ජාති තුනකින් කෑම හදන්න පුළුවන්ද කියල හිතන අයට එහෙම හදන්න පුළුවන් කියල පෙන්නන්නත් එක්කම අරන් ආව ත්‍රී ඉන්ග්‍රීඩියන්ට් (Three Ingredient) රෙසිපි ටිකක්. ඔය ගෙදර තියෙන අමුද්‍රව්‍ය තුනක් විතරක් පාවිච්චි කරල හදාගන්න පුළුවන් රස කෑම ටිකක් තමා මේ. ලුණු, ගම්මිරිස් වගේ රසකාරකයක් හැරුණකොට මේවට පාවිච්චි වෙන්නෙ ප්‍රධාන අමුද්‍රව්‍ය තුනක් විතරයි.
1. බනානා පෑන් කේක්

Source – foodrepublic.com
අවශ්‍ය ද්‍රව්‍ය
- ඉදුන කෙසෙල් ගෙඩි තුනක්
- බිත්තර දෙකක්
- කේක් පිටි කප් 1
- සියල්ල එකට බ්ලෙන්ඩ් කර, බටර් තවරාගත් නන්ස්ටික් පෑන් එකකට හැන්දකින් මිශ්‍රණය දමා දෙපැත්ත පුළුස්සාගන්න.
2. ස්නැක් බාර්

Source – greatist.com
අවශ්‍ය ද්‍රව්‍ය
- කජු හෝ ආමන්ඩ් කප් 1
- වියළි මිදි කප් 1
- ඇට ඉවත් කරගත් රටඉඳි කප් 1
- කජු ටික අවන් එකේ සෙල්සියස් 160ට විනාඩි 10ක් තබා හෝ පෑන් එකක දමා රෝස්ට් කරගන්න.
- සියළුම ද්‍රව්‍ය එකට එකතු කර බ්ලෙන්ඩ් කරගන්න. ලන්ච් ශීට් එකක් දමාගත් තැටියක තරමක් උසට තුනී කර, රැයක් ශීතකරණයේ තබා කෑලි කපාගන්න.
3. තක්කාලි සෝස්

Source – drweil.com
අවශ්‍ය ද්‍රව්‍ය
- තක්කාලි ග්‍රෑම් 800
- බටර් මේස හැඳි 5
- ළූණු ගෙඩියක්
- ළූණු සහ තක්කාලි කෑලි කපා, භාජනයකට දමා එයටම බටර් සමඟ රස අනුව ලුණු පොඩ්ඩක් එක් කර, අඩුම ගින්දරේ විනාඩි 40ක් පමණ පිසගන්න. විටින් විට මිශ්‍ර කරගන්න.
- මදක් නිවෙන්නට හැර බ්ලෙන්ඩ් කරගන්න.
4. චොකලට් පේස්ට්‍රි

Source – ostrovitsky.com
අවශ්‍ය ද්‍රව්‍ය
- පේස්ට්‍රි ශීට් එකක් (සුපිරි වෙළඳසැලකින් ලබාගන්න පුළුවන්)
- මිල්ක් කුකින් චොකලට්
- බිත්තරයක්
- පේස්ට්‍රි ශීට් එක පැකට්ටුවේ ඇති පරිදි තුනී කර කොටු කපාගන්න. කුකින් චොකලට් කුඩාවට කපා පේස්ට්‍රි කොටු මැද තබා බිත්තර සාරු වලින් අලවා, උඩින් බිත්තර සාරු ගාගන්න.
- සෙල්සියස් 180ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 20ක් හෝ උඩ රන් වන් පැහැ වනතුරු බේක් කරගන්න.
5. ෆෘට් ෆූල්

Source – seriouseats.com
අවශ්‍ය ද්‍රව්‍ය
- ස්ට්‍රෝබෙරි/ අන්නාසි/ අඹ වැනි කැමති පළතුරක්
- සීනි
- විප් ක්‍රීම් හෝ වැනිලා අයිස්ක්‍රීම්
- පළතුරු කැබලි කර, එයට සීනි එක් කර අඩුම ගින්දරේ ලිප තබා සීනි දියවී සිරප් වනතෙක් පළතුරු ටික ස්ටූ කරගන්න.
- පළතුරු නිවෙන්නට හරින්න. වෙනම බඳුනක විප් ක්‍රීම් හෝ අයිස්ක්‍රීම් එක් කර, එයට නිවුන පළතුරු එක් කර, තැනින් තැනින් මිශ්‍ර කර ශීත කරන්න. (විප් ක්‍රීම් නම් ෆ්‍රිජ් එකේත් අයිස් ක්‍රීම් නම් ෆ්‍රීසර් එකේත් තබාගන්න.)
6. ග්ලේස්ඩ් චිකන්

Source – laaloosh.com
අවශ්‍ය ද්‍රව්‍ය
- කොකාකෝලා ලීටර් 2
- තම්බාගත් චිකන් කිලෝ එකක්
- සෝයා සෝස් මේස හැඳි 4
- තම්බාගත් චිකන් වලට කොකාකෝලා සහ සෝයාසෝස් සමඟ ලුණු මේස හැන්දක් එක් කර, රස අනුව ගම්මිරිස් කුඩු හෝ මිරිස් කුඩු එක්කරගන්න. පියන වසා මදගින්නේ හිඳෙන තුරු විනාඩි 30ක් පමණ පිසගන්න. ඩයට් කෝක් හෝ ශුගර් ෆ්‍රී කෝක් මේ සඳහා නුසුදුසුයි.
7. කොකනට් මැකරූන්ස්

Source – tasteofhome.com
අවශ්‍ය ද්‍රව්‍ය
- ගාගත් පොල් කප් 5 1/2
- මිල්ක්මේඩ් පොඩි ටින් එකයි
- වැනිලා තේ හැඳි 2
- සියල්ල එකට මිශ්‍ර කරගන්න. තෙල් කඩදාසියක් දමාගත් තැටියක මිශ්‍රණය තැනින් තැන පොඩි බෝල වශයෙන් තබා සෙල්සියස් 160ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 10-12ක් බේක් කරගන්න. ඉක්මණින් අවන් එකෙන් ඉවතට ගෙන නිවෙන්න තියන්න.
Cover Image Source – life-in-the-lofthouse.com
Leave a Reply