“අපි හොඳ යාලුවෝ වගේ ඉමු” කියලා කෙල්ල කියන්න කලින් වැඩේ ගොඩදාගන්නේ මෙහෙමයි!

avoid the friendzone

කෙල්ලෙක්ව බොක්කටම වැදිලා, ෆුල් ලව් සීන් එකේ ඉන්නකොට කොල්ලෙක් නොකරන දෙයක් නෑ. කරාටි ක්ලාස් යයි, පොල් ගස් නගී, ස්ටේජ් වල සිංදු කියයි. හැබැයි මේ ඔක්කොමත් කරලා කෙල්ල “අයියා මගේම අයියා වගේ ඉන්න” කියලා හරි, “ඔයාව මට දැනෙන්නේ හොඳම යාලුවෙක් විදියට විතරයි” කියලා හරි, “හැමදාමත් මාත් එක්ක මගේ යාලුවෙක් විදියට ඉන්න” කියලා හරි කියනකොට කොහොමද දැනෙන්නේ? ඒ අවුල උඩටම කෙල්ල අනිවා කියයි “ඔයාට කවදාහරි මට වඩා හොඳ…අ අ අ කෙනෙක් මුණගැහෙයි අයියා” කියලා.

ඔය විදියට කෙල්ලෙක් කොල්ලගේ හිත අරගෙන දෙකඩ කඩලා, පාගලා, චොප්ප කරලා දැම්මට පස්සේ ඉතින් කොල්ලට කොයි තරම් “අසරණ කමක්” දැනෙනවද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ගොඩක් වෙලාවට කෙල්ලෙක් මෙහෙම කියන්නේ කෙලින්ම “තමුසෙට මං කැමති නෑ, වද නොදී ඉන්නවා” කියලා කියන්න බැරි කමට. හැබැයි සමහර වෙලාවට මේ කතාව කෙල්ලෙක් කියන්නේ ඇත්තටම. ඒ කියන්නේ කෙල්ල ආස නෑ මේ කොල්ලව තමන්ගේ ළමයින්ගෙ තාත්තා කරගන්න. හැබැයි කෙල්ල කැමති නෑ කොල්ලව සම්පූර්ණයෙන්ම ජීවිතෙන් ඈත් කරන්නත්. සමහර වෙලාවට ඒකට හේතුව කොල්ලා බොහොම ආදරණීය විදියට කෙල්ල ගැන හොයා බැලීම වෙන්න පුලුවන්. නැතිනම් කෙල්ලට ඇහුම්කන් දීම වෙන්න පුලුවන්. හැබැයි ඉතින් ගොඩක් වෙලාවට කෙල්ලට කවදාහරි කොල්ලෙක් සෙට් වෙනකල් කෙල්ලගේ දුක්ගන්නා රාළ වැඩේ කරන්න වෙන මේ ‘යාලුවා’ කොල්ලව මතක තියෙන්නේ කෙල්ලට කොල්ලෙක් සෙට් වෙනකල් විතරයි.

ආන්න ඒ නිසා ෆ්‍රෙන්ඩ්සෝන් වීම වගේ අසරණ සීන් එකක් වළක්වා ගන්න උපදෙස් කීපයක් තමයි මේ දෙන්න යන්නේ!

 

1. ආකර්ෂණීය පෙනුම

avoid the friendzone

Source – latinamericanspanishcafe.com

මෙන්න මේක ගොඩක් කොල්ලෝ පිළිගන්න කැමති නැති, හැබැයි ලෝකේ පටන් ගත්තු දවසේ ඉඳන් සිද්ධ වෙන කතන්දරයක්. ඒ තමයි ආකර්ෂණීය වීමට කොහොම බැලුවත් ලකුණු ලැබෙනවාය කියන එක. ගොඩක් වෙලාවට ගොඩක් දෙනෙක් දෙන ටෝක් එකක් තමයි මට පෙනුම වැඩක් නෑ, අදහස් තමයි වැඩක් තියෙන්නේ නැතිනම් ගතිගුණ තමයි වැඩක් තියෙන්නේ කියන එක. ඔව්, අදහස් සහ ගතිගුණ ගැලපෙන්න ඕන තමයි. හැබැයි පෙනුමට අකමැති වෙන කෙල්ලෝ කොල්ලෝ ඉන්නෙ කීයෙන් කී දෙනාද? මෙතනදී පෙනුම කියන්නේ මිස්ටර් ශ්‍රී ලංකා වෙන එක නෙවෙයි, වැරදියට වටහා ගන්න එපා. මේ කියන්නේ පිළිවෙලට ඇඳලා පැළඳලා, හොඳ පෞරුෂත්වයකින් යුක්තව ඉන්න, කෙනෙක්ගේ ආකර්ෂණය ලැබෙන විදියේ කොල්ලෙක් වෙන්න කියන එක.

මෙන්න මේ පොයින්ට් එක තියෙනවා නම් ගොඩක් දුරට ෆ්‍රෙන්ඩ්සෝන් නොවී ඉන්න ලකුණක් එකතු වෙනවා.

 

2. හරියට ගැලපීමක් තියෙන්නත් ඕන

avoid the friendzone

Source – pinterest.nz

මොකද්ද ඒ හරුපේ? හිතට සෙට් වෙන, හිතට මැච් වෙන කෙල්ලෙක්ව නෙවෙයිද අපි සෙට් කරගන්න ඕනෑ? උත්තරේ නැහැ කියන එකයි සහෝදරයා. සාමාන්‍යයෙන් ඔය අන්ත දුප්පත් ගෙදර ඩැයිවර් කොලුවට සඳලුතලේ ඉඳලා අත වනන සල්ලිකාර කෙල්ලව ලව් එකට සෙට් වෙන්නේ මල් කතාවක තමයි. ඇත්ත ජීවිතේ එහෙම වෙනවා නම් ඉතාමත්ම කලාතුරකින්. ඉතින් ගොඩක් වෙලාවට ඔය කොල්ලෙක් කෙල්ලෙක් අතින් ෆ්‍රෙන්ඩ්සෝන් එකට වැටෙන්න හේතුවක් වෙනවා මේ දෙන්නට දෙන්නගේ ගැලපීම නැතිකම. ගැලපීම කියලා මෙතන කියන්නේ ඉගෙනීම හෝ බුද්ධිය, සමාජ තත්ත්වය වගේ දේවල්. හැබැයි එකක්. සමාජ තත්ත්වය කියන්නේ තාත්තට බෙන්ස් කීයක් තියෙනවද කියන එක නෙවෙයි. කෙල්ල ඉන්න සමාජයේ තමුන්ට සාර්ථකව හැසිරෙන්න පුලුවන්ද කියන එක. එතකොට ඉගෙනීම හෝ බුද්ධිය කියන්නේ ඩිග්‍රි තියෙන එකටම නෙවෙයි. ඉතින් මේ හැමදේකින්ම තමන්ට සමාන තත්ත්වයක ඉන්න ගෑණු ළමයෙක් නම් ගොඩක් දුරට ෆ්‍රෙන්ඩ්සෝන් නොවී වැඩේ සාර්ථක වීමේ සම්භාවිතාවක් තියෙනවා. ඒ වගේම හොඳම දේ තමයි මේ දේවල් හදාගන්න පුලුවන් දේවල් වීම!

 

3. ෂුවර් නෑ

avoid the friendzone

Source – pinterest.nz

අපි පටන් ගන්නකොටම කිවුවේ කෙල්ලෝ කොල්ලෙක්ව ලව් එකක් පටන් ගන්න හරි නැති නිසා ෆ්‍රෙන්ඩ්සෝන් කරනවා කියලනේ. හැබැයි එහෙම නැතුව කෙල්ලෙක්ට කොල්ලෙක් ගැන ලව් ෆීලින් එකක් නැති නිසා ෆ්‍රෙන්ඩ්සෝන් කෙරෙන අවස්ථාවනුත් ඕනෑ තරම් තියෙනවා. එහෙම කොල්ලා ගැන ලව් ෆීලින් එකක් නැත්තේ කොල්ලා තමන් එන්නේ ලව් එකටද ෆ්‍රෙන්ඩ්ශිප් එකටද කියලා හරියට අඟවලා නැති නිසා. කොල්ලා ඒක අඟවලා නැත්තේ එහෙම කෙලින්ම වැට පනින්න තියෙන බය නිසා, නැතිනම් ලැජ්ජාශීලී ගතිය නිසා, ෂුවර් නැති ගතිය නිසා. හැබැයි ප්‍රතිඵලේ එකමයි. ෆ්‍රෙන්ඩ්සෝන්!

මෙන්න මේ නිසා තමයි අපි කියන්නේ ‘නිකම්ම යාලුවා’ ලෙවල් එකෙන් සීන් එකට එන්ටර් වෙන්න හදන්න එපා. තමන්ගේ හිතේ වෙනත් අදහසක් තියෙන්නේ කියන එක ඇඟවෙන්න අරින්න. කෙල්ල ඒකට අකමැති නම් එතකොට වෙන අතක් බලාගන්න පුලුවන්. හැබැයි එකක්, මේක බොහොම සීරු මාරුවෙන් කරන්න ඕන දෙයක් මිසක්, කෙලින්ම ‘අපි බඳිමුද’ කියලා මුණගැහුණු දෙවෙනි දවසේ අහලා ගොඩදාගන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඒකට අර ෆ්ලර්ටින් කියන සාස්තරේ ඉගෙන ගන්න වෙනවා.

 

4. අහිංසක, මලක් වගේ හොඳ ළමයෙක්!

avoid the friendzone

Source – hackerone

අපි පුංචි කාලේ ඉඳන් ඉගෙන ගන්නේ හොඳ ළමයෙක් වෙන්න කියලනේ. ඇත්තටම අපි හොඳ මිනිස්සු වෙන්න ඕන තමයි. හැබැයි හිත ගියපු කෙල්ල ඉස්සරහා හොඳ මිනිහෙක් නැතුව හොඳ “ළමයෙක්” වෙන එක තරම් මෝඩ වැඩක් තවත් නෑ.

කොල්ලෙක්ට මහාත්ම ගති තියෙන්න ඕන. හැසිරීමෙන් වුනත් මහාත්මයෙක් වෙන්න ඕන. එතකොට මොකක්ද හොඳ ළමයෙක් වෙන්න එපා කියන්නේ? ඒ කියන්නේ කොයි වෙලාවෙත් උදවු කරන්න බලාගෙන ඉන්න, කෙල්ල මොනදේ කළත් ඔයා ෂෝක් කියන, අන්තිමට එහෙම ‘ෂෝක් අය්යෙක්’ වුණු එකේ හිලව්වට ආදරේ ඉල්ලන එකට තමයි අපි එපා කියන්නේ. තමන්ගේ වැඩ පාඩු වෙන්නෙ නැතිනම් ඕනෑ කෙනෙක්ට උදවුවක් කරන්න. ඒක නරක දෙයක් නෙවෙයි. හැබැයි ඒ උදවුව කරලා එතැනින් අමතක කරන්න. කරපු උදවු කරේ තියාගෙන යන්න එපා. කෙනෙක් හැමදාමත් අපෙන් උදවු විතරක් ඉල්ලගෙන එනවා නම්, ඒ කියන්නේ අපිව හාවා කරගන්න උත්සාහ කරනවා නම්, ඒක හිතට හරි නැති නම් උදවු කරන එක නවත්තන්න. කෙල්ලගේ වැඩ කෑල්ල අල්ලන්නෙ නැතිනම් ඒක කෙලින්ම කියන්න. නැතිනම් ව්‍යංගයෙන් කියන්න. හැබැයි ඒක අමාරුවෙන් ගිල ගෙන ‘ඔයා ෂෝයි’ කියාගෙන ඉන්න හදන්න එපා. එහෙම ෂෝක් අයියෙක් වෙලා, මට ආදරේ කරන්න නංකි කියලා කියන්න යන්න එපා. නතරවෙන්නේ ෆ්‍රෙන්ඩ්සෝන් එකේ තමා.

 

5. අපි කෝපි එකක් බොන්න යමුද?

avoid the friendzone

Source – coffeeforless.com

ඕක අහගන්න බැරුව අපේ අය්යල කොයි තරම් නම් දුක් විඳිනවද. හැබැයි එහෙම හිතේ හිරකරගෙන ඉඳලා ඉඳලා ඉඳලා, අන්තිමට සිද්ධ වෙන්නේ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක කෝපි බොන්න යනවා බලාගෙන ඉන්න තමයි. කෙල්ල ඕන නම් ආවට පස්සේ කියයි “මම එයාටත් ඔයා ගැන කිවුවා, මගේ හොඳම යාලුවෙක් කියලා” වගේ එකක්!

ගොඩක් වෙලාවට කොල්ලෙක් ෆ්‍රෙන්ඩ්සෝන් එකට වැටෙන්න හේතුව තමයි තමන්ගේ හිතේ අදහස කෙලින් කියන්නේ නැති එක. කෙලින් අඟවලා තිබුණත්, කෙල්ලව එලියට එක්කරගෙන යන්න වගේ පියවරක් තියන්න බයයි. කෙල්ලත් බලාගෙන ඉන්නවා කොල්ලා ඉස්සර වෙනකල්. අන්තිමට ෆ්‍රෙන්ඩ්සෝන්!

අන්න ඒ නිසා තමන් කැමති කෙල්ල එක්ක යම් තාක් දුරකට කතාබහ සිද්ධ වුනාට පස්සේ, බය නැතුව එයාව ඩේට් අවුට් එකකට එක්කරගෙන යන්න අහන්න. බෑ කිවුවොත් වෙන අතක් බලාගන්න. හා කිවුවොත් ගිහින් එන්ජෝයි කරලා එන්න. අන්න එහෙමයි ආකර්ෂණය ගොඩ නැගෙන්නේ.

 

6. ඇණ පැකට් කොල්ලෙක් නොවෙන්න

avoid the friendzone

Source – wallpaper-house.com

සමහර කොල්ලෝ ඉන්නවා මේ අවුරුදු තිහට ළං වෙලත් තාම පොඩි එවුන් වගේ. ඒ කිවුවේ හොඳක් නෙවෙයි, නරකක්. කෙල්ලෙක්ට හිත ගියාට පස්සේ කොහොමින් කොහොම හරි කෙල්ලගෙන් ඇහුවා කියමුකෝ. කෙල්ල එතකොට බෑ කිවුවා කියමුකෝ. හැබැයි එතනින් එහාටත් ඕන නම් ට්‍රයි කරන්න පුලුවන්. ඒ කියන්නේ වැඩේ එතනින් අල්ලලා දාන්නෙ නැතුව, කෙල්ලට තමන් ගැන ආකර්ෂණයක් ඇති වෙන විදියට වැඩ කරන්න පුලුවන්. ඒකට ඉතින් පෙනුමෙන් ආකර්ෂණීය වීමේ ඉඳන් තමන්ගේ කොලිටිය ඉහළ දමා ගැනීම දක්වා දේවල් කරන්න සිද්ධ වෙනවා. එහෙම නැතිනම් කෙල්ලට ටටා බායි කියලා වෙන අතක් බලාගන්නත් පුලුවන්. හැබැයි තව සමහර කොල්ලෝ ඉන්නවා කෙල්ල ඉස්සරහා දුක් ගී ගයාගෙන, කඳුලු බීගෙන, වැඳ වැටීගෙන ආදරේ ඉල්ලන. කවදාහරි ඒ හිත උණු වෙලා ආදරේ දෙයි කියලද හිතුවේ? මළාට නෑ. අනිවාර්යයෙන්ම ෆ්‍රෙන්ඩ්සෝන් තමයි!

අන්න ඒ නිසා ආදරේ ඉල්ල ඉල්ල කරදර කරන, නාහෙන් අඬන මල් සිංදුවල ඉන්න ජාතියේ කොල්ලෙක් වෙන්න එපා. ඇත්තටම තමන්ට ඕන මේ කෙල්ල නම් මුලින් ස්වභාවික ආකර්ෂණයක් ඇතිවෙන්න දෙන්න. ඊට පස්සේ බලමු මොකද වෙන්නෙ කියලා!

 

7. බැරි නම් අල්ලලා දාන්න

avoid the friendzone

Source – cocoadiaries.com

අපි කියමු දැන් කොච්චර කලත් කෙල්ල කැමති නෑ කියලා අපිත් එක්ක ආදර සම්බන්ධයක් වගේ තැනකට යන්න. එහෙමනම් තීරණය කරන්න තමන්ට වුවමනා මොනවද කියලා. යාලුවෙක් විදියට ඉන්න එක අවුලක් නැද්ද? එහෙමනම් සතුටින් ෆ්‍රෙන්ඩ් ලෙවල් එකෙන් ඉන්න. හැබැයි පාපිස්සක් වගේ යාලුවෙක් වෙන්න යන්න එපා. තමන්ගේ යාලුකමට ගෞරවයක් තියෙන්න ඕන. අන්න ඒ ගෞරවය දෙන්නෙ නැතිනම් කෙල්ලෙක්ව සැණින් අයින් කරලා දාන්න. කෙල්ලට ලව් කරන්න කොල්ලෙක් මුණගැහුනට පස්සේ යාලුකම් මතක නැද්ද? කෙල්ලට බම්බු ගහගන්න කියලා අත අරින්න. තමන්ගේ ගෞරවය සහ තත්ත්වය තියාගන්න. එහෙම තියාගෙන යාලුකමත් ගෞරවනීය විදියට ගෙනියන්න.

හැබැයි ෆ්‍රෙන්ඩ්සෝන් එකේ ඉඳගෙන කෙල්ලගේ බෝයිෆ්‍රෙන්ඩ් වෙන්න යන්න එපා. ඒ කියන්නේ ගියපු තැන් අහන්න, කතා කරන්නේ කවුද කියලා හොයන්න වගේ යාලු‍ෆිට් සීමාවට එහා ගියපු දේවල් කරන්න යන්න එපා. තමන්ගේ ලිමිට් එකේ ඉන්න.

එහෙම හිත හදාගෙන හිත ගියපු කෙල්ල එක්ක යාලුකම් පවත්වන්න බැහැයි කියලා හිතෙනවා නම්, දෙයියන්ගෙ නාමෙන් ලව් එකක් සෙට් වෙන තැනකට යන්න. එහෙම ගියා කියලා තමන් නරක මිනිහෙක් වෙන්නෙ නෑ!

 
Cover Image Source – viewthevibe.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *