පොඩ්ඩෙකුට සෙල්ලම් බඩු අරන් දෙන්න කලින් මේ ගැනත් හිතන්න

things to concern before buying a toy

සාමාන්‍යයෙන් හොඳක් නරකක් නොතේරෙන, කිසි දෙයක් ගැන වගක් නැති පුංචි දරුවෙක් ඉන්න ගෙදරකට යනකොට ඕනම වැඩිහිටියෙක් ගෙනියන්නෙ මොනවද? සමහරු නම් චොකලට්. අනෙක් අය සෙල්ලං බඩු. දැන් සාමාන්‍යයෙන් අම්මලා සීනි ප්‍රශ්න නිසා පොඩි උන්ට චොකලට් නොදුන්නත්, සෙල්ලං බඩු කියන්නෙ ඉතිං පොඩ්ඩොන්ට කවදත් ඇතියි කියල නොහිතෙන දෙයක් නිසා ගොඩක් අය ගෙදරකට යද්දි සෙල්ලං බඩුවක් අරගෙන යනවා. හැබැයි එහෙම සිතූ පරිද්දෙන් සෙල්ලං බඩුවක් අරගෙන යන එක හොඳද? මේ කියන්න යන්නෙ ඒ විදියට සෙල්ලං බඩුවක් ගන්න කලින් හිතන්න ඕන දේවල් ගැනයි.

 

1. ආරක්ෂාකාරීයිද?

things to concern before buying a toy

Source – faithfullybeautiful.com

පොඩ්ඩෙකුට තෑග්ගක් දෙද්දි මුලින්ම හිතන්න ඕන දේ තමයි මේ. ඒ දෙන තෑග්ග පොඩ්ඩෙකුට දෙන්නට තරම් ආරක්ෂාකාරියිද කියන එක. එහෙම තෑග්ගක් හොයන්න ලේසි නෑ හැබැයි. සමහර තෑගි පොඩ්ඩො ගිලින්න ඉඩ තියෙනව. එහෙම ගිලින්න පුළුවන්ද කියන එකත් මුලින්ම බලන්න ඕන. මොකද සමහර සෙල්ලම් බඩු උගුරේ හිරවීමෙන් පොඩ්ඩොන්ට වෙච්ච නස්පැත්ති ගැන අපිට ඕන තරම් අහන්න ලැබිලා තියෙනවානෙ. ඊටපස්සෙ අනිවාර්යෙන්ම හිතන්න ඕන දේ තමයි මේකෙන් පොඩ්ඩො තුවාලයක් කරගනියිද කියන එක. ඒ කියන්නෙ මේ සෙල්ලං බඩුවෙ තියුණු උල් වගේ දේවල් තියෙනවද කියන එක. මේ දේවල් දෙක ගැන නම් අනිවාර්යෙන්ම හිතන්න ඕන.

 

2. විමසිලිමත් වෙන්න

things to concern before buying a toy

Source – forbes.com

සාමාන්‍යයෙන් ඔබ විසින් ‌පොඩ්ඩාට ලබාදෙන්නට සිතන තෑග්ග තරමක් මිල අධික තෑග්ගක් නම්, ඊට පෙර පොඩ්ඩාට එවැනි තෑග්ගක් ලැබී තියෙනවාද කියා සොයා බැලීම වටිනවා. උදාහරණෙකට ඔබ විසින් පොඩ්ඩෙකුට රුපියල් දසදහසක් පමණ වටිනා බයික් එකක් මිලදී ගෙන දෙනවානම්, ඊට පෙර අදාළ පොඩ්ඩාගේ දෙමවුපියන්ට කතා කර ඒ ගැන විමසා බැලීම වටිනවා. මොකද ඔබේ තෑග්ගෙන් සර්ප්‍රයිස් විය යුත්තේ ඒ පොඩ්ඩා මිස දෙමවුපියන් නොවෙයිනෙ. කොහොමත් දැනටත් පොඩි දරුවකු සතුව තියෙන තෑග්ගක් ඔබ විසින් ලබාදීම පොඩි එකාට වගේම ඔබටත් අපරාදයක් ලෙස හැඟෙන අවස්ථාවක් විය හැකියි.

