ඉතුරුම් ගිණුම් දෙකක් තිබීමේ වාසිය ඔබ අත්විඳිනවාද?

Savings Planner

ඔබ තවමත් ඔබේ රැකියාවේ වැටුප, අමතර ආදායම් මාර්ග, මාසික අනිවාර්ය වියදම්, මාසික ඉතුරුම්, හදිසි වියදම් යන සියළු දේ තනි ඉතුරුම් ගිණුමකින් පාලනය කරන අයෙක්ද? එය ඔබටත් නොදැනීම ඔබව දැඩි අපහසුතාවයට පත් කරනවා ඇති. ඒ ගැන පැහැදිලි කිරීම වෙනුවට ඉතුරුම් ගිණුම් දෙකක් තිබීමේ වාසි සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්නේ මේ මොහොතද ඔබට ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමට සාර්ථක කාලයක් නිසායි.

 

1. එකකින් ගනුදෙනු

Savings Planner

Source – wikihow.com

ඉතුරුම් ගිණුම් දෙකක් පවත්වාගන්න. බැංකු දෙකක් වුනත් කමක් නෑ. ඒ එක් ගිණුමක මුදල් ඉතිරි කරන්න. සැමවිටම වැඩි පොළිය ලබාදෙන ගිණුමේ මුදල් ඉතිරි කරන්න. එයට ඒටීඑම් කාඩ් පතක් නොගැනීමත් වාසියක් වේවි. අනෙක් ගිණුම ඔබේ වියදම් වෙනුවෙන් එදිනෙදා භාවිතයට තබාගන්න. ඔබේ අනෙක් ඉතුරුම් ගිණුම ඔබට හදිසියට අවශ්‍ය මුදලක් වගේම, නුදුරු අනාගතයේ ඔබේ යම් බලාපොරොත්තුවක් වෙනුවෙන් ප්ලෑන් එකක් විදියටත් භාවිතා කරන්නට පුළුවන්.

 

2. පහසුව

Savings Planner

Source – pinterest.ca

ඉතුරුම් ගිණුම් දෙකක් පවත්වා ගැනීම ගැන බොහෝදෙනෙක් වද වෙන ප්‍රධානම කාරණය වෙන්නේ ලැබෙන්නේ එක් වැටුපක් නිසා අනෙක් ගිණුමේ ඉතිරි කිරීමට තරමක් කරදරකාරී වීම සහ පඩිය ලැබුණු පසු ඉතිරි කරන්නට සිත මගින් කරන පසුබෑමයි. එයට සරළම විසඳුමක් විදියට ස්ටෑන්ඩින්ග් ඕඩර් ක්‍රමවේදය දක්වන්නට පුළුවන්. ඒ හරහා ඔබ පවසන දිනයට ඔබේ ගිණුමෙන් නිශ්චිත මුදල් ප්‍රමාණයක් ඔබේ අනෙක් ඉතුරුම් ගිණුමට එකතු වනු ඇති අතර, ඔබට අනවශ්‍ය ලෙස කරදර වීමටත්, ඔබේ සිතට පීඩාවක් වීමටත් එය ඉඩ දෙන්නේ නැහැ.

 

3. ඉලක්කයක්

Savings Planner

Source – sfmagazine.com

ඉතුරුම් ගිණුම් දෙකක් තිබීමේ අනෙක් ප්‍රධානම වාසිය වන්නේ ස්ථාවර ඉලක්කයක් සකසා ගත හැකි වීමයි. ඔබ යම් අරමුණක් වෙනුවෙන් මුදල් ඉතිරි කරන්නේ නම් ඔබ එයට ඔබේ එදිනෙදා ගනුදෙනු සිදුකරන ඉතුරුම් ගිණුමම භාවිතා කිරීමේ අවාසියක් තිබෙනවා. ඒ එය ඔබේ ඉලක්කය බොඳ කරලීමයි. ඔබේ නිශ්චිත ඉතුරුම් කොපමණද? ඔබේ නිශ්චිත ඉතුරුම් ශේෂය කොපමණද කියා එදිනෙදා වියදම් අතරතුරේ ඔබට පැහැදිලි කරගන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එනිසා ඉතුරුම් ගිණුම් දෙකක් තිබීම ඔබේ යම් බලාපොරොත්තුවක් වෙනුවෙන් ප්ලෑන් කරන ලද ඉතුරුම් ක්‍රමවේදයකට යෝග්‍යතම තත්ත්වයයි.

 

4. හිතට බැරියර්

Savings Planner

Source – iamexpat.nl

තනි ඉතුරුම් ගිණුමක් තිබෙන විට අනවශ්‍ය දෙයක් පවා මිලදී ගන්නට ඔබට සිත්වීම සාමාන්‍ය දෙයක්. ඒ දේ සිද්ධ වෙන්නේ ඔබේ ගිණුමේ ඇත්තේ ඔබේ මාසික වැටුප පමණක් නොව මාසික වැටුප සහ පෙර කළ ඉතුරුම් යන කොටස් දෙකේම ශේෂය නිසායි. එනිසා ඔබට ඉවක් බවක් නොමැතිව වියදම් කිරීමට සිත්වීම සාමාන්‍ය දෙයක්. එනිසා ඔබේ අනවශ්‍ය වියදම් කපා හැර හිතට බැරියර් එකක් දමාගන්නට ඉතුරුම් ගිණුම් දෙකක් තිබීම ඉතා යෝග්‍යයි.

 

5. දැඩි ආරක්ෂාවක්

Savings Planner

Source – thesmartfinance.com

ඔබේ සුළු අතපසුවීමකින් සොරෙකුට ඔබේ බැංකු ගිණුමේ මුදල් ලබාගත හැකියි. උදාහරණයකට ඔබේ පින්කාඩ් පතෙහි අංකය පිටතට ගියහොත් සිදුවන්නේ එයයි. එනිසා ඉතුරුම් ගිණුම් දෙකක් පවත්වා ගනිමින්, මුදල් ඉතිරි කරන ගිණුමට කාඩ් පතක් ඉල්ලුම් නොකර, අනෙක් ගිණුමට පමණක් එදිනෙදා කටයුතු වෙනුවෙන් කාඩ් පතක් භාවිතා කිරීම ඔබේ මුදල් සොරුන් අතට පත්වීම වළකාලයි.

 

6. හිසට නිදහසක්

Source – canada.national.edu

මිනිසුන් සැමවිටම තමන්ගේ සිරුරට සහ මනසට පහසුවක් තිබෙනවාට කැමතියි. මේ කියන කුෂන් එක තමන්ගේ මනසටත් තියෙනවානම් එදිනෙදා වැඩ කටයුතු වඩා සැහැල්ලුවෙන් කරගන්නට හැකියාව තියෙනවා. ඒ අනාගතයේ යම් බලාපොරොත්තුවක් වෙනුවෙන් තමන් වෙනම ගිණුමක ඉතිරි කරන බව තමන්ගේ සිත දන්නා නිසායි. තමන්ට එයට වැඩි පොළියක් ලැබෙන බව සිත දන්නා නිසායි. හදිසි තත්ත්වයක් පැමිණියහොත් තමන්ට ඒ මුදල් අපහසුවකින් තොරව ගත හැකි බව දන්නා නිසායි. එනිසාම ඔබට ඉතුරුම් ගිණුම් දෙකක් තිබීම අතිශය වැදගත් තත්ත්වයක්.

ඉතුරුම් ගිණුම් දෙකක් තිබීමේ වටිනාකම ඔබට මේ සටහනෙන් වැටහෙන්නට ඇති. එලෙසින් නව ඉතුරුම් ගිණුමක් ආරම්භ කරන්නට ඔබ සිතා සිටිනවානම්, ඔබේ අනාගත බලාපොරොත්තුවලට අලුත් ප්ලෑන් එකක් ලබාදෙන, ඔබේ ඉතුරුම් මුදලට ඉහළ පොළියක් ලබාදෙන විකල්පයක් තිබෙනවා. ඔබේ බලාපොරොත්තුව සපුරාගන්නට ඇති කාලයත්, අවශ්‍ය මුදලත් සමග බලාපොරොත්තුවේ ප්ලෑන් එක තෝරාගන්න.
 
Cover Image Source – news.itech2.co
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *