ටෙලි නාට්‍ය, චිත්‍රපට සහ වේදිකා නාට්‍ය කියන තුනම අරන් බැලුවොත් මිනිස්සු අඩුවෙන්ම බලන්නෙ වේදිකා නාට්‍ය කියල හඳුන්වන්න පුළුවන්. ඒකට හේතු ගොඩක් තිබුනත් මේ කියන්න හදන්නෙ ඒ හේතු ගැන නෙමෙයි. මේ කියන්න යන්නෙ පහුගිය කාලෙ වේදිකාවට ආපු, සමාජයට යම් අවබෝධයක් වගේම රසාස්වාදනයක් දෙන වේදිකා නාට්‍ය ගැනයි. මේ නාට්‍ය අතරින් සමහරක් ඇතැම් විට යළිත් රංගගත නොවෙන්න ඉඩ තිබුනත්, මේ සිහිපත් කිරීම හෝ එම නිර්මාණයන්ට දායක වූවන්ට උපහාරයක් වේවි.
1. 12ක්
Twelve Angry Men කියන්නෙ 1954දි ටෙලිවිෂනයට කරපු වැඩක්. පස්සෙ මේක ඒ අවුරුද්දෙම වේදිකා නාට්‍යයක් විදියටත්, 1957දි අතිසාර්ථක චිත්‍රපටයක් විදියටත් ප්‍රසිද්ධ වුනා. ඒ කොහොමින් කොහොමහරි අතුළ පතිරණ දොළහක් නමින් වේදිකාවට ගේන්නෙ ඒ කතාවයි. නඩු වාරයකින් පස්සෙ ජූරි සභාවට තීන්දුව දෙන්න පැවරෙද්දි ඒ ගැන යන කතාබහ සහ වාදවිවාද තමයි මේ නාට්‍යයේ තියෙන්නෙ. අතිශය දක්ෂ නළුවන් වන පූජිත ද මැල්, ධර්මප්‍රිය ඩයස්, ලක්ෂ්මන් මෙන්ඩිස්, ජගත් මණුවර්ණ, සම්පත් චාමින්ද, විශ්වජිත් ගුණවර්ධන, ඩබ්ලිවු ජයසිරි, තුමිඳු දොඩංතැන්න ඇතුළුව 13ක් (දයාදේව එදිරිසිංහ කෙටි කොටසකට පමණක් එක්වෙයි) නාට්‍යයට රංගනයෙන් දායක වුනා. නාට්‍යය මේ වන විට වේදිකාගත නොවුනත් ඩීවීඩී පටය සහ නාට්‍ය පිටපත මිලට ගැනීමට හැකියාව තිබෙනවා.
2. විසේකාරියෝ
හිනා වෙවී අඬන්න ගැහැණු පිරිමි අතරේ යුද්ධයක් බලන්න යන්න. ග්‍රීක නාට්‍ය සාහිත්‍යයේ අනගි නිර්මාණයක් වූ Lysistrata සිංහල වේදිකාවට ගෙනෙන්නේ ප්‍රියංකර රත්නායක විසින්. ග්‍රීසියේ ඇතැන්ස් සහ ස්පාටා රාජ්‍ය අතර පැවැති යුද්ධය හා එය පසුබිම් කර ගනිමින් එහි කාන්තාවෝ යුද්ධයට ගිය තම පුතුන් හා සැමියන් නොමැතිව යුද අනාථයන් බවට පත්වන ආකාරය මේ තරම් සිනහාවක් ප්‍රේක්ෂකාගාරයේ ජනනය කරමින් පෙන්වන්නට හැකිවීමම අධ්‍යක්ෂකවරයාගේ දස්කමක් ලෙසින් දැක්විය හැකියි. තරුණ එහෙත් ප්‍රතිභාපූර්ණ නළුනිළියන් මෙලෙස පුරුෂයන්ව අභියෝගයට ලක්කරමින් කාන්තාවන් සිදුකරන ලිංගික වර්ජනය යන පිටකවරය තුළ සැළකිය යුතු ගැඹුරක් ගොඩනගනවා.
3. අසිනමාලි
පූජිත ද මැල් සහ නදී කම්මැල්ලවීර ලියූ, පූජිත ද මැල් අධ්‍යක්ෂණය කරන ලද නාට්‍යයක් වන මෙය 2001 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මාන 7ක් දිනනවා. නළුවන් පස් දෙනෙකු වේදිකාවෙන් කිසිඳු මොහොතක බැහැර නොවී නිමවන නාට්‍යය තුළ නළුවන් පස්දෙනා වෙනස් වූ චරිත අධික සංඛ්‍යාවකට පණ පොවනවා. නැතිවෙන්න දෙයක් නෑ යන්න අප්‍රිකානු බසකින් පවසන අසිනමාලි වදන මෙම සිරකරුවන්ගේ සැබෑ අත්දැකීම්වලට කදිම උත්ප්රාසයක් සපයනවා. විශ්වජිත් ගුණසේකර, ප්‍රියංකර රත්නායක, ධර්මප්‍රිය ඩයස්, සංජය හෙට්ටිආරච්චි සහ නිශ්ශංක මදුලාරච්චි ගේ එම රංගනය අතිශය ජවාධිකයි. වේදිකා නාට්‍ය පිටපත කෘතියක් ලෙසින් මිලට ගන්නටත් හැකියාව තියනවා.
4. කලම්බෝ කලම්බෝ
ඉන්දික ෆර්ඩිනෑන්ඩු අධ්‍යක්ෂණය කළ කලම්බෝ කලම්බෝ වේදිකා නාට්‍යය වෙනස් අත්දැකීමක් බව නොරහසක්. නාට්‍යය ආරම්භයේදීම සෞම්‍ය ලියනගේ පවසන්නේ (පසුව එම චරිතය නළුවන් කිහිප දෙනෙකු විසින් රඟදැක්වූවා) වෙනදා නාට්‍යයකදී පවසනවාට වඩා වෙනස් වදනක්. ඒ ‘ඔබේ ජංගම දුරකතන ඕෆ් කරගන්න එපා’ කියායි. ඒ අතරේ ප්‍රේක්ෂකාගාරයට මිණී සෙන්ට් ඉසිමින් යන යුවතියන් පෙළ මෙය කිසිසේත් මුහුණේ සිනහාවක් නගන නාට්‍යයක් යැයි හිතට දනවන්නේ නැහැ. නමුත් ඉන්පසු එළැඹෙන්නේ විසල් සිනා හඬින් සභාවම පිරී යන, පසුව අප ඒ සිනහා වූයේ අපටම නේදැයි සිතා කළකිරවන තත්ත්වයක්. සංගීතය සපයන්නේ නළුවන් විසින්මයි. දැන් කලම්බෝ කලම්බෝ වේදිකාවේ දකින්න නැහැ. නමුත් එය යම් දිනෙක නැවත පෙන්වනවානම් ඔබ එය නැරඹිය යුතුමයි. එයට එකල වැස්සෙන් ඇතිවූ බාධා මෙකල නොවේවා යන පැතුමත් සමගින් නරඹන්නට යන්න.
5. අද වගේ දවසක ඇන්ටිගනී
ග්‍රීක නාට්‍යකරු සොෆොක්ලීස් ලියූ මහා නාට්‍ය ත්‍රිත්වයේ තුන්වැන්න වන අද වගේ දවසක ඇන්ටිගනී, ප්‍රියංකර රත්නායකගේ අධ්‍යක්ෂණයෙන් ඇකඩමික් ප්ලේයර්ස් රංග කලා සමූහයේ නළු නිළියන්ගෙන් බලගැන්වෙනවා. එය සිංහලයට පරිවර්තනය වෙන්නේ ආරියවංශ රණවීරයන් අතින්. ප්‍රසාදිනී අතපත්තු සහ දෞපදී වික්‍රමසිංහ යන නම් ඔබට එතරම් හුරු නොවුනත් ඔවුන්ගේ රංගනයෙන් හැඩවෙන ඇන්ටිගනී හට තුමිඳු දොඩංතැන්න, විශ්වජිත් ගුණසේකර සහ කෞෂල්‍යා ප්‍රනාන්දුගේ ප්‍රවීණත්වයේ ප්‍රභාව ද එක්වෙනවා. හිතට කම්පනයක් දෙන කතාවක්. ට්රැජඩියක්ද නැද්ද කියනවට වඩා මෙහෙම කියන එක වටිනවා. යුද්ධයකින් පස්සෙ බලයට පත්වෙන නායකයාගේ අසීමාන්තික බල තෘෂ්ණාව රටක් කොතැනට ගෙනයාවිද?
6. සාදය මාරයි සල්ලි හමාරයි
අනූගණන්වල ඉස්කෝලෙ හත අට වසරෙ ඉද්දි බලපු ධර්මප්‍රිය ඩයස්ගෙ සීසර් (වගේ තමයි නම මතක) නාට්‍යයේ අන්තිමට මරු වැඩක් වෙනවා. මේ නාට්‍ය ඉවර වෙලා එයාට අත්පුඩිය ගහන්න බලාගෙන ඉන්න ප්‍රේක්ෂකාගාරෙට ආචාර කරන්න කලින් ධර්මප්‍රිය ඩයස් ඉස්සරහට කරණමක් ගහනව. ඒ ගහපු කරණමෙන් පස්සෙ ඉඳන් ඩයියා කියන මනුස්සයා වේදිකාවට කරපු හැම නිර්මාණයක්ම අති සාර්ථකයි. මේ ඒ විදියට අතිසාර්ථක වුනු මෑත කාලයේ නිර්මාණයක්. හාස්‍ය නිර්මාණයක්. එංගලන්තයේ ජීවත්වන සිංහල ජෝඩුවක් මහා සල්ලි කන්දරාවක් එක්ක සිද්ධ වෙන ගැටීම තමයි තියෙන්නෙ. මිනිස්සුන්ව සල්ලි වෙනස් කරන්නෙ කොහොමද? 2015 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නළුවා සහ නිළිය ඇතුළු සම්මාන තුනක් දිනන, රේ කූනි විසින් රචිත ඉංග්‍රීසි කොමඩියක ඩයියාගේ අනුවර්තනය වන මෙය මිස් නොවිය යුතු වේදිකා නාට්‍යයක්.
7. මෙය තුවක්කුවක් නොවේ
2015 රාජ්‍ය නාට්‍ය උළෙලේ සාදය මාරයි සල්ලි හමාරයි හොඳම නළුවා සහ නිළිය දිනුවම ඉතුරු සම්මාන ටික දිනන්නෙ කවුද? ඒ තමයි චමිල ප්‍රියංකගේ මෙය තුවක්කුවක් නොවේ නාට්‍යය. හොඳම නාට්‍ය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම රචනය ඇතුළු සම්මාන හතක් මේ නාට්‍යය රාජ්‍ය නාට්‍ය උළෙලෙදි ජයග්‍රහණය කරනවා. අපි මේ සමාජයේ ආරක්ෂිතයි කියලා හිතාගෙන ඉන්න තැන් ඇත්තටම ආරක්ෂිතයිද? මේ කතාව ඒ ගැන. විරෝධාකල්ප නාට්‍යයක් වුනත් සැබවින්ම වෙනස් රසයක් සහ පවතින සමාජය පිළිබඳ මනා කියැවීමක් නාට්‍යය තුළ තියෙනවා.
Cover Image Source – youtube.com
Leave a Reply