පොඩි උන් ඉන්න දෙමවුපියෝ අපහසුතාවයට පත් වෙන අවස්ථා 8ක්

When Children Embarrass their Parents

පොඩ්ඩො ඉන්න අම්මල තාත්තලට නුහුරු දෙයක් නෙමෙයි මේ කියන්න යන්නෙ. මේ කතාව කතා කරන වයසෙ පොඩ්ඩො ඉන්න අම්මල තාත්තල අනිවාර්යෙන්ම මුහුණ දීලා තියෙන ප්‍රශ්නයක් ගැනයි. ඒ නිසා මීට වඩා දේවල් තියෙනවනං අනිවාර්යෙන්ම අපිට කියන්න. මේ වගේ දෙයක් සිද්ධ වුණාම ඉතිං ‌මුහුණ දෙන්න වෙන ලැජ්ජාවත් අඩු නෑ. මේක කොච්චර නරක විදියට අපහසුතාවයට පත්වෙන දෙයක් වුණත්, පස්සෙ මතක් කරල හිනාවෙන්න පුළුවන් දෙයක් කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ.

 

1. ඇත්ත කීම

When Children Embarrass their Parents

Source – youtube.com

පුංචි ළමයි මල් වගේ කියල කියපු එ‌කාගෙ කටේ නටුවෙ කටූ පිටින් රෝස මල් ඔබන්න හිතෙන සිද්ධි අනන්තවත් දෙමවුපියන්ට තමුන්ගෙ දරුවො කුඩා කාලයෙදි මුහුණ දෙන්නට වෙනව. එයින් එකක් තමයි ළමයි ඇත්ත කියන එක. පොඩි උන් බොරු කියන්න හොඳ නෑ. ඇත්ත කියන්න ඕන. හැබැයි එහෙමයි කියල පැන පැන ඇත්ත කියන්න යන්න ඕන නෑ. අහන දේකට අවශ්‍ය වෙලාවට ඇත්ත කිවුවම ඇති. ඔන්න පොඩි හොර වැඩක් මාට්ටු වෙච්ච නිසා ගෙවල් ගාව කඩේට යන්නෙ නෑ. මේ ගැන ගෙදරදි කතා වෙනවා. මේක හිමිජ්ජ වගේ අහන් ඉන්නව පොඩි එකා. අම්මත් එක්ක කඩේ ගාවින් යද්දි කඩේ ඇන්ටි අහනව ‘ආ කාලෙකින් මේ පැත්තෙ ආවෙ නෑ’ කියල. එතකොට අම්ම කියනව ‘ආ හස්බන්ඩ් ඔෆිස් එක ගාවින් මේ ටිකේම පාන් අරන් ආවනෙ’ වගේ බොරුවක්. ඔන්න එතකොටම මේ සිදුවන බොරුව දරාගත නොහී පොඩි එකා අරිනව කට. ‘ඇයි අම්ම කිවුවෙ ආයෙ නං මේ කඩේට යන්නෑ කියල?

 

2. බොරු කීම

When Children Embarrass their Parents

Source – mcgill.ca

ඇත්ත කිවුවට හපං බොරු කියද්දි. සාමාන්‍යයෙන් පොඩි එකෙක් මං පිටි කෑවෙ නෑ, මට ටීචර් ගැහුවෙ නෑ වගේ බොරුවක් කියන එක ෂේප්. ඒත් සමහර පොඩි උන් කියනව ලෝකෙට මුහුණ දෙන්න බැරි වෙන විදියෙ බොරු. උදාහරණෙකට ඔන්න ගෙවල් ගාව මනුස්සයෙක් ඇවිල්ල කතා කර කර ඉද්දි අම්මල කතාවෙන පොදු කතාව එළියට ඇදෙනව. ඒ තමයි ළමයි නොකන එක. ඉතිං ඕක ගැන කතා වෙවී ඉඳිද්දි කෙලින්ම මැද්දට පනින පුතා කියනව පත බොරුවක්. බොරු ආන්ටි මං හොඳට කැරට් කනව. දැන් ඕක මහ අවුලක් නෑ කියල හිතෙන්න පුළුවන්. ඒත් අර මනුස්සය හිතන්න ගන්නව මේ මනුස්සයා ළමයගෙ පෝෂණේ ගැන මං ඇස්වහ කටවහ හලයි කියලා මාව රවට්ටන්නයි මේ බොරුව කළේ කියල. ඇත්තටම හිතේ එහෙම දෙයක් නැතුවත් නිකං සමාජෙන් පල් එක.

 

3. අනවශ්‍ය දේ ඇසීම

When Children Embarrass their Parents

Source – independent.co.uk

ළමයින්ගෙ තවත් නරක දෙයක් තමයි අනවශ්‍ය දේ ඇසීම. ඒක අහන්නෙත් හෙමීට නෙමෙයි. අහල ගං හතකට ඇහෙන්න අහන්නෙ. සමහරුනං අනේ හුරතල් කොලු පැටිය කියල ඔහොම කෑගහන පොඩි උන්ව පොර කරන්න හැදුවට අම්මල තාත්තලට ඒ වෙලාවට කන අතගාන්න හිතෙනව. නිකමට හිතන්නකො ෆිල්ම් හෝල් එකකදි, මොකද අප්පච්චි අර ආන්ටි අංකල්ව කිස් කළේ? ඒ අංකල් ඔෆිස් යන්නද හදන්නෙ?’ කියල ඇහුවම කොහොමද කියල.

 

4. හිරවෙන ප්‍රශ්න

When Children Embarrass their Parents

Source – crossexamined.org

ප්‍රශ්න ඇහුවත් කමක් නෑ ෂේප් එකේ ඔවු නෑ බෑ පාරක් දාලා ඉන්න පුළුවන් ප්‍රශ්නයක් නං. සමහර පොඩි උන් අහන්නෙ කෙලින්ම හිර වෙන ප්‍රශ්න. ඒ කියන්නෙ උත්තරයක් දෙන්නත් බැරි, නොදිත් බැරි ඒවා. කොටිම්ම අහල පහළ ඉන්න මිනිස්සුත් හොල්මන් වෙලා හැරිලා බලන ප්‍රශ්න. උදාහරණෙකට බස් එකේදි, ‘ඇයි ඒ අංකල් අපිට ටිකට් ගන්න කිවුවත් ටිකට් දෙන්නැත්තෙ?

 

5. ඕනමයි

When Children Embarrass their Parents

Source – rd.com

ළමයි විසින් දෙමවුපියන්ව අසරණ කරන අ‌නිත් විදිය තමයි දේවල් ඉල්ලීම. උදාහරණෙකට මෙහෙමයි. සමහර වෙලාවට සමහර අම්මල තාත්තල අතේ සල්ලි නෑ. ඉතිං ඉල්ලන හැමදේම අරන් දෙන්න බෑ. ඉතිං අපහසුතාවයට පත්වෙනවා. තවත් සමහර වෙලාවට ඉල්ලන සමහර දේවල් ගෙදර තියෙනව. ඒ නිසා මහ ගාණක් දීලා අරන් දුන්නත් වැඩක් නෑ. තවත් වෙලාවකට පොඩි උන් ඉල්ලන්නෙ අරන් දෙන්න බැරි දේවල්. උදාහරණෙකට හිල්ටන් එකේ චැන්ඩලියර් එක වගේ දේවල්.

 

6. අවුල් සින්දු

When Children Embarrass their Parents

Source – youtube.com

පොඩි උන් සින්දු කියද්දි ෂෝක්. හැබැයි ඒක ෂෝක් වෙන්නෙ කියන සින්දුව අනුව. සමහර පොඩි උන්ට නිකං ඉද්දිත් කියවෙන්නෙ ‘රෝස තොල් සිඹිමි වගේ සින්දු. ඒවා ඇහුනම වටේ පිටේ උන් කෙලින්ම බලන්නෙ අම්ම තාත්තගෙ මූණ. මොකද උන්ටත් ඕන තව මිනිහෙක් අපහසුතාවයට පත් වෙන හැටි දකින්න. කොටිම්ම අඳුරන සමහරු පොඩි එකාගෙන් කෝ පුතේ ආයෙත් අර සින්දුව කියන්න’ කියල කියන අවස්ථාත් තියෙනව.

 

7. සංවර අවස්ථා අසංවර කිරීම

When Children Embarrass their Parents

Source – zenparent.i

දැන් ඔය නිවීසැනසිල්ලෙ ඉන්න ඕන තැන් තියෙනවනෙ. පොඩි උන්ට ඒ තැන්වලට ගියාම අමුතු කැහිල්ලක් ගහනව. දැන් ඉතිං ඉන්නම බෑ. ලා කෙඳිරියක් දාගෙන ඉන්නව. දැන් සෙනග ගොඩේ නැගිටින්නත් බෑ. උදාහරණෙකට හිතන්නකො පිරිතක් පටන්ගත්තු ගමන් කියල. ඔන්න ඉතිං කොල්ල දැනගන්නව අම්ම තාත්තට නැගිටල තමුන් පස්සෙ එළවන්න බැරි විත්තිය. උන් යනව ඉතිං කැලේ. සමහරු කෙලින්ම ගිහින් මණ්ඩප්පෙ ඇතුළෙ.

 

8. පළිගැනීම්

When Children Embarrass their Parents

Source – youtube.com

අම්ම තාත්තා ළමයින්ට සැර කරනවනෙ. ‌පොඩි උන් ඉතිං ඕවට පළිගන්නව. ලේසි පාසු විදියට නෙමෙයි පළිගන්නෙ. ආයෙ හොදි ඕන්නෑ පළිගන්න පටන්ගත්තම. සමහරු කන්නෙ නෑ, කට අරින්නෙම නෑ කියන දැඩි අධිෂ්ඨානෙන් ඉන්නෙ. සමහරු ප්ලග්වලට ඇඟිලි ගහන්න යනව. වීදුරු බිම අතාරිනව. ඉතිං අම්මල තාත්තල ස්ට්‍රෙස් නොවී තියෙයිද?

 
Cover Image Source – playbuzz.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *