ඉස්කෝලේ කාලෙදී ගැහැණු දරුවෙකු මුහුණ දෙන ප්‍රශ්න

Problems Every Schoolgirl Faces

වැල්වටාරම් ඕනි නෑ ඕනිම මනුස්සයෙක්ගෙ ජීවිතේ වැදගත්ම කාලේ තමයි ඉස්කෝලේ කාලේ. එක්කෝ ඒ කාලෙදී ඒ මනුස්සයා ලෙල්ලටම කෙළවගන්නවා. නැත්නම් ගොඩ යනවා. ඔය මොක වුණත් ඔය වයසට එන ප්‍රශ්න ටිකක් තියනවා. ඒක ගෑණු පිරිමි මල් පළතුරු සත්තු විදියට වෙනස් වෙනවා. ඉස්කෝලේ කාලෙදී ගෑණු දරුවෙකු මුහුණ දෙන මහගොඩක් ප්‍රශ්න අතරින් කීපයක් තමයි මේ. අම්මලා දූලා ගැන ඇලර්ට් එකේ ඉන්න ඕනි මේ වයසෙ දී මෙන්න මේවා නිසයි.

 

1. පෙම් පළහිලව්

Problems Every Schoolgirl Faces

Source – youtube.com

කොහෙන් ගියත් නොම්බර එක ලව් ඉස්ටෝරියක් ම තමයි. නවය වසර දහය වසරට ආවා කියන්නේ ඉතින් සන්නි යකුම පටන් ගත්තා කියන එක තමයි. දැන් ගෝලීය උණුසුම නිසාද මන්දා හයේ හතේ ඉඳන් ම පොඩි කෙල්ලොන්ගේ ඔළුවලට මෙව්වා ගහන්න පටන් අරන්නේ. කොහොමින් හරි මේක ලොකු ප්‍රශ්නයක්. මේ වයසට ආදර කතන්දරවල බරක් පතලක් තේරෙන්නේ නෑ. එක්කෝ යාළුවොන්ට පේන්න කරනවා, නැත්නම් මං පොර මානසිකත්වෙ පෙන්නන්න කරනවා. ඔය මොකක් නිසා කළත් ඔය වයසට ආදරේ කියන්නේ වයිරස් එකක් තමයි.

 

2. යෙහෙළියන් තරහ වීම

Problems Every Schoolgirl Faces

Source – tubefm.co

දැන් නම් අක්කලාට හිනත් යනවා ඇති. හැබැයි ඉස්කෝලේ කාලෙදී කෙල්ලෙක්ට එයා ආශ්‍රය කරන යාළුවෝ එකාද දෙන්නද ඒ ඔක්කොම තමයි ජීවිතෙම. මොකක් හරි නස්පුට් එකක් වෙලා ඔය කවුරුහරි කොක්කක් දා ගත්තා කියන්නේ ජීවිතේම කඩන් වැටුණා වගේ. කන්නේ නෑ, බොන්නේ නෑ, පාඩම් කරන්නේ නෑ. එපා වෙනවා.

 

3. වැඩිවියට පැමිණීම

Problems Every Schoolgirl Faces

Source – self.com

සම්භාව්‍ය සාහිත්‍යයේ ජම්බු ශාකයෙන් බිමට පතිත වීම කියලා හඳුන්වන (මොන මගුලට එහෙම කියනවද අපි නම් දන්න එකක් නෑ) පාසල් වයසෙ දී ගැහැණු ළමයෙක් මල්වර වුණායින් පස්සෙ අටකෝටියක් ප්‍රශ්නවලට එයා මුහුණ දෙනවා. ශරීරයේ එක එක විපර්‍යාස වෙනවා. ඒ විතරක් නෙවෙයි, හිතන මතන විදියේ පවා වෙනස්වීම් වෙනවා. මේ වෙලාවට එහෙම දැරිවියකට නිසි මග පෙන්වීමක් අවශ්‍යමයි.

 

4. රූපලාවණ්‍ය කටයුතු

Problems Every Schoolgirl Faces

Source – youtube.com

මේවාට නම් තනිකරම හේත්තු වෙන්නේ යාළුවොන්ගේ වැඩ නිසා. ටියුෂන් ක්ලාස් එකට එකියක් පොල්කටු මාලයක් දාන් ආවොත් අනිකා බෙලිකටු මාලයක් දාන් එනවා. කොණ්ඩ කට්ටට පවා තරඟේ. ළමා වයසෙදී ම තොරොම්බල් කරත්ත වගේ හැඩ වුණායින් පස්සේ ඒ ජීවිතේ දිගටම එහෙමම තමයි. පිරිමි පාර්ශ්වයේ යෝ යෝ නිගාලා පරම්පරා ගණනකට පැට්ව් ගහනවා වගේ මේ විකාර පස්සේ පන්නන්න ගත්තොත් ඒක මහා ලොකු ප්‍රශ්නයක්. අනික ඔය එක එක පවුඩර් අරක මේකට සල්ලි ඕනි වෙනවා. මේවාටයි කියලා අම්මලාගෙන් ඉල්ලන්න බැරි තැන අසරණ වෙනවා.

 

5. අනික් අයගේ විනිශ්චයන්ට ලක්වීම

Problems Every Schoolgirl Faces

Source – pxhere.com

ඔය වයසට ආශ්‍රය කරන පොල් කාවයි පැටවුන්ටත් තේරුමක් නැහැ කියන නොකියන දේ ගැන. බලන්නේ කොයිම වෙලාවක හරි කාට හරි පදයක් හදන්න. පාසල් කාලේ කියන්නේ එක විදියකින් පෞරුෂත්වයක් හැදෙන කාලේ. පාසල් යන කෙල්ලකට මහත වැඩියි, කොට වැඩියි වගේ අභබ්බ දේවල් කිව්වම ඒ කෙලීට දුක හිතෙනවා. කවදාවත් එහෙම දේවල් කරන්න ඉඩ තියන්න එපා.

 

6. නිදහස පිළිබඳ ප්‍රශ්නය

Problems Every Schoolgirl Faces

Source – empoweringparents.com

ඉස්කෝලේදී එක එක විදියේ ළමයි ආශ්‍රය කරන්න වෙනවා. සමහරු මල් පෙත්තක් ඇල්ලුවත් ආව් කියන අලි හුරතලේට හැදුණ ළමයි. තවත් ළමයි ඕනි එකකට ඔට්ටුයි.ඒ දෙකටම අතරමැදි කොට්ඨාසයකුත් ඉන්නවා. මේ කාට හරි තවත් කට්ටියක් එක්ක සංසන්දනය කරලා ‘අනේ මට ගෙදරින් කිසිම නිදහසක් නෑ’ වගේ වැල් බයිලා හිතෙන්න පුළුවන්. මේක සමහරුන්ට නම් පාසල් කාලෙට පස්සෙත් තියෙන හිසරදයක්.

 

7. අධ්‍යාපන කටයුතු

Problems Every Schoolgirl Faces

Source – theodysseyonline.com

දාහක් ප්‍රශ්න චූටි ඔළු කට්ටක් අස්සේ දාගෙන ඒ ගැන හිතන්න ගත්තම ඉගෙනගන්න හිත හදාගන්න හරි අමාරුයි. ඉස්කෝලේ කාලෙදී කෙල්ලෙක්ට එන්න ඕනි ප්‍රශ්නත් මේ වගේ දේවල් තමයි. දෙකයි දෙකයි එකතුකරාම හතර නොකියා ඒ ළඟවත් නැති විසිහතරක් ගැන කියවනවා නම් එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේක වෙන්නේ ගොඩක් වෙලාවට අනවශ්‍ය දේවලට හිත යොමුවන නිසා.

ඔයාගේ නංගී නැත්නම් දරුවා පාසල් යන වයසේ නම් ඇයට අවධානය දෙන්න අමතක කරන්න එපා.

 
Cover Image Source – youtube.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *