ඔෆිස් එකෙන් කෙල්ලෙක් සෙට් කරගන්න එකේ අවාසි 7ක්

disadvantages of office affairs

සාමාන්‍යයෙන් ඔෆිස් එකෙන් කෙල්ලෙක් සෙට් වෙන එකේ එක වාසියයි තියෙන්නෙ. ඒ තමයි හැමදාම ඔෆිස් යන්න හිතෙන එක. ඒ ඇරෙන්න ඉතිං මහ වාසියක් නැහැ. අන්න ඒ නිසා තමයි අපි මේ අවාසි කතාව ලියන්නෙත්. හැමෝම ඔෆිස් එකකට ගිය ගමන් බලන්නෙ හිත ඇදිලා යන ලස්සන කෙල්ලො ඉන්නවද කියල. හැබැයි බලන්න ඕන හොඳ කෙල්ලො ඉන්නවද කියලයි. ගෲප් එකේ වැඩකරගෙන යන්න ලේසි, කේලං නොකියන, ලොක්කන්ට ගොට්ට අල්ලන්නෙ නැති කෙල්ලෙක් ඔෆිස් එකකට වාසනාවක්.

 

1. මලිත්ට ගැහුවම ඇයි චංචලා අඬන්නෙ?

disadvantages of office affairs

Source – cheatsheet.com/firstmet.com

මෙන්න මේ ප්‍රශ්නෙනං ඔෆිස්වල ඉන්න ලවු කපල් අතරේ තදින්ම දැනෙන ප්‍රශ්නයක්. උදාහරණෙකට මෙහෙම හිතමු. ඔන්න කෙල්ලගෙ වැරදි නිසා ලොක්කා විසින් කෙල්ලට බනිනවා. ඉතිං තමුන්ගෙ පෙම්වතිය බොසාගෙන් බැනුම් අහලා ඉද්දි ඕනම කොල්ලෙකුට ටිකක් අවුල්නෙ. ඉතිං කොල්ලටත් සමහර වෙලාවට ලොක්කට මුහුණ දෙන්න බෑ. ලොක්ක වුනත් මේ දෙන්නගෙ ලවු එක දන්නවනම් ඒ වෙනුවෙන් සාමාන්‍ය ක්‍රියාමාර්ගයකට යොමු වෙන්න කලින් තරමක් මානුෂීයව හිතන්න ඉඩ තියෙනවා. අන්න ඒ නිසා ඔෆිස් එකක පාලනයටත් මේ විදියෙ ලවු සීන් එකක් ටිකක් නරක බලපෑමක් කරනව.

 

2. ගෙදර ගිනි

disadvantages of office affairs

Source – shutterstock.com

ලවු කරන ජෝඩුවල වලි යන එක සාමාන්‍ය තත්ත්වයක්. ඒ දේ සාමාන්‍යයෙන් සිද්ධ වෙන්න පුළුවන් තත්ත්වයක්. හැබැයි එහෙම තත්ත්වයක් එකම ඔෆිස් එකක වැඩ කරන කපල් එකකට එද්දි ඒක නරක විදියකට බලපාන්න ඉඩ තියෙනවා. උදාහරණෙකට අපිට හිතන්න පුළුවන් දෙන්නටම ඔෆිස් එකේදි එකම ටීම් එකේ වැඩ කරන්න සිද්ධ වුණොත් මේ වගේ වෙලාවකට දෙදෙනාට වැඩ කරද්දි සිද්ධ වෙන අපහසුව. ඒ අපහසුව කෙලින්ම බලපාන්නෙ ඔෆිස් එකට.

 

3. ඔෆිස් ගිනි

disadvantages of office affairs

Source – pulselive.co.ke

ඔෆිස් ඇතුළෙ උවමනා තරම් ප්‍රශ්න තියෙනව. කණ්ඩායම් බද්ධව වගේම පුද්ගල බද්ධවත් මේ ප්‍රශ්න උඩ ගහන්නට පුළුවන්. මේ දේවල්වලට ක්ෂණික විසඳුම් නොලැබී ගෙදර යන්න සිද්ධ වුණොත් අන්න ඒක මේ කියන කාර්යාල පෙම්වත් ජෝඩුවේ ආදරයටත් නරක බලපෑමක් සිද්ධ කරන තත්ත්වයක්. ඇයි ඉතිං ඔෆිස් එකේ ප්‍රශ්නෙකට ආදරේ කරන්න තියෙන වෙලාවෙ කාලය නාස්ති කරන්න සිද්ධ වෙනවානෙ. ඒ මදිවට මූණවල් හුඹස් වගේ කරගෙන ඉන්නත් සිද්ධ වෙනවා. ආපහු ඔෆිස් ගිහින් මේ ප්‍රශ්න විසඳුනත්, එයින් ඇතිවෙච්ච පෙම්වත් ප්‍රශ්න නම් එච්චර ඉක්මනට විසඳෙන්නෙ නැතිවෙයි.

 

4. ගෑණි නිසා-මිනිහා නිසා

disadvantages of office affairs

Source – howardies.com

මිනිස්සු මිනිස්සු අතරෙ තියෙන සම්බන්ධතාත් මේ වැඩේට නරක විදියට බලපාන්න පුළුවන්. ඇයි අපි එහෙම කියන්නෙ? ඇත්තටම ගර්ල්ෆ්‍රෙන්ඩ්ට සිද්ධ වෙන මොකක් හෝ අවුලක් නිසා ඔෆිස් එකේ තවත් කෙල්ලෙක් එක්ත තරහ වුණොත්, තමුන්ගෙ පෙම්වතා ඒ කෙල්ලත් එක්ක සතුටින් හිනා වෙවී කතා කර කර ඉන්නව දකින්න ඒ ගැහැණිය සූදානම්ද? නැහැනේ… නැහැනේ… හැබැයි ඔෆිස් එකකදි හැමෝම එකට වැඩ කරද්දි අනෙකෙකුගෙ ආරවුලක් නිසා මූණු අවුල් කරගෙන ඉන්න පුළුවන්ද? බැහැනේ… බැහැනේ… කොල්ලොන්‌ගෙ පාර්ශවයටත් ඕක ඔහොම්මමයි.

 

5. ධූරාවලි වෙනස් නම්?

disadvantages of office affairs

Source – telegraph.co.uk

කාර්යාලයක ධූරාවලි තියෙනවනෙ. ඔය කියන ධූරාවලි ක්‍රමවේදයට යටත් වෙන්න ඕනම කෙනෙකුට සිද්ධ වෙනවා. අන්න ඒ ධූරාවලි ක්‍රමවේදය යටතේ ආද‌රය කරන ජෝඩුව ලෙවල් දෙකක ඉන්නවානම් එතනදිත් පොඩි පොඩි ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්. උදාහරණයකට පොදුවේ වැරැද්දකට පහළ ලෙවල් එකට දොස් කියන්න ලොක්කෙක් විදියට අපහසු වීම, තමන් ආදරය කරන කෙනාට වැඩි සැළකිලි දක්වනවා කියා ඉහළින් දොස් නැගීම සිද්ධ වෙන්න පුළුවන්.

 

6. ඉක්මනින් කේලාම් යුද්ධයට හසුවීම

disadvantages of office affairs

Source – socialidentitynetwork.com

ඔෆිස් කියන්නෙ කේලං ගුහාවල් කියල අමුතුවෙන් මතක් කරන්න ඕන නැහැනෙ. ලවු කරන ජෝඩුවක් ඕකෙ ඉන්නව කියන්නෙ කෙල්ලන්ගෙ පෞද්ගලික කතා කොල්ලන්ගෙ පැත්තට ඉක්මනින්ම යනවා වගේම, කොල්ලන්ගෙ පැත්තෙ කතා කෙල්ලන්ටත් ඉක්මනින්ම යනවා. හැබැයි ඕක මේ කියන ආදර ජෝඩුවටත් අදාළයි. මොකද ඒ දෙන්නට විරුද්ධවත් මේ කියන කේලම් යුද්ධය ක්‍රියාත්මක වෙනවා. අනික දෙන්නම එකම තැන ඉන්න නිසා මේකට ලක්වෙන්න තියෙන ඉඩකඩත් වැඩියි.

 

7. අහන්න වෙන කතා

disadvantages of office affairs

Source – youtube.com

කොච්චර හොඳින් වැඩ කරගෙන, පිළිවෙලට හිටියත් ඔෆිස් එ‌කකදි කතා අහන්න වෙනවාම තමයි. මොකද වැඩක් නොකරන පිරිසත් වැඩියිනෙ. අන්න එහෙම වෙද්දි දෙන්නම එකට එක ඔෆිස් එකේ ඉඳන් ලවු කරද්දි අහන්න වෙන කතා ප්‍රමාණය වැඩියි. වැඩක් අතපසු වුනත් කොහෙද ඉතිං ඕකුන් දෙන්න වෙනිං සිහියකනෙ වගේ කතා අහන්න වෙනව. දෙන්නටම එකම දවසෙ නිවාඩුවක් දාන්න සිද්ධ වුනත් ඒකටත් කතා අහන්න සිද්ධ වෙනවා. ආයෙ ඉතිං සිද්ධ වෙන සුළු සිද්ධියක් ගාණෙ කතා අහන්න වෙනවාමයි.

 
Cover Image Source – cxg.wikia.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *