2018 මෙතෙක් තිරගත වුණු චිත්‍රපට අතරින් හොඳම චිත්‍රපට 10

Best movies of 2018 so far

හොලිවුඩ් ෆිල්ම් එකක් රිලීස් වුණ ගමන් ආසාවෙන් හොයාගෙන ගිහින් බලන අපිට ඒ තරම්ම සතුටුදායක අවුරුදු කීපයක් නෙමෙයි මේ ගතවෙන්නෙ. ඉස්සර වගේ නෙමෙයි දැන් ගති චිත්‍රපටයක් රිලීස් වෙන්නෙ ඉතාම කළාතුරකින්. 2018 අවුරුද්දේ මෙතෙක් තිරගත වෙච්ච චිත්‍රපට දිහා බැලුවහමත් සුපිරිය කියලා කියන්න පුළුවන් චිත්‍රපට ඉතාම අඩු ගණනක් තමයි තියෙන්නේ. ඒ අතරිනුත් 2018 මෙතෙක් තිරගත වෙච්ච හොඳම චිත්‍රපටි 10 ගැනයි අපි මේ කියන්න යන්නේ.

 

1. Annihilation

Best movies of 2018 so far

Source – leftlion.co.uk

ඇමරිකාවේ ෆ්ලොරිඩාවෙන් පටන් අරගෙන, ක්‍රම ක්‍රමයෙන් විශාල වෙමින් පැතිරෙන අද්භූත ප්‍රදේශයක් තියනවා. මේක හඳුන්වන්නේ ‘ෂිමර්’ කියලයි. ටිකෙන් ටික විශාල වෙමින් ඇමරිකාවම ගිලගන්න වගේ යන මේ ප්‍රදේශය ඇතුළෙ සිද්ධවෙන අද්භූත දේවල් ගැන පරික්ෂා කරන්න යන පිරිසකට මුහුණ දෙන්න වෙන අත්දැකීම් ගැන තමයි චිත්‍රපටයෙන් පෙන්වන්නෙ. සාමාන්‍ය විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයකට වඩා ප්‍රචණ්ඩත්වය පිරුණු චිත්‍රපටයක් තමයි ඇනයිලේෂන් චිත්‍රපටය. මේකෙ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ නැට්ලි පෝට්මන්.

 

2. You Were Never Really Here

Best movies of 2018 so far

Source – filmdaily.co

වකීන් ෆීනික්ස් (Joaquin Phoenix) කියන්නේ ෆිල්ම් එකෙන් ෆිල්ම් එකට අමුතු විදිහේ චරිත රංගනයන් තුළින් අපිව හමුවෙන නළුවෙක්. ඔහුගෙ අලුත්ම චිත්‍රපටය වන ‘යූ වර් නෙවර් රියලි හියර්’ චිත්‍රපටයෙත් ඒ තත්ත්වය එහෙමමයි. මේකෙදි ෆීනික්ස් රඟපාන්නේ ජෝ නැමැති මදාවි චරිතයක්. ජෝ ගෙ රස්සාව වෙන්නෙ අතුරුදන් වෙලා ඉන්න තරුණියන්ව සහ දැරියන්ව හොයලා දීල, ඒ අයගෙ භාරකාරයන්ගෙන් මුදලක් ලබා ගන්න එක. ඒ විදිහට එක් දැරියක්ව හොයා යන ගමනේදී ජෝ ට ලොකු කරදරයකට මුහුණ දෙන්න වෙනවා.

අන්ධකාර වටපිටාවක දිගහැරෙන, ක්‍රියාදාම පිරුණු, ඒ වගේම හිතට කටුක හැඟීම් ගෙන දෙන්න සමත් චිත්‍රපටයක් මේක.

 

3. A Quiet Place

Best movies of 2018 so far

Source – vox.com

ඒලියන්ස් ලාය කියන්න පුළුවන් අමුතු දරුණු සත්තු වර්ගයක් නිසා ලෝකේ ජනගහණයෙන් සෑහෙන පිරිසක් මරු තුරුළට ගිහින්. මේ දරුණු සත්තුන්ට ඇස් පෙනෙන්නේ නැහැ, හැබැයි ඒ අඩුව පුරවන්නත් එක්ක උන්ගේ ශ්‍රවණ හැකියාව ඉතාම බලවත්. මේ විනාශ වූ ලෝකයේ හුදෙකලා වෙච්ච පවුලක් ගැන තමයි චිත්‍රපටයෙන් පෙන්වන්නෙ. මේ අය බොහෝම නිහඬව තමන්ගේ එදිනෙදා ජීවිතේ ගෙනියන්නේ අර සතුන්ගේ ආක්‍රමණ වලට තියන දැඩි බිය හින්දයි. ඒත් ඉතින් ඒ අයට හැමදාම ඒ විදිහට ආරක්ෂිතව ඉන්න ලැබෙන්නේ නම් නැහැ…

එමිලි බ්ලන්ට් ප්‍රධාන චරිතය රඟපාන මේ චිත්‍රපටය ඔබ අනිවාර්යයයෙන් නැරඹිය යුතුම චිත්‍රපටයක් හැටියට අපි රෙකමදාරු කරනවා.

 

4. Game Night

Best movies of 2018 so far

Source – letterboxd.com

ගේම් කාරයො ටිකක් ගැන තමයි මේ කතාව. ගේම් කාරයො කිවුවට අපරාධකාරයෝ ගැන නෙමෙයි මේ කියන්නෙ. එක එක ක්‍රීඩා වලට ඇබ්බැහි වෙච්ච යාළුවො සෙට් එකක් ගැන. මේ අය පුළුවන් හැම වෙලාවෙම කවුරු හරි යාළුවෙක්ගෙ ගෙදරකට සෙට් වෙලා නොයෙකුත් විනෝද ක්‍රීඩා වල නිරත වෙන එක තමයි කරන්නේ. ඒ විදිහේ එක ගේම් නයිට් හමුවීමකදී මේ අය එකතු වෙලා කරන සෙල්ලමක් ලෙල්ලමක් වෙලා යන අවස්ථාවක් ගැන තමයි මේ ගේම් නයිට් චිත්‍රපටය අපිට පෙන්වන්නේ. කම්මැලිකමක් නැතිව මුල ඉඳන් අගටම බලන්න පුළුවන්, ට්විස්ට් රැසක් තියන කුතුහලාත්මක චිත්‍රපටයක් මේක.

 

5. Sweet Country

Best movies of 2018 so far

Source – lidocinemas.com.au

ස්වීට් කන්ට්‍රි කියන්නේ ඕස්ට්‍රේලියානු චිත්‍රපටයක්. මේ චිත්‍රපටයට පාදක කරගෙන තියෙන්නේ 1920 ගණන් වල සිද්ධ වන සිදුවීමක්. වයස්ගත ඇබෝර්ජීන් ජාතිකයෙක් අතින් සුදු ජාතිකයෙක්ව මරණයට පත්වෙනවා. ඇබොර්ජීන් ජාතිකයා තමන්ගේ බිරිඳත් එක්ක මේ සිදුවීමෙන් පස්සේ පැනලා යනවා. ඔහුව නීතියේ රැහැනට හසු කරගන්න තවත් පිරිසක් කරන ලුහු බැඳීමත් එක්ක තමයි චිත්‍රපටය ඉදිරියට යන්නේ. කතාව වගේම රූප රාමුත් ඉතාම බලවත් විදිහට සහ අපේ හිතට දැනෙන විදිහට ඉදිරිපත් කරලා තියන ස්වීට් කන්ට්‍රි ඔබ නැරඹිය යුතුම චිත්‍රපටයක්.

 

6. Hereditary

Best movies of 2018 so far

Source – screenrant.com

විදෙස් සිනමා ලෝලීන් අතර, විශේෂයෙන්ම හොල්මන් චිත්‍රපට ලෝලීන් අතර දැඩි කතාබහකට භාජනය වෙච්ච චිත්‍රපටයක් මේක. හොල්මන්ය කිවුවට ගැස්සිලා බයවෙලා යන විදිහේ හොල්මන් කතාවක්ම නෙමෙයි හෙරඩිටරි කියන්නේ. ක්‍රම ක්‍රමයෙන් ගොඩනැගෙන විදිහේ කුතුහලය සහ භීතිය මුසුවෙච්ච කතාවක්. එක්තරා පවුලක සිදුවෙන මරණ කිහිපයක් එක්ක ඒ පවුලේ නොසිතූ විරූ අභිරහසක් එළියට එන හැටි පෙන්වන මේ චිත්‍රපටය ඔබට වෙනස්ම විදිහේ සිනමා අත්දැකීමක් ගෙනේවි.

 

7. Isle of Dogs

Best movies of 2018 so far

Source – villagevoice.com

චිත්‍රපට ඇතුළේ ඉතාම විචිත්‍රවත් ලෝක මවන වෙස් ඇන්ඩර්සන්ගේ අලුත්ම චිත්‍රපටය තමයි අයිල් ඔෆ් ඩෝග්ස් කියන්නෙ. මේක ඇනිමේෂන් චිත්‍රපටයක්. අනාගත කාලයේ ජපානය පාදක කරගෙන තමයි මේ චිත්‍රපට කතාව දිග හැරෙන්නේ. බල්ලන් අතර පැතිර යන රෝග තත්ත්වයක් නිසා මෙගසාකි නගරයේ බල්ලන්ව වෙනත් දූපතකට පිටුවහල් කරන්න අණ ලැබෙනවා. මේ විදිහට පිටුවහල් කිරීමට ලක් වෙන තමන්ගේ සුනඛ මිතුරාව සොයාගෙන පිටුවහල් දූපතට යන 12 හැවිරිදි අටාරිගේ ගමන තමයි අයිල් ඔෆ් ඩෝග්ස් චිත්‍රපටයේ කතාව. අපිට මේ චිත්‍රපටය තවම නරඹන්න නොහැකි වුනත්, වෙස් ඇන්ඩර්සන්ගේ චිත්‍රපටයක් නිසා අනිවාර්යයෙන් අපේ බලාපොරොත්තු කඩ නොවෙන හොඳ සිනමා නිර්මාණයක් වේවි කියලා අපි හිතනවා.

 

8. Black Panther

Best movies of 2018 so far

Source – qz.com

කොමික් ලෝකෙට බිහිවුණු පළමුවෙනි අප්‍රිකානු සම්භවයක් සහිත සුපිරි වීරයා හැටියට තමයි බ්ලැක් පැන්තර්ව සැළකෙන්නේ. මාවල් ලගේ මේ සුපර් හීරෝ චරිතය සහිත චිත්‍රපටයක් හදන්න මුලින්ම තීරණය වෙන්නේ නවසිය අනූ ගණන් වල උනත් ඒ වැඩේ සාර්ථක වෙලා නැහැ. කොහොමින් කොහොම හරි මේ අවුරුද්දෙදි තිරගත කිරීම අරඹපු බ්ලැක් පැන්තර් චිත්‍රපටය ආදායම් වාර්තා බිඳ හෙළමින් තිරගත වෙච්ච බොහොම සාර්ථක චිත්‍රපටයක් බවට පත්වුණා. මේ චිත්‍රපටයේ බ්ලැක් පැන්තර් හෙවත් ට්චලා කුමරුගේ චරිතයට පණ පොවන්නෙ චැඩ්වික් බෝස්මන්.

 

9. Avengers: Infinity War

Best movies of 2018 so far

Source – letterboxd.com

ඇවෙන්ජර්ස්: ඉන්ෆිනිටි වෝ කියන්නේ මේ අවුරුද්දේ තිරගත කරපු අති සාර්ථකම චිත්‍රපටයක්. බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවමින් තිරගත වූ මේ අලුත්ම ඇවෙන්ජර්ස් චිත්‍රපටය ලංකාවෙ රසිකයින් අතරත් දැඩි උණුසුමක් ඇති කළ චිත්‍රපටයක්. දුෂ්ට තානෝස්ට එරෙහිව ඇවෙන්ජර්ස්ලා සිදු කරන සටන තමයි ඇවෙන්ජර්ස් චිත්‍රපටයේ ප්‍රධාන කතාව. IMDB දර්ශකයේ 8.8ක ඉහළ අගයක් වාර්තා කරගෙන තියෙන ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි වෝ චිත්‍රපටයට රොබට් ඩවුනි ජූනියර්, ක්‍රිස් හෙම්ස්වර්ත්, ස්කාලට් ජොහෑන්ස්සන් ඇතුළු ජනප්‍රිය නළු නිළි කැළක්ම රංගනයෙන් දායක වෙනවා.

 

10. The Rider

Best movies of 2018 so far

Source – sacurrent.com

ද රයිඩර් චිත්‍රපටය මේ අවුරුද්දේ මෙතෙක් තිරගත වුණු චිත්‍රපට අතරින් ඉහළින්ම රෙකමදාරු කරන්න පුළුවන් චිත්‍රපටයක්. අසුන් හැසිරවීමේ දක්ෂයෙක් වන බ්රේඩි නම් තරුණයාට දරුණු අනතුරකට මුහුණ දෙන්නට සිදු වනවා. ඒ අනතුර හේතුවෙන් ඔහු නිරත වන වෘත්තියේ යෙදෙන්නටද ඔහුට බාධා පැනවෙනවා. මේ සියල්ලම එක්ක බ්‍රේඩිගේ ජීවිත කතාව දිගහැරෙන්නේ ඉතාම සංවේදී අයුරින්. 2017 කෑන්ස් සිනමා උළෙලේදීද සම්මානයක් හිමි කර ගැනීමට ද රයිඩර් චිත්‍රපටය සමත් වෙලා තියනවා.

 
Cover Image Source – lifie graphics
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *