අපගේ සාමාන්‍ය ජංගම දුරකතනය ස්මාට්ෆෝන් වීමෙන් පසු එය අපට කොතරම් පහසුවක් වී ඇතිදැයි කියා ඔබට අමුතුවෙන් කිව යුතු වන්නේ නැහැ. එම පහසුව අපගේ වෘත්තීය ජීවිතය පහසු කරවනවා පමණක් නොව අපගේ රසවින්දනය, සමාජීය බැඳියාව පවා තීව්‍ර කරනවා. මේ මොහොතේ ස්මාට් වෙමින් යන තාක්ෂණයට ඇතමුන් දෝෂාරෝපණ එල්ල කළත් මෙම සටහන අප ජීවත් වන නිවස ස්මාට්කිරීම වෙනුවෙන් යොදාගත හැකි උපාංග කිහිපයක් සම්බන්ධයෙනුයි.
1. Smart WiFi Camera

Source – youtube.com
සන්නාමවල නම් නොකියා මේකෙ ඇති ප්‍රයෝජනය සහ ස්මාට්කම ගැන කියන්නම්. ස්මාට් වයිෆයි කැමරාවක් ප්‍රධාන වශයෙන්ම ඕන වෙන්නෙ නිවසේ ආරක්ෂාවට. ඒ වගේම බොහෝ වෙලාවට වෙනත් ප්‍රායෝගික හේතු වෙනුවෙනුත් මේක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. උදාහරණයකට ගෙදර නැනී කෙනෙක් එක්ක දාලා යන පොඩි එකාව හරියට බලනවද කියල ඩබල් චෙක් කරන්න මේක අතිශය ප්‍රයෝජනවත්. ඒ වගේම මිනිසාට ළඟම හිතවතා වුණු බලු පැටියෙක්ව වුනත් කාර්යබහුල රාජකාරි අස්සෙ චෙක් කරලා බලන්න මේක ප්‍රයෝජනවත් වේවි. ඒ වගේම මේකෙ තියෙන ස්මාට්කම තමයි හිතේ සැකසංකා තියාගන්න ඕන නැති එක. හැම දෙයක්ම චෙක් කරන්න වගේම ඩබල් චෙක් කරන්නත් පුළුවන්.
2. Smart Bulbs

Source – theverge.com
ලෝකයේ විදුලි බුබුළු සම්බන්ධයෙන් අතිශය ප්‍රසිද්ධ සමාගම් මේ වන විට ස්මාට් බල්බ්ස් නිපදවනවා. ස්මාට් බල්බ්ස්වල විශේෂතා ගොඩක් තියෙනව. ස්මාට්ෆෝන් එකෙන් පාලනය කරන්නට පුළුවන් වීම, වර්ණ වෙනස් කළ හැකිවීම, එළිය අඩු වැඩි කිරීමට හැකිවීම, සංවේදක ඇසුරෙන් යමෙකු කාමරයකට ඇතුළු වන විට ස්වයංක්‍රීයව දැල්වෙන ලෙස සකස් කිරීමට හැකිවීම එයින් කිහිපයකි. එසේම විශේෂයෙන් නිවසේ නැති විටෙක ක්‍රියාත්මක කරවීමේ හැකියාව තිබීමද වාසියකි.
3. Smart Assistant

Source – eftm.com
ලෝ ප්‍රකට තාක්ෂණික සමාගම් මේ වන විට ඔබගේ නිවසට සරිලන ස්මාට් ස්පීකර නිපදවා ඇත. ඒ ස්මාට් ස්පීකර සැබවින්ම ක්‍රියාකරන්නේ නිවසේ සිටින සහයකයෙකු ලෙසිනි. ඔබට නිවසේ ඇති සියළු ස්මාට් උපාංග මේ වෙත සම්බන්ධ කර වඩා පහසුවෙන් පාලනය කිරීමට හැක. සැබවින්ම එය මගින් ඔබට හදිසියේ දැනගැනීමට අවශ්‍ය දෙයක් දැනගැනීම, කැමති ගීතයක් වාදනය කිරීම, විදුලි බුබුළු දැල්වීම වැනි කාරණා පහසුවෙන්ම හඬින් නියෝගයක් දීම මගින් සිදුකරවීමේ හැකියාව ඇත.
4. Smart Lock

Source – kickstarter.com
ලොක් එකක් යනු කුමක්දැයි කියා අමුතුවෙන් කීමට අවශ්‍ය නැත්තේ ඕනෑම නිවසකට මේ වන විට ලොක් එකක් භාවිතා කරන නිසාවෙනි. නමුත් ස්මාට් ලොක් එකක් භාවිතා කිරීමේ වාසි රාශියකි. ඔබට යතුරක් රැගෙන යාමට අනවශ්‍ය වීම, අනෙකෙකුට ඔබේ ඇඟිලි සළකුණ හෝ මුරපදය, යතුරක් තරම් පහසුවෙන් ග්‍රහණය කරගත නොහැකි වීම, යතුරක් මෙන් නොව කලින් කලට ඔබට මුරපදය හෝ ඇඟිලි සළකුණ තබන ඇඟිල්ල මාරු කිරීමට හැකිවීම වැනි වාසි එහි ඇත. එහි විශේෂිතම වාසි වන්නේ හිතේ බය අවම වීම සහ ඔබට ලැබෙන පහසුවයි.
5. Robot Floor Mop

Source – irobot.com
මෙය සාමාන්‍යයෙන් පුන්කලස්, මගුල් පහන්, මැටි පෝච්චි පිරවූ ලංකාවේ නිවසකට යෝග්‍ය නොවුණත්, පහසුව සහ ක්‍රමවත් බව සහිතව සාමාන්‍ය ස්මාට් නිවසකට කදිමට ගැලපෙන උපාංගයකි. එය නිසියාකාරව පිළිවෙළට වැඩි කාලය නාස්තියකින් සහ මහන්සියකින් තොරව ඔබේ ගෙබිම පිරිසිදු කර දෙනු ඇත. මෙම ස්මාට් රොබෝවා දුරස්ථව පාලනය කළ හැකි නිසා සියල්ලන් නිදි ගත් රාත්‍රී කාලයේ වුවත් මෙයින් ප්‍රයෝජනයක් ගත හැක.
6. Hot + Cool Air Purifiers

Source – dyson.com
ශීත ප්‍රදේශවල ගිනි උඳුන් සේම, උෂ්ණාධික ප්‍රදේශවල වායුසමීකරණ යන්ත්‍රවල සිසිල් සුළඟ භාවිතා කළත්, අවට වායුව පිරිසුදු කර ඔබට දුහුවිල්ල සේම විෂබීජද රහිතව හුස්ම ගැනීමට හැකි නිෂ්පාදනයක් වන තුරු ඒවා ස්මාට් වන්නේ නැහැ. මෙම ස්මාට් වායු පිරිසිදුකරණයට ඔබ අවට වාතය පිරිසිදු කරන්නට හැකි සේම, අවශ්‍යනම් පරිසරයේ උෂ්ණත්වය ඉහළ දැමීම හෝ ශීතල වැඩි කිරීමත් පහසුවෙන්ම සිදුකළ හැකිසේ නිමවා තිබෙනවා.
7. Universal Remote

Source – engadget.com
රූපවාහිනී යන්ත්‍රයට, ටීවී ඩෙකෝඩරයට, වායු සමීකරණයට, විදුලි බුබුලට වැනි සියළු දේ පාලනය කරවන්නට විවිධ වූ දුරස්ථ පාලක තිබීම කොතරම් ස්මාට් උපාංග පිරී තිබුණත් ස්මාට් කාරණයක් නොවේ. ඒ දුරස්ථ පාලක වැඩි ප්‍රමාණයක් භාවිතා කළ යුතු නිසා ඔබේ ස්මාට් භාවය දුරුවී ඇති නිසාවෙනි. එනිසා සර්ව කටයුතු වෙනුවෙන් භාවිතා කළ හැකි දුරස්ථ පාලකයක් භාවිතා කිරීම ඔබේ ජීවිතය වඩා පහසු කරාවි.
Cover Image Source – arvaappliances.com
Leave a Reply