ඒ කාලේ ටීවී ඇඩ්වල හිටපු ලස්සනම කෙල්ලෝ

Beautiful Girls in Old TV Ads

හා හා පුරා කියලා පුරුෂ රත්නයට මුල් තැන දීලා ඒ කාලේ ඇඩ්වල හිටපු ලස්සන කොල්ලෝ ගැන ලිව්වා මතක ඇති. එතනින් නවතින්නේ නැතුව ස්ත්‍රී රත්නයෙත් පිදිය යුත්තන් පුදන්නයි යන්නේ. ඒ දවස් කියන්නේ ඉතින් අටුවා ටීකා සිද්ධි ඕනි නැහැ එකෙන් ම හීන ලෝකයක්නේ. ඔය ලෝකේ ගැන අපිට නොස්ටැල්ජියාවක් ඇති වෙන්න තියෙන හේතු බොහොමයකට රූප පෙට්ටිය සම්බන්ධයි. හැමදාම මතක් කරලා සතුටු වෙන්න පුළුවන් තරමේ වෙළඳ දැන්වීම් කලාවක් තිබ්බ එකම රටක් විදියට අපි ලබපු මෙව්වා එකක්. ඒ මෙව්වා එක රහ වෙන්න තිර පිටපත් වගේම ඒවායේ හිටපු නළුනිලියෝත් හේතු වුණා. නළු අයියලා ගැන කතා කරපු නිසා මේ විමසුම නිළි අක්කලා ගැන.

 

1. ලින්ක් කේශා අක්කා

Beautiful Girls in Old TV Ads

Source – youtube.com

ඉන්ද්‍රාණි පෙරේරා මහත්මියගේ “වනදෙව්ලිය තුරුලේ” සින්දුවටත් වඩා ඒකට කෙස්වල්ලක් පටලෝලා ගත්තු “මොනර පිලක අරුමේ” ජනප්‍රිය වෙලා ආවා. මේ ඇඩ් එකේ ඉන්න ලස්සන අක්කා බයිසිකල් පදිනකොට, වැල්ලේ දුවනකොට රැල්ල පාගලා උඩ පනිනකොට, ටෙනිස් සෙල්ලම් කරනකොට, ඔපීසි යනකොට වගේම පාටියකට යනකොටත් කොණ්ඩේ එකම විදියයි. 1998 වගේ බර කාලෙක හිට් වුණත් අදටත් කොයි කාටත් ඒ දවස්වල හිටපු රූප සුන්දරියන්ගෙන් අමතක කරන්න බැරි කෙනෙක් තමයි මේ.

 

2. කොහොඹක්කා

Beautiful Girls in Old TV Ads

Source – youtube.com

මන්දිර සඳළුතල සින්දුවේ අශිකා මතසිංහ ගැන ඒ දවස්වල ඉඳන් නොකඩවා ක්‍රෂ් එකක් තිබ්බේ නෑ කියලා කවුරුහරි කිව්වොත් ඒක අමු කෙබ්බයක්. ලින්ක් කේශා ඇඩ් එකේ වගේ ම අර හැමදාටම මතක හිතෙන විදිහේ සින්දුවක් එක්ක ස්වදේශීය කොහොඹ ගැන හැදුණ ඇඩ් එකෙන් හිට් වුණේ මේන් මෙයා. කොහොඹ රුක් සෙවනැල්ලත් එක්ක සබන් ගෑවේ නැති උදවියත් සබන් ගාලා නාන තත්ත්වයකට පත් වුණා කියන්න පුළුවං. ඇඩ් දෙකක් තිබ්බා. දෙකේම ඉන්නේ එකම ගෑණු ළමිස්සි. හැබැයි දෙකේම එකකට එකක් පරද්දන්න තරම් ලස්සනක් තිබ්බා. මේ දෙකෙන් ඔයා ආසම වුණේ මොකටද කියලා මතක් කරලා බලන්න.

 

3. බොන්ලැක් අක්කා

Beautiful Girls in Old TV Ads

Source – youtube.com

යාළුවත් එක්ක ජොගිං පාරක් දාන ගමන් “ඉස්සර අපේ තාත්තට ලොකු……… බඩක් තිබ්බා” කියලා මල් මල් හිනාවක් දාපු අක්කාව මතක ඇති. පස්සේ කාලෙක මුළු රටම ආදරය කරන නිළියක් වුණ එයාගේ නම නිමන්ති පෝරගේ. තාත්තලා කෙසේ වෙතත් ඒ දවස්වල හිටපු කොලු තාත්තලා නම් එකෙන් ම බඩවල් අඩු කරගන්න බොන්ලැක් කිරි කන්ටේනර් පිටින් බොන්න ඇති.

 

4. ක්‍රීම් ක්‍රැකර් කන මිණිපිරිය

Beautiful Girls in Old TV Ads

Source – youtube.com

එනවා සීයා කියලා පුළුන් රොදක් වගේ පාවෙලා බිස්කට් පැකට් එකකුත් අරන් සීයා ළඟට දුවගෙන යන මිණිපිරිය කාට නැතත් ඒ පරම්පරාවේ මුණුපුරන්ටනන් අමතක වෙන්න විදියක් නැහැ. කහපාට ගවුමකින් හැඩ වෙලා මුළු ගෙදරටම ආලෝකයක් දෙන විදියේ එහෙව් මිණිපිරියක් නම් ඇත්ත ජීවිතේ හොයාගන්නත් අමාරුයි. අන්තිමේ රේඩියෝ එක දාලා සීයා එක්ක නටන ටික තමයි ලස්සනම. ආ තව ගෙදරට ඉර එළිය වැටෙන්න කියලා ජනෙල් පළු දෙක ඇරලා බිස්කට් එකක් කන තැනත් හරි ලස්සනයි නේ?

 

5. මනමාලිට හිසරදේ

Beautiful Girls in Old TV Ads

Source – youtube.com

වාහන පෝලිමෙන් මගුල් ගෙදර යන අස්සේ ඔළුවේ අමාරුවක් හැදුණ මනමාලිගේ වරුණේ ගැනයි දැන් කියන්නේ. මාමණ්ඩියෙක් දුව ඇවිදින් පැනඩෝල් පෙත්තක් ගන්න කියනකන් මූණ කොරහා කරගෙන හිටියට මොකෝ එතනත් අමුතු ලස්සනක් තිබ්බා. පෙත්ත වැඩකරන්න පටන් අරන් හිසරදේ නැති වුණාට පස්සේ මගුල් ගෙදර ලස්සන තිබ්බේ තනිකරම මනමාලිගේ හිනාවේ තමයි.

 

6. ටිකිරි මාරි අක්කා

Beautiful Girls in Old TV Ads

Source – youtube.com

ගෙදරට එන හාදයා එක්ක මුකුළු කර කර ඉන්න විදියක් නැහැ මලයණ්ඩි ගෙදර නිසා. ඉතින් උන්දැව ගෙයින් පිටමන් කරන්නේ බිස්කට් කන්න සල්ලි දීලා. මුකුළු කරන්න පටන් ගන්නකොටම ගෙදරට ආපු හාදයාගේ බයිසිකලෙන් මල්ලි ගිහින් ඇවිත් ඉවරයි. මේ අක්කගේ ඇක්ෂන් ටික නම් මරේ මරු. මේවා බල බලා ලොකු වුණ ඔයාට දැන් එයාලා මොන වගේද කියලා බලන්න හිතිලා නැද්ද?

 

7. පෙම්පෙරළියේ පෝලෝ කන අක්කා

Beautiful Girls in Old TV Ads

Source – youtube.com

ගම්පෙරළිය නෙවේ පෙම්පෙරළිය කියන්නේ අදටත් සෑහෙන ජනප්‍රිය වැකියක්නේ. ඔතනදි කාගේත් අවධානය බුලත් කනකොට පෝලෝ කැවුණ සීයා දිහාට ගියාට, සමහරුන්ට නම් හිත ගියේ අයියා ගෙනාපු පෝලෝ කන්න හා හා පුරා අද පාඩම ගම්පෙරළිය නේද කියලා කතාව පටන් ගත්තු, නිල් පාට ඇඳුමක් ඇඳන් හිටි අක්කා දිහාට.

ලස්සනම කෙල්ලෝ, ලස්සනම කොල්ලෝ දාලා ලස්සනම හැමදාටම මතක තියෙන විදියේ ඇඩ් ටිකක් හැදුවට ඒ දවස්වල ඇඩ්වර්ටයිසින් සෙට් එකට කොච්චර පින් දුන්නත් මදි.

Cover Image Source – cheatsheet.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *