එක එක විදියට කෑම කන මිනිස්සු වර්ග 7ක්

people we see when we are eating

ආය ඉතිං පෙර කාලෙ රජවරු මොනව කිවුවත් අපි මේ හැමදේම කරන්නෙ බඩවියත රැකගන්නනෙ. අන්න ඒ නිසා මේ කියන්න යන්නෙ මිනිස්සු කෑම කන විදි ගැන. ලෝකය ගෝලාකාරයි මිනිස්සු විවිධාකාරයි තමයි. හැබැයි තමුන්ගෙ කෑම වේල අතරතුරේ මිනිස්සු මෙච්චර එකිනෙකාට වෙනස් වෙනවද කියලනම් ඔයාලට හිතාගන්න බැරිවේවි.

 

1. ක්‍රි‌ටීක්

people we see when we are eating

Source – nypost.com

කෑම කද්දි ඉන්න නියම සෙට් එකක් තමයි කෑම විචාරකයො කියන්නෙ. ඒ අය කිසිම කෑමකින් සැනහෙන්නෙ නෑ. සැනහුනත් ඒකත් විස්තර කරලා තමයි සැනහෙන්නෙ. උදාහරණෙකට රස සැන්ඩ්විච් එකක් කෑවොත්, ‘මේක රසවෙන්නෙ මේකට ඇඩ් කරලා තියෙන තක්කාලි ස්ලයිසස් හීනි හින්දා… ඒ හින්දා රස හොඳට බ්ලෙන්ඩ් වෙන්න ඉඩක් හම්බෙනවා’ වගේ ප්‍රකාශ නිකුත් කරනවා. හැබැයි විරුද්ධව කියවන්න ගියාම ඊට හපන්. ‘මේකෙ ප්‍රශ්නෙ මේ ස්ටේක් එක රෝස්ට් වුනා වැඩියි… මස් එක හරියට සීසන් වෙලා නෑ… ක්‍රස්ට් එක මදියි. ටෙන්ඩර්ලි ස්ලයිස් කරන්න බෑ. නිකං පාන් කපනව වගෙයි අයියො…

 

2. හදිස්සිකාරයො

people we see when we are eating

Source – pinimg.com

මේ බුවාලා ඉතිං කෑම එක ගාවින් වාඩි වුනාම ආයෙ ඔලුව උස්සන්නෙ නෑ. වටපිට බලන්නෙ නෑ. දීලා අරිනව දිගට හරහට. පුදුම කෑමක් ඒක. ආයෙ තිබ්බෙ මොනවද? අනාගත්තෙ මොනවද? කියල දන්නෙ නෑ. කොටිම්ම සමහරු නූඩ්ල්ස් කන්න ගෑරප්පුව මදි වෙලා සුප් බොන හැ‌න්දෙන් වැඩේ ගොඩ දාගන්න තත්ත්වෙට මේ හදිස්සිය දියුණු කරලා තියෙනවා.

 

3. කියෝ කියෝ

people we see when we are eating

Source – theoklahomaeagle.net

තවත් කට්ටියකට කන්න ගියාට, කන්න ආව කියල මතකයක් නෑ. ඒ අය කියෝ කියෝ ඉන්නෙ. මුලින්ම කෑම ගැන විග්‍රහයක් කරලා, ඉස්සර අම්මලා උයලා දීපු හැටි ගැන නොස්ටැල්ජික කතාවකට අවතීර්ණ වෙනවා. ඊටපස්සෙ එයාලා යන්නෙ ඉස්සර කෑමවල මිල ගණං, දැන් මිල ගණං අතර සංසන්දනයට. ඊටපස්සෙ ආණ්ඩුවට බැනලා පගා ගැහිලි, හෙජින් ගිවිසුම්, ආණ්ඩු කෙරුවාව, ව්‍යවස්ථාව, බැඳුම්කරේ වගේ ද්වේෂසහගත කතාබහ වලටත් කෑම‌ මේසෙදිම පිවිසෙනවා.

 

4. මදි

people we see when we are eating

Source – youtube.com

මේ අයට ‌ලොකුවටම තියෙන දේ තමයි මදියාව. ලුණු මදියි කියල ලුණු හලාගන්නව. සැර මදියි කියල ගම්මිරිස් හලාගන්නව. හොදි මදියි කියල හොදි හලාගන්නව. ඊටපස්සෙ හොදි උතුරලා ඉඳියාප්පෙ හොයාගන්න බැරුව තව ඉඳියාප්ප බෙදාගන්නව. අන්තිමට හොදි මදි නිසා ඉඳියාප්ප ඉතුරු වෙනවා. ආයෙ හොදි පුරවගෙන පස්සෙ ඉඳියාප්ප මදි වෙනවා. ඒක පුදුම මදි පාඩුවක්.

 

5. සෝෂල්

people we see when we are eating

Source – finedininglovers.com

මේ ඩයල්ස් කන්නෙ තමුන්ගෙ සයිබර් අවකාශය වෙනුවෙන්. ඒ හින්දා ෆුඩ් ෆොටෝග්‍රැෆි ගැන කියෝලා ඈන්ගල් කිහිපයකට තමුන්ගෙ කෑම එකේ පින්තූර අරගෙන තමයි එයාලා වැඩට බහින්නෙ. කොටිම්ම හිතට හරියන පින්තූරෙ ලැබෙනකං කෑමට අත තියන්නෙ නෑ. කොච්චර බඩගිනි වුනත්, කෑම එක නිවුනත්, පරක්කු වුනත් පින්තූරෙ ලස්සනට වැදිලා, ඒකට හරියන ටෝන් ඇප්ලයි වෙලා, හැවින් ලන්ච් ඇට් කැප්ෂන් එකත් ගහලා හාට් විස්සක්වත් වැටෙනකං කන්න පටන්ගන්න මේ අය උත්සාහ කරන්නෙ නෑ.

 

6. හෙමිහෙමිහිට

people we see when we are eating

Source – youtube.com

අනේ ලෝකෙ හෙල්ලුනත් ගාණක් නෑ කියල හෙමි හෙමිහිට කෑම එක අත ගගා, අන අන ඉන්න ජාතියක් ගැන තමයි මේ කියන්නෙ. මේ අයට අදාළම නෑ අනිත් මිනිස්සු ගැන. වැඩි කතා බහකුත් නෑ. තමුන්ගෙම හීන ලෝකෙ අතරමං වෙලා හෙමි හෙමිහිට අන අන, පැත්තෙන් පැත්තට, හීනෙන් හීනෙට තමයි මේ අය කෑම කන්නෙ.

 

7. හෙල්දි

people we see when we are eating

Source – shaklee.com

කැලරි මැනලා, දින ගැනලා, තෙල් හලලා තමයි මේ කියන ඈයො කන්න පටන්ගන්නෙ. ආයෙ ඉතිං සරළවම කිවුවොත් මේ අය හිතන්නෙ ශරීර සෞඛ්‍ය ගැන. තෙලෙන් බැදලා කන්නෙ නෑ, කිරෙන් හැදුවත් කන්නෙ නෑ. පිටි ගෑවුනොත් කන්නෙ නෑ. කොච්චර පෝෂ්‍යදායී සහ රසවත් වුනත් වැඩිපුර කන්නෙත් නෑ, කැලරි ගාණ මැනලා, ඒක පුච්චන්න කොච්චර වෙලා ජිම් එකේ නැහෙන්න ඕනද කියලත් කැල්කියුලේට් කරලා තමයි කෑමට අත තියන්නෙ.

 
Cover Image Source – travelandleisure.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *