පෙම්වතෙක් තම පෙම්වතියගෙන් දකින්නට අකමැති ගතිගුණ 7ක්

things boyfriends hate

එකිනෙකාට ඇතිවෙන ආකර්ශනයත් එක්ක ඇතිවෙන ආදර සම්බන්ධතාවයේ පැවැත්ම තීරණය වෙන්නෙ දෙන්නගෙ හැසිරීම, ඇවතුම් පැවතුම් එක්කනෙ… ඉතින් ඔය අතරෙ සමහර දේවල් තියෙනවා පෙම්වතා පෙම්වතිය තේරුම් ගනී කියලා හිතන, ඒත් කවදාවත් කෙලින්ම නොකියන.

මේ කතා කරන්නෙ අන්න ඒ වගේ පෙම්වතෙක් කෙලින්ම තමන්ගෙ පෙම්වතියට නොකීවත් ඔවුන් අකමැති ගැහැණු ළමයින්ගේ පුරුදුවලින් කිහිපයක්…

 

1. අන් අය සමඟ සම්බන්ධතාවයේ ගැටළු ගැන කතා කිරීම

things boyfriends hate

Source – rd.com

තමන්ගේ ප්‍රේම සම්බන්ධතාවයේ මතුවෙන ආරවුල්, මත ගැටුම් කොල්ලො සමාජය ඉස්සරහ කතා කරන්නේ හරි අඩුවෙන්. ගොඩාක් වෙලාවට කොල්ලො කරන්නෙ ඒ සිදුවීම හිත යට තියාගෙන විසඳුම් හොයන එක තමයි.

හැබැයි කෙල්ලො ටිකක් වෙනස් විදිහට තමයි මේ වෙලාවට හැසිරෙන්නේ. කෙල්ලො හරිම ඉක්මනට තමන්ගේ හැඟීම් ලෝකයට මුදා හරිනවා. ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දාලා හරි, ට්විටර්, වට්සැප් කරලා හරි, නැත්නම් යාලුවෙක්ට කෝල් එකක් දීලා හරි තමන්ගෙ පෙම්වතා සමග ඇතිවූ ආරවුලේ වේදනාව බෙදාගන්නවා. හැම කෙල්ලමත් මෙහෙම නෑ,, එත් ගොඩක් ගෑණු ළමයි මේ දේ කරනවා.

පෙම්වතිය මෙහෙම කරනවට නම් කොල්ලො කැමති නෑ… පිරිමි කොහොමත් තමන්ගේ අපිරිසිදු යට ඇඳුම් ප්‍රසිද්ධියේ හෝදන්න කැමති පිරිසක් නෙමෙයි කියනවනේ.

 

2. ඔහු ක්‍රීඩා කරන විට ඔබ දිගටම කතා කරනවානම්

things boyfriends hate

Source – wileyonmedia.com

ඔබේ පෙම්වතා ක්‍රීඩා කිරීමට බොහෝ ප්‍රියතාවක් දක්වනවාද? එවැනි පෙම්වතෙක් සිටින ඔබ දැනගතයුතුම කරුණක් මේ…

කොල්ලො අකමැතිම දෙයක් තමයි ක්‍රීඩාවක නිරත වෙලා ඉන්න වෙලාවට ඔහු සමග දිගින් දිගටම කතාවට එන එක. කණ්ඩායමක් විදිහට හරි, තනියම හරි ගේම් එකක් ප්ලේ කරන වෙලාවට ආදර සම්බන්ධතාවය හෝ පිටස්තර දෙයක් ඕපාදූපයක් උනත් කතා කරලා ඔහුගේ අවධානය බිඳිනවට කොල්ලො කොහොමත් කැමති නෑ,

කෙල්ලො විනෝදයට ක්‍රීඩා කළාට කොල්ලො හිත ඇතුළේ ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් තමා ක්‍රීඩා කරන්නේ. ඉතින් ඒ වගේ වෙලාවක ඔයාගෙ කතාවට හ්ම්ම්… හ්ම්ම්… වගේ පිළිතුරු තමා ලැබෙන්නෙ. ඒකෙන් ඔයාගෙ හිත රිදෙන්නත් පුළුවන් වගේම ඔයා දිගින් දිගටම කතාවට ගියොත් ඒක ඔහුට විශාල කරදරයක් වෙන්නත් පුලුවන්.

 

3. නිතරම පරණ සම්බන්ධතා සිහිපත් කිරීම

things boyfriends hate

Source – wikihow.com

කෙල්ලො දන්නවා තමන්ගේ පෙම්වතාගේ හිත සියුම් විදිහට රිදවන්න. ඒකට පාවිච්චි කරන එක විදිහක් තමා තමන්ගේ කලින් පෙම්වතුන්ගේ ගුණ කියවීම. එයා නම් එහෙම නෑ… එයා නම් ඒ වෙලාවෙ කරේ මෙහෙම… එයාටත් තිබුණා මේ විදිහේ ඇඳුමක් වගේ සිතා හෝ නොසිතා තමන්ගේ කෙල්ල පරණ සම්බන්ධතා ඇදලා අරන් කතා කරනවට කොල්ලො කොහෙත්ම කැමති නෑ…

ඒ වගේම තමා කෙල්ලො සමහර වෙලාවට කොල්ලගෙ පරණ කෙල්ලො ගැන හරිම විමසිල්ලෙන් ඉන්නෙ. පොඩි ඉඩක් ලැබෙනකම් ඉන්නෙ හොයාගත්තු විස්තර ඔක්කොම කියල දාන්න. ඔබත් මේ ගතිගුණ තියෙන පෙම්වතියක් නම් ඔන්න මතක තියාගන්න ඔහුගෙ කලින් සම්බන්ධතාවල කෙල්ලො ගැන කියව කියවා ඔහුට මානසිකව වධ දෙන එකටත් කොල්ලො නම් කැමති නෑ…

 

4. ඔහුටම වෙන්වුන කාලයක් නොදීම

things boyfriends hate

Source – dreamstime.com

පිරිමි කොහොමත් සමාජශීලි පිරිසක්නේ… කෙල්ලො තමන්ට හොඳම කියලා එක යෙහෙළියක් තෝරාගද්දි කොල්ලොන්ට ඉන්නවා යාලුවෝ සෙට් එකක්… අඩුම තරමින් ඒ සෙට් එකේ පස් හය දෙනෙක් නම් ෂුවර් ඉතින්.

කෙල්ලො කොහොමත් පැය විසිහතරම වුනත් කැමතිනෙ තමන්ගේ පෙම්වතා ළඟ ඉන්න, හුරතල් වෙන්න. කොල්ලො කෙල්ල ළඟ ඉන්නව වගේම තවත් ගොඩක් කැමතියි එයාටම කියලා වෙනම කාලයක් තියෙනවට. යාලුවො සෙට් එකත් එක්ක පොඩි රස්තියාදුවක යන්න, කට්ටිය එක්ක වාඩි වෙලා චැට් එකක් දාන්න, ඒකෙන් කොල්ලෙක් විඳින්නෙ ඇත්තටම කෙල්ලෙක්ට විස්තර කරන්න අමාරු සතුටක්.

ඉතින් කෙල්ල කොයි වෙලේත් කොල්ලගෙ නිදහස අහුරනවා නම්, ඔයා මා එක්ක විතරක්ම ඉන්න කියල ළඟම තියාගන්න හදනවා නම්, ඔන්න ඒකට නම් පෙම්වතුන් කැමැති වෙන්නෙ නෑ… ඔයත් මෙහෙම කරන පෙම්වතියක් නම් ඔන්න චුට්ටක් හිතුවොත් හොඳයි නේද මේ ගැන?

 

5. සූදානම් වීම සඳහා පැය ගණනක්

things boyfriends hate

Source – pinterest.com

කෙල්ලො කරන කොල්ලො අකමැති තවත් දෙයක් කියන්නද? ඒ තමා ගමනක් යන්න සුදානම් වෙද්දි පැය ගාණක් වෙලාව අරගන්න එක… මේකෙන් සිද්ධ වෙන්නෙ ඇත්තටම ඒ ගමනට ඔහු තුළ තිබුණ උනන්දුව හීන වෙලා යන එක. මොකද ගමනට කලින්ම ඔහුට සිද්ධ වෙනවනෙ පැය ගාණක් ඔහේ බලාගෙන ඉන්න.

අවසානෙ සිද්ධ වෙන්නෙ බොහෝ වෙලාවක් අරගෙන ඔබ දැමූ අලුත් කොණ්ඩ විලාසිතාවවත් ඔබගේ සුන්දරත්වයවත් ඔහුගෙ අවධානයට ලක් නොවී, ඔහු ඔබ ඉදිරියේ නොරිස්සුම්ව පසුවීම විතරයි.

ඉතින් ඔයත් නොසිතා හරි මෙහෙම කරනව නම් ඒ ගැනත් පොඩ්ඩක් හිතුවොත් හොඳයි නේද?

 

6. ඉඟි

things boyfriends hate

Source – flickr.com

තවත් දෙයක් තමයි මේ ගෑණු ළමයින්ගේ ඉඟි. කෙල්ලො ගොඩක් දේවල් කෙලින්ම කියන්නෙ නෑ. තමන්ට තෑග්ගක් විදිහට යමක් ඕනනම් පොඩි ඉඟියක් තමා දීලා බලන්නෙ. ඇත්තටම කොල්ලො හරිම දුර්වලයි මේ ගෑණු ඉඟි තේරුම් ගැනීමේදිනම්. කොල්ලන්ට මේ කෙල්ලොන්ගෙ ඉඟි අල්ලගන්න බැරිම තරම්

කොල්ලො කැමති කෙල්ල තමන්ට අවශ්‍ය දේ කෙලින් කියනවනම්. මොකද එතකොට ගෑණු ළමයට අවශ්‍යම දේ ගන්න කොල්ලෙක්ට පුලුවන්නේ…

 

7. පෙම්වතිය නිතරම තමන්ව වෙනස් කිරීමට උත්සාහ දැරීම

things boyfriends hate

Source – menhairstylesware.co

තමන්ගෙ පෙම්වතිය තමන්ව වෙනස් කරන්න හදන එකට පෙම්වතුන් වෛර කරන්නෙ නෑ. ඒත් කොල්ලො කැමති නෑ තමන් කැමති දේවල් වලින් තමන්ව ඈත් කරල, අකමැති දේවල් කරන්න තල්ලු කරනවට. ගෑණු ළමයා හැම තත්පරේම තමන්ව වෙනස් කරන්න උත්සාහ දරනවට.

“එහෙම කරන්න එපා”,”ඔහොම අඳින්න එපා”,”රැවුල වවන්න එපා”,”ඔච්චර මස් කන්න එපා, සැලඩ් කන්න”,”සටන් චිත්‍රපටි බලන්න එපා… ආදරණීය ඒවා බලන්න.”

ඇත්තටම සුරතල් සතෙක් හදාගන්න ගාණට තමන්ව හදාගන්න බලනවට නම් ඔවුන් කොහොමත් කැමති වෙන එකක් නෑ.

ඉතින් මේ කරුණු කිහිපයක් විතරයි. නොදැනුවත්ව හරි මේ වගේ දේවල් ඔයත් කරනවා නම් ඔන්න අද ඉඳන් උත්සාහ කරලා බලන්නකො මේ ගතිගුණ වෙනස් කරගන්න. ඔයාත් උත්සාහ කළොත් ඔයාගෙ පෙම්වතාගෙ ආදරේ හැමදාම නැවුම්ව ඔයා ළඟ තියාගන්න ඔයාටත් පුලුවන් වෙයි… 🙂

 
Cover Image Source – youtube.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *