සමාජ ජාල භාවිතය ගැන සිංහලෙන් ලියැවුණු ගීත

sinhala songs about social media

උදේට නැගිට්ට ගමන් දත කට හෝදන්න, දොට්ට පිලට යන්න පුරුදු වුණු රටක වර්තමාන සාමාජිකයෝ වෙච්චි අපි අද පුරුදු වෙලා ඉන්නේ නිදිගැට කඩ කඩ නැගිට්ට ගමන් සෝෂල් මීඩියා අස්සේ අතරමං වෙන්න. ඒ තරමට ම ජීවිතයේ අනිවාර්‍ය තැනක් සමාජ ජාලවලට හිමිවෙලා තියනවා. මේ වෙනුවෙන් ම නිර්මාණය වුණ ගීත සාහිත්‍යයකුත් තියෙන්න පුළුවන් කියලා මේ තරම් මේවා අස්සට වෙලා ඉන්න ඔබට කල්පනා වෙලා තියනවද? ලෝකයේ බොහෝ රටවල නම් මේ වගේ දේවල් සාහිත්‍ය නිර්මාණවලට එකෙන්ම මාතෘකා වෙන ඒවා. අපේ රටේ ප්‍රවණතාව අතින් අඩු වුණත්, මේ ගැන ලියවුණ ගී තියනවා.

 

1. Facebook Chick – ඉරාජ් ft රුක්ෂාන් මාක්

sinhala songs about social media

Source – youtube.com

ෆේස්බුක් කියන්නේ කන දෙයක් ද බොන දෙයක් ද කියලාවත් ලංකාවේ සෙට් එක නොදන්නා කාලෙක ඉරාජ් අයියයි රුක්ෂාන් මාක් අයියයි එකතු වෙලා එළියට දාපු මේ සින්දුව ලොවෙත් හිට් එකක්. දැන් ඉරාජ්ගේ නිර්මාණ දැකලා හූල්ලන අය ආපස්සට හැරිලා බලද්දි හම්බවෙන සින්දු අතරේ උඩින් ම තියෙන සින්දුවක් තමයි මේ.

 

2. ඊ මේල් කවිකාරියේ

sinhala songs about social media

Source – youtube.com

අතුල අධිකාරි අදටත් අපි ආදරය කරන ගායකයෙක්. ඔහුගේ අහලා හුරුපුරුදු ගීත රටාවෙන් මිදිලා එළියට දාපු ගීතයක් තමයි මේ. ඒ දවස්වල කොල්ලො නිතර ම වගේ කියපු සින්දුවක්. මේකේ වීඩියෝ එකත් ලස්සනට ම තියෙනවා. ඊ මේල්වලිනුත් ලව් කරපු කොල්ලෝ ඉන්නවා කියන්නේ සෙල්ලම් ද ඉතින්.

 

3. ඔයාට සීතල ද – දුෂාන් ජයතිලක

sinhala songs about social media

Source – youtube.com

දුෂාන් ජයතිලක කියන්නේ වැඩ්ඩෙක්. වාදනයෙන් වගේ ම ගායනයෙන් අදටත් දක්ෂකම පෙන්වන ඔහුගේ ඔයාට සීතල ද ගීතය ජනප්‍රිය වුණේ ඒකේ තිබුණ අමුතු ම කික් එකට. අනික දැන් ඔය රටවල් දෙකක ඉඳන් ලව් කරන්න සිද්ධ වෙලා ඉන්න ඈයෝ ඉන්නවනේ. ඒ මිනිස්සු වෙනුවෙන් ජාතික ගීය වගේ තිබ්බේ මේක. එහෙම දුර ඉඳන් ප්‍රේම කරන්න වුණාම එකෙන් ම දෙයියා වගේ ළඟ ඉන්නේ සෝෂල් මීඩියා තමයි. මේ සින්දුවේ වීඩියෝ එකත් දෙන්නා වීඩියෝ කෝල් එකක් ගන්න අතරේ සිද්ධ වෙන්නේ. ඒ අස්සේ “ෆේස්බුක් එකේ කෙල්ලොත් එක්කලා මම නං චැට් කරේ නෑ” කියලත් කියනවනේ.

 

4. හින්දි වගේ – සුරේන්ද්‍ර පෙරේරා

sinhala songs about social media

Source – youtube.com

ෆේස්බුක් එකේ චැට් කරලා ආදර ලෝකේ දිනාගත්තු ප්‍රේමයක් ගැන කියන විනෝදෙට බර සින්දුවක්. රික්වෙස්ට්, බ්ලොක්, ඇඩ්මින්, චැට් වගේ ඔව්වට මෙව්වට අදාළ පාරිභාෂික වචන කන්දරාවක්ම මේකේ තියෙනවා. සමහරු සෑහෙන විවේචනය කළත්, සමහරුන්ට මේක වෙන ම ආතල් එකක්.

 

5. ෆේස්බුක් – ගයත්‍රි ඒකනායක

sinhala songs about social media

Source – youtube.com

 

තාක්ෂණේ කියන්නේ හොඳ දෙයක් තමයි. හැබැයි ඕක වැරදි විදියට පාවිච්චි වුණොත් වෙන්න තියන නරක ම දෙයත් ඒකමයි. කොළඹ විසාකා විද්‍යාලයේ සංගීත ආචාරිණී ගායනා කරන මේ ගීතය ෆේස්බුක් ගැන හැමදා ම කතා කරන පැත්තක් වඩාත් හොඳට දැනෙන්න ඉදිරිපත් කරනවා. ළමයින්ට විතරක් කරපු නිර්මාණයක් විදියට ගන්නේ නැතුව හැමෝම රස විඳින්න ඕනි නිර්මාණයක් තමයි මේ.

 

6. ෆේස්බුක් ආදරේ – RapZilla | රන්ධීර් විතාන

sinhala songs about social media

Source – youtube.com

ලංකාවේ රැප් කියන්නේ ලෝක විහිළුවක් කියලා හිතන අය RapZillaගේ රැප් අහලා නෑ. රන්ධීර් කියන්නේ නම් දක්ෂ කොලුවෙක් කියලා කවුරුත් දන්නවා. මේ දෙන්නාගේ ම එකතුවෙන් එළියට ආපු ෆේස්බුක් ආදරේ කියන්නේ කනට මී පැණි වක්කරන නිර්මාණයක්. රූප රචනාව ගත්තත් එහෙමයි.

 

7. රාණි මුඛර්ජි – සචිත් පීරිස්

sinhala songs about social media

Source – youtube.com

කාලයක් තිබ්බා මේ සින්දුව නිතර ම ඇහුණ. දැන් ඇහෙන්නේ ම නැති තරම්. ඒත් ඒ දවස්වල පාටිවල දී එහෙම නටන්න අනිවාර්‍යයෙන් ම සෙට් වෙන සින්දුවක් තමයි මේක. මේකෙත් සෝෂල් මීඩියා ගැන හෙම කියවෙනවනේ. වැඩිය ෆේස්බුක් ජනප්‍රිය නොවුණ යුගයක එළියට ඇවිත් “ෆේස්බුක් එකේ නිදල්ලා” වගේ පද පේළි ඇතුල් කරපු හින්දා ද මන්දා අපේ අයියලා පැය 24ම බුකිගත වෙලා ඉන්නේ.

තවත් මේ වගේ සින්දු ගැන මතක නම් අපිත් එක්ක බෙදාගන්න…

 
Cover Image Source – thelinkup.com
 

zvr
Your Reaction

Comments