ක්ලාසි කොල්ලෙක් විදියට පේන්න ඉන්න පාඩම් මාලාවක් අපෙන්!

how to be a classy guy

සාමාන්‍යයෙන් අපිට ඔය ක්ලාස් එක ගැන සෑහෙන්න අහන්න ලැබෙනවනේ. “ක්ලාස් එකක් තියාගෙන වැඩ කරන්න”, “තර්ඩ් ක්ලාස් වෙන්න එපා” වගේ දේවල් වලින් අපිට තේරෙන්න ගන්නවා මේ ක්ලාස් එක කියන්නේ සමාජ පංතිය වගේ මොකක් හරි එකක් වෙන්න ඕන කියලා. ඒ කියන්නේ උසස් පංතියේ අය සහ තුන්වෙනි පංතියේ අය. ඔය මැදත් සමහර වෙලාවට ක්ලාස් කීපයක්ම තියෙන්න පුලුවන්. හැබැයි ඔය කතා වලින් අපිට තේරෙන්න පටන් ගන්නවා මේ ක්ලාස් එක කියන්නේ තමන්ට ඇති කරගන්න පුලුවන් එකක් කියලත්. ඉතින් ක්ලාසි වෙන්න, එහෙම නැතිනම් හොඳ ක්ලාස් එකක් තියෙන මනුස්සයෙක් වෙන්න ගතිගුණ වලින්, පෞරුෂත්වයෙන් නිර්මාණය වෙන්න ඕන සෑහෙන්න දේවල් තියෙනවා. ඊට අමතරව ඇඳුමෙන් පැළඳුමෙන් ක්ලාස් එක හදාගන්න බැරිද? ආන්න ඒ ක්ලාස් එක හදාගන්න විදිය ගැන තමයි මේ කතා කරන්න යන්නේ.

 

1. හරි විදියේ ප්‍රොෆෙෂනල් ඇඳුම් පැළඳුම්

how to be a classy guy

Source – outfittrends.com

මේක අපි මීට කලිනුත් කථා කරලා තියෙනවා. පුලුවන් නම් විලාසිතා කරන්න පුලුවන් විදියේ ශරීරයක් නිර්මාණය කරගන්න. මේක කාටවත් බැරි වැඩක් නෙවෙයි. එහෙම නැතිනම් ඇ‍ඟේ ස්වරූපයට ගැලපෙන විදියට විලාසිතා කරන්න.

ක්ලාසි විදියට අඳින පළඳිනවා කියන්නේ ගෙවල් උකස් කරන්න වෙන විදියේ මිලෙන් අධික ඇඳුම් පැළඳුම් පාවිච්චි කරන එක නෙවෙයි. ක්ලාසි ඇඳුම් පිටකො‍ටුවේ හාරසීයට දෙකයි අට්ටියකින් ගන්න බැහැ, ඒක හරි. හැබැයි හොඳ බ්‍රෑන්ඩ් එකක, හොඳ විලාසිතාවක ඇඳුමක් ගන්න ටිකක් වැඩි මුදලක් යට කළාට පාඩු නැහැ.

ස්ලිම් ‍ෆිට් ඇඳුම් හොඳ විකල්පයක්. තමන්ගේ ඇඟට පමණට වඩා ලොකු හෝ පමණට වඩා හිර ඇඳුම් වලින් වගේ චීප් ලුක් එකක් එන්නෙ නෑ වෙන මොකකින්වත්, අන්න ඒ නිසා. එතකොට ඒ ඇඳුම හොඳ මැටීරියල් එකකින් නිර්මාණය වෙලා තිබීමත්, ගැලපෙන ෆැෂන් එකකින් තිබීමත් ඒ වගේම වැදගත්.

 

2. හරි විදියේ සපත්තු

how to be a classy guy

Source – peakofman.com

සපත්තු කුට්ටමකින් තමන්ගේ ක්ලාස් එක ඉහළ දාන්නත්, පහළ දාන්නත් පුලුවන් කියන එක මතක තියාගන්න ඕනා. ඔ‍ෆිස් කිට් එකට ඩෙක් ෂූස් දාන එකේ ඉඳලා තමන්ගේ ඇඟට වඩා ලොකුවට පේන ස්පෝට්ස් ෂූස් දාන එක දක්වා දේවලින් ඒ ක්ලාස් එක පහත දාන්න පුලුවන්. ඒ වගේම තමයි කැපී පේන විදියේ වටිනාකමක් පේන ඒත් ඒ වගේම සරල පෙනුමක් තියෙන සපත්තු කුට්ටමකින් ඒ ක්ලාස් එක ඉහළ දාන එක සිම්පල් වැඩක්.

සපත්තු විතරක් නෙවෙයි, මේස් වුනත් ඒ විදියට ‍තෝරලා බලලා තමයි ගන්න ඕන. ඒ වගේම සපත්තු කැපී පේන්න හරි විදියේ ෆෝල්ඩ් එකක් සහ නියම දිගකින් යුතු කලිසමක් අඳින එකත් වැදගත්.

 

3. හරි විදියට කැෂුවල් ඇඳුම් ‍තෝරගන්න

how to be a classy guy

Source – outfitideashq.com

ක්ලාස් එකක් තියෙන ජෙන්ට්ල්මන්ස් කෙනෙක් කිවුවහම හැම වෙලේම හිතට එන්නේ ටයි කෝට් දාගත්තු කොල්ලෙක්වද? එහෙමනම් ඒ චිත්ත රූපය වැරදියි. ඩෙනිම් කලිසමයි ටී ෂර්ට් එකයි ඇඳලත් හොඳ ක්ලාස් එකක් තියෙන පෙනුමක් ඉස්මතු කරගන්න පුලුවන්. උදාහරණයක් විදියට අපි කියමු වටින කියන පෙනුමක් තියෙන ස්ලිම් ‍ෆිට් ඩෙනිමක් එක්ක තනි කළු පෝලෝ ෂර්ට් එකක් සහ ඒකට ගැලපෙන ස්වෙඩ් සපත්තු කුට්ටමක් කියලා. අන්න ක්ලාසි පෙනුම. දැන් සුදු වෙච්ච ඩෙනිමකින් හරි හැම තැනම ඉරිලා තියෙන පැච් ඩෙනිමකින් හරි ඒ ක්ලාසි පෙනුම ගන්න පුලුවන්ද? එහෙම නැතිනම් ඉස්සරහයි පිටිපස්සෙයි රූප පුරවලා තියෙන බැගී ටී ෂර්ට් එකකින් ඒ ක්ලාසි පෙනුම ගන්න පුලුවන්ද? බැහැ.

 

4. ජෙන්ට්ල්මන් කෙනෙක්ට ගැලපෙන අමතර බඩු භාණ්ඩ

how to be a classy guy

Source – jolabe.com

අපි ගමු ඉණේ බඳින පටියක්. කීයෙන් කී දෙනාද තමන්ගේ ඇඳුමට ගැලපෙන විදියේ පටියක් භාවිතා කරන්නේ? සමහරු ප්‍රොෆෙෂනල් කිට් එකට දාන්නෙත් තඩි යකඩ බකල් තියෙන පටි, එහෙම නැතිනම් රෙදි වලින් හදපු පටි. හොඳම දේ තමයි චාම් ඒත් වටිනා පෙනුමක් තියෙන ලෙදර් පටියක් හෝ දෙකක් වර්ණ දෙකකින් තියාගැනීම. මේ වර්ණ දෙක කළු සහ දුඹුරු වෙන තරමට වාසියි.

how to be a classy guy

Source – wallet.saskfoods.com

දෙවෙනුව වොලට්‍ටු නැතිනම් මුදල් පසුම්බි. ගොඩක් දෙනෙක්ගේ වොලට්‍ටුව බැලුවොත් ඒක පිටිපස්සේ කලිසම් සාක්කුවෙන් පිම්බිලා පේනවා. ඒක ක්ලාස් එකක් නැහැයි කියන උදාහරණයක් කියලා කියන එක වැරදි නැහැ. මුලින්ම වොලට්‍ටුවක් ගන්න කොට හැකිතරම් සිහින් පෙනුමක් තියෙන වොලට්‍ටුවක් ගන්න සැලකිලිමත් වෙන්න ඕන. දෙවෙනුව ඒ වොලට්‍ටුවට රටේ නැති දේවල් ඔබන්නේ නැතුව අත්‍යාවශ්‍ය දේ විතරක් දාගන්න ඕන. තමන්ගේ ක්‍රෙඩිට්, ඩෙබිට් කාඩ්පත්, හැඳුනුම්පත් සහ මුදල් වොලට්‍ටුවක තිබුණහම හොඳටෝම ඇති. මොනවා හරි අත්‍යාවශ්‍ය බිල්පත් තියෙනවා නම් ඒවා දාගන්න අර වහන්න පුලුවන් නෝට්පොතක් ගන්න. තමන්ගේ බිස්නස් කාඩ් දාගන්න බිස්නස් කාඩ් හෝල්ඩරයක් ගන්න. මේ විදියට අවශ්‍ය වැඩේට ගැලපෙන කළමණා උපාංග ළඟ තියෙන එකත් ක්ලාස් එකේ ලකුණක්.

how to be a classy guy

Source – aliexpress.com

ඒ වගේම තමයි රටේ නැති තරම් යකඩ කෑලි බෙල්ලේ සහ අත් වල එල්ල ගන්න එකෙන් ක්ලාස් එක ක්ෂණයකින් පහත වැටෙනවා. පාවිච්චි කරන්න අරුමෝසම් නැති හොඳ අත් ඔරලෝසුවක්. වළල්ලක් හෝ මොන්ඩියල් එකක් දාන්න ඕනෑ නම් සරල ඒත් වටින පෙනුමක් තියෙන එකක්. අනික අත පිරෙන්න පිරිත් නූල් නැතිනම් දේවාල නූල් බැඳගෙන ඉන්න එකත් ක්ලාස් එකක් නැහැයි කියන්න හොඳ නිදර්ශනයක්. පිරිත් නූලක් නම් අතේ තියෙන්න ඕන එක පිරිත් නූලයිනේ.

 

5. ක්ලාස් එකට සුවඳ තියෙන්නත් ඕනා

how to be a classy guy

Source – snapdeal.com

මේ ගැනත් අපි කලින් කියලා තියෙනවා. ක්ලාස් එකක් තියෙන මනුස්සයෙක් මුලින්ම තමන්ගේ ශරීර සුවතාවය ගැන, ස්වස්ථතාවය ගැන උනන්දු වෙනවා. ඒ කියන්නේ නා කියාගෙන පිරිසිදුවට ඉන්න එක. එතකොට ඒකට නියම විදියේ බොඩි වොෂ් එකක්, ෂැම්පු, කන්ඩිෂනර් වගේ දේවල් පාවිච්චි කරනවා. ඉන් පස්සේ වටිනා වර්ගයක සුවඳ විලවුන් වර්ගයක්, බොඩි ස්ප්‍රේ එකක්, ඩියෝඩ්‍රන්ට් එකක් එහෙමත් ක්ලාසි මනුස්සයෙක් පාවිච්චි කරනවා.

මේ සුවඳ කියන එක ක්ලාස් එකට ඉතාම වැදගත්. ඒ නිසා තමයි හරි විදියේ නියම සුවඳක් තියෙන සුවඳ විලවුන් වර්ගයක් ටිකක් වැඩි මුදලක් දීලා පාවිච්චි කළත් කමක් නැහැයි කියන්නේ. අනික සුවඳ විලවුන් නාගෙන යනවා කියන්නේ ක්ලාස් එකක් නැහැයි කියන එක. සුවඳ විලවුන් ගන්ධය දැනෙන්න ඕන තමන්ගේ ශරීරයෙන් එන සුවඳත් එක්ක මිශ්‍ර වෙලා බොහොම සියුම් විදියට. අන්න එතකොටයි ක්ලාස් එක. එහෙම නැතුව නහය කඩාගෙන යන විදියේ ලාබ සුවඳ විලවුන් ඇඟ පුරා හලාගෙන යන එක නෙවෙයි.

 

6. තේමාව මොකක් වුනත් ක්ලාස් එකයි වැදගත්!

how to be a classy guy

Source – betterlookeshop.co.uk

නියම ක්ලාස් එකක් තියෙන ජෙන්ට්ල්මන් කෙනෙක්ගේ ඇඳුමේ පැළඳුමේ ඉතාම පුංචි කරුණ දක්වා විශේෂ සැලකිල්ලකින් ‍තෝරාගෙන තියෙන බව බැලූ බැල්මට ඕනෑම කෙනෙක්ට පේනවා.

ෆුල් සූට් එකක් ඇන්දහම ඒකට ගැලපෙන කෆ් ලින්ක්ස්, ටයි පින් වගේ දේවල් වුණත් ක්ලාසි කොල්ලෙක් ‍තෝරගන්නේ ඇඳුමට ගැලපෙන සහ අර්ථයක් තියෙන විදියට.

ඒ වගේම තමයි ඇඳුම කොයි තරම් සරල වුණත්, තේමාවකින් යුක්ත වුණත් ඒ හැම අංගෝපාංගයක්ම එකකට එකක් ගැලපීම. උදාහරණයක් විදියට අපි කියමු බයිකර් කෙනෙක් කියලා. බයිකර් කෙනෙක්ට ක්ලාසි විදියට අඳින්න පුලුවන්ද? ඇයි නැත්තේ? ඩෙනිම් කලිසමකට අඳුරු පාටක ටී ෂර්ට් එකක් එක්ක ලෙදර් ජැකට් එකක් ඇඳලා ස්නීකර් සපත්තු දෙකක් දාලා හරියන්නෙ නෑ. ඒ පෙනුමට ගැලපෙන්නේ බූට්ස් සපත්තු. හරි නම් තමන්ගේ වොලට්‍ටුව වුණත් අර චේන් එකක් එක්ක තියෙන බයිකර් වොලට් එකක් වෙන්න ඕන. පෙනුම සම්පූර්ණ කරගන්න තනි පාට බැන්ඩානා එකක් සහ බෙල්ලේ බඳින ෂෙමාග් ලේන්සුවක් පාවිච්චි කරන්න පුලුවන්. මේ පෙනුමත් ක්ලාසි. ඒකට හේතුව හරි විදියේ වටිනා පෙනුමක් තියෙන ඇඳුම් පැළඳුම් එක තේමාවකට ගලපගෙන තියෙන නිසා.

 

7. ඔය ඔක්කොම එක්ක මනුස්සයාගේ ක්ලාස් එකත් ඕනා!

how to be a classy guy

Source – gentlemansgazette.com

හරි ඔය ඔක්කොම කළා කියමුකෝ. ඒකෙන් ෆුල් ක්ලාස් එකක් තියෙන ජෙන්ට්ල්මන්ස් කෙනෙක් බිහිවෙයිද? ඔව්, එහෙම පෙනුමක් නම් හැදෙයි. හැබැයි ඇත්තටම ක්ලාස් එක එන්නේ පෙනුමෙන් විතරක් නෙවෙයි කියන එක මතක තියාගන්න ඕන.

ක්ලාස් එකක් තියෙන මනුස්සයෙක් අනුන්ගේ අවධානය ගන්න, සරලවම කිවුවොත් තමන්ට ක්ලාස් එකක් තියෙනවාය කියන්න උත්සාහ කරන්නේ නෑ. කොටින්ම කියනවා නම් තමන්ගේ ක්ලාස් එක අනික් මනුස්සයාගේ මූණේ අතුල්ලන්න උත්සාහ කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට ක්ලාස් එකක් තියෙන මනුස්සයෙක් තමන්ගේ ඇඳුම් පැළඳුම්, යාන වාහන කොයි තරම් ක්ලාසි විදියට තියාගත්තත්, ඒ ගැන කතා කරන්න හෝ විශේෂ තැකීමක් කරන්න උත්සාහයක් ගන්නේ නැහැ කියන එක නිරීක්ෂණය කරන්න පුලුවන් දෙයක්.

ඒ වගේම තමයි ඉතින් ක්ලාසි මනුස්සයෙක්ගේ පෞරුෂත්වය සහ ගතිගුණ. ක්ලාස් එකක් තියෙන කෙනෙක් ආචාරශීලීයි, කරුණාවන්තයි. එහෙම කෙනෙක් කථා බහ කරනකොට වුණත් දැන උගත්කම් තියෙනවාය කියන එක, ලෝකේ ගැන දැනුමක් තියෙනවාය කියන එක පේනවා. ක්ලාස් එකක් තියෙන කෙනෙක් තව කෙනෙක්ට කථා කරන්න දන්නවා, හොඳ භාෂාවක් තියෙනවා. ඒ වගේම අවශ්‍ය තැනදී විහිළුවක් තහළුවක් කරලා සැහැල්ලුවෙන් ඉන්නත්, බැරෑරුම් වෙන්න ඕන තැන බැරෑරුම් වෙන්නත් දන්නවා.

ආන්න එහෙමයි ක්ලාස් එකක් තියෙන රියල් ජෙන්ට්ල්මන්ස් කෙනෙක් වෙන්නේ!

 
Cover Image Source – tomclaeren.com
 

One response to “ක්ලාසි කොල්ලෙක් විදියට පේන්න ඉන්න පාඩම් මාලාවක් අපෙන්!”

  1. […] ගතිලක්ෂණ අපේ ජීවිතේට එකතු කරගන්න එක. හොඳ ක්ලාස් එකක් තියෙන ජෙන්ට්ල්මන් කෙනෙක් වෙන […]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *