ඔබේ අනාගත අවශ්‍යතාවයකට මුදල් ඉතිරි කරනවා නම් ඔබට ඒ වෙනුවෙන් සිදුකරන්නට හැකි පහසුම කාර්යය කුමක්ද? මාස් පතා යම් මුදලක් වෙනත් ඉතුරුම් ගිණුමක ඇරඹීම එයට හොඳ නිදසුනක්. නමුත් ඒ වෙනුවෙන් වැඩි පොළියක් දෙන, ඔබට අවශ්‍ය මුදල් ප්‍රමාණයට සරිලන ලෙස මාසික මුදල් ඉලක්කයක් ලබාදෙන ස්ථිරසාර විකල්පයක් ඔබට තියෙනවාද? ඔවු, එයට හොඳම නිදසුනක් ලෙසින් NDB Savings Planner ඉතුරුම් ගිණුම දක්වන්නට පුළුවන්. ඔබ සැබවින්ම ඉතිරි කළ යුත්තේ කුමක් අරබයාද? ඔබට ඉතුරුම් ගිණුම් දෙකක් තිබීමේ වාසිය කුමක්ද? යන්න පිළිබඳ අපි මින් පෙර කතා කළ නිසාම මේ සටහන 1979 සිට සාර්ථක ඉතිහාසයක් ඇති NDB බැංකුවේ Savings Planner හී මුදල් ඉතිරි කිරීමෙන් ඔබට ලැබෙන වාසි පිළිබඳවයි.
1. කැමති කාල පරාසයක්
වසරකුත් වසර 10කුත් අතරේ කැමති කාල පරාසයක් ඔබට මේ වෙනුවෙන් තෝරාගන්නට හැකියාව තියෙනවා. එය ඔබගේ අවශ්‍යතාවය මත ඔබට තීරණය කළ හැකියි. ඔබට අවුරුදු දෙකකින් යමක් මිලදීගැනීමට අවශ්‍යනම්, ඔබේ අදාළ මිල ගණන අනුව වසර දෙකකට කාල පරාසය සකසා ගත හැකියි. ඔබ සහ ඔබේ පෙම්වතිය එක්ව තවත් වසර පහකින් විවාහ වීමට බලාපොරොත්තු වෙනවානම් ඔබට ඒ අනුව කාල පරාසය සකසා ගත හැකියි. එසේම ඔබට මසකට ඉතිරි කරන්නට හැකි මුදල අනුවත් ඔබේ කාල පරාසය වෙනස් කරගන්නට හැකියාව තිබෙනවා.
2. මසකට නිශ්චිත ඉලක්කයක්
සැබවින්ම මුදල් ඉතිරි කරන්නට බොහෝදෙනෙකු මැළිවන්නේ ඒ වෙනුවෙන් නිශ්චිත ඉලක්කයක් නැති නිසායි. සැබවින්ම මිනිසුන්ට ඉතිරි කරන්නට යම් පෙළඹුමක් තිබිය යුතුයි. එම සුබවාදී පෙළඹවීම මෙම NDB Savings Planner ගිණුමෙන් ලැබෙනවා. එය ඔබට මසකට ඉතිරි කරන්නට යම් ඉලක්කයක් ලබාදෙනවා. එසේම මෙය වෙනම ඉතුරුම් ගිණුමක් ලෙසින් පැවතීම නිසා අනපේක්ෂිත වියදම් නොමැතිවීම් හිතට සහනයක් වේවි.
3. වැඩිම පොළිය
දැනට වෙළඳපොලේ වැඩිම ඉතුරුම් ගිණුම් පොළිය වන 9.75%ක් දක්වා වූ පොළියක් NDB Savings Planner වෙතින් ලබාදෙනවා. මෙය ඇතැම් ස්ථාවර ගිණුම්වලට පවා නොලැබෙන පොළී ප්‍රතිශතයක්. එනිසා සැබවින්ම මසකට වරක් මුදල් ඉතිරි කර ඔබට අවශ්‍ය කාලයේදී ඔබට අවශ්‍ය මුදල ලබාගැනීම වෙනුවෙන් පවත්වාගන්නා ගිණුමකට සාධනීය වාසි සහිත පොළියක් ලෙසින් මෙය දැක්විය හැකියි.
4. ගිණුම් තොරතුරු අතටම
ඔබේ ගිණුම මාසයකට වරක් යාවත්කාලීන වීම සාමාන්‍ය සිද්ධියක්. එසේ වූවා කියා ඒ පිළිබඳ දැනගැනීමට ඔබට ඒ වෙනුවෙන්ම බැංකුවකට දිවයෑමට සිදුවන්නේ නැහැ. ඔබට සරළවම NDB e-statement හරහා හෝ මොබයිල් බෑන්කින් හරහා ඔබේ ගිණුමේ යාවත්කාලීනයන් දැනගත හැකියි. ඔබේ ඉලක්කය පිළිබඳ විමසිලිමත් විය හැකියි. එය ඔබට ඉතිරි කිරීමේ ආශාව ඇති කරවනු නියතයි.
5. වැඩි මුදලකින් අරඹා අඩු මුදලක් ඉතිරි කරන්න
ඔබ අත සැළකිය යුතු මුදලක් ඉතිරි කර තිබෙනවා නම්, ඔබ මාස් පතා එක් සමාන මුදලක් දැමීමේ අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. ඔබට මාස් පතා දමන මුදල අඩු කරගැනීමට ඔබගේ පළමු මුදල් තැන්පත් කිරීම හරහා අවස්ථාව ලැබෙනවා. ඔබට සිදුකරන්නට ඇත්තේ රුපියල් ලක්ෂයක් හෝ ලක්ෂයේ ගුණාකාරයකින් ගිණුමට මුදල් එක් කිරීම ඇරඹීමයි. ඒ අනුව ඔබේ ඉලක්කයට යන්නට අවශ්‍ය මාසික ඉතුරුම ඔබට අඩු කරගත හැකියි.
6. වේගයෙන් දියුණුවන බැංකුවක්
NDB බැංකුව පිහිටුවා කෙටි කාලයකින් අතිශය සාර්ථකව ව්‍යාප්ත වූවා වගේම, හිතෛෂී ගනුදෙනුකරුවන් රැසක් හිමිකරගන්නටද සමත්වී තිබෙනවා. ඒ ඔවුන්ගේ හිතවත් කාර්ය මණ්ඩලය, කාර්යක්ෂම සේවය, වැඩි වාසි, නව තාක්ෂණය සහ සැමවිටම පාරිභෝගිකයාගේ පාර්ශවයෙන් සිතීමේ ගුණාංග නිසායි. එනිසාම වේගයෙන් දියුණු වන ශ්‍රී ලාංකික බැංකුවක් සමග ඔබේ බලාපොරොත්තුවේ ප්ලෑන් එක ගසන්නට මේ කාලයයි.
7. දරුවන් වෙනුවෙන්
NDB Savings Plannerට අමතරව ඔබේ තවත් අනිවාර්ය අනාගත වියදමක් විදියට ඔබට දරුවන්ට සිදුකරන්නට ඇති වියදම් දැක්විය හැකියි. NDB බැංකුව ඒ වෙනුවෙන්ද ඉතුරුම් ගිණුමක් හඳුන්වාදී තිබෙනවා. දරුවන් වෙනුවෙන් ඉතුරුම් සැළසුම් ඉලක්කය රුපියල් ලක්ෂ 2.5 සිට ලක්ෂ 100 දක්වා ලබාදෙන අතර, ඔබේ දරුවාගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන් දැන්ම සිට වෙහෙසෙන ඔබට මෙම NDB Children’s Savings Planner කදිම විසඳුමක් වනු ඇති.
Cover Image Source – ladystravelblog.com
Leave a Reply