රට රටවල ඉහළ පෙළේ දේශපාලකයින්ගේ අමුතුම වැඩ කෑලි

strange habits of international politicians

රාජ්‍ය නායකයෝ කියන්නෙ වැඩිපුර මිනිස්සුන්ට සමීප නොවන පිරිසක් කියලනේ අපේ රටේ ගොඩක් මිනිස්සු හිතන් ඉන්නෙ. අපි මේ කියන්න යන්නේ විදෙස් රටවල රාජ්‍ය නායකයන්ගේ රාජ්‍ය නායක ක්‍රියා පටිපාටියට අයිති නොවන ආකාරයේ හැසිරීම් කිහිපයක් ගැනයි. අරම හිතන අය මේ රාජ්‍ය නායකයන්ගේ හැසිරීම දැක්කම මොනවා කියාවිද කියල බලන්නකෝ.

 

1. බැරැක් ඔබාමා

strange habits of international politicians

Source – thedailybeast.com

බැරැක් ඔබාමා කියන්නේ බොහෝ ඇමරිකානුවන් දැනුත් ආදරය කරන ජනපතිවරයෙක්. බැරැක් ඔබාමා කියන්නෙ මිනිස්සුන්ගෙ ජනාධිපතිවරයා කියලයි ඇමරිකාවේ බොහෝ දෙනෙක් හඳුන්වන්නේ. ඒකට හේතුව තමයි ඔහු ජනාධිපතිවරයාව ඉන්න අවධියේ මිනිස්සුන්ට ළං වෙන්න, මිනිස්සු එක්ක අදහස් බෙදා ගන්න, ඔවුන්ගේ ප්‍රශ්න ගැන දැනගන්න හිටි ගමන් මිනිස්සු අතරට එන එක. ඒ විතරක් නෙමෙයි, බැරැක් ඔබාමගේ තව එක එක විකාර වැඩ ටිකක් කැමරා වල සටහන් වෙලා තියෙනවා. බලන්නකෝ එයින් අවස්ථා කිහිපයක්.


 

2. ඩොනල්ඩ් ට්‍රම්ප්

strange habits of international politicians

Source – macleans.ca

ඔබාමාගෙන් පස්සෙ අපි මේ එන්නෙ ඇමරිකාවේ වර්තමාන ජනාධිපති ට්‍රම්ප් ගාවට. ජනාධිපතිලා පර්ෆෙක්ට් කියලා හිතනවනම් කවුරුහරි ඒ මනුස්සයට ට්‍රම්ප් ව පෙන්නුවොත් පිස්සු හැදේවි. ට්‍රම්ප් ගෙ හාස්‍යජනක අවස්ථා, ට්‍රම්ප්ට වැරදෙන අවස්ථා, ට්‍රම්ප්ගේ කුකුල් ගතිය එළියට එන අවස්ථා රැසක් තියෙන මේ වීඩියෝ එක බලන්නකෝ.

 

3. එමානුවෙල් මැක්‍රෝන්

strange habits of international politicians

Source – independent.co.uk

පහුගිය ලෝක කුසලානේ බැලුවනම් ඔබට මැක්‍රෝන් අමතක වෙන්න විදිහක් නෑ. මෙයා තමා ප්‍රංශෙ ජනාධිපති. තාම වයස අවුරුදු හතලිහයි. පිස්සු වැඩ අතින් මිනිහ එක්ක හැරෙන්න අනිත් එකම එක නායකයෙක්ටවත් බැරි එයා වයසෙන් අඩු හන්දම වෙන්නැති. ලෝක කුසලානය දවස් වලත් කණ්ඩායමට ජය ඝෝෂා කරද්දී ඉන්න තැන පවා අමතක කරලා කෑ ගහපු හැටි කවුරුත් දැක්කනේ. අන්න ඒක මතක් කරගෙනම මෙන්න මේ වීඩියෝ එක බලන්නකෝ.

 

4. කොලින්ඩා ග්රැබා

strange habits of international politicians

Source – nacional.hr

ප්‍රංශෙ ජනාධිපති ගැන කියපු නිසා මෙයා ගැන නොකිවුව කියලා අපේ කට්ටිය තරහ වේවිද දන්නෑ. මේ සුරූපිණිය තමයි ක්‍රොඒශියාවේ ජනපතිවරිය. ඇයත් බොහොම ජනයාට සමීප ජනපතිනියක්. 2018 පාපන්දු ලෝක කුසලානයේ ක්‍රොඒශියාව සහභාගී වුණු තරඟ සමහරක් ඇය බැලුවේ ප්‍රේක්ෂකයෝ එක්ක ඉඳගෙන කිවුවම ඇය ගැන අහන්න දෙයක් නෑනේ. ඒ වගේම පල්ලෙහයින් තියෙන්නෙ පාපන්දු කණ්ඩායම ලෝක කුසලානයේ අවසන් පූර්ව තරඟයට තේරුණාම කණ්ඩායම ඔවුන්ගේ කාමරයේදී ජය සමරද්දි ජනපතිනියත් මේ සැමරුමට එක් වුණු ආකාරය.

 

5. ව්ලැද්මීර් පුටින්

strange habits of international politicians

Source – twitter.com

ලෝකෙ බලවත්ම රාජ්‍ය නායකයා විදිහටයි පුටින් හැඳින්වෙන්නේ. පුටින් ටිකක් තද කෙනෙක් කියලයි කියවෙන්නේ. කොහොම උනත් පුටින්ගේ සමහර හැසිරීම් වලින් ඒ තද ගතිය පේන්නෙ නෑ. පුටින් කියන්නෙ ක්‍රීඩාශීලී මහත්මයෙක්. ඒ වගේම සංවේදී නායකයෙක්. “නාඳුනන හමුදා සෙබලාගේ ස්මාරකයට” ගෞරව දැක්වීමේ උත්සවයක දී ඇද හැලෙන තද වැස්ස නොසලකා ඔහු ඒ ස්මාරකයට ගෞරව කරන වීඩියෝවක් පහතින් දැක්වෙනවා.

 

6. හිලරි ක්ලින්ටන්

strange habits of international politicians

Source – uk.businessinsider.com

හිලරි ක්ලින්ටන් කියන්නෙ ඇමරිකාවේ කිරුළු නොපලන් රැජිණක්. රාජ්‍ය ලේකම් ධූරයේ රැඳී සිටියත් ඇයට ජනාධිපති සිහිනය හැබෑ කරගන්නට බැරි වුණේ ට්‍රම්ප් හමුවේ පරාජය වීමට සිදුවූ නිසයි. නමුත් ඇය ඉතාම විශිෂ්ට දේශපාලකවරියක් සහ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් ලෙස හැඳින්වෙනවා. ඇය හාස්‍යයට බර තැනැත්තියක්. ඒ වගේම ඇය හොඳ මානව හිතවාදිනියක් විදිහටත් හැඳින්වෙනවා. බලන්නකෝ ඇයත් අපේ නායකයෝ නායිකාවෝ වගේද කියලා.


 

7. බිල් ක්ලින්ටන්

strange habits of international politicians

Source – today.com

අර උඩින් කියපු හිලරි නෝනගේ මහත්තයා නේ බිල් ක්ලින්ටන් කියන්නේ. නෝනට හපන් මහත්තයා. බිල් ක්ලින්ටන් කියන්නෙ 42 වැනි ඇමරිකානු ජනපතිවරයා. ජනපතිව සිටි අවධියේ වගේම ඊට පසුවත් ඔහුගේ අමුතු වැඩ නිසා ඔහු කාලෙන් කාලෙට අලුත් පුවත් මවන්නෙක් වුණා. බලන්නකෝ එයාගේ මේ වැඩ ටික. මේ රුසියානු ජනපති බොරිස් යෙල්ට්සින් නිවුයෝක් වලදී කරන කතාවකට ළඟ ඉන්න ක්ලින්ටන් ප්‍රතිචාර දක්වන ආකාරය.

මේ සාමාන්‍ය පුද්ගලයෝ නෙමෙයි. ඒ රටවල ඉහළම තනතුරු දරන පුද්ගලයන්ගේ හැසිරීම්. ඒව කොච්චර තාත්විකද, මිනිස්සුන්ට සමීපද කියලා ඔබට වැටහෙනව ඇති.

 
Cover Image Source – Lifie Graphics
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *