පොතෙන් ටෙලියට ඇවිත්, ජනප්‍රිය වුණු කතා 8 ක්

dramas based on books

පොතක් ලියන එක අමාරු වැඩක්. පොතක චරිත ගැන කියවන්නගේ හිතේ මැවුණු රූපයට හානියක් නොකර ඒ පොතෙන් ටෙලියක් නිර්මාණය කරන එක ඊට වඩා අසීරු කටයුත්තක්. මේ කියන්නෙ යන්නේ ඒ අසීරු කාර්යය සාර්ථකව කරලා ජනතාවගේ ආදරයට පාත්‍ර වුණු ටෙලිනාට්‍ය ගැන. බලන්නකෝ ඔබ ආසාවෙන් බලපු ටෙලිනාට්‍යය මේ ලැයිස්තුවේ තියෙනවද කියලා.

 

1. බොඳ මීදුම්

dramas based on books

Source – youtube.com

බොඳ මීදුම් කියන්නෙ සුජීව ප්‍රසන්න ආරච්චිගේ ජනප්‍රියම කතාවක්. මේක කෙල්ලො කොල්ලො කියෙවුවේ පිස්සුවෙන් වගේ. ධනුක ගෙයි සංසලාගෙයි ආදර කතාව පොත පිටවුණු කාලේ විචාරකයන්ගේ නොමද ගැරහුමට ලක් වුණු නිසා මේකෙන් ටෙලියක් හැදේවි කියලා කවුරුවත් හිතුවෙ නෑ. ඒත් මෙන්න “බොඳ මීදුම්” ටෙලියක් එනවා 2010 අවුරුද්දෙදී. සාරංග දිසාසේකර ධනුකට පණ පොවද්දී, උදාරි වර්ණකුලසූරිය සංසලාට පණ පොවනවා. පොත වගේම ටෙලියත් නැගල ගියා.

 

2. අඹ යහලුවෝ

dramas based on books

Source – saaravita.lk

ටී. බී ඉලංගරත්න මහත්තයගෙ අඹ යහලුවෝ කියන පොත ඉතාම ජනප්‍රිය ළමා නවකතාවක්. විශේෂයෙන්ම සමාජයේ හුදු බෙදීම් ළමා ලෝකයට අයිති නැතැයි කියන පණිවුඩය මේ කෘතියෙන් ඉතාමත් අපූර්ව විදිහට ලබා දුන්නා. සුදත් දේවප්‍රිය මහත්තය තමයි මේ කෘතිය ටෙලියට නැගුවේ. මේ ටෙලිය කෘතියටත් වඩා අපේ ආදරය දිනා ගත්තා. තේමා ගීතය වුණු “කටු අකුලේ මල් ඇහැරේ” ගීතය, කතාව අතරමග විකාශය වුණු “මල් පිපෙයි දෙනෙත් ඇරෙයි, පාන තියා බුදු සාදුට” වැනි ගීත අපව තව තවත් අඹ යහලුවෝ කෙරෙහි ඇද බැඳ තබා ගන්න සමත් වුණා.

 

3. වස්සාන සිහිනය

dramas based on books

Source – whichbollywoodactresshot.blogspot.com

වස්සාන සිහිනය කියන්නෙ 20 වැනි දශකය අවසාන කාලයේ ලංකාවෙ කෙල්ලො කොල්ලො ටික පිස්සු වට්ටපු තව පොතක්. මේක ලිවුවෙ උපුල් ශාන්ත සන්නස්ගල මහත්තයනේ. ඉතින් ඔන්න මේකත් කොහොමින් කොහොම හරි ටෙලියක් විදිහට ටී වී එකට එනවා. ඒ 2009 අවුරුද්දෙයි. කසුන් විදිහට මාධව විජේසිංහත්, චාපා විදිහට දිනක්ශි ප්‍රියසාදුත් මෙහිදී රංගනයේ නියැලුනා. මේක විකාශය වුණේ ටීවී දෙරණ නාලිකාවෙයි.

 

4. ධවල කඩුල්ල

dramas based on books

Source – divaina.com

සුනේත්‍රා රාජකරුණානායක ලේඛිකාවගේ “කවි කඳුර” කියන්නෙ 2011 වසරෙදි ස්වර්ණ පුස්තක සම්මානය දිනපු නව කතාව. ඇය මේ කතාව වසන්ති චතුරාණි මහත්මියට දුන්නලු ටෙලි නාට්‍යයක් නිර්මාණය කරන්න. කොහොම උනත් මේ කතාව ටෙලියට නැගෙන්නෙ “ධවල කඩුල්ල” නමිනුයි. මේක ටෙලි නාට්‍යයට නගද්දී තිර පිටපත ලියන්නෙත් සුනේත්‍රා රාජකරුණානායක මහත්මියමයි. ඇයට ඒ පිටපතට 2012 අවුරුද්දෙ ටෙලි සම්මාන කිහිපයකම හොඳම තිර රචනයට හිමි සම්මානයත් ලැබෙනවා.

 

5. සිරි සිරිමල්

dramas based on books

Source – vodtv.vhx.tv

සිරි සිරිමල් කියන්නෙ 2007, 2008 කාල වකවානුවේදී වයස් බේදයකින් තොරව කාගෙත් ආදරයට පාත්‍ර වුණ ටෙලි නාට්‍යයක් කියලා ඔබට මතක ඇති. සුනිල් කොස්තා මහත්මයගේ අධ්‍යක්ෂණයක් වුණු මේ ටෙලියට මූලික වුණේ මාක් ට්වේන් විසින් රචිත “The Adventures of Tom Sawyer” කියන කෘතිය. මේ කෘතිය කියවපු නොකියවපු කවුරු අතරත් මේ ටෙලිය ජනප්‍රිය වුණා. ටොම් සෝයර් ගේ චරිතයෙන් නිර්මාණය වුණු සිරිමල් ගේ චරිතයට පණ පෙවුවේ ඉෂාම් සම්සුදීන් විසිනුයි.

 

6. ගම්පෙරලිය

dramas based on books

Source – pinterest.com

මාර්ටින් වික්‍රමසිංහ කියන මහා ලේඛකයාගේ විශිෂ්ට කෘති අතර ඉහළින්ම තැබිය හැකි කෘතියක් තමයි ගම්පෙරලිය කියලා කියන්නේ. ගම්පෙරලිය පසුකාලීනව ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා අතින් සිනමාවට නැගෙනවා. ඒකත් විශිෂ්ට නිර්මාණයක් කියලා හැඳින්වෙනවා. ඔහොම යද්දි අන්තිමට ගම්පෙරලිය ටෙලි නාට්‍යයත් එනවා. මේකෙ පිටපත ලිවුවේ තිස්ස අබේසේකර ශූරීන්. අධ්‍යක්ෂණය කලේ බර්ට්‍රම් නිහාල් මහතා විසිනුයි.

 

7. ගිරිකුල

dramas based on books

Source – tharagenawathana.blogspot.com

ශාන්ති දිසානායක මහත්මියගේ බොහොමයක් පොත් ටෙලිනාට්‍ය වලට යොදා ගැනුණා. එයින් ගිරිකුල කියන්නෙ අපට අමතක කරන්නම බැරි නිර්මාණයක්. අපට අමතක නොවන චරිත රැසක් දායාද කරපු ගිරිකුල කෘතිය වගේම ටෙලි නිර්මාණයත් අතිශය ජනප්‍රිය වුණා වගේම විචාරක අවධානයට නොමඳව පාත්‍ර වුණා. ටෙලිය අධ්‍යක්ෂණය කලේ සුදත් රෝහණ මහත්මයා. තිර පිටපත ලිවුවේ සරත් ධර්මසිරි මහත්මයා.

 

8. ස්වයංජාත

dramas based on books

Source – anuruddhikapadukkage.blogspot.com

ස්වයංජාත කියන්නෙ 2008 අවුරුද්දෙ ස්වර්ණ පුස්තක සම්මානය දිනපු නවකතාව. මේක ලිවුවේ සමරවීර විජේසිංහයන් විසිනුයි. තරමක් ගුප්ත චරිතයක් පාදක කරගෙන, අලංකාර භාෂා ශෛලියකින් ලියවුණු මේ කෘතිය කියවන්නන් අතර ඉමහත් ආදරයට ලක් වුණා. මේ පොත ටෙලියක් කිරිමේ භාරදූර කාර්යයට අත ගහන්නෙ සුදත් රෝහණ මහත්මයම තමයි. කතාවේ ප්‍රධාන චරිතය වුණු විභූතිරත්නට පණ පෙවුවේ ජගත් චමිල විසිනුයි.

 
Cover Image Source – youtube.com / saaravita.lk / vodtv.lk / divaina.com / pinterest.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *