ගෑණු ළමයින්ට නම් අතපොවන මානෙ ඕන වෙන හැම දෙයක්ම දාගෙන යන්න පත හෑන්ඩ් බෑග් එකක් තියෙනව. ඒත් පිරිමි ළමයින්ට බොහෝවෙලාවට ඉතුරු වෙන්නෙ කලිසම් සාක්කු දෙකක් විතරයි. ඉතිං මේ දෙකේ තියෙන්නම ඕන අත්‍යවශ්‍යම දේවල් විතරයි. සල්ලි ඉතිං කොහොමත් හැමෝටම ඕන වෙන නිසා පිරිමි ළමයෙක් අනිවාර්යෙන්ම ළඟ තබාගත යුතු, බෑග් එකක් පාවිච්චි කරනවානම් ඉස්සරහා පොකට් එකේ තිබිය යුතු දේවල් ගැනයි මේ කතාව.
1. පොකට් නයිෆ් එකක්
මේක දැකපු ගමන් එහෙම එකක් මොකටද කියල අහන්න ගොඩක් දෙනෙකුට හිතේවි. ඒත් පොකට් නයිෆ් එකක් ඔයාලගෙ සාක්කුවෙ තිබුනොත් ඒක ඔයාලගෙ ජීවිතේ හැම දවසකම වගේ ප්‍රයෝජනවත් වේවි. ජීවිතේ කොච්චර අවස්ථා එනවද පාර්සලයක් ලිහන්න තියෙන, බැඳපු නූලක් කපලා දාන්න තියෙන. ඒ හැම වෙලාවකදිම අපි ඒ අවට තියෙන මොකක් හෝ දෙයකින් පිරිමහගෙන අපහසුවෙන් අදාළ වැඩේ කළත්, පොකට් නයිෆ් එකකින් ඒ හැම දේකටම ක්ෂණික විසඳුමක් ලැබෙන බවනම් කිව යුතුමයි.
2. ගුණාත්මක ඉයර්ෆෝන් දෙකක්
ගන්නංවාලෙ ගන්න ඉයර් ෆෝන් දෙකක් ගැන නෙමෙයි මේ කියන්නෙ. කොන්දොස්තර, දෙදරන ජනෙල්, අවට ආච්චිලා සහ ඇන්ටිලා වගේම බස් අජිත් එකතු වෙලා කෑ මොර දෙන පොදු ප්‍රවාහන අත්දැකීමකදි කොල්ලෙකුට අතිශය වැදගත් වෙන දෙයක් තමයි මේ නොයිස් කැන්සලේෂන් තියෙන ඉයර් ෆෝන් දෙකක් කියන්නෙ. ඒක සංගීත රසාස්වාදනය වෙනුවෙන්ම විතරක් නෙමෙයි, අවට ඝෝෂාකාරී ලෝකයෙන් මිදෙන්නත් කොල්ලෙකුට වැදගත්. සාමාන්‍යයෙන් නිදහසේ ඉන්න ලැබෙන ප්‍රවාහන කාලය අතරතුරේදිවත් සතුටක් සැනසීමක් ගේන්න මේ විදියෙ ඉයර්ෆෝන් හෝ හෙඩ් සෙට් එකකට පුළුවන්.
3. මවුත් වොෂ් එකක්
කොල්ලෙකුට මවුත් වොෂ් එකක් ඕන වෙන්නෙ ඇයි? කියල ඇහුවොත් ඒකට හේතු ගොඩක් තියෙනව. කොල්ලො මගට බැස්සම මොනවහරි බඩට දාගන්නව. ඔය විදියට කන සමහර දේවල්වල පොඩි පිළී සුවඳක් තියෙන්න පුළුවන්. අන්න එතනදි මවුත් වොෂ් එකක් වැදගත් වෙනවා. ඒ වගේම ප්ලේන්ටියක් ගහන ගමන් දුමක් දාන සමහරුන්ටත් ඒක ප්‍රයෝජනවත්. ඒ වගේම හවසට තමුන් කැමති තරුණියත් එක්ක බස් එකේ චැට් එකක් දාගෙන යනකොට ක්‍රෂ් එකට ෆ්‍රෙෂ් මින්ට් සුවඳක් එන එක හොඳයිනෙ සුදුළූණු ගඳකට වඩා.
4. කොන්ඩම් එකක්
මේක ගොඩක් අය විහිළුවක් විදියට දකින්න පුළුවන්. ඒත් ඔබේ පෙම්වතිය හෝ ඔබ නොසිතූ මොහොතක තරුණියක් ඔබ හා බැඳෙන්නට පුළුවන්. එවන් අවස්ථාවක ෆාමසි වෙත දුවන්නට කළබල වීම හෝ සුපර්මාකට් තුළ අතුරුදන් වන්නට වීම ඔබේ ඇති හදිස්සිය ඔබ කෙරෙන් ඉක්මනින් පළ කරනවා වැනියි. එනිසාමයි ඔබ සතුව කොන්ඩම් එකක් තිබීම වැදගත් වෙන්නේ. එය ඔබේ ආරක්ෂාව ගැන ඔබ තුළම ඇති පුරුද්ද ප්‍රකට කරවන ලක්ෂණයක්.
5. පවර්බෑන්ක් එකක්
කොල්ලෙක්ගෙ ස්මාට්ෆෝන් එකේ ස්ක්‍රීන් ඔන් ටයිම් එක සාමාන්‍යයෙන් වැඩි නිසා කොච්චර බලගතු බැටරියක් තිබුනත් ඉක්මනින් බැටරි බහින්නට ඉඩ තියෙනවා. ඒ නිසාම පවර් බෑන්ක් එකක් අතිශය ප්‍රයෝජනවත්. සාමාන්‍යයෙන් කොල්ලෙක් ස්මාට්ෆෝන් එකෙන් සෞන්දර්යාත්මක වින්දනයකට කාලය වෙන් කරනව වගේම, රැකියාවේ කටයුතුවලට, ආදර ජීවිතයටද ඉඩක් වෙන් කරන නිසා ෆෝන් එක අතරමැද ක්‍රියාවිරහිත වීම ප්‍රශ්නයක් වෙන්නට පුළුවන්. එනිසාම එයට විසඳුමක් තරුණයෙකුට අවශ්‍යමයි.
6. ලේන්සුවක්
සසර පුරුද්දට ඩෝං ගාලා කමිස අතෙන් මූණ පිහිදැම්මට පිළිවෙලට ඉද්දි ඔවුව කරන්න බැහැ. ඒ වගේම හචෝස් පාරක් සෙට් වුනොත්, කෑම කෑවට පස්සෙ අත පිහදාන්න, බස් එකේ සීට් එකට දාගෙන වාඩි වෙන්න වගේම කපුටෙක් ජරා කරපු වෙලාවකදි ලේන්සුවක අගේ කොල්ලෙකුට හොඳින්ම දැනෙනව. ඒ වගේ වෙලාවට මහමග ලේන්සු හොය හොය යන්නැතුව පෙර සූදානමක් ඇතුව යන එක වටිනවා.
7. ගැස්ට්‍රයිටීස්වලට ටැබ්ලට්
ඇයි අපි ගෑස් වලටම විශේෂයෙන් ටැබ්ලට් තියාගන්න කියන්නෙ? ඒකට ප්‍රධානම හේතුව තමයි ගැස්ට්‍රයිටීස් වැඩි වුනාම එන දරාගන්න අපහසු අමාරුව. සාමාන්‍යයෙන් කොල්ලෙකුට ගැස්ට්‍රයිටීස් තත්ත්වය ඉක්මනින්ම එන්න පුළුවන්. ඒකට හේතු ගොඩක් තියෙනවා. වෙලාවට නොකන නිසා, නිතරම බොන නිසා, තෙල්, පිටි, මිරිස් කන නිසා කොල්ලෙකුට ගෑස් අවදානම වැඩියි. අන්න ඒ නිසා ගැස්ට්‍රයිටීස්වලට පෙති දෙකක් අරගෙන නිතරම ළඟ තියාගන්න.
Cover Image Source – monthlymale.com
Leave a Reply