 

3. කේන්ති පොඩ්ඩෙක් නම්?

things to concern before buying a toy

Source – sleepingshouldbeeasy.com

සාමාන්‍යයෙන් ඒ අදාළ පොඩි දරුවා අතට හසුවන බොහෝ දේ විසි කරන දරුවෙකු නම්, එය නිවැසියන්ට වගේම නිවසේ බඩු මුට්ටුවලටත් අහිතකර කාලයක් බව නොරහසක්. එවැනි පොඩ්ඩෙකුට ශක්තිමත් ලීවලින් සැදූ නිෂ්පාදන හෝ ඝනකම සෙල්ලම් බඩු ලබා නොදෙන තරමට එම නිවැසියන්ට එය වාසි සහගත වනු ඇති. ඒ නිසා ඔබ තෑග්ගක් ලබාදෙන පොඩ්ඩා එවන් පොඩ්ඩෙක් නම් ස්පොන්ජ් වලින් ආවරණිත නිෂ්පාදන ලබාදෙන්නට ඔබට හැකියි.

 

4. වයසට ගැලපෙනවද?

things to concern before buying a toy

Source – lazada.sg

පොඩ්ඩෙකුට තෑග්ගක් අරගෙන දෙන්නට කලින් ඒ තෑග්ග ඒ පොඩ්ඩාගේ වයසට ගැලපෙනවාද කියා බලන එකත් වැදගත්. බොහෝ නිෂ්පාදනවලනම් අදාළ වයස් කාණ්ඩය නම් කර තිබෙනවා. ඒ වයස් කාණ්ඩය නිවැරදි ලෙසින් තෝරාගැනීම අතිශය වැදගත්. දරුවාට පහළ වයස් කාණ්ඩයක යමක් දුන්නොත් එය දරුවාගේ මනසට කිසිඳු සුබවාදී දෙයක් නොකරන අතරම, ඉහළ වයස් කාණ්ඩයක යමක් ලබාදුනහොත් එය දරුවාට තේරුම් ගැනීමට අපහසු වේවි.

 

5. පොඩි එකා වැඩිපුරම කැමති මොනවටද?

things to concern before buying a toy

Source – step2.com

සාමාන්‍යයෙන් දරුවෙකුට තෑග්ගක් දෙන්නට කලින් දරුවා වැඩිපුරම කැමති මොනවගේ දේවල්වලටද කියලා අම්මා තාත්තාගෙන් අසා දැනගන්න එකත් වටිනවා. උදාහරණෙකට දරුවා වැඩිපුරම කැමති ක්‍රිකට් ආම්පන්නවලටද? කාර්වලටද? නැත්නම් සෙල්ලං ගෙවල් වැනි දේටද කියා හඳුනාගැනීම එම දරුවා සතුටු වෙන තත්ත්වයක්. එනිසා දරුවාගේ කැමැත්ත දැනගෙන සිටීමත් වැදගත්.

 

6. දරුවාගේ නිර්මාණශීලීත්වය

things to concern before buying a toy

Source – websterdesign.com

ඔබ විසින් ලබාදෙන තෑග්ගෙන් දරුවාගේ නිර්මාණශීලීත්වයට උදවුවක් කරනවාද කියාත් සැළකිලිමත් වෙන්න. උදාහරණයකට දරුවාට නිකම්ම බලාගෙන සිටින්නට තෑග්ගක් ලබාදෙනවාට වඩා දරුවාගේ මොළය වෙහෙසවන, දරුවාටත් එක්ව ක්‍රියාකාරකමක් සිදු කළ හැකි තෑග්ගක් දරුවාට දෙන්න.

 

7. අධ්‍යාපනික වටිනාකමක්

things to concern before buying a toy

Source – educationaltoysplanet.com

දරුවෙකුට දෙන හැම තෑග්ගකම අධ්‍යාපනික වටිනාකමක් තියෙන එක හොඳ වුනත්, හැම එකකින්ම ඒ දේ හොයන්න අමාරුයි. ඒ වුනත් හැකි තරමින් දරුවාට අලුත් දෙයක් ඉගෙන ගත හැකි හැඩ, අලුත් ක්‍රම, ඉලක්ක, නොයෙක් කුඩා දේවල්වලට අත හුරුවීම, ඉලක්කම් වැනි දේ වෙනුවෙන් වැඩි දැනුමක් පෙළඹවීමක් ඇති කරවන තෑගි දරුවාට දෙන්න පුළුවන් නම් හොඳයි.

Cover Image Source – amazon.in

Leave a Reply

Your email address will not be published. Required fields are marked *