නස්කෘට් වෙන්න ගසපු දවසකට පස්සෙ දවසෙ සිද්ධවෙන්න පුළුවන් අකරතැබ්බ

after a night of heavy drinking

මේක ටිකක් දුක කතාවක්. කට්ටිය බොන්නෙ ඇයි? කට්ටිය බොන්නෙ ෆන් එකක් ගන්නනෙ. බිවුවම ඒ මොහොතට ඔලුවට දැනෙන මත් ගතිය සමහරුන්ට ෆන්. හැබැයි සමහරු ඒ ෆන් එකට බනිනවනෙ. ඒක පුද්ගලබද්ධයි. හැබැයි ඔය කොහොම කොයි හැටි වෙතත් ෆන් එකට බීපු මිනිස්සුන්ට පසුවදා දවස එපාවෙන සිද්ධි ටිකක් තමයි මේ කියන්න යන්නෙ. ආයෙ ඉතිං බීපු දවසකට පහුවදා මෙහෙම දෙයක් වුනාම අරක්කු එපා වෙනව ෂුවර්.

 

1. අමාරු

after a night of heavy drinking

Source – medicalnewstoday.com

බිවුවහම එපාම කරපු දේ තමයි ලෙඩ අමාරු කියන්නෙ. ඔළුව රිදෙනව. තුනටිය රිදෙනව. ඊළඟට ඉතුරු ජොයින්ට් ටිකත් රිදෙනව. බඩේ ගෑස් ගතියක් එනව. උගුර පුච්චල දාලා වගේ. කාපුව වමනෙ යන්න එනව. දිවට රසක් දැනෙන්නෙ නෑ. ඉතිං ඔය අමාරු ටික එක පාර හෝ ඒවායින් ටිකක් සෙට් වෙලා ආවොත් එදාට අබ සරණයි. ආයෙ කවදාවත් බොන්නෙ නෑ මහත්තයො කියල දිවුරන්නෙ එහෙම බුවාලා බවයි පත පොතේ සඳහන් වෙන්නෙ.

 

2. පාන්දර ඔෆිස් කෝල්

after a night of heavy drinking

Source – videoblocks.com

පාන්දරම එනව ඔෆිස් එකෙන් කෝල් එකක්. ඒ මහත්තුරු කතා කරන්නෙ ආනේ ඔයාලා හොඳින්ද? උදේට පරක්කු උනත් ඉතිං කමක් නෑ. අද මහ වැඩකුත් නෑ වගේ ටෝක් දෙන්න නෙමෙයි. උන් කතා කරන්නෙ, ‘මෙන්න මේ ෆයිල් ගොඩගැහිලා. අද රෑ ඉන්න බලාගෙන එන්න.’ එහෙමත් නැත්තං ‘අද ඔයාව වර්ක්ෂොප් එකකට දාලා තියෙනව. ටයි එක අරං එන්න. ඒ ගමන්ම ඔෆිස් එකෙන් ස්පීච් එකක් කරන්න තියෙනව ඒකට රෙඩි පිට එන්න’ වගේ දේවල් කියන්න. වෙරි හිඳිලා යනව මුලින්ම. ඊට පස්සෙ මේ බීපු අස්සෙ මෙවුව කරන්නෙ කොහොමද කියල මහ කාලකණ්නි හැඟීමක් එනව. ඔය ඔක්කොටම හපං මීට පස්සෙ නං පහුවදාට ඔෆිස් යන්න තියෙද්දි බොන්නෙ නෑ කියල හිතෙන එක. හැබැයි ඉතිං බොනව.

 

3. ගෑණිගෙ කතන්දර

after a night of heavy drinking

Source – wikihow.com

මේකත් ඇඟේ අමාරුවලට හපං අමාරුවක්. ඒ තමයි බිත්තිවල හැප්පි හැප්පි උදේට කුස්සියට ගියාම කසාද ගෑණි පටන්ගන්න දේශනාව. මෙහෙම එකක් සෙට් වුනාම ඊයෙ රෑ අරක්කු විස වෙලා නොමළෙ ඇයි? කියල හිතෙන තත්ත්වයක් උදා වෙනවා. මේක ඉතිං වචනෙන් දෙකෙන් නවතින වලියකුත් නෙමෙයි. ඔක්කොටම හපං මේ නිසා ඇදෙන්න ගන්න පරණ සිද්ධි. මීට අවුරුදු තුනකට කලින් බීලා නින්දයද්දි හීනෙන් කියපු ගෑණුන්ගෙ අමුතු නම් වගේ කතාන්දර වලින් තමයි වැඩේ පටන්ගන්නෙ.

 

4. ආයෙත් බීමක්

after a night of heavy drinking

Source – fooducate.com

මේකත් කොල්ලො සිද්ධ වෙන්න නොපතන දෙයක්. අවශ්‍ය පමණට වෙරි වෙලා, අවශ්‍ය පමණට රිද්දගෙන සිකුරාදා රෑ ගෙදර ආවම පහුවදා උදේම කෝල් එකක් එනවා මෙහෙම. මචං අද සෙනසුරාදා හින්දා කට්ටිය සෙට් වෙන්න හිතුව. උඹට ඊයෙ රෑ කෝල් ගත්තට ආන්සර් කළෙත් නෑ. කට්ටිය අවුරුද්දකින් විතරනෙ සෙට්වෙන්නෙත්. අනිත් එක අපි දොළොස් දෙනාට බෝතල් 7ක් දැනටම ෆ්‍රී සෙට් වෙලා තියෙන්නෙ. එහෙනං තව පැය දෙකකින් සෙට් වෙමු ඈ. ඇඟේ අමාරුවට හ්ම්ම්ම් කියල කෙඳිරි ගාපු එක මුං හිතන්නෙ හා කිවුවයි කියල. ඒ මදිවට අවුරුද්දකින් කට්ටිය සෙට් වෙන්නෙත්. හැබැයි තාම නැගිටගන්න පණ නෑ වගේම මේ උඩට තවත් ඇල්කොහොල් වැටුනොත් සිද්ධ වෙන විපරියා‌සෙ තේරුම් ගන්නත් බෑ.

 

5. බස් මිස්

after a night of heavy drinking

Source – huffingtonpost.com

ඊයේ තිබ්බ වෙරියටයි, හැටකගෙන් ගුටිකෑව වගේ උදේ තිබ්බ ඇඟේ අමාරුවටයි දෙකටම එක්ක චුට්ටක් වැඩිපුර නින්ද ගියා. චුට්ටක් කිවුවට පැය කාලක්. පැය කාලක පරක්කුවක් කියන්නෙ උදේට චුට්ටක් නෙමෙයි. ඒ මදිවට පැය කාලක් ගෙවල් ගාවින් පරක්කු වුනොත් ඔෆිස් එකට යද්දි මිනිත්තු 40ක්වත් පරක්කුයි. පැය කාල පහුවෙලා බස් හෝල්ට් එකට යද්දි වෙනදාට යන බස් එක මිස් වෙලා. ඒ බස් මිස් වීම අතපොවන්නෙ තවත් විනාසෙකට. ඒ තමයි හිටගෙන යන එක. හැටක් විතර ගැහුව මදිවට පැය දෙකක් විතර හිටගෙනත් පලකො. ගිහින් පරක්කු වුනාට බැණුනුත් අහපංකො.

 

6. මවුයානය

after a night of heavy drinking

Source – rd.com

අම්මට ඉතිං කොයිකටත් වැරදිකාරයා අරක්කු. ඔන්න අම්ම උදේ තේක ඇඳ ගාවින් ගෙනත් තිබ්බට පස්සෙ නිවාඩු ‌ද‌වසෙ ගොඩක් වෙලා නින්ද ගිය නිසා ඇහැරෙද්දි ඒකට මැස්සෙක් වැටිලා. හිතට හීන් අප්පිරියාවක් එනව. මොන ජරා ගොඩක හිටපු මැස්සොද නොදන්න නිසා. ඒ හින්දා ඉතිං ගිහිං තේක හලනව. මැස්ස කරපු වැඩේට අරක්කු කුණු බැණුම් අහගන්නව ඉතිං. ඊට පස්සෙ දකින දකින හැමදේටම බනින ‌නිසා පොඩ්ඩක් එළියට යන්න හැදුවොත් ඊයෙ දවසමත් තෝ දවසම දහපදුරාවෙ ගිහින් අදත් එළියට බහින්නද හැදුවෙ? කියල ඒකටත් බනිනව. ඉතිං බල්ල වගේ ඔටවගෙන ඉන්න තියෙන්නෙ.

 

7. ඩ්‍රන්ක් මෙසේජස්

after a night of heavy drinking

Source – studybreaks.com

සමහර බීලා යවපු එස්එම්එස් පත්තු වෙන්නෙ උදේට. ඔන්න උදේම බොස් කෝල් කරනව. ‘මේ ඊයෙ රෑ දොළහෙනුත් පස්සෙ මෙසේජ් එකක් ඇවිත් තියෙනව මම තවත් තමුසෙට යටත් වෙලා ඉන්නෙ නෑ කියල. මොකද හදිස්සියෙ එහෙම වුනේ?’ ඒවගේම මෙහෙම වෙන්නත් පුළුවන්. ඔන්න උදේ ඇහැරිලා දණිපණියේ කෙල්ලට කෝල් කරන්න ෆෝන් එක හොයාගෙන කෝල් එක ගත්තම මේකි ආන්සර් නෑ. එක දිගටම පැයක් විතර යනකං ආන්සර් නැති නිසා එස්එම්එස් එකක් ගහන්න ෆෝන් එක ගත්තම තමයි දකින්නෙ අවුල. මේ තියෙන්නෙ ලාස්ට් සෙන්ට් මෙසේජ් එක බැබලි බැබලි. ‘ඔයාට වඩා මේ ලෝකෙ හැම ගෑණිම හොඳයි. මං පුදුම කරුමයක් කරල තියෙන්නෙ.

 
Cover Image Source – rideshareapps.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *