ලංකාවෙ තියෙන ෆුඩ් ෆ්‍රැන්චයිස් (Food Franchise) වල අපේ ෆේවරිට්ම කෑම 9ක්

favorite fast food meals

ලංකාවෙ අපි කෑම වෙලාවට පිටස්තර ආහාරයක් ගන්නවනං මගතොටදි, ගෙදරදි කන්න මුල් තැනක් දෙන තැන් අතරෙ ඔය මහා ලොකු ජාත්‍යන්තර නාම බොහෝමයක් තියෙනවා. මේ කියන්න හදන්නෙ ඔන්න ඔය කියන ජාත්‍යන්තර නාම අතරෙන් ලංකාවෙ අපි කැමතිම ඒ ඒ ෆ්‍රැන්චයිස් එකේ කෑම මොනවද කියලයි. ඔයාලගෙ අදහස වෙනස් නං අපිට කියන්න.

 

1. Pizza Hut – Double Chicken and Cheese Fiesta

favorite fast food meals

Source – joseriverashs.blogspot.com

ලංකාවට තියෙන පරණම ෆුඩ් ෆ්‍රැන්චයිස් එකක්. රටවල් බර ගාණක තියෙන පීසා කඩයක්. ලංකාවෙ නං තැනින් තැනට රසයේ වෙනස් ගතියක් තියෙනව. ඇත්තටම රසම පීසා දෙන පීසාහට් එක තියෙන්නෙ යුනියන් ප්ලේස් එකේ. කොහොම වුණත් අපි කැමතිම ඩබල් චිකන් ඇන්ඩ් චීස් ෆියෙස්ටා පීසා එකට. හැම දේම ගාණට තියෙනවා. ඒ තරම් චීස් රසට අකමැති කෙනෙකුට වුනත් පීසාමය ආතල් එක විඳිමින් කන්න පුළුවන් පීසා එකක්. මේක ග්‍රෑන්ඩ් ඩිපර් එකේ ඩිපින්ස් තුනත් එක්ක නියමෙට මුහු වෙන රසක් නිසා අපි කැමතිම මේකෙ ග්‍රෑන්ඩ් ඩිපර් එකට.

 

2. Domino’s – Calzone

favorite fast food meals

Source – twitter.com

ඩොමිනෝස් කියන්නෙ පීසා කඩයක්. හැබැයි ලංකාවෙ හැම තැනකම එකකට එකක් රස වෙනස් වෙන්න හැදෙන ඩොමිනෝස් පීසා ගැනනං මහා විශ්වාසයක් තියන්න බැහැ. හැබැයි ඩොමිනෝස් හදන කැල්සෝන් නම් කන්න කන්න රස දැනෙන විදියට නියමෙට හදනව. පීසා රසටම වෙනස් ටෙක්ස්චර් එකකින් කටට එබෙන කැල්සෝන් තමයි ඩොමිනෝස් එකේ රසම කෑම එක විදියට අපිට නම් කරන්න පුළුවන් වෙන්නෙ.

 

3. KFC – Veggie Burger

favorite fast food meals

Source – eater.com

කවදාවත් මස් කඩේකින් මස් නොවෙන දේ බලාපොරොත්තු වෙන්න හොඳ නෑ තමයි. ඒත් ඉතිං කේඑෆ්සී කියන චිකන් කන්න තියෙන කඩේ දවසක් ටෙස්ට් කරන්න කාපු වෙජි බර්ගර් එක තමයි අපි කාපු හොඳම බර්ගර් එක. ජාත්‍යන්තර බර්ගර් මාසෙට අලුත් බර්ගර් ජාති හඳුන්වා දුන්නම රස බර්ගර් වර්ග කේඑෆ්සී එකෙන් කන්න ලැබුණත්, හැමදාම කන්න තියෙන ගාණත් අඩු රස බර්ගර් එකක් විදියට කේඑෆ්සී වෙජි බර්ගර් එක හඳුන්වන්න පුළුවන්.

 

4. McDonalds – Big Mac Burger

favorite fast food meals

Source – galoremag.com

තවත් ලංකාවෙ පරණම ෆුඩ් ෆ්‍රැන්චයිස් එකක්. කාලයක් යනකං පෙර රස නොනැසී තියාගත්තු ෆුඩ් ෆ්‍රැන්චයිස් එකක්. ඕනම කෙනෙක් නවත්තල ඇහුවොත් මැක්ඩොනල්ඩ්ස් එකෙන් කන්න ආසම මොනවද කියල, ඕන කෙනෙක් කියන්නෙ සොෆ්ට් අයිස්ක්‍රීම් එක කියල තමයි. හැබැයි මේ කියන්නෙ මැක්ඩොනල්ඩ්ස් එකේ වාඩි වෙලා රසට කන්න පුළුවන් බඩත් පිරෙන, හිතත් පිරෙන එයාලගෙ නියමම ඩිෂ් එක ගැන. බිග් මැක් බර්ගර් එකේ ෆිලින් එක නියම නිසාම තමයි එයාලගෙ සොෆ්ට් බර්ගර් බන් එකත් එක්ක නියමෙට රස දිව පිනවන්නෙ.

 

5. Burger King – Chicken Whopper

favorite fast food meals

Source – twitter.com

බර්ගර් කිං එකේ ස්පයිසි චිකන් බර්ගර් එක වගේම කිං සවාන් එකත් රස කෑම හැටියට දාන්න පුළුවන්. හැබැයි වැඩිම දෙනෙකුගෙ ඉල්ලුම තියෙන රසම කෑම එක විදියට නම් කරන්න වෙන්නෙ චිකන් වොපර් එක. බර්ගර් කිං ලංකාවෙ ආරම්භ කරපු දවස්වල තිබ්බ රසත් එක්ක සංසන්දනය කළාම මේ වෙද්දි යම් පසු බෑමක් දකින්න ලැබුණත්, තාමත් මේ චිකන් බර්ගර් එක වැඩිම අලෙවියක් තියෙන රසම කෑම එක විදියට දක්වන්න පුළුවන්.

 

6. Subway – Double Chocolate Chip Cookie

favorite fast food meals

Source – youtube.com

සබ්වේ කියන නමේම තියෙනව එයාලා ස්පෙෂලයිස් කරන්නෙ මොනවද කියල. මුහුදට නොබැහැ බඩට බහින සබ්මැරීන් කියන්නෙ ලංකාවෙ තාරුණ්‍යය අතරෙ ප්‍රසිද්ධ ආහාරයක්. හැබැයි ලංකාවෙ අලුතෙන් දාපු සබ්වේ වලින් කට්ටිය කන්න ආසම එයාලා හඳුන්වා දෙන බීම ජාති සහ ඩෙසර්ට් ජාති ටික. ඒ අතරිනුත් රසම ඩබල් චොකලට් චිප් කුකී එක. සබ්මැරීන්වලට ප්‍රසිද්ධ ෆාස්ට් ෆුඩ් අවුට්ලට් එකකින් බිස්කට් කෑව කියල මැරෙන්නෙ නෑ මහත්තයො

 

7. Takeout Lanka – The Beef Cheese Delight

favorite fast food meals

Source – foodie.lk

සාමාන්‍යයෙන් අපිට ෆුඩ් ෆ්‍රැන්චයිස් දුන්නෙ ඇමරිකාවෙන් වුණාට මේ කඩේ එන්නෙ බංග්ලාදේශෙන්. තාම ලංකාවෙ තියෙන්නෙ එක කඩයයි. හැබැයි ලංකාවෙ ප්‍රසිද්ධ බර්ගර් කඩ බොහොමයකට අභියෝග කරන්න පුළුවන් රසක් මේකෙ තියෙනව. ඒ වගේම සාමාන්‍යයෙන් බර්ගර් එකේ ලැබෙන බර්ගර් පැටී එක මසින් අඩුවීමේ ප්‍රශ්නෙට ටේක්අවුට් එකේ බර්ගර් කිසිසේත්ම හසුවෙන්නෙ නෑ. සොෆ්ට් පැත්තට වඩා ක්‍රන්චි පැත්තට බර බන් එකක් තමයි ලැබෙන්නෙ.

 

8. Baskin Robbins – Almond Praline Gold

favorite fast food meals

Source – pinterest.com

රස තිස් එකක් තියෙන අයිස් ක්‍රීම් කඩේ තියෙන නියම කිරි රස සොෆ්ට් අයිස් ක්‍රීම් එකක ආමන්ඩ් මුසු වෙලා එද්දි තියෙන කික් එක කියල වැඩක් නෑ. කොහොමත් ආමන්ඩ් වගේ දෙයක් නියමෙට මික්ස් වෙන කෑමක් විදියට අයිස් ක්‍රීම් දක්වන්න පුළුවන්. තව ඉතිං බ්ලැක් කරන්ට්, කොට්න් කැන්ඩි වගේ අයිස්ක්‍රීම් රසම අයිස්ක්‍රීම් විදියට ලයිස්තුවට ඇතුළත් කරන්නට පුළුවන්.

 

9. Taco Bell – Assorted Chicken Platter

favorite fast food meals

Source – saadidilli.com

ටාකෝස් කන්න යන්න තියෙන කඩයක් වුණාට අපිට නං මෙතන රසම මෙක්සිකානු කෑමක් නෙමෙයි. ඇසෝටඩ් චිකන් ප්ලැටර් එක බියර් එකක් එක්ක කන්න නියමයි. චිකන්වල ක්‍රිස්පි ටෙක්ස්චර් එකත් රසයි වගේම මෙක්සිකානු බ්ලෙන්ඩ් එක දෙන චිපොට්ලේ සෝස් එකත් නිසා මේක තමයි අපි කැමතිම කෑම එක විදියට හඳුන්වන්න පුළුවන් වෙන්නෙ.

 
Cover Image Source – drfuhrman.com
 

Leave a Reply

Your email address will not be published.