කෙල්ලො තොරතෝංචියක් නැතුව ආදරය කරන කොල්ල ගාව ඉඳගෙන කියෙවුවට කොල්ලො එහෙම නෑ. කොල්ලො ඉතිං උත්තර දෙන්නෙ ප්‍රශ්නයක් ඇහුවොත් තමයි. හැබැයි අපි දැන් මේ කියන්නෙ උත්තර දෙන්නැතුව මූණ දිහා බලං ඉන්න තත්ත්වයකට කොල්ලව පත් කරන ප්‍රශ්න ටිකක් ගැනයි. දැන් ඉතිං මේ දේවල් අහලා තමුන්ගෙ බෝයිෆ්‍රෙන්ඩ්ව නිරුත්තර කරන්න උත්සාහ කරන්නෙපා කියලත් අපි මේක කියවන ගර්ල්ෆ්‍රෙන්ඩ්ස්ලාගෙන් ඉල්ලා සිටිනවා.
1. ඇයි කලින් අෆෙයාර් එක නැවැත්තුවෙ?

Source – screenertv.com
කෙල්ලො අහන දේවල්වලට උත්තර දෙද්දි තුන්කල් බලලයි උත්තර දෙන්න ඕන. මොකද ඔය ප්‍රශ්න අපි කීයටවත් නොහිතන නරක විදිවලට ඉවර වෙන්න පුළුවන්. උදාහරණෙකට අපි මේ ප්‍රශ්නෙම ගමුකො. දැන් මේකට දෙන උත්තරය අනුව ඒ පෙම්වතියට කළ සහ නොකළ දේ, තමුන්ට අනුව සළකන අයුරු පිළිබඳ විග්‍රහයක්, ඒ බැඳීම අනුව මේ බැඳීම පවතින්නේ කොතැනද යන්න වගේ දේවල් දක්වා තව ප්‍රශ්න වැළක් දිග්ගැස්සෙන්න පුළුවන්.
2. ඇයි කලින් ගර්ල්ෆ්‍රෙන්ඩ්ට කැමති වුනේ?

Source – indiewire.com
මේකත් ඔය කියන විදියෙම ප්‍රශ්නයක්. පෙම්වතාගෙ ටේස්ට් එක වෙනස් වෙලාද කියලයි ඔය බලන්නෙ. ආයෙ ඉතිං හෝදන්න දෙයක් නෑ. එයාට කැමති වුනේ රසට උයන්න පුළුවන් නිසා කිවුවොත්, මගේ කෑම රස නැති හින්දද ඔයා මගෙත් එක්ක සතුටින් ඉන්නෙ නැත්තෙ? වගේ ප්‍රශ්නයක් අහන්න පෙම්වතියක් මැලිවෙන්නෙ නෑ. ආයෙ ඉතිං හොදි ඕන්නෑ ඊටපස්සෙ. ඊට පස්සෙ කන කටක් ගාණෙ රසයි රසයි කිය කිය ඉන්න වෙනවා. කොහොම වුනත් පෙම්වතියක් අතීතෙ හාරඅවුස්සන්න එන්නෙ හොඳකට නෙමෙයි කියලා පෙම්වතුන් දන්න නිසාම ඒ අය මේ වගේ ප්‍රශ්නවලදි ගොලු වෙනවා.
3. ඔයා කෙල්ලෙකුගෙ වැඩිපුරම ආසා මොන දේටද?

Source – thelily.com
ඔන්න තවත් හිර වෙන ප්‍රශ්නයක්. කෙල්ල විසින් තමුන්ටම එවලුවේෂන් එකක් කරගන්නයි හදන්නෙ. කලින් කෙනාගෙ ලකුණු ගාණයි මගේ ලකුණු ගාණයි, බෝයිෆ්‍රෙන්ඩ්‌ට නිතර මුණගැසෙන කෙල්ලොන්ගෙ ලකුණු ගාණයි අරගෙන එයා ඔයාගෙ අනාගතය ගැන පවසන රණ්ඩුව පටන්ගැනීම සිද්ධ වෙන්නෙ කොල්ලා මේ ප්‍රශ්නෙට දෙන උත්තරේ මත. ඒ හින්දා ඉතිං අතිශය පරිස්සම් වෙන්නට සිද්ධ වෙනවා.
4. ඔයාගෙ ඔෆිස් ටීම් එකේ ඉන්න ගර්ල්ස්ලා ගැන කියන්නකො

Source – japantimes.co.jp
ඔන්න මහත්තයො මුලපුරන හැටි. ඕක රණ්ඩු ගාණකට පොටක්. එයාලා ගැන විස්තර එක දිගට කියාගෙන ගියොත් ඔක්කොම දන්නව නේද? කියල අහයි. එයාලා කැමති අකමැති දේවල් ගැන කිවුවොත් ඔයා මම කැමති අකමැති දේවල් තමයි දන්නෙ නැත්තෙ කියල කියයි. එතනින් එක කෙල්ලෙක් කොල්ලොන්ට අමුතු විදියෙ බැල්මවල් දානව කියල කිවුවොත් පහුවදා ඉඳන් ඒ කෙල්ලගෙ ෆේස්බුක් එක හා පෙම්වතාගෙ ගණුදෙනුව ගැන වොච් එක දාගෙන ඉන්නවමයි. ඒ නිසා මේක පෙම්වතෙක් හොඳටම හිරවෙන තැනක්.
5. මොකද්ද රස?

Source – youtube.com
සමහර කෙල්ලො බෝයිෆ්‍රෙන්ඩ්ට කන්න උයාගෙන එනවනෙ. ඔන්න ඉතිං කන කටෙන් කටට අහනව රසයිද කියල. රසයි කිවුවොත් ඇයි රස? වගේ ගොන් ප්‍රශ්නත් අහනව. ඒ කොහොමින් කොහොමින් හරි කෙල්ල එනව කොල්ලෙකුගෙ පරම ආදරය වුණු අම්මා කියන මාතෘකාවට. අම්ම චිකන් උයන්නෙත් මේ විදියටද? ඒකද රස මේකද? කියල අහපු ගමන් කොල්ලෙකුට දිව්‍යඥානෙ පහළ වෙලා ප්‍රශ්නෙ මගහැරිය යුතුම තමයි. නැත්තං හිරවෙනව නැට්ටටම. ඇයි ඉතිං මගේ කෑම තමයි ඉතිං කවදාවත් රස නැත්තෙ කියල අර දශක ගාණක කුකින් එක්ස්පීරියන්ස් තියෙන ගෑණු මනුස්සයට සම වෙන්න හදනවනෙ.
6. දෙකෙන් එකක්

Source – youtube.com
කෙල්ල ටෙස්ට් කරනව කොල්ලට තමුන් වෙනුවෙන් කැපකිරීම් කරන්න පුළුවන්ද කියල. ඒක තරං කරුමයක් කොල්ලෙකුට නෑ තවත්. මේ දේවල් කරන්න ඕන නෑ. කරනව කියල කිවුවනං ඇති. හැබැයි ඒ ඒ උත්තර අනුව පෙම්වතිය පරළ වීම නවත්වන්න සක්කරයටත් බෑ කියල ෆ්‍රොයිඩ් ලියපු ගර්ල්ෆ්‍රෙන්ඩ් ගයිඩ් කියන පොතේ තියෙනව. උදාහරණෙකට එයාලා අහන්නෙ මෙහෙම ප්‍රශ්න. අරක්කු බොන එක නැවැත්තුවෙ නැත්තං මං මැරෙනව කිවුවොත් මොකද කරන්නෙ?
අපි අරක්කු කියන උත්තරේ තෝරගත්තොත් එතන සිද්ධ වෙන්නෙ විනාසයක්. එයාව තෝරගත්තොත් එයා අනිවාර්යයෙන්ම අපි කිවුවෙ බොරු කියලා හිතල, එතන ඉඳන් අපෙන් ප්‍රශ්න කිරීම අරඹනවා.
7. ඔයා හැමදාම මෙහෙම ඉන්නද කල්පනාව?

Source – buzzsouthafrica.com
පෙම්වතියොන්ගෙ ගෙවල් පාර්ශවයෙන් කොල්ලෙකුගෙ බලන සාධක එක්ක තමයි මේ වගේ ගොන්ත ප්‍රශ්න උඩ ගහන්නෙ. කොල්ලා මියුසික් කරන එකෙක් නං කෙල්ලට ඕන ඌව කොහොමහරි ටයි පොල්ලක් දාගෙන කරන අට-පහ රස්සාවකට පංගඩාත්තු කරවන්න. නැත්තං නිදහසේ ඉන්න අවුරුදු 25ක විතර ජීවිතයක් නං ඉක්මනට කසාදෙ කියන බැඳීමට දාලා හිර කරවන්න. අන්න ඒකට පර්මිෂන් ගන්න තමයි ඔය ප්‍රශ්නෙ අහන්නෙ. ගොලු වෙලා ඉන්න එකමයි හොඳ ඔය වෙලාවට.
Cover Image Source – abc7chicago.com
Leave a Reply