තහනමට ලක් වුණු ජනප්‍රිය ළමා කාටූන් වැඩසටහන් 7ක්

banned cartoons

දෙවනි ඉනිම” ළමයින්ට බලන එක තහනම් කළාට අපේ අම්මලා කාටූන් බලන එක නම් ළමයින්ට තහනම් කරන්නෑ දෙයියනේ කියලා. මොකද අම්මලා හිතන්නේ කාටූන් තියෙන්නෙ ළමයින්ට බලන්නයි කියලයි. ඒ උනාට ලෝකේ සමහර කාටූන් වැඩසටහන් තියෙනවා ළමයින්ට විතරක් නෙමෙයි වැඩිහිටියන්ට පවා ප්‍රදර්ශනය තහනම් කරපු. අපි මේ කතා කරන්න යන්නෙ අන්න එහෙම කාටූන් නිර්මාණ කිහිපයක් ගැනයි.

 

1. Cow and Chicken – “Buffalo Gals”

banned cartoons

Source – youtube.com

කාටූන් නෙට්වර්ක් ටෙලිවිෂන් නාලිකාවේ විකාශය වුණු කාටූන් එකක් තමයි මේ. 1998දි ප්‍රදර්ශනය කරපු මේ කාටූන් එකේ “Buffalo Gals” නමින් හඳුන්වපු එක කොටසක් සම්පූර්ණයෙන්ම වාරණයට ලක්වෙනවා. මේ කොටස විකාශය වෙලා වැඩි වෙලාවක් යන්න කලින් වැඩිහිටියෙක් මේ නාලිකාවට දුරකතන ඇමතුමක් දීල කියන්නේ මේ කාටූන් එකේ “කාන්තා සමලිංගිකත්වය ගැන හැඟෙන ඉඟි” තිබුණ කියලයි. මේ ගැන විමර්ශනය කරපු මේ ආයතනය ඒ කාටූන් එපිසෝඩ් එක සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න තීරණය කළා. ඒ වගේම “Buffalo Gals” නැමැති ඒ කාටූන් එපිසෝඩ් එක එදාට පස්සෙ කාටවත් රූපවාහිනියෙන් දකින්න ලැබුණෙ නෑ.
 

 

2. Tiny Toons Adventures – “One Beer”

banned cartoons

Source – youtube.com

ටයිනි ටූන්ස් කාටූන් සෙට් එක නම් බොහෝ දෙනෙක් බලලා ඇති. 90 දශකයේ වෝනර් බ්‍රදර්ස්ලා නිර්මාණය කරපු මේ කාටූන් එකේ ආපු එක කොටසක් තමයි “One Beer” කියල කියන්නෙ. මේකෙ තිබ්බෙ බස්ටර් සහ ඔහුගේ යාලුවන් එකතු වෙලා ෆ්‍රිජ් එකේ තිබිල හම්බුවෙන බියර් එකක් බොන සිද්ධියක්. හොඳටම බීමත් වෙන මේ යාළුවො තුන්දෙනා පොලිස් කාර් එකක් හොරකම් කරගෙන ගිහින් අනතුරකට ලක්වෙන හැටියි මේ කාටූන් එකෙන් පෙන්නුවේ. ඇත්තටම මේ කාටූන් එපිසෝඩය මගින් උත්සාහ කරල තිබ්බේ බීමේ ආදිනව ගැන කියලා දෙන්නලු. ඒ උනත් මේක ළමයින්ට උචිත නොවන සංකල්පයක් බවට එල්ල වුණු චෝදනා එක්ක සමාගම මේ කාටූන් එක ඉවත් කරන්න පියවර ගෙන තිබුණා.
 

 

3. The City of New York vs. Homer Simpson (The Simpsons)

banned cartoons

Source – steemit.com

Simpsons කියන්නෙ ලෝකයේ ජනප්‍රියම කාටූන් එකක්. මේකෙ එන එක කොටසක් වරක් තහනමට ලක් වෙනවා. හේතුව තමයි 9/11 ප්‍රහාරය. 1997 දි විකාශය කරපු මේ කියන සිම්ප්සන් කාටූන් එපිසෝඩ් එකේ කතාව දිගහැරෙන්නේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය මූලික වන පසුබිමකයි. කෙසේ වෙතත් 9/11 මහා විනාශයෙන් පස්සෙ මේ කාටූන් එකේ නිවුයෝක් වෙළඳ මධ්‍යස්ථානය දැකපු බොහෝ දෙනා සංවේදී වුණා. ඒ නිසාම ඒ කාල සීමාව තුළ මේ කාටූන් එක අයින් කරන්න පියවර ගැනුණා. ආපහු මේ කාටූන් එක එළියට එන්නේ 2005 අවුරුද්දෙයි. ලෝක වෙළඳ මධ්‍යස්ථානය පෙන්වන සමහර දර්ශන සහ ඒ ගැන කතාවන දෙබස් බොහොමයක් කප්පාදු කිරීමෙන් අනතුරුවයි මේ කාටූන් කොටස නැවත පෙන්වන්නට පටන් ගත්තේ.
 

 

4. The Censored Eleven (Looney Tunes)

banned cartoons

Source – mubi.com

ලූනි ටියුන්ස් කියන්නෙ වෝනර් බ්‍රදර්ස්ලගෙ තවත් අතිශය ජනප්‍රිය කාටූන් එකක්. මේක 1930 ඉඳලා 1969 වගේ කාලය වෙනකම්ම විකාශය වුණා. නමුත් පසු කාලීනව මේ කාටූන් දිහා ආපහු හැරිල බලද්දි වෝනර් සමාගමට තේරුණා මේ කාටූන් වල සමහර කොටස් වල ජාතිවාදය, වර්ගවාදය උලුප්පාලන දර්ශන තිබෙන බව. එයින් කොටස් 11ක් තෝරගත්තු වෝනර් බ්‍රදර්ස් සමාගම ඒ කොටස් 11 ම සම්පූර්ණයෙන්ම ඔවුන්ගෙ කාටූන් එකතු වලින් ඉවත් කරන්න තීරණය කළා. පහත දැක්වෙන්නේ ඒ කාටූන් කොටස් 11යි.

Hittin’ the Trail for Hallelujah Land

Sunday Go to Meetin’ Time

Clean Pastures

Uncle Tom’s Bungalow

Jungle Jitters

The Isle of Pingo Pongo

All This and Rabbit Stew

Coal Black and de Sebben Dwarfs

Tin Pan Alley Cats

Angel Puss

Goldilocks and the Jivin’ Bears

 

5. Bugs Bunny Nips the Nips

banned cartoons

Source – independent.co.uk

“කැරට් කකා එහෙ මෙහේ දුවන, මොකක් හරි ජංජාලයක් පටලවගන්න හාවා – බග්ස් බනී” කියන්නෙ ඉතාම ප්‍රසිද්ධ කාටූන් චරිතයක්. මේ කියන්න යන්නෙ බග්ස් බනීගේ එක කාටූන් එකක් ගැන. මේක එළිදැක්වුණේ 1944 අවුරුද්දෙදි. ඒ කාලෙදී ඇමරිකාව දෙවනි ලෝක යුධ සමයේ ජපානය සමග දරුණු යුද්ධයක නිරත වෙලයි හිටියේ. මේ කාලය තුළම නිකුත් වූ මේ කාටූන් එකේදිත් කතා කරන්නෙ මේ යුධ වාතාවරණය ගැන. ජපාන මිනිස්සු, ජපාන නැවු, ජපාන කොඩි පැහැදිලිව මේ කාටූන් එකේ දකින්නට ලැබෙනවා. ඒ වගේම දරුණු විදිහට ජපාන වැසියන්ට අපහාස කරන්නත් නිෂ්පාදකයන් මේ කාටූන් එක යොදාගෙන තිබ්බා. මේ හේතූන් නිසා මෙය පසුකාලීනව තහනම් වුණා.

 

6. Pokemon – “Electric Solider Porygon”

banned cartoons

Source – youtube.com

පොකිමොන් කියන්නෙ ඉතාම ජනප්‍රිය වුණු කාටූන් එකක්. මේ කාටූන් එකේ එක කොටසක් වුණු Electric Soldier Porygon තහනම් වුණේ කාටූන් එකේ පිටපතේ හෝ කතාවෙ වැරැද්දක් නිසා නෙමෙයි. ඒකට හේතුව වුණේ මේ කාටූන් එකේ එක දර්ශනයක සටහන් වුණු නැරඹීමට අසීරු වර්ණ සංයෝගයක් සහ ඒ සමග එකතු කර තිබූ හඬ සංයෝජනය නිසා ළමුන් හත්සීයක පමණ පිරිසක් රෝහල් කරා ගෙනයාමට සිදුවීම. සමහර ළමයින්ට මේ දර්ශනය නැරඹීමෙන් පසු වමනය වැනි රෝගී තත්ත්වයන් ඇතිවී තිබුණා වගේම තවත් සමහර ළමයින් මේ දර්ශනය නිසා සුලු මොහොතකට ඇස් නොපෙනෙන තත්ත්වයටත් පත්ව තිබුණා. එච්චර දෙයක් වෙලත් මේක තහනම් නොකළානම් තමයි පුදුමයක් වෙන්නෙ.

 

7. Mighty Mouse: The New Adventures

banned cartoons

Source – youtube.com

80, 90 ගණන් වලදි පෙන්නපු මයිටි මවුස් කාටූන් සීරීස් එක ලංකාවෙත් යම් තරමක ජනප්‍රියත්වයක් ලබපු වැඩසටහනක්. මේ කාටූන් සීරීස් එකේ ආපු ‘The Littlest Tramp’ කියන එපිසෝඩ් එකේ එක දර්ශනයක් ඒ කාලෙ මේ ටීවී සීරීස් එක නරඹපු දරුවන්ගේ දෙමවුපියන්ව සෑහෙන්න කළබලයට පත් කරන්න සමත් වුණා. ඒකට හේතුව මේ එපිසෝඩ් එකේදි කාටූනයේ ප්‍රධාන චරිතය වන මයිටි මවුස් යම්කිසි කුඩු වර්ගයක් ආඝ්‍රාණය කරනවා පෙන්වීමයි. කාටූනයේ නිර්මාණකරුවන් පැවසුවේ මයිටි මවුස් මෙසේ නැහැයට ළං කරන්නේ කුඩුවුණ මලක කොටස් බවයි. එහෙම වුණත් දරුවන්ව මත් ද්‍රව්‍ය වලට පොළඹවනවායැයි දෙමවුපියන් නැගූ චෝදනාව නිසා මෙම කොටස විකාශය අත්හිටුවන්නට ඔවුන්ට සිදුවුණා.
 

 
Cover Image Source – youtube.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *