ආදරේ සුන්දරයි කිවුවට ආදරේ ලබාගන්න එක නම් එච්චර ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. මොකද හැමෝටම හිතුන ගමන් වත් ඉල්ලපු ගමන් වත් ආදරේ ලැබෙන්නේ නැහැ. කොල්ලෙක්ට ආදරේ හිතෙනවට වඩා ටිකක් සීරියස් කේස් එකක් තමයි කෙල්ලොන්ට ආදරේ හිතෙන එක. කොල්ලොන්ට නම් ඩාර් ගාලා ආදරේ ප්‍රකාශ කොරන්ට පුළුවන්. මොකද කොල්ලා කෙල්ලට ආදරෙයි කියන එකනේ සම්ප්‍රදාය. හැබැයි ඉතින් සම්ප්‍රදායෙන් පිට පැනලා කෙල්ල කොල්ලට ආදරෙයි කිවුවොත් කාට උනත් ඉතින් නිකන් ටිකක් අවුල් අවුල් වගේ. මේ හින්දා ඉතින් සමහර කෙල්ලෝ ආදරේ හිතේ තියාගෙන කියාගන්න බැරුව විඳවනවා. ඔන්න ඒ හින්දා අද අපි කියන්නේ සම්ප්‍රදායෙන් පිට පැනලා කටක් ඇරලා කොල්ලට ආදරෙයි කියන්න බැරිනම් විඳව විඳව ඉන්නේ නැතුව කොල්ලා කොල්ලගේ කටින්ම ඔයාට ආදරෙයි කියන තැනට වැඩේ ගොඩ දාගන්න ඔයාට කරන්න පුළුවන් දේවල් ටිකක්. එහෙනම් ඉතින් කියවලා ටෙස්ට් කරලා බලලා වැඩේ හරි ගියොත් අපිටත් කියන්න හොඳේ.
1. ඔයාට විතරයි

Source – apherald.com
කොල්ලෝ කොහොමත් කැමතියි ටිකක් ස්පෙෂල් වෙන්න. ඉතින් කොල්ලෝ දාහක් අතරේදී උනත් ඔයාට ස්පෙෂල් එයා කියලා පෙන්නන්න. උදවුවක් ගන්න කොල්ලෝ බර ගාණක් වටේටම ඉන්නකොට ඒ ඔක්කොම අතෑරලා එයාගෙන් උදවු ඉල්ලන්න.
ඒ වගේම උදවු ඕනේ කොල්ලෝ සීයක් වටේ හිටියත් ඒ ඔක්කොම අතෑරලා එයාට උදවු කරන්න. ඒ විදිහට ඔයාට හැම දේකටම එයා විතරයි ඉන්නේ කියන එක පෙන්වන්න. වැඩේ ගොඩ දාගන්න පාර ඉක්මනටම කැපෙනවා.
2. ලැජ්ජාව පොඩ්ඩක්

Source – hdwallpapersrocks.com
කවුරු කොහොම මොනවා කිවුවත් කෙල්ලොන්ගේ ලැජ්ජාවට කොල්ලෝ මාර ලවු. මොකද කොල්ලෝ හිතන්නේ කෙල්ලෝ සම්පූර්ණ වෙන්න අනිත් දේවලුත් එක්ක ලැජ්ජාවත් ටිකක් තියෙන්න ඕනේ කියලා. ඒ හින්දා ලැජ්ජාව ටිකක් ඉස්සරහට දාගෙන ලාවට නාරිලතා ඇක්ට් එකක් දෙන්න. සුවර් එකටම කොල්ලට ඔයාව දැනෙන්න පටන් ගන්නවා.
3. ඇස් කථා

Source – missosology.info
ආදරේ කොච්චර හංගන්න හැදුවත් ඕනේ කෙනෙක්ගේ ආදරේ ඇස් දෙකෙන් නම් එළියට පනිනවාමයි. ඒ නිසා කටින් කියාගන්න බැරි ආදරේ පෙන්නන්න, අඟවන්න තියන ප්‍රධානම දේ තමයි ඇස්. හැම වෙලාවකම ට්‍රයි එකක් දෙන්න ඔයාගේ ඇස් වලට එයාගේ ඇස් දෙක අල්ල ගන්න. ඊට පස්සේ පුළුවන් ඇස් කතාව පටන් ගන්න. දවස් දෙක තුනක් යනකොට වැඩේ ගොඩ.
ඒ නිසා කටින් කතා කරනවට වඩා ඇස් දෙකෙන් කතා කරන්න.
4. ළඟින් ළඟින්

Source – plus.google.com
සාමාන්‍යයෙන් කොල්ලෝ කෙල්ලෝ කියන්නේ අතේ දුරින් ඉන්න කට්ටිය නේ. ඔය පර්සනල් ස්පේස් එක ආක්‍රමණය කරනවා කියන්නේ එක්කෝ වලියක් නැත්නම් සාමාන්‍ය මෙවුවා එකකින් එහාට ගිය මෙවුවා එකක්. ඒ නිසා කොල්ලගේ ළඟට ළංවෙනවා කියන්නේ සාමාන්‍ය යාලුකමකට එහා ගියපු හැඟීමක් ඔයාගේ හිතේ තියෙනවා කියලා කොල්ලට පෙන්නන්න තියෙන හොඳ ක්‍රමයක්.
5. එහෙන් මෙහෙන්

Source – srinethtv.net
මේ වැඩේට නම් ඉතින් උදවුවට අතිජාත මිත්‍ර සමාගම ඉන්නම ඕනේ. කොල්ලගේ යාලුවෙක් සෙට් එකේ කෙල්ලෙක් එක්ක සෙට් නම් වැඩේ තවත් ලේසියි. කරන්න තියෙන්නේ කට්ටියගේ උදවුවෙන් කොල්ලට එහෙන් මෙහෙන් ඔයා ගැන කියවන එක. නිතරම එහෙන් මෙහෙන් ඔයා ගැන ඇහෙනකොට කොල්ලටත් ඔයා ගැන විශේෂයක් ඇතිවෙනවා. ඒ විතරක් නෙවෙයි, කොල්ලගේ හිතේ තියෙන දේ දැන ගන්නත් ඔයාට මේක හොඳ චාන්ස් එකක්.
6. විහිළු කතා

Source – dissolve.com
හිතේ තියෙන දේවල් කෙලින්ම කියන්න බැරි අයට පාවිච්චි කරන්න තියෙන තවත් හොඳම දෙයක් තමයි මේ. හිතන්නකෝ… කට්ටියම සෙට් වෙලා ඉන්න වෙලාවට වගේම එයාව තනියම හම්බුන වෙලාවටත් විහිළුවට වගේ එක එක දේවල් කියලා දාන්න. හැබැයි ඒ දේවල් සීරියස් කිවුවේ නැති විදිහට ඉන්න. එතකොට කොල්ලා මොනවා උනත් හිතන්න ගන්නවා ඔයා කියපු දේවල් ගැන.
7. බොරු තරහා

Source – memedroid.com
එයාව ඔයාට වැදගත් කියලා පෙන්නන්න තියෙන තවත් ක්‍රමයක් තමයි මේ. හේතුවක් නැතුව බොරුවට තරහා වෙනකොට කොල්ලට උනත් හොල්මන් මොකද මේ කියලා. ඒ නිසා පොඩි පොඩි දේවල් වලට කොල්ලත් එක්ක ටිකක් බොරුවට තරහා වෙන්න. හැබැයි වැඩිකල් තරහා පෙන්නන්න එපා.
Cover Image Source – youtube.com
Leave a Reply