ගෙවල් වලටම වෙලා ඔහේ බත් තම්බ තම්බා හිටපු කාලේ වගේ නෙවේ. දැන් කාලේ නාඩි වැටෙන ඕනෑම ගෑණු පරාණයකට ඉස්මාර්ට් ෆෝන් එකක් තියනවා. ළිඳ ළඟ සංගම් විසුරුවා හරින්න තරම් සෑහෙන බලපෑමක් මේ හරහා සිද්ධ වෙනවා. ඉතින් එච්චර දෙයක් වෙන්න තරම් ගෑණු ජාතිය මේකට ඇඳලා බැඳලා ඉන්නේ මොකක් නිසා වෙන්න ඇති ද? සමහරවිට මේ යෙදවුම් එයාලාගේ දුරකථනවල තියන නිසා ද දන්නේ නැහැ.
1. Period Tracker, Ovulation & Fertility App

Source – play.google.com
මාසිකව සිද්ධ වෙන ඔසප් වීම නිසා කාන්තාවෝ නොවිඳිනා දුක් විඳිනවනේ. ඒකට විසඳුමක් විදියටයි මේ ඇප් එක එළියට එන්නේ. කෘත්‍රීම මොළයක් කියන එකට හොඳම උදාහරණයක් තමයි මේ. ඊළඟ ඔසප් දිනය කවදා වගේ ඇතිවෙන්න පුළුවන් ද? දරු ගැබක් හටගෙන ද? වගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන, ඉතාම ප්‍රයෝජනවත් ඇප් එකක් මේක. තරුණියන්ට, දරුවකු බලාපොරොත්තුවෙන් ඉන්න කාන්තාවන්ට වගේම ගර්භනී මවුවරුන්ටත් වැදගත් වෙන විශේෂාංග රාශියක් මේ ඇප් එක සතුයි.
2. Our Groceries Shopping List

Source – play.google.com
මාර්කැට්ටුවට යනකොට තුණ්ඩු කෑලි ලියාගෙන, ඒවා හලාගෙන පුල් නන්නස්තාර් වුණ කාලෙ ගියා. මේ ඇප් එක ඒ ඔක්කෝම බලාගනී. සුද්දන්ගේ රටේ හදපු එකක් කියලා නෑ අපිට අවශ්‍ය වෙළඳ භාණ්ඩවල නම් එකතු කරන්න පුළුවන්. ඊළඟට මේ ලිස්ට් පවුලේ අය අතර බෙදාගන්නත් පුළුවන්. අලුත බැඳපු ජෝඩුවකට නම් කඩේ යන සෙල්ලම දාන්න මරු භාණ්ඩේ.
3. Monefy

Source – play.google.com
ෂොපින් යන්න ලිස්ට් හැදුවා වගේ නෙවේ මාසයට හම්බ කරන සල්ලි බිම බලන් ඉඳලා එක පාර උඩ බලනකොට අන්තරස්ධාන වුණාම. පිච්චියක් හොයාගන්න නැති වෙලාවට සංසාර ගමනේ දුක එකෙන්ම දැනෙනවා. කොහොමින් හරි අතට එන සල්ලි ගැන පොඩි සෝදිසියකින් ඉන්න තමයි මේ වගේ ඇප් එළි බහින්නේ. නොමිලේ වගේම රුපියල් 350කට මිල දී ගන්න පුළුවන්. මහා ලොකු වෙනසක් නැහැ.
4. Sworkit: Workouts & Fitness Plans

Source – play.google.com
ගෑල්ලමයින්ගේ හිතේ නිතර දෙවේලේ කකියන ඇඟේ හැඩය ගැන හිතලා හදපු ඇප් එකක්. එක එක බීම වර්ග, පෙති වර්ග, ආලේපන එක්ක සෙල්ලම් කරලා අන්තිමේ ඕවා නහයේ කටේ ගෑවුණත් එපා වෙනවා. පටන් ගනිද්දීම යෝගා, කාඩියෝ, ස්ට්‍රෙචින්ග් වගේ අවශ්‍ය තෝරාගැනීමක් කරන්න පුළුවන්. මෙතනදී ඒ ඒ ව්‍යායාම වර්ග ප්‍රායෝගිකවම කරනවා. අදාළ වෙලාවක් ඇතුළත ඔබටත් ඒ ටිකම කරන්නයි තියෙන්නේ. ඒ ටික ඉවර වුණාම ඔබෙන් කැලරි කීයක් දහනය වුණා ද කියලත් දානවා.
5. Truecaller

Source – play.google.com
ගෑණු ළමයින්ට වෙන එපාම කරපු දෙයක් තමයි එක එක අසහනකාරයොන්ගෙන් ඇමතුම් එන එක. කවුද කියලා කියන්නෙත් නැති, කාගේ ද කියලා දන්නෙත් නැති ඒ වගේ ඇමතුම් ගන්නත් නරකයි. හැබැයි මේ යකා මොකෙක්ද කියලා හොයාගන්න පුළුවන් මේක හරහා. හැබැයි මෙතනදී ඒ අදාළ අංකය හිමි පුද්ගලයාව වෙනත් කෙනෙක්ගේ දුරකථනයක කන්ටැක්ට් එකක් හැටියට සේව් වෙලා තියෙන්න ඕන. අන්න එතකොට තමයි ඇප් එකේ ඒ නමත් එක්ක පෙන්නුම් කරන්නේ.
6. Circle 6

Source – play.google.com
කාන්තා පාර්ශ්වේ අයට මග තොටේදි තමන්ගේ ආරක්ෂාව සලස්සගන්න සිද්ධවෙන අවස්ථා බොහොමයි. මේ ඒ වගේ වෙලාවක ඔයාගෙ පිහිටට එන ඇප් එකක්. මේකෙදි තමන්ගේ ළඟම හිතවතුන් 6 දෙනෙක්ව ඇඩ් කරගන්න පුලුවන් හදිසි කරදර අවස්ථාවක පණිවුඩයක් යවන්න. එහෙම නැත්නම් ඒ අයගෙන් කෙනෙක්ට වහාම ඇමතුමක් දෙන්නත් පුළුවන් මේ හරහා.
7. Allrecipes Dinner Spinner

Source – play.google.com
ගුණසේන සූප ශාස්ත්‍රේ මලලසේකර ශබ්දකෝෂේ වාගේ පෙරළාගෙන කෑමක් හදන්න අමු කට්ටක් කන්න ඕනි නෑ දැන්. හිතාගන්නවත් බැරි තරමේ කෑම ගොඩක් තියනවා. සුද්දන්ගේ රටේ හදපු ඇප් එකක් නිසා මේ කෑම හදන්න ඕනි කරන බඩු නෑනේ කියලා විස්සෝප වෙන්න නරකයි. එතනදී මේ ඇප් එකේ විශේෂ ලක්ෂණයක් මතක් කරන්න පුළුවන්. අපි ගාව තියන දේවල් ඇතුළත් කරාම ඒ ටික ආධාරයෙන් හදාගන්න පුළුවන් කෑම ගැන විස්තර එනවා.
Cover Image Source – youtube.com/Mage Sudu Banandita
Leave a Reply