ලංකාවේ වර්තමාන ගීත කලාව සහ අනාගතය යන්නේ කොහේටද?

past and future music trends

ලංකාවෙ වර්තමාන ගීත කලාව ගැන කනින් කොනින් හොඳ අහන්න ලැබුනත් මහා ගොඩක් අහන්න තියෙන්නෙ දොස් තමයි. මේ දොස්වලට ප්‍රධාන ලෙසම වගකියන්න ඕන ආපු ගීත රැලි තමයි. හැබැයි ඉතිං එහෙමයි කියල කෙලින්ම වරදක් පටවන්න බැරි නිසා ඔයාලම වරද කොතැනද කියල හිතන්න. අපි ලියන්නෙ ලංකාවෙ මෑත කාලෙ තිබ්බ ගීත රැලි, දැන් තියෙන ගීත රැලි සහ ඉදිරියට එන්න පුළුවන් ගීත රැලි ගැනයි. මේව දැකලා අලුතෙන් මැෂින්වලින් බුං බුං ගාලා සින්දු එළියට දාන මල්ලිලා ටක් ගාලා මේ ට්‍රෙන්ඩ්ස්වලට හුරුවෙන්න එපා. මේවා අනාගතේට ඉතුරු කරන්න.

 

1. මල්

past and future music trends

Source – youtube.com

මෑත අතීතෙ ලංකාවෙ ගීත කලාව ගිය ප්‍රසිද්ධම පැත්තක් තමයි මල් සින්දු කියන්නෙ. මල් සින්දුවලට මල් කියන්නෙ ඒවා ඔය සුජීව ප්‍රසන්න ආරච්චිගෙ ටයිප් එකෙන් ලියවුනු නිසා නෙමෙයි. ඒ ඒවා ඇත්තටම මල් ගැන ලියවෙච්ච නිසා. දෙහි මල්, ඩැෆඩිල් මල් වගේ මල් වෙනකංම ගිය ඒ මල් සින්දු කතාවලින් යන්තං බේරුනේ ජර්බරාස්, ෆොගෙට්මීනොට් වගේ මල් වර්ග කිහිපයක් විතරයි. අහං ඉන්න බැරි තරමට ප්‍රසංග වේදිකා ගීත කලාවට වගේම සම්භාව්‍යයැයි කියපු කලාවට මල් රැල්ල ගැහුවා.

 

2. පන්සල්

past and future music trends

Source – youtube.com

ඔච්චරටම මල් සින්දු ගැහුවට පස්සෙ මල් පුදන්න පන්සල් ඕන වුනා. ඒ නිසා පටන්ගත්ත පන්සල් රැල්ල. පන්සලක නම ගාවගත්තට මොකද සිල් බිඳෙන කතා තමයි එවුවයෙ තිබ්බෙ. ඒ නිසා පන්සල් රැල්ල ගැන වුනත් සභ්‍යත්වය සහ 2500 සංස්කෘතිය ඉස්සරහට දාලා බනින වැඩිහිටි ඈයොන්ගෙ ඒ තරං හොඳ හිතක් තිබුනෙ නෑ. පන්සල් රැල්ලත් එක්කම බීච් රැල්ලකුත් හෙමීට ආවත් ඒක පන්සල් රැල්ල තරං තරඟකාරීව නැගලා ගියේ නෑ.

 

3. බුදු සරණයි දෙවි පිහිටයි

past and future music trends

Source – youtube.com

මේ තමයි වර්තමානෙ. අම්මපල්ල ඔයා මාව දාලා ගියාට කමක් නෑ ඔයාට හරියන්න ඕන ලොවෙත් වගේ අදහසකින් තමයි මේ රැල්ල එන්නෙ. ඔයාට බුදු සරණයි මැණික. දෙවියො ඔයාව රකින්න ඕන. මාව දාල ගිය නංගිට සුමන සමන් දෙවි පිහිටයි වගේ සීන් එකකින් තමයි දැන් සින්දු ඉවර වෙන්නෙ. ඒ කියන්නෙ පරම පරහිතකාමී ආදරය යනු අත්හැරීමය යන වදන වටහාගත් පිරිසක් තමයි මේ මොහොතෙ සින්දු කරන්නෙ.

 

4. තර්ජන

past and future music trends

Source – youtube.com

මල්වලින් පන්සල්වලට මාරු වුනා වගේ පරහිතකාමී ආදරණීය හැඟීමෙන් කෙලින්ම මාරු වෙන්නෙ ඊට කෙස් ගහක් එහා පැත්තෙන් තියෙන වෛරයට. ඒ කියන්නෙ තර්ජන. මරන්න කලින් වරෙන් නගේ… ඇසිඩ් කෝප්පෙ මගේ අතේ… ඊටත් පස්සෙ එනව…

නංගිට හෙට පන්ති නේද?

එන්නේ මහ රෑක නේද?

හෙට තාත්තා නෑලු නේද?

නංගි මැරෙනවට කැමතිද?

වගේ අතිශය තර්ජනාත්මක සින්දුත්.

 

5. වස්

past and future music trends

Source – youtube.com

අපි දන්නවනෙ ඉතිං ඔය සින්දු කියන ගොයියල. පොරවල් තර්ජනය කරාට මොකද මෙලෝ බම්බුවක් කරගන්න බෑ. උන්ට ඉතිං තර්ජනය කරල මොකුත් කරගන්න බැරිවුනාම මේ ට්‍රෙන්ඩ් එක ඉස්සරහට යන්නෙ වස් ට්‍රෙන්ඩ් එකක් විදියට. “යන යන තැන පොළොව පැලීයං” වගේ දේවල්වල ඉඳන්… “මහා රෑ නාද්දි නිරුවත් සිරුර අකුණකින් පොළොවට පත බෑවෙන්න ඕන” වගේ තත්ත්වයන් දක්වා මේ වස් පාර යන්න පුළුවන්. අනාගත ට්‍රෙන්ඩ් එකක් විදියට ඇත්තටම මේක හොඳයි. මොකෝ ඉතිං බුදු සරණ දෙවි පිහිට ගීත එක්ක ටැලි වෙන්න එපැයි.

 

6. ඔයාගෙ කැමැත්තක්

past and future music trends

Source – youtube.com

මේක තමයි ඔය පොරවල් වගේ තර්ජනය කරන, හෙණ ඉල්ලන කොල්ලො ඊළඟට එන තැන. ඒ තමයි ඔන්න ඔහේ ඔයාගෙ කැමැත්තක් නංගි කියල හිත හදාගන්න එක. මිනිස්සු තමුන්ට දෙයක් කරගන්න බැරි වුනාම තවත් උත්සාහ නොකර අහක බලාගන්නව වගේ සීන් එකක් තමයි මේ. ඒ අනුව “මට අම්මව බලාගන්නත් තියෙනව… අතට කීයක් හරි හොයාගන්නත් ඕන… ඒ අස්සෙ ඔයාට අඬ අඬ ඉන්නත් බෑ නංගි. ඒ හින්දා ඔයාගෙ කැමැත්තක් කරන්න” වගේ ටෝකක් තමයි මේ සින්දුවලින් දෙන්නෙ.

 

7. එයත් ගියා ඔයාවත් එනවද?

past and future music trends

Source – youtube.com

මේ තමයි ඊළඟ සිද්ධිය. ඒ කියන්නෙ ලවුවල සංක්‍රාන්ති සමය. එක ලවු එකකින් අනිත් එකට මාරු වෙන්න කලින් ඒක උදවුවක් කරගැනීම. අරයත් මාව දාලා ගියා… මගෙ අන්තිම සතෙත් හූරගෙන ගියා.. එයාගෙ බේබදු තාත්තට කිඩ්නියකුත් දන්දුන්නාමයි මාව දාලා ගියේ… අනේ ඔයාවත් එන්න නගේ… වගේ එකකින් අනුකම්පාව දිනාගෙන ගෙන්වාගැනීමකට උත්සාහ දරණ ට්‍රෙන්ඩ් එකක් තව අවුරුදු පහකින් විතර එන්න හොඳාකාරවම ඉඩ තියෙනවා. ඊටත් පස්සෙ වෙන්න පුළුවන් දේවල් ගැන හිතන්න තරං අපි දියුණු නෑ.

 
Cover Image Source – youtube.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *