Lifie Graphics
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *