ලංකාවෙදි තනියෙන් යන්න පුළුවන් හොඳම සංචාර 7ක්

best destinations for single traveling in srilanka

පිරිසක් එකතු වෙලා සංචාරයක් කරන්න අපි හැමෝම සිහින මැවුවත්, ඒ බලාපොරොත්තු ඉටුවෙන අවස්ථා වලට වඩා මග හැරෙන අවස්ථා වැඩියි. හැමෝටම එක එක වැඩ. ඉතිං ගමනක් යන්න දවසක් දාගැනීමම ලොකු ප්‍රශ්නයක්. තනිවම ඇවිදීම අපිට නම් ටිකක් ආගන්තුක වුණත්, සුද්දන්ට නම් තනියෙන් යනවාය කියන්නේ තවත් එක සංචාරක විදියක් පමණයි. ලංකාවේ තනියෙන් යන්න හැකි තැන් ටිකක් ගැන අපි සොයාබලමු.

 

1. සිංහරාජේ

best destinations for single traveling in srilanka

Source – rainforest-ecolodge.com

සිංහරාජය කියන්නේ විශාල වනාන්තරයක්. නෙළුව දිහායින් වගේම දෙනියාය පැත්තෙනුත් නිල වශයෙන් වනයට ඇතුල්වෙන්නට හැකියාව තියෙනවා. සිංහරාජයට තනියම යනවා නම් ඒ යාබද ගමක ඉන්න ගයිඩ් මහතෙක් කතා කරගන්න එක වටිනවා. මේ ගයිඩ් මහත්වරු කියන්නෙ කැලේ ගහකොළ, සතා සීපාවා හොඳට අඳුනන අය. එයාල සත්තු ඉන්න තැන් හොඳට දන්නවා. ගහකොළ ගැන වුණත් හොඳ අවබෝධයක් ගොඩක් ගයිඩ් මහත්වරුන්ට තියෙනවා. තනියෙන් ගියාම ටිකක් සංචාරයේ මිල වැඩි වුණත්, වනයට යාබද තැනක හීන් තාලේ නවාතැන් අරගෙන, ඉන් පස්සෙ හිතේ හැටියට සංචාරයේ යෙදෙන්න තනියම ගියාම හැකියි. හොඳ ෆොටෝ වීඩියෝ මතකයන් වගේම දිය ඇලි සහ වතුරේ නාන අත්දැකීමුත් සිංහරාජ සවාරියකින් ලබාගන්නට හැකියි.

 

2. ඇල්ල රොක්ස්

best destinations for single traveling in srilanka

Source – saltinourhair.com

ඇල්ල කියන්නේ ලංකාවට පැමිණෙන බජට් සුද්දන්ගේ සුපිරිතම පොට් එකක්. ඇල්ල ගිහින් ඇවිදින්න ඕනි නැහැ. ටිකක් සීතල කාලෙක එළියට වෙලා පොතක් කියවන එකත් ඇල්ලේ දි ලබන්න පුලුවන් සැර අත්දැකීමක්. ටිකක් පහළට ගියාම හමුවෙන රාවණා ඇල්ල වැසි කාලයට බිහිසුණුයි. පායනකොට නම් රාවණ ඇල්ල සීතගේ සාරිය වගේ. හෙමින් බිමට හැලෙනවා. ඇල්ල දක්වා කෝච්චියේ යන්නත් පුලුවන්. ඇල්ලට කෝච්චියේ යෑම කියන්නෙත් ලැබිය යුතුම කෝච්චි ගමන් අත්දැකීමක්. ඇල්ල රොක්ස්, පුංචි සිරිපාදේ කෝච්චි ගමන, දොමෝදර ඇල්ල ගමනේදී හමුවෙන මතක සටහන්.

 

3. සදර්න් කෝස්ට් රෙස්ටින්

best destinations for single traveling in srilanka

Source – gadventures.com

කොළඹ, කොට්ටාව, කඩුවෙල, කඩවත, මාලඹේ දිහා ඉන්න අයට නම් දැන් තද ට්‍රැෆික් පහුකරලා ගෝල් ෆේස් එනවාට වඩා දකුණු වෙරළබඩ තීරයේ සංචාරය කිරීම පහසුයි. මිරිස්ස, වැලිගම, අහංගම වගේ පළාත් වගේම දැන් තංගල්ල, රන්න ආදී පළාත් වලත් සුවපහසු රෙස්ටෝරන්ට් සහ හෝටල් ටිකක් ලාබෙට හොයාගන්නට හැකියි. මුහුද කියන්නේ ඇතැම්විට ගොඩක් වෙලා බලා හිටියත් එපා වෙන්නේ නැති තැනක්. පහළ වෙරළබඩ ඇතැම් තැන්වල ධීවරයෝ සිය කර්මාන්ත කරනවා. දැල් අදිනවා. ඒවා බලං ඉඳීම වගේම දැලක් අදිනවා නම්, ඔරුවක් තල්ලු කරනවා නම් ඒකට සහයෝගය දැක්වීමත් හොඳ අත්දැකීමක්. කොග්ගල දිහා නම්, කොග්ගල ඔයේ, මඩොල් දූවේ සිරි නැරඹීම, මාදු ගඟේ බෝට්ටු සවාරි ආදියත් දකුණු වෙරළබඩ තීරයේදී හමු වෙනවා. හැමතිස්සේම ඇක්ටිවිටිම බලාගෙන යන්නේ නැතිව, ගිහින් දවසක් දෙකක් රෙස්ට් කරලා එන්නත් ලේසියෙන්ම පිවිසෙන්න පුලුවන් නිසා දකුණු වෙරළබඩ තීරය වැදගත් වෙනවා.

 

4. සර්ෆින් සමග ආරුගම්බේ

best destinations for single traveling in srilanka

Source – timeout.com

පොතුවිල් පානම පළාත තවමත් ජනගහනය එතරම් නැති පාලු ස්වභාවයක් තිබෙන පළාතක්. ආරුගම්බේ ගිහින් හදිසියෙ බොන්න එතනෝල් මධ්‍යසාර ටිකක් මිලදී ගන්නටත් ඇතැම්විට කිලෝමීටර කිහිපයක් ගෙවා යන්නට උවමනා කරනවා. පානම ආරුගම්බේ පළාතේදී, වනාන්තරය අවශ්‍ය නම් වනාන්තරයත්, මුහුද සහ කඩොලාන අවශ්‍ය නම් ඒ පරිසරයත් හිතේ හැටියට දැකබලාගන්නට හැකියි. පානම කුමන අභය භූමිය කලකදී සංචාරක පක්ෂීන්ගෙන් උතුරා යනවා. පානම කුමන පිවිසුමේදී මුවන්, මීමින්නන් හාවුන් වැනි සතුන් ද දැකබලාගන්නට හැකියි. මේ කලාපයේදී තනිව යන අයෙකුට මදක් මිල අධික වුවත්, සර්ෆින් පුරුදුවන්නටත් තැන් ගොඩක් තියෙනවා. තනිවම ගිහින් සතියක් දෙකක් වුණත් ගතකරලා, ස්කූටියක් අරගෙන වට පිටේ රවුමක් දාලා එන්න මේ පළාත මැක්සා.

 

5. හෝටන් ප්ලේන්ස්

best destinations for single traveling in srilanka

Source – albinger.me

හෝටන් තැන්නේ ලෝකාන්තයට පිවිසුම් දෙකයි. මේ දෙපසම කුලියට දෙන කුඩා නවාතැන් දැන් දැන් අන්තර්ජාලයෙන් වුණත් වෙන්කරගන්න හැකියි. උදේ පාන්දරම නැගිටලා, කුකුළා එන්නටත් කලින් එන විදෙස් සංචාරකයෝ නම් හෝටන් තැන්නේ ඉන්න කුරුල්ලෝ, ගෝන්නු දිහාට කැමරා මානන්නේ ඔවුන්ගේ මුතුන් මිත්තන් වනසතුන්ට තුවක්කු මෑනූ තැන් වලම හිටගෙන වෙන්නට ඇති. කොහොම වුණත් ලංකාවේ වනෝද්‍යාන අතුරින් සීතල ඇඟට දැනෙන තැනක් තමයි හෝටන් තැන්න. හෝටන් තැන්න දිගේ පයින්ම ගිහින් ලෝකාන්තයට යන එක ටිකක් කට්ට. දැන් ත්‍රීවිලර් සහ පොඩි වාහන මගින් ගමන් පහසුව සලසාගන්නට ඉඩකඩ තිබෙනවා. තනියම ගිහින් කැමරාවක් හෝ ෆෝන් එකක් අරගෙන හිතේ හැටියට ලෝකාන්තයත් හෝටන් තැන්නත් ෆොටෝ ගහගෙන ඇවිත් එෆ් බී දාන්න හැකි නම්? යාලුවන්ට ඉරිසියා කරන්න හිතෙන ලස්සන ෆොටෝ ටිකක් වේවි ඒවා.

 

6. කල්පිටිය

best destinations for single traveling in srilanka

Source – srilankadaytours.com

කල්පිටිය කියන්නේ තවමත් ජනප්‍රිය නොවූ, එහෙත් ලස්සන අතින් නම් ලංකාවේ අනෙක් කිසිම මුහුදු තීරයකට නොදෙවෙනි මනරම් වෙරළබඩ කලාපයක්. කල්පිටියේ තල්මසුන් වගේම කලපු ඩොල්ෆින් බැලීමත් සංචාරකයින් අතර ජනප්‍රියයි. කයිට් සර්ෆින් කරන්න නම් දවස් දෙක තුනක් වැඩේට කට්ට කාලා හුරුවන්න ඕනා. නිවැරදි හුලං හමන කාලයෙදි ගියොත්, කට්ටිය එක්ක එකතු වෙලා කයිට් සර්ෆින් පුරුදුවෙන්න කල්පිටියේ හෝටල ගණනාවකම පහසුකම් සලසනවා. කල්පිටියේ තනියම ගියත් පැමිණ සිටින සංචාරකයින් සමග එක්කාසු වෙලා ඩොල්ෆින් බැලීම්, දූපත් සවාරි ආදියේ යෙදෙන්නට හැකියි. බත්තලංගුණ්ඩුවට නම් සතියේ දිනවල දිනපතා බෝට්ටුවක් උදේ 8.30ට කල්පිටිය ධීවර වරායෙන් පිටත් වෙනවා. ඒ බෝට්ටුවේ ගිහින් එදාම එන්නත් හැකියි. තනියෙන් ගියත් මුස්ලිම්, දෙමළ, සිංහල ජනයා ඉන්න කල්පිටියේදි මිත්‍රශීලී ජනයා ඕනෑම සංචාරක කටයුත්තකට උදව් කරනවා.

 

7. නකල්ස් හුළුගඟ

best destinations for single traveling in srilanka

Source – flickr.com

නකල්ස් වල හුළුඟග පළාත මෝටර් සයිකලයකින් වගේ යනවා නම් නරඹන්නට දේවල් ගොඩක් තිබෙන පළාතක්. මනරම් දිය ඇලිම 5-6ක්ම එකිනෙක ආසන්නයේ තියෙනවා. වසරේ ඕනෑම කාලයකදී සෞම්‍ය කාලගුණයක් තිබෙන මේ නකල්ස් හුළුගඟ අන්තරයෙන් තරණය කළ හැකි කඳුද කිහිපයක්ම තියෙනවා. හොඳ මග පෙන්වන්නෙක් සොයාගන්නට හැකි නම් තනිවම ඔහු සමග එකතු වෙලා නකල්ස් කඳු නැග බැලීමත් හොඳ විනෝදයක් වේවි. නුවර සිට පැයකින් දෙකකින් පිවිසිය හැකි මේ නකල්ස් හුළුඟග පළාතේ දැන් අලුතින් කාමර සහ හෝටල ඉදිවෙමින් තිබෙනවා. මේ හුළුගඟ නකල්ස් වල නිල් කැටේ වගේ පිරිසිදු වතුර බහින දිය පහරවල් තිබුණත්, අනුමත තැන්වලින් පමණක් දිය නාගන්න පරෙස්සම් වීම අනිවාර්යයි. සංචාරකයින් ලෙස පැමිණ නාන්නට ගොස් විපතට පත් වූ අවස්ථා මේ පළාතේ මෑතකදීද අවස්ථා කිහිපයකදීම වාර්තා වී තිබෙනවා.

 

8. බය නැතුව තනියම වටේ යන්න

best destinations for single traveling in srilanka

Source – walkerstours.com

ලංකාව කියන්නේ විදේශිකයින් කියන විදියටම හරිම මිත්‍රශීලී මිනිසුන් සිටින රටක්. ඇතැම් අවස්ථාවලදී යම් යම් හේතුන් නිසා සංචාරකයින්ට ගම්වැසියන් වැරදි තොරතුරු දුන්නත්, හොයලා බලලා ගියොත් ලේසියෙන් දෙයක් වරදින්න හැකියාව ලංකාවෙදි අඩුයි. ගමනක් දෙකක් තනියම යද්දි අපි ටිකක් ඒ වැඩේට හුරු වෙනවා. එතකොට අපිට තනියම ගිහින් ගන්න විනෝදය ඇඟට දැනෙන්නට ගන්නවා. යාලුවන් ගැන හෝ සහකාරිය සහකාරයා ගැන හිතන්නේ, වාත වෙන්නේ නැතුව, අනික් අයගේ වගකීම් ගැන ලොකු ටච් එකක් නැතිව ගමනක් හිතේ සතුටින් අපේම ප්ලෑනකට ගිහින් එන්න අවස්ථාව තනියම යද්දි අපිට ලැබෙනවා.

Cover Image Source – iexplore.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *