බොලිවුඩයෙන් ආ හොඳම චරිතාපදාන චිත්‍රපට 7ක්

best bollywood biography movies in recent past

ලංකාවේ රජ කතා වගේ ඉන්දියාවේ දැන් චිත්‍රපටි රැල්ල වෙලා තියෙන්නෙ චරිතාපදාන චිත්‍රපට. එහෙමත් නැත්නම් බයෝපික් මූවීස්. හැබැයි ලංකාවේ රජ කතා වගේ නෙමෙයි මේ ඉන්දියානු චිත්‍රපටනම් කලාත්මක අතිනුත් ඉහළයි. ඒ වගේම වාණිජ අතිනුත් සාර්ථකයි. අපි මේ ඔබත් එක්ක කරුණු බෙදා හදාගන්න යන්නෙ එහෙම චරිතාපදාන සිනෙමා පට හතක් ගැනයි.

 

1. සන්ජු

best bollywood biography movies in recent past

Source – youtube.com

මතභේදාත්මක චරිතයක් තිබුණු නලුවෙක් වුණු සන්ජේ දත් ගේ චරිතය අළලා නිමැවුණු සන්ජු චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ රාජ් කුමාර් හිරාණි විසින්. මේකෙ සන්ජේ දත්ගේ චරිතය නිරූපණය කරන්නෙ රන්බීර් කපූර් විසිනුයි. රන්බීර් මේ චරිතයට අතිශය සාධාරණයක් ඉෂ්ට කර ඇති බව පේන්නෙ චිත්‍රපටය එළිදක්වපු දවසේ ඉඳන් තවමත් අඩුවක් නැතුව මේක බලන්න එන ප්‍රේක්ෂකයන් පිරිසත් එක්කයි. සන්ජේ දත් රංගනයෙන් දායක වුණු මුන්නා භායි චිත්‍රපටයේ දර්ශන පවා මේ චිත්‍රපටය වෙනුවෙන් ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා බොහොම අපූරුවට.

 

2. පැඩ්මෑන්

best bollywood biography movies in recent past

Source – youtube.com

ලක්ශ්මී ප්‍රසාද් කියන්නෙ අපි වැඩිය නොදන්න ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙක්. ඔහුගේ ව්‍යාපාර ජාලය අතරින් පළමු ව්‍යාපාරය වෙන්නේ කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය. ඔහු ඒ සඳහා අදහසක් පහළ කරගන්නේ තමන්ගේ බිරිඳ විවාහ වූ අලුත මාසික ඔසප් දිනයන්හි විඳින වේදනාව දැකලයි. එයින් මතුවූ අදහස ඔස්සේ යන ඔහු ඔහුගේම සනීපාරක්ෂක තුවා නිෂ්පාදනයක් හඳුන්වල දෙනවා. ඔහු මේක අරඹද්දී ඉන්දියාවේ නොදියුණු ගම්මානයක් වුණු ඔහු ජීවත් වුණු දකුණු ඉන්දියානු ගමේ මිනිස්සු ඔහුව සරදමට, හාස්‍යයට ලක් කරනවා. නමුත් ඔහු මේ ව්‍යාපාරය දියුණු කරනවා. දැන් ඔහු විශාල ව්‍යාපාර ජාලයක හිමිකරුවෙක්. මේ කතාව තමයි තිරයට නැගෙන්නෙ පැඩ් මෑන් නමින්. මෙහි ලක්ශ්මි ගේ චරිතයට පණ පොවන්නේ ආක්ශේ කුමාර්.

 

3. රාඊස්

best bollywood biography movies in recent past

Source – youtube.com

අබ්දුල් ලතීෆ් කියන්නෙ 80, 90 දශකවල ඉන්දියාව කලඹපු අතිශය භයානක ගණයෙහි ලා සැලකුණු දාමරිකයෙක්. හොරකම් කිරීම, මංපැහැරීම, හොරබඩු ජාවාරම, නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සහ බෙදාහැරීම, මිනීමැරීම වගේ එකී මෙකී නොකී හැම වැරැද්දකටම “අබ්දුල් ලතීෆ්” ව පොලීසියට උවමනා වෙලයි තිබුණේ. කියන හැටියට මිනීමැරුම් සීයකට පමණ ලතීෆ් දායකත්වය දීල තියෙනවලු. මේ අබ්දුල් ලතීෆ් පොලිස් වෙඩි පහරින් 1997 දි මරණයට පත් වෙනවා. මේ හා අතිශය සමාන කතාවක් සහිත චිත්‍රපටයක් 2017 අවුරුද්දෙ නිකුත් වෙනවා. ඒ රාඊස්. අබ්දුල්ගෙ ජීවිත කතාවත් රාඊස් ගෙ ජීවිත කතාවත් බැලූ බැල්මට බොහෝ සෙයින්ම සමානයි. මේ නිසාම අබ්දුල් ලතීෆ් ගෙ පුතා රාඊස් අධ්‍යක්ෂකවරයට එරෙහිව නඩුවක් පවරනවා තාත්තගෙ ජීවිත කතාව විකෘති කළ බව කියමින්. ඒත් අධ්‍යක්ෂකවරයා වුණු රාහුල් ධොලාකියා කියන්නේ මේක මනඃකල්පිත කතාවක් කියලයි. කතාව බලන ඔබට ඇත්ත නැත්ත හොයාගන්න එක බාරයි. රාඊස් චරිතයට පණ පොවන්නේ ශාරුක් ඛාන්.

 

4. එම්. එස්. දෝනි : දි අන්ටෝල්ඩ් ස්ටෝරි

best bollywood biography movies in recent past

Source – youtube.com

දෝනි කියන්නෙ ඉන්දියාවේ ක්‍රිකට් ලෝකයේ කිරුළු නොපලන් රජ්ජුරුවෝ කිවුවොත් නිවැරදියි. පරාර්ථකාමීත්වය, නවකයන්ට තැන දීම, කණ්ඩායම් හැඟීම, අධිෂ්ඨානය, නොසැලෙන ගුණය වගේ ගුණාංග වල එකතුවක් තමයි දෝනි කියන්නේ. දෝනි ගැන අපි දන්න කතාවට වඩා දෝනි ගැන අපි නොදන්න කතා ගොඩක් තියෙනවා. දෝනිගෙ ක්‍රිකට් ජීවිතය ආරම්භය, දෝනි දුම්රිය ප්‍රවේශ පත්‍ර එකතු කරන්නෙක් ලෙස සේවය කළ ආකාරය, දෝනිගේ ආදර කතාව ආදී මේ දේවල් ගැන දැනගන්නනම් ඔබට මේ චිත්‍රපටය බලන්නම වෙනවා. මෙහි දෝනිගේ චරිතය රඟපාන්නේ නවක නළු සුශාන්ත් සිං රාජ්පුත්.

 

5. සූර්මා

best bollywood biography movies in recent past

Source – youtube.com

සූර්මා කියන්නෙ ඉන්දියාව බිහිකරපු අති දක්ෂ හොකී ක්‍රීඩකයෙක් වෙන සන්දීප් සිං ගෙ යළි ඉපදීමේ කතාව. යළි ඉපදීම කියන්නෙ ඔහුගේ ක්‍රීඩා දිවිය ඇතුළේ යළි ඉපදීමේ කතාව. ඔහුගේ ක්‍රීඩා දිවිය මියයන්නේ 2006 වසරේ දුම්රියක සිදුවන වෙඩි තැබීමක් අතරතුර ඔහුට වෙඩි වැදීම නිසයි. ඒ හේතුව නිසා ඔහුට වසරක පමණ කාලයක් ශරීරයේ කොටසක් පණ නැතුව ඉන්න සිද්ධ වෙනවා. මේ සිදුවීමෙන් පසුව ඉන්දියානු රජය ඔහුව ලෙහෙසියෙන්ම අමතක කරනවා. නමුත් සන්දීප් තනිවම උත්සාහ කරලා, රෝගී තත්ත්වයෙන් මිදිලා නැවතත් කණ්ඩායමට එකතු වෙනවා. පසුව කණ්ඩායමේ නායකයා බවටත් පත් වෙනවා. මේ කතාව තමයි සූර්මා සිනමාපටය පුරාවටම දිවෙන්නේ. සූර්මාහි සන්දීප් විදිහට රඟපාන්නේ දිල්ජිත් දෝසන්ජ් කියන නවක රංගන ශිල්පියයි.

 

6. භාග් මිල්කා භාග්

best bollywood biography movies in recent past

Source – youtube.com

දුවන්න මිල්කා දුවන්න. මේක තමයි මේ නමේ තේරුම. දුවන්න කියලා මේ දිරිමත් කරන්නේ මිල්කා සිං වයි. මිල්කා සිං කියන්නේ ඉන්දියාව බිහිකරපු විශිෂ්ටතම මධ්‍යම දුර දුවන ක්‍රීඩකයෙක්. 1958 පොදුරද මඩුලු ක්‍රීඩා උළෙලේ යාර හාරසිය හතලිහ තරඟයේ රන් පදක්කම දිනන්නෙ ඔහු. ඒ වගේම ඒ කාලයේ ආසියානු තරඟාවලි හැම එකකම පාහේ රන් පදක්කම දිනන්න ඔහු සමත් වුණා. ඒ දක්වා ඔහු ආපු ගමන් මග විචිත්‍රවත්ව නිරූපණය වුණු මේ චිත්‍රපටයේ මිල්කා ගේ චරිතය රඟපාන්නේ ඉන්දියානු අති දක්ෂ රංගන ශිල්පියෙක් වන ෆර්හාන් අක්තාර්. ඔහුට මේ රංගනය සඳහා විශිෂ්ටතම නලුවාට හිමි ෆිල්ම් ෆෙයා සම්මානයත් ලැබෙනවා.

 

7. දංගල්

 

දංගල් කියන්නේ ඉන්දියානු සිනමාවේ ස්වර්ණමය සලකුණක් වුණු චරිතාපදාන සිනෙරුවක්. ඒකට හේතුව තමයි මේක ලබපු අතිශය සුවිසල් ආදායම එදා මෙදා තුර හින්දි සිනෙමාවේ වැඩිම ආදායම් වාර්තාවට හිමිකම් කීම. දංගල් කියන්නෙ දිරිය තාත්තා කෙනෙක් සහ දියණියන් දෙදෙනෙකුගේ කතාව. මේ තාත්ත තමයි මහාවීර් පොගට්. ඔහු ඉන්දියානු මල්ලවපොර ශූරයෙක්. නමුත් ඔහු බලාපොරොත්තු වුණ සිහිනයන් වෙතට ක්‍රීඩාවෙන් ළඟා වෙන්න ඔහුට බැරි වෙනවා. නමුත් ඔහු ඔහුගේ දූවරු සිවු දෙනාගෙන් දෙදෙනෙක්ට මල්ලවපොර පුහුණු කරනවා. ඒ ගීතා පොගට්ට සහ බබීතා කුමාරිට. මහවීර්ගේ පුහුණු කිරීම් අවසානයේ ගීතා 2010 පොදුරදමඩුලු රන් පදක්කමත්, බබීතා 2014 පොදුරදමඩුලු රන් පදක්කමත් දිනා ගැනීමට සමත් වෙනවා. මේ කතාව තමයි දංගල් හි දිවෙන්නේ. මේ දිරිය පියාගේ චරිතයට පණපොවන්නේ අමීර් ඛාන්.

මේ චිත්‍රපට අතරින් ඔබේ හිත දිනාගත්තෙ මොන චිත්‍රපටයද කියලා පහළින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.

 
Cover Image Source – youtube.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *