සෝෂල් මීඩියාවල නොදැමිය යුතු දේවල් 7ක්

Things that should not be post on social media

සෝෂල් මීඩියා හරහා අපිට ඉස්සර ස්කෝලේ කාලේ යාලුවෝ, නෑයෝ වගේම හිතවතුන් නිතර හමුවෙනවා. මේ සෝෂල් මීඩියා අවකාශය කියන්නේ මහ පුදුමාකාර තැනක්. එක් එක් කාලවලදී එක් එක් පුවත් සහ සිදුවීම් රැලි වලට හසුව ගලායන සෝෂල් මීඩියා වලට ලංකාවේ තරුණ පරපුරේ වැඩි දෙනෙක් ඇතුළත් වී අවසානයි. ඇත්තටම මොනවද සෝෂල් මීඩියා වල දාන්න හොඳ නැත්තේ? අපි ඒ ගැන ටිකක් සොයාබලමු.

 

1. යාළුවන්ගේ පුද්ගලික ජීවිත

Things that should not be post on social media

Source – facebook.com

ළිඳ ළඟට එකතුවුණු ගැහැණු පිරිසක් අනුන්ගේ පුද්ගලික ජීවිත ගැන කතාකරන අයුරු සුනිල් පෙරේරාගේ ගීයක මෙසේ සඳහන් වේ…

අමරයියගෙ ලොකු කොලුවා යුද්දෙට බැඳිලා

කාටත් නොකියා කොළඹින් කසාද බැඳලා

මනමාලි කැරොල් කරත්තයක් කියාලා

උඩ පැන පැන හිනාවෙනව ළිඳ ළඟ ඉඳලා..

එසේ අනුන්ගේ පුද්ගලික ජීවිත වල තතු විස්තර ආදිය ෆේස්බුක් ට්විටර් හෝ වෙනත් සමාජ ජාල වල හුවමාරු කරගැනීම හොඳ නැත. පුද්ගලික ජීවිත වල අපිට පෙනෙන අන්තයක් තිබෙන අතර අපට නොපෙනෙන පාර්ශවද තිබේ. අපගේ මිතුරකු වුවත්, ළඟ ඥාතියකු වුවත් ඔවුනගේ පුද්ගලික ජීවිත ගැන කතා කිරීමට අපේ වෝල් එක නාස්ති කිරීම බුද්ධිමත් කමක් නොවේ.

 

2. අංකය

Things that should not be post on social media

Source – facebook.com

වාහනයක් විකුණා ගැනීමට, ඉඩමක් කඩමක් විකුණා ගැනීමට අවශ්‍ය නම්, ඒ අවස්ථාවලදී අපගේ දුරකථන අංකය ඒ තැන්වල සඳහන් කිරීමට අපිට උවමනා වේ. එහෙත් ෆේස්බුක් සහ එවැනි සමාජ ජාල වලදී අපේ දුරකථන අංකය හෝල් සේල් දැමීම ගැටළු රැසකට අත වැනීමකි. දුරකථන අංක හරහා ක්‍රියාත්මක වන වට්සැප් ආදී ගෲප් වලට එකතු වීමද කළ යුත්තේ පරෙස්සමිනි.

 

3. ආදායම, වැටුප

Things that should not be post on social media

Source – workopolis.com

කාන්තාවන් වයස කීමට මැලි අතර පුරුෂයන් තමන්ගේ වැටුප කීමට මැලියැයි කියමනක් තිබේ. කාන්තා වුවද පුරුෂ වුවද තමුන් උපයන මුදල් හදල් වත්කම් ආදිය හැමෝටම දැකගන්නට ඉඩ හැරීම නොකළ යුත්තකි. නුවමනා පෝසත්කම් පෙන්වන්න යෑමෙන් ළඟ මිතුරන් සහ ඥාතීන්ගෙන් මුදල් නිතර ඉල්ලා කරදර ඇතිවීමට ද අවදානමක් තිබේ.

 

4. නන්ස්ටොප් සෙල්ෆි

Things that should not be post on social media

Source – theodysseyonline.com

ඇතැම් ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල වලට ගිය කල දකින්නට ඇත්තේ ඒ අදාළ පුද්ගලයාගේ මුහුණේ ඡායාරූප සිය දහස් ගණනක් පමණි. අමතක නොවන අවස්ථාවකදී සෙල්ෆියක් ගෙන එය සෝෂල් මීඩියා වල දැමීම ලොකු අවුලක් නොවේ. එහෙත් වරකට සෙල්ෆි දෙක තුන බැගින් දවසට කිහිප වරක් සෙල්ෆි දමන්නට වූ කල එය අනෙක් අයට හිරිහැරයකි, කරදරයකි.

 

5. චැට් සහ ස්ක්‍රීන්ශොට්

Things that should not be post on social media

Source – ui-patterns.com

චැට් එකක් යනු පුද්ගලික කතාවකි. කිහිප දෙනෙකු එකතු වී කරන ගෲප් චැටක් වුවද එසේය. චැට් වල කරන කියන දෑ අතන මෙතන කිය කියා යෑම මිතුරන් අතර ඔබේ විශ්වාසය පළුදු වීමට හේතුවකි. එසේම කිසි විටෙකත් චැට් එකක් ස්ක්‍රීන් ෂොට් කර අනෙක් අය අතර බෙදාගැනීම නොකළ යුතුය. ඒ හරහා චැට් කරන්නා ඔබ කෙරේ තැබූ විශ්වාසය පළුදු වී යයි.

 

6. අඩ නිරුවත

Things that should not be post on social media

Source – petapixel.com

කාන්තාවක නම් සෝෂල් මීඩියා වලදී පිංතූර පළකිරීමේදී සිරුර වැඩිපුර නිරාවරණය වීම ගැන වඩාත් සැලකිලිමත් විය යුතුය. ඇල දොළක නාන අවස්ථාවකදී, කොට ඇඳුමක් ඇඳ සිටින අවස්ථාවකදී ඒ අවස්ථාව බෙදා හදාගන්නට සේයාරූ ඉන්ස්ටා හෝ ෆේස්බුක් දැමීමට ඇතැම් අය හුරුව සිටිති. එහෙත් සෙක්ස් සොයා ලොව පළමු තැනට පත් අප රටේ යට ඇඳුමක් නොව උඩ ඇඳුමින් පේන යට ඇඳුම් දාරයක් වුවද ඇතැමුන්ට පුද්ගලික ගෲප් තුළ තලුමරමින් ෂෙයාර් කිරීමට හොඳ පෝස්ට් එකකි. එබැවින් ක්‍රීඩා කටයුතු, නාන අවස්ථාවල සහ අඩු ඇඳුම් ඇඳ සිටින අවස්ථාවල ගත් සේයාරූ සෝෂල් මීඩියා හරහා බෙදාගැනීම ගැන යුවතියන් දෙවරක් සිතා බැලීම කළ යුතුය.

 

7. බොරු හුවමාරුව

Things that should not be post on social media

Source – gq.com

හුදෙක් හිට්ස් ලබාගැනීම කෙරේ අවධානය යොමුකරන ඇතැම් ලංකාවේ සෝෂල් මීඩියා පේජ් සහ වෙබ් අඩවි ජනප්‍රිය චරිත වලට විවිධ ආකාරයේ මඩ ගසමින් පුවත් පළ කරති. ඇතැම් වෙබ් අඩවි සහ පේජස් කිසිදු සොයාබැලීමකින් තොරව ආරංචි සහ කටකතා පතුරුවති. තවත් සමහරු විවිධ ආගම් සහ සංස්කෘතීන්ට පහර එල්ල වන, සිත් රිදවීම් කරන අසත්‍ය තොරතුරු වපුරවති. එවන් අර්ධ සත්‍ය කටකතා ආදිය පැතිරගොස් දින කිහිපයකින් නියම කාරණය අනාවරණය වේ. ඒ අනුව අප කටකතා ප්‍රචාරය කරන පුවත් බෙදාහැරීමෙන් අවසානයේ අප කෙරේ අපගේ සෝෂල් මීඩියා මිතුරන් තබා තිබෙන විශ්වාසයද පළුදු වේ.

නුවමනා ලෙස කලහ කරන්නට යෑම, දේශපාලන ප්‍රශ්න ආදිය ගැන නිතර වාද විවාද වලට පැටලීම ආදී දේ හරහා සැබැවින්ම සෝෂල් මීඩියා වලින් අපි අපේක්ෂා කරන විවේකය සතුට ආදිය නොලැබේ. සෝෂල් මීඩියා යනු විවේක අවස්ථාවේදී මිතුරන් සමග එකතු විය හැකි පහසුම මගකි. එහෙත් ඒ හරහා සිදුවිය හැකි නරක ප්‍රතිඵල අවම කරගැනීමට පෝස්ටුුවක් පළ කිරීමට ප්‍රථම දෙතුන් වරක් එහි බලපෑම ගැන සිතීම බොහෝ වටී.

 
Cover Image Source – fossbytes.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *