කොල්ලොන්ව මචං පාට් එකෙන් තියාගත්තම කෙල්ලොන්ට ලැබෙන වාසි

machan boys

කවුරු හරි කියනවා නම් කොල්ලොන්ටයි කෙල්ලොන්ටයි යාළුවො වගේ ඉන්න අමාරුයි කියලා, කතා දෙකක් නැහැ ඒක පට්ටපල් බොරු කතාවක්. මොකද දෙයියනේ ඔය ඕනේ තරම් කොල්ලෝ කෙල්ලෝ අපේ ඇස් පනාපිටම යස අපූරුවට යාළුකම් තියාගෙන ඉන්නේ. කරුමෙට ඉතිං පොඩි කාලේ ඉඳන්ම අපේ ඔළුගෙඩි ඇතුළේ පැළ කරන කල් පැනපු ලොකු ටෝක් එකක් තමයි මේක. ඒ නිසා කොල්ලෝ කෙල්ලෝ කොච්චර පිරිසිදු හදවතින් යාලුවෝ වෙලා හිටියත් පුස්කාපු ඔළුගෙඩි ඇතුළේ තියෙන මොළගෙඩි වලින් හිතන මිනිස්සු හිතන්නෙම අවුල් විදිහට. කවුරු කොහොම හිතුවත් මචං පාට් එකෙන් කොල්ලොන්ව ආශ්‍රය කරන කෙල්ලෝ හොඳට දන්නවා කොල්ලෙක් තරම් හොඳ යාලුවෙක් කෙල්ලෙක්ගෙ ජීවිතේට තවත් නැහැ කියලා. මේ විදිහට මචං පාට් එකෙන් කොල්ලොන්ව තියා ගත්තම කෙල්ලොන්ට තියෙන්නේ මාරම වාසි ගොඩක්. ඒ නිසා ඉතින් කොල්ලොත් එක්ක යාලුවෝ වෙලා ඉන්න කෙල්ලොන්ට මචං පාට් එක තරම් වටින පාට් එකක් තවත් නැහැ.

 

1. Free බොඩි ගාර්ඩ් කෙනෙක්

machan boys

Source – justjared.com

කොල්ලොන්ගේ තියෙන හොඳම ගතිය තමයි කෙල්ලෝ වගේ නෙවෙයි මචං පාට් එකට පණ උනත් දෙනවා. ඒ නිසා කොල්ලොන්ට කෙල්ලද කොල්ලද කියලා වෙනසක් නෑ පාට් එක මචං පාට් එක නම් ඕනේ වලියකට ඔට්ටුයි. මේ නිසා ඉතින් කෙල්ලොන්ට මාර ආරක්ෂාව. අනික ඉතිං රැයක් දවාලක් කියලා නෑ ඕනේ වේලාවක සපෝට් එකට එනවා. ඒ වගේම තමයි වෙන කොල්ලෝ කෙල්ලෝ උනත් මචං පාට් එකෙන් කොල්ලොන්ව ආශ්‍රය කරන කෙල්ලෙක්ට මොනවත් කියන්න කරන්න කලින් දෙපාරක් හිතනවා.

 

2. දුක් ගන්නා රාල

machan boys

Source – tiffanyguske.com

කෙල්ලෙක්ට තවත් කෙල්ලෙක්ව විශ්වාස කරලා දෙයක් කියන්න හරිම අමාරුයි. මොකද කොයි වෙලාවේ ඉරිසියාව එළියට පැනලා ප්‍රශ්නයක් ඇති කරයිද දන්නේ නැහැ. හැබැයි ඉතින් කොල්ලෝ කෙල්ලෝ වගේ නෙවෙයිනේ. ඒ නිසා කොල්ලොන්ව මචං පාට් එකෙන් ආශ්‍රය කරන කෙල්ලෙක්ට ඕනේ ප්‍රශ්නයක් කියන්න පුළුවන්. කොල්ලෝ ඉතින් ෆිට් එකට කෙල්ලගේ හිත හදනවා විතරක් නෙවෙයි, ප්‍රශ්නෙන් ගැලවෙන්නත් සප් එක දෙනවා.

 

3. කෙල්ලොන්ගේ ලැජ්ජා නහරේ නැති වෙනවා.

machan boys

Source – mtv.com

කොල්ලෝ කියන්නේ ඉතින් කටට බ්‍රේක් තියෙන ජාතියක් නෙවෙයිනේ. කොල්ලෝ කොල්ලෝ එකතු උනාම ප්‍රසිද්ධියේ කියන්න පුළුවන් දේවල් වගේම බැරි දේවලුත් කතාබහ කරනවා. ඉතින් කොල්ලන්ව මචං පාට් එකෙන් ආශ්‍රය කරනකොට කොල්ලෝ කෙල්ලොන්ටත් අබමල් රේණුවක වත් වෙනසක් කරන්නේ නැහැ. කියන්න තියෙන ඕනේ දෙයක් තැනක් නොතැනක් නැතුව කියලා දානවා. කෙල්ලොන්ටත් ටික කාලයක් යනකොට ඒක ගාණක් නැතුව යනවා. පස්සේ ඉතිං කොල්ලොන්ගේ කටවල් වලට වඩා අන්තයි කෙල්ලොන්ගේ කටවල්.

 

4. ප්‍රේම දූතයෙක්

machan boys

Source – coolture.digitallpost.com.mx

කොල්ලෝ ඉතිං යාලුවෙක්ගෙ ලවු එකකට සපෝර්ට් කරන්නේ බොක්කෙන්මයි. කෙල්ලෝ වගේ උඩින් එකක් පෙන්නලා යටින් තව එකක් තියාගෙන ඉන්නේ නැහැ . ඉතිං කොල්ලන්ව මචං පාට් එකෙන් ආශ්‍රය කරන කෙල්ලෙක්ට ලැබෙන තවත් හොඳ වාසියක් තමයි ලවු එකට හොඳ සපෝටර් කෙනෙක් ලැබෙන එක. ආදර පණිවිඩ හුවමාරු කරන්න, දෙන්නට හම්බෙන්න අවස්ථාවල් හදලා දෙන්න වගේ දේවල් වලට මේ වගේ කොල්ලොන්ගෙන් ලැබෙන්නේ මාර සප් එකක්.

 

5. ගැලවුම් කාරයෙක්.

machan boys

Source – thefertilechickonline.com

කෙල්ලෝ කොල්ලොන්ව මචං පාට් එකෙන් ආශ්‍රය කරනකොට ඕනෙම ප්‍රශ්නෙකදී කොල්ලෝ කෙල්ලෝ වෙනුවෙන් පෙනී හිටිනවා. ඒ විතරක් නෙවෙයි, ගොඩක් වෙලාවට කෙල්ලගේ ගෙදර දෙමවුපියෝ උනත් දෙන්නගේ යාළුකම ගැන හොඳට දැනුවත්. මේ නිසා තනියම යන්න බැරි ගමන් බිමන් වලට එහෙම ගෙදරින් අවසර ගන්න ඕනේ නම් අර කොල්ලව තමයි ඉස්සරහට දාන්නේ. ඒ නිසා ඉතිං ගොඩක් ප්‍රශ්න වලට මචං පාට් එකෙන් ආශ්‍රය කරන කොල්ලා ගැලවුම්කාරයෙක් .

 

6. ටොප් යාලුවෙක් ලැබෙනවා

machan boys

Source – identity-mag.com

යාලුවෙක් කියන්නේ අපේ ඕනෙම දේකට කොන්දේසි විරහිතව උදවු කරන, ඕනෙම වෙලාවක ළඟින් ඉන්න කෙනෙක්ටනේ. කෙල්ලෙක්ට මේක ඉතින් තවත් කෙල්ලෙක්ගෙන් නම් 100%ක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. කට්ටිය අත්දැකීමෙන්ම දන්න දෙයක්නේ මේක. හැබැයි ඉතිං කෙල්ලෙක්ට මචං පාට් එකෙන් ආශ්‍රය කරන කොලු යාලුවෙක් කියන්නේ ඔය ප්‍රශ්න මොකුත් නැතුව සිරාවටම යාළුකම පවත්වාගෙන යන්න පුළුවන් කෙනෙක්. මොකද කොල්ලෝ මචං පාට් එකට ඒ තරමටම සිරා.

 

7. ගින්දරයි පුළුනුයි වගේ ඇවිලෙන්නේ නැහැ

machan boys

Source – thoughtcatalog.com

මේක තමයි මචං පාට් එකෙන් කෙල්ලෙක්ට ලැබෙන වැදගත්ම වාසිය. මොකද කොල්ලෝ කෙල්ලෝ කියන්නේ කොහොමත් විරුද්ධ ලිංගික ජිවියෝනේ මේ නිසා සාමාන්‍ය විදිහට කොල්ලෙක්ව යාලුවෙක් විදිහට තියා ගත්තොත් ඕනෙම වෙලාවක යාළුකමට එහා ගියපු දෙයක් ගැන හිතෙන්න පුළුවන්. හැබැයි යාළුකම තියෙන්නේ මචං පාට් එකෙන් නම් බොක්කෙන්ම බැඳෙනවා මිසක් හදවතින් බැඳෙන්න තියෙන ඉඩකඩ අඩුයි. ඒ නිසා ඉතිං යාළුකම අවුල ගන්නේ නැතුව ගාණට නූලට පවත්වාගෙන යන්න පුළුවන්.

ඔයාගෙ ජීවිතෙත් මේ විදිහේ බොක්කේ යාළුකමක් තියන මචං කෙනෙක්/මචියෙක් ඉන්නවානම් ඒ ගැනත් අපිට කියන්න අමතක කරන්න එපා…

 
Cover Image Source – simarte.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *