සෙට් වීමක්ද? වයිෆ්ට හරි අම්මට හරි කියල බයිට් එකක් හදවගන්න ගියාම බර බරේ නේද? ඔය ගෑණු පාර්ශවේට වදයක් නොවී ලේසියෙන්ම සෙට් වීමකදි හදාගන්න පුළුවන් සුපිරි බයිට් ටිකක් ගැනයි මේ කියන්න යන්නෙ. කුස්සියට කිරිකෝඩු නම් ඒත් අවුලක් නෑ. මේ රෙසිපි හරිම ලේසියි පහසුයි. එහෙනම් ඊළඟ සෙට්වීමට බයිට් එක හදන්න ලෑස්තිද 😉
1. බියර් බැටර්ඩ් අනියන් රින්ග්ස්

Source – eatingwell.com
අවශ්‍ය ද්‍රව්‍ය
- ලයිට් බියර් කප් 1
- පාන් පිටි කප් 1
- බිත්තරයක්
- ලුණු, ගම්මිරිස් රස අනුව
- බදින්න තෙල්
- රවුම් කපාගත්ත ළූණු ගෙඩි 3ක්
- බිත්තර, පිටි, ලුණු, ගම්මිරිස් එකට කලවම් කරගෙන, බියර් ටික ටික එකතු කරගෙන ඝණකම බැටර් එකක් හදාගන්න.
- ගැඹුරු තෙලේ බදින්න අවශ්‍ය ප්‍රමාණයට අඟල් දෙකක් විතර උසට තෙල් තාච්චියට දාගන්න. ඒක රත් වෙන්න තියල, කපාගත්ත ළූණු රවුම් බැටර් එකේ දවටල, තෙල් එකට දාල රන් වන් පාටට බැදෙන කොට තෙලෙන් ඉවත් කරගන්න. ටිශූ එකක් දාගත්ත භාජනයක් කලින්ම ළඟින් තියන් ඉන්න.
2. සොසේජ් ඩෙවල්

Source – youtube.com
අවශ්‍ය ද්‍රව්‍ය
- අයිස් යන්න තියාගත් සොසේජස් 12 පැකට් එකක්
- ලොකුවට කපාගත් ලීක්ස් ගහක සුදු රවුම් කොටස
- ලොකුවට කපාගත් තක්කාලි ගෙඩියක්, ළූණු ගෙඩියක්, මාළු මිරිස් කරල් 2
- තක්කලි සෝස් මේස හැඳි 4
- සෝයා සෝස් මේස හැන්දයි
- චිලි පේස්ට් මේස හැඳි 1
- තලාගත්ත සුදු ළූණු බික් 4ක්
- සොසේජස් එකක් කෑලි 4කට වෙන්න සොසේජ් සේරම කපාගන්න. තෙල් මේස හැන්දක් නන්ස්ටික් තැටියක රත් වෙන්න තියල ඒකට සොසේජස් දාල බැදගෙන පැත්තකින් තියාගන්න.
- ඒ නන්ස්ටික් පෑන් එකටම තව තෙල් තේ හැන්දක් දාගෙන සුදුළූණු ටික එකතු කරන් ළූණු, මාළු මිරිස් එක්ක චිලිපේස්ට් සහ සෝස් වර්ග දෙක මිශ්‍ර කරගන්න.
- හොඳින් කලවම් උනාට පස්සෙ සොසේජස්, තක්කලි සහ ලීක්ස් එකතු කරන් කලවම් කරගෙන, විනාඩියක් ලිපේ තියල ඉවත් කරගන්න.
3. සුදුළූණු බයිට්

Source – thegarlicfarm.co.uk
අවශ්‍ය ද්‍රව්‍ය
- සුදුළූණු ගෙඩි 3ක බික්
- කෑලි මිරිස් තේ හැන්දක්
- සීනි තේ හැන්දක්
- ලුණු තේ හැඳි 1/2
- බටර් මේස හැන්දක්
- ගැඹුරු තෙලේ බැදගන්න තෙල්
- සුදුළූණු බික් ටික වෙන් කරගෙන පොත්ත පිටින්ම සෝදල, වතුර හොඳට පිහිදල යන්තම් පොත්ත පැලෙන ගාණට තලාගන්න.
තෙල් අඟලක් විතර උසට තාච්චියකට දාගෙන රත් වෙන්න තියල, ඒකට සුදුළූණු ටික දාල අඩු ගින්දරේ සුදුළූණු රන්වන් පාට වෙනකම් බැදගන්න. තෙල් බේරෙන්න ටිශූ එකක් උඩට දාගන්න. - වෙනම භාජනයක් ලිපේ තියල ඒකට බටර් රත් වෙන්න දාල, ඒකටම අනිත් ද්‍රව්‍ය සේරම දාගෙන කලවම් කරගන්න. විනාඩියක් විතර බැදෙන්න දීලා සුදුළූණු ටික මික්ස් කරල ගන්න.
4. චිකන් ඔම්ලට්

Source – bbc.com
අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර 4
- ලුණු, ගම්මිරිස් රස අනුව
- හීනියට කපාගත්ත කටු රහිත චිකන් කප් 1
- චොප් කරගත්ත ළූණු ගෙඩියක්
- පොඩියට කපාගත්ත තක්කාලි ගෙඩියක්
- චීස් වෙජස් දෙකක්
- බිත්තර හතර කඩලා බෝල් එහෙකට දාගෙන ඒකට ලුණු, ගම්මිරිස් එකතු කරන් ගෑරප්පුවකින් බීට් කරගන්න.
- තෙල් මේස හැඳි 2ක් විතර නන්ස්ටික් පෑන් එකක රත් වෙන්න තියල ඒකට පොඩියට කපාගත්ත චිකන් ටික ලුණු පොඩ්ඩක් එක්ක දාල, චිකන් තැම්බෙනකම් බැදගන්න.
- චිකන් ටික සුදු පාට වෙලා තැම්බුණාම ළූණු ටික එකතු කරන් ළූණු රන්වන් පාට වෙනකම් තෙම්පරාදු කරගන්න. ඒකට තක්කලි එකතු කරල හොඳට කලවම් කරගෙන පෑන් එක පුරාම විහිදෙන විදියට අතුරගන්න.
- ලිපේ ගින්දර අඩු කරගෙන, චිකන් මිශ්‍රණයට උඩින් බිත්තර ටික එකතු කරගන්න. පියනකින් වහල තියල, ඔම්ලට් එක සෙට් උනාම චීස් කෑලි තැනින් තැන දාගෙන ඔම්ලට් එක දෙකට නවා ගන්න.
5. පෙපර් චිකන් / පෝර්ක්

Source – valmeals.com
අවශ්‍ය ද්‍රව්‍ය
- පොඩි කොටු කපාගත්ත කටු රහිත චිකන් හෝ පෝර්ක් 500g
- කෝන්ෆ්ලා මේස හැඳි 2
- තලාගත්ත ඉඟුරු, සුදුළූණු තේ හැඳි 2
- ගම්මිරිස් මේස හැන්දයි
- ඔයිස්ටර් සෝස් මේස හැන්දයි
- සෝයා සෝස් මේස හැන්දයි
- ලුණු රස අනුව
- සීනි තේ හැන්දක්
- චිලි පේස්ට් මේස හැන්දක්
- රවුම් කපාගත්ත ළූණු ගෙඩි 1
- දිගට කපාගත්ත ළූණු කොළ ටිකක්
- චිකන් වලට යන්තම් ලුණු ටිකක් එක්ක කෝන්ෆ්ලා ටික දාල කලවම් කරන් ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකම් බැදගෙන, තෙල් බේරෙන්න තියාගන්න.
- වෙනම භාජනේක තෙල් මේස හැන්දක් රත් වෙන්න තියල ඒකට ඉඟුරු, සුදුළූණු එකතු කරන් යන්තම් බැදෙනකොටම ඒකට සෝස් වර්ග දෙක, සීනි සහ චිලිපේස්ට් එකතු කරගෙන කලවම් කරගන්න. විනාඩි භාගයක් විතර බැදෙන්න ඇරල ඒකට වතුර මේස හැන්දක් විතර කලවම් කරන් ගම්මිරිස් ටික එකතු කරගන්න.
- බැදගත්ත චිකන් ටික දාල හොඳට දැවටෙනකම් කලවම් කරන් ළූණු ටිකත් එකතු කරල විනාඩියක් විතර ලිපේ තියාගන්න. අන්තිමට ළූණු කොල ටික කලවම් කරන් ලිපෙන් ඉවත් කරගන්න.
Cover Image Source – delish.com
Leave a Reply