අනාගතයේ එන මේ අවශ්‍යතා 6ට දැන්ම සිට මුදල් ඉතිරි කර සූදානම් වෙන්න

Savings Planner

ඔබට තවත් අවුරුදු දෙකකින් මිලදීගන්නට අවශ්‍ය යමක් ගැන ඔබේ බලාපොරොත්තුවක් තිබෙනවාද? තවත් අවුරුදු පහකින් සපුරාගත යුතු යමක්? නැතිනම් තවත් අවුරුදු 10කින් ඔබට සූදානම් වීමට ඇති අවස්ථාවක්? මේවාට පිළිතුරු ඒ ඒ අවස්ථාවලදී සෙවීම මේ බලාපොරොත්තු සිහිනයක් සේ බොඳ කරලන්නට ඉඩ තියෙනවා. එනිසාම ඔබ ඒ වෙනුවෙන් ඔබේ බලාපොරොත්තුවට ප්ලෑන් එකක් තබාගත යුතුයි.

 

1. ඉහට වහළක්

Savings Planner

Source – housedetectivesny.com

මිනිස්සුන්ට ජීවිතේ වැඩිම නිස්කලංක බවක් දැනෙන්නෙ කොතැනදිද? තමුංගෙ නිවහනේදි. දවසක් තිස්සෙ වෙහෙස මහන්සිවෙලා ගෙදර ගිහින්, කාර්යාලයේ සැප පහසු පුටුව තරම් නැති සාමාන්‍ය පුටුවක වාඩි වුණත් ලොකු සැනසීමක් මිනිස්සුන්ගෙ හිතට එනවා. ඒත් කුලී ගෙදරකින් ඒ සැනසුම ඒ ලෙසින්ම ලබන්න බෑ. තවත් අවුරුදු තුනකින්වත් තමන්ගේ ගෙයක් හදන්නට පටන්ගන්න අදහසක් ඔබේ හිතේත් තියෙනවාද? එහි මූලික වියදම් වෙනුවෙන් දැන්ම ඉතිරි කරන්නට පටන්ගැනීම හොඳ අදහසක් නොවෙයිද?

 

2. අප රකින ලෙසින් දැන්… අත් මුදුන් දී වඳින්නෙම්…

Savings Planner

Source – youtube.com

විවාහ මංගල උත්සවේක අෂ්ඨක කියද්දි ඇසෙන පෙළක් තමයි ඔය කිවුවෙ. කොහොම වුනත් විවාහ මංගල්‍යයක් කියන්නෙ උතුම් කටයුත්තක්. එවැන්නක් සැමරීම සිදුකළ යුත්තක්. වර්තමානයෙදි විවාහ මංගල්‍යයක් සාමාන්‍ය අන්දමින් සමරන්නත් සැළකිය යුතු මුදලක් වියදම් වෙන නිසාම, ඔබේ ඒ බලාපොරොත්තුවට ඔබ කල්තියාම ප්ලෑන් එකක් තබාගත යුතුයි. ඔබට තවමත් ඔබ විවාහ විය යුතු බවක්, එය සැමරිය යුතු බවක්, එහි වියදම් අධික වනු ඇති බවක් සිතුනේ නැද්ද?

 

3. තමුන්ටම කියලා…

Savings Planner

Source – futurion.digital

මිනිස්සු තමුන්ගෙ බලාපොරොත්තු ගැන කියද්දි, තවත් කෙනෙක් අනෙකෙකුගෙ හිතේ අලුත් බලාපොරොත්තුවක් ඇති කරද්දි කතාවක් පටන්ගන්න කියන දෙයක් තමයි ‘තමුන්ටම කියලා…’ යනුවෙන් කියන එක. ඒක තමුන්ටම කියලා ඉඩමක් හෝ වාහනයක් වෙන්නට පුළුවන්. තරුණ කාලයේදි ඉක්මනින් ගෙයක අවශ්‍යතාවය නොදැනුනත්, වාහනයක් හෝ තමුන්ටම පසුකාලයක ප්‍රයෝජනවත් වෙන ඉඩමක් හිමිකරගන්නට බොහෝ දෙනෙකුගේ කැමැත්තක් තියෙනවා. ඔබටත් ඒ බලාපොරොත්තුව තිබෙනවාද? ඔබේ ඒ බලාපොරොත්තුවට ප්ලෑන් එකක් තිබෙනවාද?

 

4. අ යන්නෙන් අපි කුමක් කියමුව?

Savings Planner

Source – vox.com

අතිශය රසාස්වාදනයක් තිබුණු ගුරුතරුව වේදිකා නාට්‍යයේ දෙපිරිසක් අතරේ ගැයෙන ගීයක තියෙනවා මේ පෙළ. එක් කොටසක් කියන්නේ අ යන්නෙන් අම්මා. අනෙක් කොටස අ යන්නෙන් කියන්නෙ අණ්ඩරේ. අධ්‍යාපනයේ දෙපැත්ත. නිවැරදි අධ්‍යාපනයක් දරුවෙකුව යහමගට යොමුකරන්නට, ජීවිතයේ සාර්ථකත්වය උරගා බලන්නට හොඳ අඩිතාලමක් සපයනවා. ඔබ දැනටත් අතදරුවෙකු සිටින හෝ දරුවෙකු අපේක්ෂාවෙන් සිටින දෙමවුපියෙක් නම් ඔබේ දරුවාට සාර්ථක අධ්‍යාපනයක් ලබාදීමේ සිහිනය ඔබ තුළත් පැනනගිනවා වන්නට පුළුවන්. එය සැබෑ කරගැනීමට ඔබට උනන්දුවක් තිබිය යුතුයි වගේම මුදලින්ද යම් තල්ලුවක් ලැබිය යුතුමයි. ඒ ගැන තවමත් ඔබ යුහුසුළු වුණේ නැද්ද?

 

5. තමන්ගේම ව්‍යාපාරයක්

Savings Planner

Source – digitalwhatsup.com

රැකියා කරන බොහෝදෙනෙක් කියන පොදු දෙයක් තියෙනවා. ඒ තමුන් කරන රැකියාව ගැන ඔවුන් තුළ තියෙන නොසතුට. එයට හොඳම විකල්පය වෙන්නේ තමුනුත් රැකියා ජනනය කිරීම. ව්‍යවසාය‌‌කයෙක් විදියට හෝ ව්‍යාපාරිකයෙක් විදියට තමුන්ට තමුන්ගේම ව්‍යාපාරයක් තුළ තියෙන නිදහස, සතුට සහ ආශාව රැකියාවකින් ලබන්නට අපහසුයි. ඒත් තමුන්ගේම ව්‍යාපාරයකට අවශ්‍ය මූලික ප්‍රාග්ධනය තමුන් සපයා ගන්නේ කොතැනින්ද? තමන්ගේ ඒ බලාපොරොත්තුව ජයගන්නට ප්ලෑන් එකක් තමන් සතුයිද?

 

6. නිවසට තවත් මහලක්

Savings Planner

Source – globegazette.com

ජීවිතේ සැළකිය යුතු කාලයක් කාර්යබහුලව ගෙවමින් නිවසක් ගොඩනගාගෙන, පවුල පෝෂණය කරන මිනිසෙකුගේ වගකීම් එතෙකින් හමාරවෙන්නේ නැහැ. දරුවන් උස් මහත් වෙද්දී ඔවුන්ට වෙනම කාමර නිවසේ වෙන් කරන්නට සිදුවෙනවා. අමතර ආදායමක් විදියට කුලී නිවැසියන්ද තබාගත හැකි ලෙස තමුන්ගේ නිවස තවත් තට්ටුවකින් උස් කිරීමේ මූලික අදහස එන්නේ ඔය සමගින්මයි. තවමත් ඔබට ඒ ගැන සිතී නැතත් තවත් අවුරුදු පහකින් ඒ අවශ්‍යතාවය ඇවිත් ඔබ තුළ මෙම බලාපොරොත්තුව ඇති කරාවි. ඒ මොහොතට සූදානමින් සිටින්නට ඔබට හැකියි. ඔබේ බලාපොරොත්තුවට ප්ලෑන් එකක් සකසා ගත හැකියි.

අනාගතයේ සපුරාගන්නට තිබෙන ඔබට තවමත් සිතී නැති බලාපොරොත්තු කිහිපයක්ම මේ සටහනේ තියෙන්නට ඇති. ඒ බලාපොරොත්තු තවමත් සඵල කරගන්නට ප්ලෑන් එකක් ඔබ තුළ නැතිනම් එයට සරිලනම විකල්පය සොයාගත හැකියි. ඔබේ බලාපොරොත්තුව සපුරාගන්නට ඇති කාලයත්, අවශ්‍ය මුදලත් සමග බලාපොරොත්තුවේ ප්ලෑන් එක තෝරාගන්න.
 
Cover Image Source – twobuckets.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *