රංජන් රාමනායකගෙ චිත්‍රපටයකින් ජීවිතේට ගතහැකි ආදර්ශ 7ක්

things to learn from ranjans movies

රංජන් රාමනායක කියන්නෙ ආදර චිත්‍රපට වගේම ක්‍රියාදාම චිත්‍රපටවලත් ඉන්න නළුවෙක්. ඒ මහත්තයගෙ චිත්‍රපටි වලට සමහරු කැමතියි. ඒ වගේම සමහරු හිනාවෙනවා. ඒ මොනව වුනත් හිනාවෙන හෝ කැමැත්තෙන් බලන කවුරුවත් ඒවයින් මේ ආදර්ශ ජීවිතේට නොගන්න බව අපිට ඉන්තේරුවෙන්ම විශ්වාසයි. හැමෝම ෆිල්ම් එකක් බලලා නිකංම හෝල්වලින් එළියට එන්නෙ නැතුව රංජන් රාමනායක මහත්තයගෙ චිත්‍රපටවලින් දෙන ආදර්ශත් අරගත්තනං තමයි හොඳ.

 

1. කාලය ඉතිරි කිරීම

things to learn from ranjans movies

Source – youtube.com

රංජන් මහත්තයගෙ ෆිල්ම්වලින් අපිට ගන්න පුළුවන් ලොකුම ආදර්ශයක් තමයි කාලය ඉතිරි කරගැනීම කියන්නෙ. සාමාන්‍යයෙන් දැන් කොල්ලො ඔෆිස් යන්න කලින් කරන විගඩං කෙලි ටික බැලුවම රංජන් රාමනායක කියන්නෙ නියම බුවෙක්. සින්දුවක මියුසික් එක යද්දි අනිත් කෑල්ලට කලින් තෙල් ගාලා බස්සගන්න ඕන ඇඳුමක් දාගෙන එන්න තරම් ඔහු දක්ෂයි. ඒ වගේම කහ පාට ටීෂර්ට් එක යට කරලා ඒ උඩින් කළු පාට කෝට් එක දානව වගේ සරළව අඳින්න පුළුවන් වැදගත් පාට ඇඳුම් විලාසිතා ගැන රංජන්ගෙ ෆිල්ම්වලින් ඉගෙනගන්න පුළුවන්.

 

2. පතන්නෙ ඔයාම විතරයි

things to learn from ranjans movies

Source – youtube.com

රංජන්ගෙ කතාවක රංජන්ට සෙට් වෙන්න කෙල කෝටියක් සෙක්සි කෙල්ලො දුවගෙන ආවත් ඇඟේ ඇලුනත්, එයා පතන්නෙ එක්කෙනෙක්ව විතරයි. එයා නැතුව වෙනිං අය කොච්චර නැටුවත් ඒ හිත වෙනස් වෙන්නෙ නෑ. ඒ මදිවට කෙල්ලෙක් ඇවිල්ල එයාව අල්ලගන්න දාන චිංචිමානවිකා ඇක්ට්ස් දැක්කම රංජන් වෙවුලන්න ගන්නව. ඒ ඉතිං තනිකරම අවංකකම සහ එක කෙල්ලෙක් පැතීමේ ගුණයනෙ.

 

3. සීමා නැති මිතුරෝ

things to learn from ranjans movies

Source – sinhala-hot-gossip-lanka-news.blogspot.com

චණ්ඩියෙක් තමුන්ගෙ ගැන්සියට සෙට් කරගන්නෙ කාවද? ආයෙ ඉතිං අනුමාණයක් නෑ තවත් චණ්ඩි ටිකක්නෙ. හැබැයි රංජන් මහත්තයා එහෙම නෑ. එයා සෙට් කරගන්නෙ නාකි ආච්චි කෙනෙකුටවත් ගහගන්න බැරි ටෙනිසන් වගේ බුවාලාව. අන්න එහෙම යාළුකමක් තමයි කොල්ලෙක් පතන්නෙ. තමුංගෙ තත්ත්වෙ තරාතිරම හා හැකියාව මොකක් වුනත් යාලුවෙක් විදියට තමුන්ව භාරගන්න එකෙක් තමයි හරිහමං යාළුවෙක් කියන්නෙ.

 

4. හැමදේටම කලින් පෞරුෂය

things to learn from ranjans movies

Source – srilankanewslive.com

සාමාන්‍යයෙන් තමුංගෙ ආත්ම විශ්වාසය වඩවාගැනීමේ සහ පෞරුෂත්වය වඩවා ගැනීමේ මූලික ක්‍රමයක් විදියට ස්ථාවර බවකින් තමුන්ගෙ නම කියන්න කියල පත පොතේ තියෙනවා. දැන් ෆිල්ම් එකක ඕපනිං සීන් එ‌කේ ඇවිල්ල මම රංජන් රාමනායක කියල කියන්න බැහැනෙ. ඒකයි පොර පොරගෙ එන්ටරින් සීන් එකේදි සුපර්ස්ටාර් රංජන් රාමනායක කියල ස්ක්‍රීන් එකේ දාන්නෙ. ඒ අර පෞරුෂය වඩවා ගැනීමේ මෙවුව එක.

 

5. ශක්තිමත් සිරුරක්, නීරෝගී දිවියක්

things to learn from ranjans movies

Source – lkmodelzone.com

පොර හැමවිටම පෙන්නනව යම් දෙයක්. පොර ගොඩක් වෙලාවට ෆිල්ම් ඇතුළෙ ජිම් සීන් පෙන්වන ඩයල් එකක් නෙමෙයි. හැබැයි පොරගෙ ඇඟ බොඩි බිල්ඩර් වගේ පෙන්වනවා. ඒ වගේම එයා ෆිල්ම් එක ඇතුළෙ දිය ඇළි, ගල් පරළු, තැනිතලා තියන ෆිල්ම් ලොකේෂන්වල තමයි ඉන්නෙ. ඒකෙන් කරන්නෙ මේ ඇඟ හදාගත්තෙ එදිනෙදා වැඩ කරන ගමන් ඇවිදලා දුවලා විත්තිය පෙන්වන එක. ජිම්වලට,‌ සප්ලිමන්ට්වලට වියදං කරන තාරුණ්‍යයට ඔහු එයින් මිදෙන මග පෙන්වනවා.

 

6. බොඩි කොන්ෆිඩන්ස්

things to learn from ranjans movies

Source – youtube.com

දැන් ඔය බොඩි ෂේමින්ග් අනන් මනන් විකාර තියනවනෙ. හැබැයි රංජන් බඩ මහත් වුනත් ඇඟට හිර හැට්ට බොඩි වගේ කිට් ගහන් තමා නටන්නෙ. ඇඟ තමයි ලොකුම දේ කියල එයා හිතන්නෙ නෑ. තියෙන ඇඟෙන් කෙල්ලෙක් සෙට්කරගන්න එකෙන් කියන්නේ තමන්ගේ ශරීරෙ ගැන අනිත් අය හිතන දේවල් ගැන වොරි වෙන්නෙ නැතිව ෆුල් කන්ෆිඩන්ස් එකේ ජීවත් වෙන්න කියලයි. ඒක හැම නළුවාටම කරන්න බෑ.

 

7. වයස අදාළම නෑ

things to learn from ranjans movies

Source – sinhalateledrama.org

රංජන් කවදාවත් ආදරයට වයස බාධාවක් කරගත්තෙ නෑ. දැන් එයාට වයස 50 ගාණක් උනාට තාමත් 20 ගණන්වල කෙල්ලොන්ට ලවු කරන රංජන් අවුරුදු තිහවෙද්දි කසාදයක් නෑ කියල දුක්වෙන අයට හොඳ උපදෙසක් එයාගෙ චිත්‍රපට තුළින් දෙනවා. ඒ මැදි වයසේ හිටියත් ලවු එකක් ගැන බලාපොරොත්තු අත ඇරගන්න එපා කියලයි. ඒක ඇත්තටම පිරිමින් හිතට ගත යුතු දෙයක්. ඒ වගේම වැඩිමහල් පිරිමියෙක්ගෙන් ලබන රංජන් ටයිප් ලෙංගතු ආදරේකට ගහන්න තරුණ කොල්ලොන්ගෙ ආදරේට බැරි විත්තිය තරුණියන්ට රංජන් නොකියා කියනව.

 
Cover Image Source – clipzui.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *