ලංකාවේ සංගීත සංදර්ශන වේදිකාවට කාලෙන් කාලෙට අලුත් මූණු එනවා. ඒත් සමහර චරිත කොච්චර කාලයක් ගියත් අපේ රසිකයන්ට අමතක වෙන්නෙ නම් නෑ. අපි මේ කතා කරන්න යන්නේ මේ දවස් වල ලංකාවේ සංගීත සංදර්ශන වල වැඩියෙන්ම රසික ආදරය දිනා ගන්නා ගායක ගායිකාවෝ ගැනයි. බලන්නකෝ ඔබ කැමතිම කෙනත් මෙතන ඉන්නවද කියලා.
1. චාමර වීරසිංහ

Source – songchords4u.com
චාමර වීරසිංහ කියන්නෙ ඉතින් අති දක්ෂයෙක් නොවැ. ලංකාවේ ජනප්‍රියම පුද්ගලයාට හිමි සම්මානයත් අතට ගත්තු චාමර ඒ ජනප්‍රියත්වය ලබාගත්තෙ ඔහුගේ ගායන හැකියාව නිසා මිස වෙන කිසිම දෙයක් හන්දා නෙමෙයි. අනිත් ගායකයෝ වේදිකාවේ දඟල දඟල සින්දු කිවුවට චාමර තමන්ට සුපුරුදු විදිහට එක තැන ඉඳගෙන සින්දු ටික ලස්සනට කියලා මිනිස්සුන්ගෙ ආදරයත් දිනාගෙනයි වේදිකාවෙන් බැහැල යන්නේ. චාමරගේ “මතකයන් ඔබේ, සිතින් විතරක්, උඩවැඩියා මලක්” වගේ සින්දු වලට තවමත් වේදිකාවේ තියෙන්නෙ සුපිරිම තැනක්. චාමර පර්පල් රේන්ජ් බෑන්ඩ් එකේ සාමාජිකයෙක් විදිහට වගේම තනි ගායකයෙක් විදිහටත් ප්‍රසංග වලට සම්බන්ධ වෙනවා. චාමර කියන්නෙ දැන් ලංකාවේ සංගීත සංදර්ශන වේදිකා වල රජු කිවුවොත් මම වැරදි නැහැ.
2. ඉඳුනිල් අන්ද්‍රමාන

Source – srilankamirror.com
ඉඳුනිල් අන්ද්‍රමාන කියන්නෙත් පර්පල් රේන්ජ් කණ්ඩායමේම සාමාජිකයෙක්. විවිධ කාල වල ජීවිතේ විවිධ හැල හැප්පීම් වලට මූණ දෙන ඉඳුනිල් පසු කාලීනව සංගීත ක්ෂේත්‍රයේ ස්ථාවර වෙලා රසිකයන් අතරේ හොඳ තැනක් හදාගන්නට සමත් වෙනවා. පසු කාලීනව පැරණි ගායකයන්ගේ ගීත ගායනා කරන්න හොඳ ආදේශකයක් විදිහටත් ඉඳුනිල්ව හඳුනා ගන්න ලැබෙනවා. දැන් ආයිත් ප්‍රශ්න ටිකක හිර වෙලා ඉන්න ඉඳුනිල් ට ඉක්මනට ඒ ප්‍රශ්න ඉවර කරගෙන ගායනයෙන් අපිව පිනවන්න එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු.
3. සශිකා නිසංසලා

Source – youtube.com
තරුණ සේවා සභාවේ “තුරුණු ශක්ති” තරඟයෙන් සංගීත ලෝකයට පා තබන සශිකා අද වෙන කොට ලංකාවේ සංගීතය තුළ තමන්ගෙ ලකුණ තබලා ඉවරයි. එකම ආරකට හිර නොවී විවිධත්වයක් සහිත ගීත තෝරාගන්න සශිකාට ප්‍රසංග වේදිකාව තුළත් තියෙන්නේ ඉහළ පිලිගැනීමක්. තැන්පත් නිවුණු ස්වරයෙන් වේදිකාවේ තමන්ගේ ගීත ටික කියලා වේදිකාවට සමු දෙන තවත් කෙනෙක් තමයි සශිකා.
4. ධනපාල උඩවත්ත

Source – youtube.com
එදා මෙදා තුර සිංහල සංගීත වේදිකාවේ නොඅඩුව ප්‍රතිචාර ලබන්නෙක් තමයි ධනපාල උඩවත්ත කියන්නේ. එතුමගේ “මා ආදරණීය මගේ අම්මා වෙතටයි, ඈ නීල වරල පීරලා, කියයි මිහිරි කතා” වගේ ගීත වලට අද තරුණ පරම්පරාවෙත් ඉමහත් ආදරයක් තියෙනවා. ඒ වගේම ධනපාල උඩවත්ත එනවා කියලා කිවුවොත් සංගීතය බලන්න එන වැඩිහිටි රසිකයෝ විශාල ප්‍රමාණයකුත් ඉන්නවා.
5. සුසිල් ප්‍රනාන්දු

Source – chordify.net
සුසිල් ප්‍රනාන්දු කියන්නේ එම්. එස් ප්‍රනාන්දු මහත්මයගේ පුතා. ඇත්තටම කිවුවොත් වේදිකාවේ තවම ඉල්ලුම තියෙන්නෙ එම්. එස් ප්‍රනාන්දු මහත්තයටයි. කොහොම උනත් එම්. එස් ගේ ගීත ගායනා කිරීමේ කාර්යය හරියටම ඉෂ්ට කරන්නෙ සුසිල් ප්‍රනාන්දු කියලා රසිකයො බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. ඒ නිසයි සුසිල් ප්‍රනාන්දු මහත්මයට වේදිකාවේ තවමත් ඉහළ ඉල්ලුමක් තියෙන්නෙ.
6. අශාන් ප්‍රනාන්දු

Source – about.me
අශාන් ප්‍රනාන්දුට සංගීත වේදිකාවේ මේ වෙනකොට හොඳ තැනක් හැදිල තියෙනවා. අශාන් කියන්නෙ හොඳ තරුණ සංගීතවේදියෙක්. කොහොමවුනත් ඔහු පසුකාලීනව ගායනයට යොමු වුණා. ගායනා කරන්නේ බොළඳ පන්නයේ විරහ ගීත වුණත්, ඒ තුළින් ජනප්‍රිය වෙන්නත් දක්ෂයෙකුට මිස වෙන කෙනෙක්ට බෑ. අශාන්ගේ “නොලැබෙන සෙනෙහේ, සත්තයි” වගේ ගීත වලට තරුණ රසිකයන්ගේ දැඩි ඉල්ලුමක් තියෙනවා.
7. චාමර රණවක

Source – youtube.com
චාමර රණවක කියන්නේ රෙගේ සංගීතය තමන්ගේ ක්ෂේත්‍රය කරගත්තෙක්. ඒ වගේම චාමරගේ රෙගේ ගීත ලංකාවේ මිනිස්සුන්ගෙ එදිනෙදා ජීවිතෙත් එක්ක බොහොම සමීප වුණා. ජය ශ්‍රී ලගෙන් පස්සෙ රෙගේ කල්ට් එකක් ලංකාවේ හදන්න හේතු වුණේ චාමර රණවක තමයි. “කම්බි තාප්පෙට, වෙරළු ගෙඩි පැහෙන, ජැන්ඩි පහට, බැන්ජො රබන් සද්දෙ” වගේ ගීත වලට සංගීත රසිකයන්ගේ ඉහළ පිලිගැනීමක් තියෙනවා.
ඔබ කැමති ගායකයා හෝ ගායිකාව මේ අතරෙ ඉන්නවද..? එහෙම නැත්නම් ඔබේ ආදරේ දිනාගත්තු තරුවගෙ නම පහළින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.
Cover Image Source – lankabusinessonline.com
Leave a Reply