අම්මලා ළමයින්ට බොරු කියන්න පුරුදු කරන හැටි

When kids forced to lie

අම්මලා හැම වෙලේම ළමයින්ට කියල දෙන්නෙ හොඳ පුරුදු. බොරු කියන්න එපා, ගහගන්න එපා, ඕනවට වඩා කෑ ගහන්න එපා කියලා අම්මලා ඔබටත් උගන්නල ඇති. හැබැයි එහෙම හොඳ පුරුදු උගන්නන අම්මලට ළමයින්ට බොරු කියන්න උගන්නන්න වෙන වෙලාවලුත් තියෙනවා. අන්න ඒ වගේ අවස්ථා හතක් ඔබත් එක්ක බෙදා ගන්නයි මේ හදන්නේ. බලන්නකෝ මේ වගේ අත්දැකීම් ඔබටත් ලැබිල තියෙනවද කියලා

 

1. කෝල් එකකදී

When kids forced to lie

Source – youtube.com

මේකනම් සුලබව වෙන දෙයක්. ලෑන්ඩ් ෆෝන් එකට කෝල් එකක් එනවා. අම්මට පේන්න බැරි, කතා කලොත් කොටි වලිගෙ අල්ලගත්ත වගේ එක්කෙනෙක් කතා කරන්නෙ. අන්න එතනදී අම්ම කියනවා පොඩි එකාට “අම්ම නෑ කියන්න.., අම්ම ගමනක් ගිහිල්ල කියන්න” කියලා. අනේ ඉතින් පොඩි එකත් කෝල් එක ආන්ස්වර් කරලා කියනවා “අලෝ, අම්මි ගෙදල නෑනී” කියලා. අන්න එහෙමයි පොඩි උං බොරුවට අත් පොත් තියන්නේ.

 

2. නෑදෑයොන්ට

When kids forced to lie

Source – huffingtonpost.com

නෑයෝ වේයෝ ය කියනවනේ. නෑයෝ ඉස්සරහ හිනාවෙන ගොඩක් අය නෑයො නැති තැන බනිනවා. අන්න එහෙම නෑයෝ ඉස්සරහදී හොඳට හැසිරෙන්න ඕන. හොඳ කම පෙන්නන්නත් ඕන. අන්න ඒ වගේ නෑයෝ ගෙදර එනවා කිවුවම අම්මලා ළමයින්ට කතා කරල මෙහෙම කියනවා. “පුතේ මෙහෙ එන්න. අද අර ලොකු පුංචි අම්ම ඒවි. අම්මගෙනුයි තාත්තගෙනුයි වැඩිය ආදරේ කාටද ඇහුවොත් පුතා කියන්න අම්මට ය කියලා.” ඔන්න ඔය වගේ සුලු දේවල් වලට තමයි පොඩි උංට බොරු කියන්න උගන්නන්නෙ අම්මලා.

 

3. පංසලේ හාමුදුරුවන්ට

When kids forced to lie

Source – lankavideozone.net

හැමවෙලේම, හැම පෝයටම අම්මලට තාත්තලට පන්සලට යන්න වෙන්නෙ නෑ. ඒත් සමහර අම්මලා තමන් වෙනුවට දරුවව යවනවා යාලුවො එක්ක ගිහින් එන්න කියලා. අන්න ඒ වෙලාවට හාමුදුරුවො ඇහුවොත් “ගෙදර අය ආවෙ නැද්ද පුතේ..?” කියලා පොඩි එකා දෙන උත්තරේ කලින්ම සූදානම් කරල යවන එක අම්මගෙ ඇඟට ගුණයිනේ. “අම්මයි තාත්තයි මළ ගෙදරක ගියා කියන්න පුතේ” කවුරුහරි මරලා හරි කමක් නෑ තමන් බේරෙන්න එපාය.

 

4. ඉස්කෝලෙකට දාද්දී

When kids forced to lie

Source – youtube.com

ඉස්කෝලෙකට දාද්දී දැන් ඉන්ටර්වීව් එකක් තියෙනව නොව. ඔන්න ඔය ඉන්ටර්වීව් එක තමයි බොරුවේ උපත. අම්මල ළමයින්ව තමන්ගෙ සිහින පාසලට දාන්න උංට පුරුදු නොකරන බොරුවක් නෑ. ගෙදර තියෙන තැන ගැන, නෑදෑයො ගැන, අම්ම තාත්ත ගැන, ඉස්කෝලෙට එන්න ආස ඇයි කියන එක ගැන වගේ දාහක් ප්‍රශ්න වලට උත්තර විදිහට බොරු ගොඩක් අම්මල ළමයින්ට උගන්නලයි යන්නේ. ඇයි ඉතින් ලියපු ඒවයි පොඩි එකාගෙ උත්තරයි නොපෑහුණොත් මල ජංජාලයක් නේ වෙන්නේ.

 

5. ඉස්කෝලෙ ටීචර් ට

When kids forced to lie

Source – houstonchronicle.com

ඉස්කෝලෙ ශ්‍රමදානයක් එහෙම තිබුනොත් අම්මලට තාත්තලට යන්න වෙන්නැත්නම් පොඩි එකාට බොරුවක් උගන්නන්නම වෙනවා. නැත්නම් පොඩි එකා ටීචර්ට කියනවා “අම්ම එන්න බෑ කිවුවා ටීචර්” කියලා. ඊට පස්සෙ ටීචර් ගෙදරට කතා කරලා “මෙහෙමද ඔයාල ළමය වෙනුවෙන් කැප වෙන්නෙ” කියලා අහවි. ඔය වගේ දේවල් සිද්ධ වෙන්න කලින් පොඩි එකාට බොරුවක් උගන්නල යැවුවනම් හරි. “අම්මට උණ හැදිලා හොඳටම අමාරුයි කියන්න පුතේ. තාත්ත අම්ම එක්කගෙන බෙහෙත් ගන්න ගියාය කියන්න” අන්න බොරු.

 

6. ප්‍රතිඵල ආවම

When kids forced to lie

Source – gettyimages.com

ශිෂ්‍යත්වෙ, ඕ ලෙවල් විතරක් නෙමෙයි උසස් පෙළ ප්‍රතිඵල ආවමත් මේ බොරුව උගන්නන්න අම්මලට වෙනවා. තමන්ගෙ යාලුවන්ගේ, නෑදෑයන්ගේ, අසල්වාසීන්ගේ දරුවන්ගේ ප්‍රතිඵල බලලා, ඒව ගෙදර එකාගෙ ප්‍රතිඵලේට වඩා වැඩිනම් තමයි මේ බොරුව කරලියට එන්නේ.
“මම උඹට පාඩම් නොකර දඟල දඟල ඉන්නකොටම කිවුවා ප්‍රතිඵල ආවම බොරු තමයි කියන්න වෙන්නේ කියලා. 140 ක් කියලා කියන්න කවුරුහරි ලකුණු ඇහුවොත්. නැත්නම් පාරෙ බැහැල යන්න බෑ.” ඒ ශිෂ්‍යත්වය අසමත් දරුවෙකුගේ අම්ම කෙනෙක්.

 

7. මගුල් තුලා වලදී

When kids forced to lie

Source – giphy.com

පොඩි කාලේ අරම බොරුවක් දෙකක් උගන්නලා අම්මලා නවතින්නෙ නෑ. දූ බලන්න මනමාලයෙක් එනවනම් අම්මල දූලට කතා කරන්න ඕන හැටි උගන්නන එක රහසක් නෙමෙයිනේ. “උයන්න පුලුවන්ද කියලා ඇහුවොත් ටිකක් පුලුවන් කියන්න. පස්සෙ බැරිය ටික ටික මුල ඉඳලා පුරුදු වෙන්න.”

ඒ අපේ අම්මලගෙ හැටි. මේ ලිපියෙන් බලාපොරොත්තු වුණේ අම්මල ගැන වැරදි ඇහැකින් දකින්න නම් නෙමෙයි. අම්මල ගොඩක් වෙලාවට අපට බොරුවක් කියන්න උගන්නන්නෙ බැරිම වුණු වෙලාවක තමයි. බොහෝ වෙලාවට ඒ බොරුව කියන්නේ අපේ හොඳටමයි. අම්මල උගන්නපු මේ වගේ බොරු තව මතක් වුණාද ඔබට..? එහෙනම් පල්ලෙහයින් කමෙන්ටුවක ඒ ආදරණීය බොරුව සඳහන් කරන්න අමතක කරන්න එපා.

 
Cover Image Source – imgur.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *