අනික් රටවල කොල්ලෝ ගැන නම් කියන්න දන්නේ නෑ හැබැයි ලංකාවේ කොල්ලෝ ගැන නම් එක දෙයක් කියන්න පුළුවන්. එයාලා තමන් ආදරේ කරන කෙල්ලගෙන් සෑහෙන දේවල් බලාපොරොත්තු වෙනවා. එහෙම කිව්ව ගමන් වෙන වෙන රට පකිරඤ්ඤා ගැන හිතන්න යන්න එපා. ඉහේ ඉඳන් පාදාන්තේ දක්වා කෙල්ලෙක් මෙන්න මේ වගේ වුණා නම් හරි සෝක් කියන තත්ත්වෙට දැන් කොල්ලෝ පත් වෙලා ඉන්නවා. දැන් ආදරේ විතරක් තිබිලා මදි. ෆේස්බුක් ඔස්තාර්ලා ඔලුවට දාපු, කෙල්ල මෙහෙම වුණා නම් හොඳයි අරහෙම වුණා නම් හොඳයි සීන් එක උත්සන්න වෙලා තියෙන නිසා දැන් පුංචි කොල්ලෝ කුරුට්ටෝ අඹ ඇට පනින්නත් කෙල්ල මේ වගේ වෙන්න ඕනි කියලා හිතලා. ලංකාවේ බහුතර කොල්ලොන්ගේ කැමැත්ත මොන වගේ කෙල්ලෙක්ටද?
1. මාල, වළලු, මේකප් නැති ස්වාභාව සෞන්දර්යයේ අග්‍රඵලයක් වීම

Source – steemit.com
හිසරදයක් වගේ ව්‍යාප්ත වෙන මාල නෑ වළලු නෑ කතාවෙන් කියන්නේ ඒ මුකුත් නැති කෙල්ල වාසනාවන් කියල. මේකප් කියන්නේ මොනාද කියලවත් දන්නේ නැති කෙල්ලෙක් එක්ක ටැපලිලා මගේ කෙල්ල මේ වගේ කියලා පෙන්නුවාම අමුතු කික් එකක් එනවා ඇති. රෙදි හෝදන්න විතරක් මිසක් සබන් කැටයක් දිහා බලන්නේවත් නැති තරමට නීරෝගි හමක් තියෙන කෙල්ලෙක්ව බලාපොරොත්තු වෙන එක කොහොමත් විහිළුවක්. මොන තියරි දැම්මත් මේක කොල්ලොන්ගේ හිතෙන් අයින් වෙන්නේ නැති දෙයක්. ඒ නිසා දැනගෙන ජීවත් වුණාම හරි අරුමෝසම් ජීවිතවල වටිනාකමක් නෑ කියලා.
2. පිරිමි යහළුවන් අඩු වීම

Source – ajws.org
මනුස්සයා කියන පදේට මුළු ජීවිතේම ගෙනියන්න කැමති, යහළුවන් ඉස්සරහ කටක් ඇරලා කතා කරන්නේ නැති ප්‍රතිපත්තියක් තියෙන කෙල්ලෝ කියන්නේ කොල්ලොන්ට හෙන ලෙඩ. ටිකක් වැඩියෙන් වචනයක් දෙකක් කතා කරන එකත් සෑහෙන දෙයක්. මේක උග්‍ර වුණාම හදිස්සියකටවත් පිරිමි පුළුටක් එක්ක කතා කරන්න බැරි තැනට දේවල් වෙනවා.
3. අම්මා කෙනෙක් වගේ කෙල්ලෙක් ලැබීම

Source – youtube.com
කෙල්ලෝ ඇත්තටම අම්මලා වෙන්න කලින් තමයි කොල්ලෝ තාත්තලා වෙන්නේ. ඉතින් මේ කොලු තාත්තලාට ඕනි කෙල්ලගෙන් අම්මා කෙනෙක් දරුවෙක්ට දෙන මට්ටමේ ආදරයක්. මේකේ මුල් පියවර තමයි සුදු අම්මි හරි මොන පාටක හරි අම්මි කෙනෙක් විදියට කෙල්ලට සලකගෙන ඉන්න එක. මේකේ දරුණු අන්තයටම ගියපු කොල්ලෝ ෆේස්බුක් පේජ්කාරයෝ තමයි. එයාලාට හබුන් කටවල් නැත්නම් බයි කටවල් කවන්න ඕන වගේම ඇඩ්වාන්ස්ඩ් කොම්පෑණියන්ෂිප් එකකුත් ඕනනෙ.
4. සංවරබව

Source – pinterest.com
විලිසංගයක් නැති ගෑණු නිසා කොහොමත් මනුස්සයගේ බෙල්ල ගහලා යන්න පුළුවන්. ඉතින් වැදගත් විදියට ඉන්න එක හැම අතින්ම වැදගත්. දැන් කොල්ලෝ කැමති හොඳට කකුල් අතපය වැහෙන්න ඇඳලා ඉන්න කෙල්ලොන්ට. ඔය බුකියේ පැත්තේ ගියාම අනන්තවත් දකින්න පුළුවන් කොල්ලෝ හොයන්නේ පන්සලක් වගේ කෙල්ලෙක් බව. අනික ඇඳුම් කෑලි ඉරාගෙන කරගෙන කොටට කොටේ ඇඳන් ඉන්න කෙල්ලොන්ගේ පරම්පරාවම හකුලෝලා යන්න තරම් වස් වැදෙන කතන්දර තමයි කියන්නේ. ඒ මේ කතන්දර හැම එකෙන්ම පෙනී යන්නේ කොල්ලෝ කැමති බෝ පැළයක් වගේ කෙල්ලෙක්ට කියලා.
5. දිග කොණ්ඩයක් තිබීම

Source – youtube.com
අවුරුදු කීපයකට කලින් කොණ්ඩය කොට ගෑණු කියන්නේ ගෑණු නෙවෙයි කියන ලයින් එකක් තමයි ලංකාවේ තිබ්බේ. හැබැයි දැන් මේ තත්ත්වේ ගොඩක් අඩුයි. ඒත් සමහර කොල්ලෝ කෙල්ලෙක්ගෙන් සැරටම දකින කල්‍යාණයක් තමයි කේශ කල්‍යාණය. කිතුල් රෑන, මොණර පිල අරක මේක කියලා හෙනටම උඩින් තිබ්බ කොණ්ඩේ නිසා ගෑණු ළමයෙක්ගේ ලස්සන වැඩි වෙනවා ඇති. මේ තරම් ඉල්ලුමක් ඒකයි මං හිතන්නේ මේ.
6. අම්මාට ආදරේ කරන එකියක් වීම

Source – pinterest.com
කොල්ලෝ කෙල්ලෝ හොයාගන්න කලින් හිටියේ අම්මා එක්කනේ. ඉතින් එයාලා කොහොමත් අම්මලාට ආදරෙයි. පාරක් අතුගාන්න තරම් දිග කොණ්ඩයක්, අලුත් පනාවක වගේ දත්, ඩුබායි වට්ටක්කා වගේ හමක් තිබ්බත් අම්මත් එක්ක ඇයි හොඳයියක් නැති බව පෙන්නුවොත් කොල්ලට එපා වෙනවා. අන්න ඒ නිසා කොල්ලගේ අම්මා එක්ක ලව් එකෙන් ඉන්න පුළුවන් කෙල්ලො තමයි කොල්ලෝ හොයන්නේ.
7. තමන්ට වගේම පොඩි සයිකෝ පාරක් තිබීම.

Source – pinterest.com
හරි ඉතින් දැන් ඉස්සෙල්ලා කියපු හැම දෙයක්ම හරිය කියමුකෝ. හැබැයි ඉතින් කොහොමද මෙලෝ රහක් නැති, ජොලියට වත් වලි දාගන්නැති වාමන ගල් පිලිමයක් වගේ කෙල්ලෙක් ලැබුණෝතින් හෙම අවුල් යනවනේ. අන්න ඒ නිසා කෙල්ලෙක් ගැන හිතද්දී මේ වගේ පිස්සු තත්ත්ව ගැනත් කොල්ලෝ හිතනවා.
කෙල්ලෝ ගැන ඔයාගේ බලාපොරොත්තුත් අපිට කියන්න අමතක කරන්න එපා.
Cover Image Source – Lifie graphics
Leave a Reply